Tuesday, May 10, 2022

පරණ දේශපාලු මග එපා! ඒ ඔවුන් අපට පෙන්නා ගිය විනාශයේ පාර මිස අලුත් රටකට මග නෙවෙයි !

ඕනෑම දෙයක් සාමාන්‍ය තත්වයන් තුළ විසඳා ගැනීම නිවැරදි ක්‍රමයයි.  ආණ්ඩුව ඒ සීමාව ඉක්ම වූයේය. රටම නාඩගමක් වූයේ ඉන් අනතුරුවයි. ආණ්ඩුව ඒ සීමාවද ඉක්ම වූයේය. සියල්ල විගඩමක් වූයේ ඉන් පසුවයි. රට යළි ගොඩ නගන්නට නම් ~ පළමුව ආණ්ඩුව හැදූ විගඩමෙන් යළි සාමාන්‍ය තත්වය දක්වා රට ආපසු ඇදගෙන ආ යුතු ය. එය කළ යුත්තේ අප හැමය.

විනයකින්, නීතියකින් තොරව යළි ගොඩ නැගීමක් තබා ආපසු හැරීමක්වත් සිදු කළ නොහැකි වනු ඇත.

තරුණ පරම්පරාවක කැපවීමේ ප්‍රතිඵලය, සමස්ථ මහජනයාගේ සැබෑ උවමනාව අපතේ හැරීම හෝ ඒ අවස්ථාව අපතේ හැරීම කිසිසේත් කළ යුතු නොවේ. ආවේගය නිසි තැන නිසි විට මිස ආවේගයෙන් ම රටකට ගමනක් යා හැකි නොවේ. 

එබැවින් අප ආවේගයෙන් ඉදිරියට යාමට පෙර නැවත ආපසු හැරී ඉවසීමේ අරගලයට පැමිණය යුතුමය.

දේශපාලුවන් බලයෙන් මත්වී අත්දුටු විනාශය මහජනයා වශයෙන් රටක් වශයෙන් ආවේගයෙන් මත්වී අප උදා කර ගත යුතු නැත.

No comments: