Wednesday, May 11, 2022

අලුත් ක්‍රමයක් ~ විනයක් (මගේ රට කිය කියා කරන මජර කුපාඩිකම් වලට බළල් අත් වෙනු එපා)

පොදු අරමුණු තුළ තමන්ගේ පුද්ගලික වෛරයන් පිරිමසා ගැනීමත් අවස්ථාවාදී ව කඩා වඩා ගැනීමත් නිර්ලජ්ජිත කුහක දේශපාලුවන් ආ වැඩූ පරණ සංස්කෘතියේ නෂ්ඨාවශේෂයන්ය. විනාශ කළ යුතු දශක ගණනාවක් නැවත නැවත අපව විෂම චක්‍රයක ලූ ඒ අධම පන්නයයි. මගේ රට කිය කියා මජර දේශපාලකයන් සිදුකළ දේම තවත් අය දිගින් දිගටම කරයි නම් ඔඋනුත් මජර මය. 

සමාන්‍ය පුරවැසියා ප්‍රතික්ෂේප කරන්නේ ඒ මජර බලය යි. යහපත් රටකට අවැසි නිවැරදි ක්‍රමයක් හා ඊට සරිලන විනයක් ම යි. ආවේගය පළ කරමු. ඉවසීමත් පුරුදු කරමු. සාධාරණ වෙමු. ශක්තිමත් වෙමු. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමු. 

රුධිර පිපාසිතයන් වැඩූ අරමුණු පරදවමු. කෙළවර ~ යහපත් රටක් හදා ගනිමු!

No comments: