Wednesday, May 18, 2022

👑🎩💰 ඔහෙලා කතා කරමින් ඉන්න ~ 👨👩 මිනිස්සුන්ට අමාත්‍යංශ දෙන්න

එහෙම හිත් දෙකෝටියක් ! හිතිවිලි ප්‍රකෝටියක් ! වැඩ කෝටියක් ! සුදුසුම ක්‍රමයක් ! ඔබ / රට සුරකින නීතියක්

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට නොහැකි වුවත් ~ අතින් අල්ලා නැවතිය නොහැකි රට, හිතෙන් අල්ලා නවතනු නොහැකි ද!!!

ඒ හිත් හිමි මිනිසුන්ට වැඩ බාර දෙන්න.

ජාතක කතා වලට එහා හේතු ~ ඵල දහම ඉගෙන ගන්න.  එහෙම දැක්මක් තුළින් අනාගතය නිර්මාණය කර ගන්න.

ඊයේ සහ අද වැරදුණු තැන් විමසන්න.

රට වෙනුවෙන් බෙදා ගන්න බැරි වුණා ඔබට ~ මේ මොහොතේ බෙදා ගෙන වැඩ කරන්න තිබුණා ~ කටයුතු කළේ පිල් බෙදෙන්න, කාට කාටත් කැපී පේන්න ඕන වුණා, ලකුණු ඕන වුණා.
පිල් නොබෙදී බෙදා ගෙන වැඩ අපට පුළුවන් නම් !

රට වෙනුවෙන් කැප කරන්න බැරි වුණා ඔබට ~ මේ මොහොතේ කැප වෙලා වැඩ කරන්න තිබුණා ~ සිද්ද කළේ කාලය නාස්ති කිරීම, පාර්ලිමේන්තුවම විහිළුවක් වුණා, මහජන විශ්වාසය නැති වුණා
විශ්වාසයෙන් කැප වෙන්න අපට පුළුවන් නම් !

රට වෙනුවෙන් වැරදි පිළිගන්න බැරි වුණා ඔබට ~ වැරදි පිළි අරගෙන නිවැරදි වෙන්න තිබුණා ~ රටම ගිනි තැබුවා, වෛරයට මග හැදුවා, ලෝකෙටම විහිළුවක් වුණා
වැරදි පිළි අරගෙන නිවැරදි වෙන්න අපට පුළුවන් නම් !

රට වෙනුවෙන් අත් හරින්න බෑ බෑ බෑ කීවා ඔබ ~ අත් හැරීමෙන් අලුත් අවස්ථා හදන්න තිබුණා ~ රට ආපහු පරණ පීල්ලෙම තැබුවා, ක්‍රමය සරණං ගච්ඡාමී කීවා, අඳුරු අහසේ රිදී රේඛාව දරුණු හෙනයක් බවට පත් කළා
රට වෙනුවෙන් අත්හැරිය යුතු දෙයක් අත් හරින්න පුළුවන් නම් අපට !

රට වෙනුවෙන් බැරි දෙයක් නැත ~ එකකින් පටන් ගත් කළ ~ එකින් එක ගොඩ නැගිය හැක. රටම තල්ලු කළ පසු එතනට ~ හෙට පටන් ගන්නේ එතැන් සිට !

උපුටනය ~ එහෙම හිතකින්

No comments: