Saturday, November 3, 2018
වර්චස් පිඩේ නීත්‍යානුකූලභාවය නොහොත් ප්‍රසිද්ධියේ රමණයට මරණයට අවසර?(අත්පොළසන්,ජයඝෝෂා,ප්‍රීතිඝෝෂා,වෙඩිහඬ)
කන්ට ඕනෑ විට කබරයා තලගොයා කරගන්නා නිවට කොන්දක් නැති නායක ප්‍රතිරූපධාරීන් නොමැරී ජීවත්වන තාක් අපේ රට ජාතිය බිඳකින් නැගෙන්නේ නැත. (අත්පොළසන්,ජයඝෝෂා,ප්‍රීතිඝෝෂා,වෙඩිහඬ)
Thursday, November 1, 2018
ඉල් ලංකා (අතුරුපසට ගම කා)
කියන දේ කරන
කරන දේ කියන
කටින්ම කතා කරන
මිනිසුන් නැතිය රට හදන
අධෝ මුඛයෙන් බණ දෙසන
හැරෙන අතට වැඳ වැටෙන
අසූචි වළෙන්ම රන් පතන
සිහිමඳ උන්ය රට නසන
පක්ෂ ගහගෙන කිහිල්ලේ
පාට ගාගෙන නළල්ලේ
ගොටුව අල්ලන් කැකිල්ලේ
තොපිය බොන්නේ රටේ ලේ
කරන දේ කියන
කටින්ම කතා කරන
මිනිසුන් නැතිය රට හදන
අධෝ මුඛයෙන් බණ දෙසන
හැරෙන අතට වැඳ වැටෙන
අසූචි වළෙන්ම රන් පතන
සිහිමඳ උන්ය රට නසන
පක්ෂ ගහගෙන කිහිල්ලේ
පාට ගාගෙන නළල්ලේ
ගොටුව අල්ලන් කැකිල්ලේ
තොපිය බොන්නේ රටේ ලේ
Wednesday, October 17, 2018
එමින් ගමන්..
ජාතික හැඳුනුම්පත් එක් දින සේවයේ පරිශ්‍ර තුළ වරුවක් කල් මරණ මහජනයාට ඒ තුළ ඇති රූපවාහිනී තිර මත ළමා චිත්‍රපටයක් වෙනුවට තම හැඳුනුම්පත පැය කිහිපයකින් සැකසෙන හැටි දැනුම්වත් කෙරෙන රූපමය වැඩසටහනක් තිබුණි නම් කෙතරම් අගේද හිතුනා!
Friday, October 12, 2018
Monday, October 8, 2018
සමාජයේ විද්‍යාව භාවිතයට (තියරියෙන් පිට ග්‍රාම්‍ය මං සහස් වටී°)
හක්ක, බොක්ක හා ලිප්බොක්ක අතර ඇත්තේ අසාමාන්‍ය කුටුම්බ සම්බන්ධයකි.
මේ තුනම හොඳින් හඳුනන්නා හුදෙකලාව වුව හෘදය සමාජානුයෝජනයක් ලබන සහෘදයෙක් වන අතර ජන විඥානය සංස්පර්ශයේ උරුමය ලබයි.
නැත්නම් එහි ප්රරත්යාවර්තයද විය හැකිය.
මේ ලිප්බොක්කේ සමාජානුයෝජනයක් නැති පාලකයන්,රදළයන් අතට රටේ බලය හුවමාරු වීම අප කිසියම් අංශයකින් සැබෑ සංවර්ධනයක් නොලැබීමට ප්‍රධානතම හේතුව බව අද දක්වාම දක්නට ලැබෙන රාජ්‍ය අනුග්‍රහ සහිත නා නා විගඩම් සංස්කෘතියෙන් මොනවට පැහැදිලි වේ.-
*සේවයට සමානුපාතද පඩිපත අනුලෝම?
*සේවය සමානුපාතද මහජන ඉල්ලුමට?
*වියදම දරන්නේ පාලකයන් ගෙදරින්ද?
*හක්කේ බොක්කේ ලිප්බොක්කේ මොනවාද?
+හක්කේ ධර්මයත් බොක්කේ දඩමසත් ලිප්බොක්කේ ගින්දරත් තුළ සමාජය සැමදා වියවුලකම හෙළා යථාර්ථයෙන් පලා ගොස් විසඳුම් සොයන රටක් බවට අප පත්ව ඇත්තේ මේ සමාජයේ සරලවම ඇහැට පෙනෙන විද්‍යාව භාවිතයට නොගන්නා විපාකයෙන් නොවේද?
පහේ පන්තියේ ප්‍රශ්න පහෙන් එහාට යා නොදී අතේ පයේ හයිය අපතේ යා නොදී හිතේ හයිය ගංවතුරේ ගලන්නට ඉඩ නොදී ලිප්බොක්කෙන් බොක්කත් බොක්කෙන් හක්කත් සවිමත් කෙරෙන ප්‍රත්‍යාවර්තී පාරමිතාවකට රටම පෙළගැස්විය යුතුය.
ජපානය නැගුවේ කොහොමද? මං දන්නේ නැත, හිත ඇත්තන් එය සොයා බලන්න. චීනය වැඩුනේ කොහොමද?
මිටි හල් මුට්ටිය ගඟේ ගියාවේ ගඟට උඩින් කොක්කු ගියාවේ.. නුඹේ අම්මා කිරට ගියාවේ..ඒ අම්මාගේ හා ඇගේ සැමියාගේ අනවරත කැපවීමෙන් තොරව අපට හෙටක් ඇත්තේම නැත. කොන්ක්‍රීට් පොළොවක් පමණක් තිබේ වි. ණයට කුලියට ඒ මත හතර රියනක් හිමි වේවි. කටින් රට වෙනුවෙන් පාරමිතා නො පුරා ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඔබේ බොක්ක හක්ක සේම ලිප්බොක්කත් එකම අරමුණක බව, අප රට නගන අරමුණක බව.
කපන්න කපන්න කැප වෙන මුවහත් වෙන සාමාන්‍ය මිනිස්සුනේ සමාජයේ විද්‍යාව භාවිතයට රොක් වෙන්න. පාට පක්ෂ නාමධාරීන්ගේ බලුගැත්තන් බත්බැලයන් නොවන්න. රට පෙරළන ශක්තිය ඔබගේ දෑත තුළයි. එය වටහා ගන්න.

Sunday, October 7, 2018
අසාමාන්‍ය පුරවැසියෙක් මි
අපිට ඕව වැඩක් නැත
අතීතයෙන් ඵලක් නැත
හරි වැරැද්ද ඕන නැත
නීතිරීති අපට නැත
පොලීසියත් මොකද්ද ඔය
ඉහළින් එන ඕඩර්ස් යම
දෙවියන් දෙන බෝනස් මට
උගේ මලය ෆුල් කික් එක
බලයේ ලෝ එක අපිමය
ධනයේ ෂෝ එක අපගෙය
උඹලා අපේ අතයට මය
යුක්තිය අපටය ජාතක
අතීතයෙන් ඵලක් නැත
හරි වැරැද්ද ඕන නැත
නීතිරීති අපට නැත
පොලීසියත් මොකද්ද ඔය
ඉහළින් එන ඕඩර්ස් යම
දෙවියන් දෙන බෝනස් මට
උගේ මලය ෆුල් කික් එක
බලයේ ලෝ එක අපිමය
ධනයේ ෂෝ එක අපගෙය
උඹලා අපේ අතයට මය
යුක්තිය අපටය ජාතක
Friday, October 5, 2018
කිතුලේ මළ තල
ඇඳ ප්‍රශ්න විසඳන්න
යහන් කඩා බිම බුදියන්න
අනියම් ප්‍රශ්න විසඳන්න
හූනියම් හදි කරපන්න
මනී ප්‍රශ්න විසඳන්න
බනී වගේ පැන යන්න
රටේ ප්‍රශ්න විසඳන්න
පදිංචියට රට යන්න
යහන් කඩා බිම බුදියන්න
අනියම් ප්‍රශ්න විසඳන්න
හූනියම් හදි කරපන්න
මනී ප්‍රශ්න විසඳන්න
බනී වගේ පැන යන්න
රටේ ප්‍රශ්න විසඳන්න
පදිංචියට රට යන්න
Saturday, September 29, 2018
Tuesday, September 18, 2018
Saturday, September 15, 2018
Thursday, September 13, 2018
Monday, September 10, 2018
ටෙක්ස්ට්
/ ජාතියත් ආගමත් විහිළුවකි අද දවස
හොයාපන් එහි වරද නොවේ එක පරපුරක
පිළිගනිමි හඳුනනා බුදු රඳුන් පමණක්ම
ඉන් එහා දෙයක් නම් චුයින්ගම් පමණක්ය
හොයාපන් එහි වරද නොවේ එක පරපුරක
පිළිගනිමි හඳුනනා බුදු රඳුන් පමණක්ම
ඉන් එහා දෙයක් නම් චුයින්ගම් පමණක්ය
Tuesday, August 21, 2018
වලිග (සටන්)
මාන්නයට ධන බල
නමන තෙක් යටි හිත
මෙරට නැගුමක් නැත
නටන නැටුමක් මිස
පුස්සමයි දකින්නේ
සෙස්සමයි රඟන්නේ
නිස්සමයි නසන්නේ
විසින්මයි නැහෙන්නේ
දෙසන තරමට මුසා
වැදෙයි අත් පොඩි පුතා
සහෝදර කම් හොඳා
කැටත් අරගෙන රටවටේ යං පුතා
විස්ස තිහ හතළිහක්
පනහක් හැටක් හැත්තෑවක්
ට්‍රයි එකක් දුන්නොත්
වලිග මුත් හොලවාවි බල්ලත්
නමන තෙක් යටි හිත
මෙරට නැගුමක් නැත
නටන නැටුමක් මිස
පුස්සමයි දකින්නේ
සෙස්සමයි රඟන්නේ
නිස්සමයි නසන්නේ
විසින්මයි නැහෙන්නේ
දෙසන තරමට මුසා
වැදෙයි අත් පොඩි පුතා
සහෝදර කම් හොඳා
කැටත් අරගෙන රටවටේ යං පුතා
විස්ස තිහ හතළිහක්
පනහක් හැටක් හැත්තෑවක්
ට්‍රයි එකක් දුන්නොත්
වලිග මුත් හොලවාවි බල්ලත්
Sunday, August 19, 2018
මටත් සම්මා ණයක්!
ඇස් ඇරන්
කට ඇරන්
නිදි වරන්
ගෙදර ඉඳන්
බලාන ඉන්නෙ
හම්බවෙනකන්
අඩු පොළියට
සම්මා ණයක්
රැඩිකල් හම විකුණගන්න
සීල් එක ගහන්
කට ඇරන්
නිදි වරන්
ගෙදර ඉඳන්
බලාන ඉන්නෙ
හම්බවෙනකන්
අඩු පොළියට
සම්මා ණයක්
රැඩිකල් හම විකුණගන්න
සීල් එක ගහන්
Friday, August 17, 2018
මම රහතෙක් නොවේ
මමත්වය ගෙන මනසේ
අවබෝධයේ අයස්ථානය සෙවීමේ
නිවනේ තැන නොතැන සෙවීමේ
විහිළුව හෙළුව නම් වැටහේ
බමුණන්ට නොවැටහේ
සෝපාකට වැටහේ
චුල්ලපන්ථක නූගතා වටහා ගනී
අංගුලිමාල මැර ට ග්‍රහණය වේ
ඒත් මුග්ධ බමුණන්ට නොවැටහේ
ඒ තෙමෝ ගණන් හදති
සංඛ්‍යානයෙන් විචාර ති
අඛ්යානයෙන් අරඹති
අමරාවික්ඛේපවාදයෙන් වස්ති කරති
අවබෝධය අතින්ම අල්ලන්නට හදති
නිවනේ ඇඳුරු නොකී තියරි සොයති
ගෝලන් අඹරට අවුළුවති
අපර අහසේ තරු රටා දැක
ගෝලෝ ස්වර්ගස්ථ වෙති
දැනුමේ අනුභාවයෙන් මත්වෙති
නින්දෙන් ඇහැරී දිව්‍යමය බසෙන්
දනන් අමතති
ජුගුප්සාවෙන් ඔක්කාරය හදති
එතැන් සිට අර්ධ සත්‍ය ඔක්කාරයෙන් පිට වේ
බමුණෝත් වෙස්ගත් බමුණෝත් ඔක්කාර සත්‍යය ජූස් කරති
ඔක්කාර සත්‍ය ජූස් වෙළඳපොළ කළඹයි
ඔක්කාර සත්‍ය ජූස් බී උත්තම වූ බමුණු වැසියෝ
නැවත නැවතත් ඔක්කාරයම කරති
ඔක්කාර සත්‍ය විෂ වේ
වටිනාකම දිය වේ
සත්‍ය නිහඬව වැළලේ
මමත්වය පැළවේ
දෙව්දත් සිහිවේ
දෙව්දත් සටන සිහිවේ
අජාසත් රැවටුනෙ ඇයිද සිත්වේ
නලාගිරිට කව්ද රා පෙව්වේ
බුදුන් වදාළ ධර්මේ
අප්‍රමාදය සිහිවේ
වර්ජන ගර්ජන තර්ජන මැද්දේ
සමාජය ක්‍රොස් කර බුදුන් දැක්කේ
ධර්මය පෙනේ
රජුන්ද පෙනේ
බමුණන්ට නොවැටහේ
එනමුදු
එව බලව
තව බලව
රස බලව
ධර්මයේ

පරම පර වී..(ජර මර)
පරම බොදුනුවා
පරම කිතුණුවා
පරම ඉස්ලාමිකයා
පරම හින්දුවා
පරම හේතුවාදියා
පරම ...... වාදියා
පරම සත්‍ය නම් හොයන්නේ
ගරහන්නේ කිමද නින්දිතව
කිසිවෙකුත් පරම නොවන බව පෙන්වමින්
ශුද්ධවන්තයන් නොවන හැමදෙනාම
සළකමින් එකිනෙකාට මිනිසත්කමට
අමතාපන් පරම නුවණැසට
පරම කිතුණුවා
පරම ඉස්ලාමිකයා
පරම හින්දුවා
පරම හේතුවාදියා
පරම ...... වාදියා
පරම සත්‍ය නම් හොයන්නේ
ගරහන්නේ කිමද නින්දිතව
කිසිවෙකුත් පරම නොවන බව පෙන්වමින්
ශුද්ධවන්තයන් නොවන හැමදෙනාම
සළකමින් එකිනෙකාට මිනිසත්කමට
අමතාපන් පරම නුවණැසට
Thursday, August 16, 2018
(ආනන්දයෙන් අමන්දානන්දයට) අවබෝධය අතින් ඇල්ලීම-
-ට යාම "බය නැති එකා" ඔබේ කන ඇල්ලීමට හේතුවේ. ඔහුට මොළය තිබුනොත් ඔබගේ කන අතගෑමත් ඔහු සිදුකරාවි.
අවබෝධය ඇත්තේ කොහේද? මොළයේ, මනසේ,
ගින්දර ඇත්තේ කොහේද?
අවබෝධයට හේතුවන සාධක ඇති තැන අවබෝධය පවතී.
ගින්නට හේතුවන සාධක ඇති තැන ගින්න පවතී.
අවබෝධයට හේතුවන සාධක ස්ථාවරයෙන් අවබෝධය ස්ථාවර වේ.
ගින්නට හේතුවන සාධක ස්ථාවරයෙන් සදාකාලිකව ගින්න ස්ථාවර කරගත හැකිය.
අවබෝධය අතින් ඇල්ලිය නොහැක, විමසා පරීක්ෂාකොට බැලිය හැක. බෙදාගත හැකි වුවත් බෙදුවාට පසු ඇමීබා පරිදි ස්ථාවරය තමතමන් සතුය.
ගින්න අතින් ඇල්ලිය හැක, අත පිළිස්සෙනු ඇත. බෙදාගත හැකි අතර ඒ බෙදීම අවුළුවා ගැනීම නමි.

නූතන නොමග
බමුණෝ කිති කවති
එදත් අදත් තම ගෝලයන්
ගෝලයෝ රුචිය කිතියට
එදා තරම්
රාමු හදති බමුණෝ
එදා සිටන්
ඇඳ පුටු මේස මත
සත්‍ය ගවේෂං
භාෂා ඥානය අස්සේ
සත්‍ය රිංගා සෝමපාලගේ උළු අස්සේ
ෂුවර් එකට සත්‍ය ඇත්තේ
ලිප් බොක්කේ අළු අස්සේ
මගේ ලෝකේ
උඹේ ලෝකේ
අපි නොදන්න ආලෝකේ
බෙදන්න තේ හැන්දේ
ස්ටෙන්ලස්ටීල්
අලුත් පිට උවමනාවට වැඩියි දිස්නේ
තර්ක අතර මැද්දේ
මධ්‍යම ලක්ෂේ
හරියට හොයාගත් දවසේ
ඒ අතරමැද හිඳ
දෙපැත්තෙන් තලා ගත්තම
සත්‍ය වෑහේ
මොළේ වී ඉස්මේ
එදත් අදත් තම ගෝලයන්
ගෝලයෝ රුචිය කිතියට
එදා තරම්
රාමු හදති බමුණෝ
එදා සිටන්
ඇඳ පුටු මේස මත
සත්‍ය ගවේෂං
භාෂා ඥානය අස්සේ
සත්‍ය රිංගා සෝමපාලගේ උළු අස්සේ
ෂුවර් එකට සත්‍ය ඇත්තේ
ලිප් බොක්කේ අළු අස්සේ
මගේ ලෝකේ
උඹේ ලෝකේ
අපි නොදන්න ආලෝකේ
බෙදන්න තේ හැන්දේ
ස්ටෙන්ලස්ටීල්
අලුත් පිට උවමනාවට වැඩියි දිස්නේ
තර්ක අතර මැද්දේ
මධ්‍යම ලක්ෂේ
හරියට හොයාගත් දවසේ
ඒ අතරමැද හිඳ
දෙපැත්තෙන් තලා ගත්තම
සත්‍ය වෑහේ
මොළේ වී ඉස්මේ
Wednesday, August 15, 2018
ශුද්ධ කරපන්න හද - ලංකා
ඇහැට පෙනෙන පමණින්ම වුව, පිරිසිදු වූ සියල්ල අපිරිසිදු වෙයි. අපිරිසිදු කෙරෙයි. චුල්ල පන්ථක අත වූ රෙදි කැබැල්ල පිරිමැදීමෙන් අපිරිසිදු විය. කාර්මීකරණයෙන් පසු සීග්‍රයෙන් ගගන දෙරණ අපිරිසිදු වන්නට විය. මිනිසාගේ ආයුෂය විද්‍යාවේ මුක්කු වලින් දිගට දරා සිටියත් බෝ නොවන රෝග, පිළිකා වලින් තක්කු මුක්කු වීම දිනෙන් දින වැඩිවෙයි. මානසික පීඩාව උග්‍ර වෙයි. පීඩනය වැඩි වෙයි. පිරිසිදු ජීවන රටාවක් තව දුරටත් ඇත්තේ නැත. අපිරිසිදු වූ අප හැම කාලයේ ආකාලයේ රස්තියාදුවකය. දේශපාලනික මිතුදම හරහා ලද බුදුන්ගේ ධර්මය දේශපාලනික භාවිතාව තුළම අපිරිසිදු කර ඇත. පිරිමැදීමෙන් අපිරිසිදු වුනු රෙදිකඩ සේ භාවිතයේ ස්වභාවයෙන් අපිරිසිදු වන ජීවිතය ගැන තේරුම් ගෙන ඉන් මිදීමේ මගක් කියාදුන් බුදුන් අපට කීවේ සාංසාරිකවම අපේ රස්තියාදුවෙන් අප මුදවන මගය. නන්නත්තාරව ජීවිතය සොයා ගත නොහැකිව රස්තියාදු වුනු බොහෝ දෙනා උන්වහන්සේ විසින් ඒ අනවරත රස්තියාදුවෙන් මුදවාගන්නා ලදී. බුදුරඳුන්ගේ මහා පෞරුෂය හදවතේ ගැඹුරට ගත් කිසිවෙකු දේශපාලන හෝ වෙනත් ළාමක තර්ක මත උන්වහන්සේගේ ධර්මය පටලවා නොගනී. බුදුන් දෙස බැලිය යුත්තේ උන්වහන්සේ පවසා ඇති පරිදිම ධර්මය තුළින් මිස බියර් බෝතලයක් හා සිගරට් දුමක් මැද්දෙන් නොවේ. තමන්ට තමන්ව විග්රහ කරගත නොහැකි තරමට අපිරිසිදු වුණු අපි පට්ට ගසමින් ලෝකය ධර්මය නානා ශාස්ත්‍ර විචාරමු. එබඳු විචාර දර්ශන වාද තුළින් යමක් අසු නොවෙනවා නොවේ. පරමාණුව බිඳ බලශක්තිය නිපදවන්නට හැකි සේම එයින් ලොවම මොහොතකින් නසන්නටත් හැක්කේ ඒ විද්‍යාව තාක්ෂණයක් මිස සැබෑ ඥානයක් නොවෙනා බැවිනි. දැළිපිහි දැනුම අවබෝධයෙන් තොරය. අපිරිසිදුය. ලෝකයේ ස්වභාවයද ගතිකය. සත්වයාද ඇතිවී නැතිවී යයි. එන්නේ කොහෙන්ද යන්නේ කොතැනටද භෞතිකව සිතා කටයුතු කිරීම පමණක් සෑහෙන්නේ නම් ලෝකය පිළිබඳ ගැටළුව බොහොම සරල එකකි. බඩෙන් ඇවිත් කනත්තෙන් ඉවර වෙනවා නම් සියල්ල අපේ පංචේන්ද්‍රියන්ට හසු වෙනවා නම් ලෝකයට මෙතරම් උපකරණ උවමනා ද නැත. එසේ උපකරණ අදත් නිපදවෙනවා නම් එහි අරුත එකවර අපේ පංචේන්ද්‍රියන්ට හසු නොවන තවත් කොතෙකුත් දෑ පැවතිය හැකි බවය. බුදුන්ගේ ඥානය විමසීමට අප භාවිත කරන්නේ අපූරු නිර්ණායකය. හොඳට පදමට මොළය මත් කර අපි ධර්මය විචාරමු. එසේ නොවන අවස්ථාවන් ගැන කීමට ඇත්තේ අයින්ස්ටයින්ගේ ඥානය සේ බුද්ධ ඥානය නොසැළකිය යුතු බවයි. තවදුරටත් කීවොත් ඇපල් ගෙඩිය ඔලුවට වැටීමෙන් නිව්ටන්ගේ චින්තනය අවදිවීමත් සතර පෙර නිමිති දැක බෝධිසත්වයන් සිදුකළ අභිනිෂ්ක්‍රමණයත් කිසිසේත් සමාන නොවන බවයි. බුදුන් ගැන ඉඳුරා කිව හැකි තවත් බුදුවරයෙකුට පමණක් බව බුදුරඳුන් ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර මුල් තැන සිටි සැරියුත් තෙරුණට පැවසුවා නම් අපේ ප්‍රමාණයෙන් බුදුරඳුන් ගැන තීරණය කිරීම අපටම බාරය. ලෝකයේ සුපිරිම පරිගණක සමහරවිට ඇත්තේ එකකි? බොහෝවිට තවත් එවැනි එකක් නැත. එය සරල කතාවකි.
එසේ වූ පමණින් තමන් අවබෝධ කොටගත් ගැඹුරු දහම අපටද අවබෝධ කරගත නොහැකි බව උන්වහන්සේ කීවේ නැත. දක්ෂ ගුරුවරයා යනු තමන්ගේ අවබෝධය සිසුවාගේ පමණට ගලපා දිය හැකි තැනැත්තාය. සම්මා සම්බුදුු ලෙස උන්වහන්සේ හැඳින්වෙන්නේ එබැවින්ය. විද්‍යාව විග්රහ කිරීමට විද්‍යාවේ පද තිබේ. ඒවායේ අරුත බැඳෙන්නේත් විද්‍යාව විග්රහ වන තැනටයි. ධර්මයටත් එසේමය. බුදුන් හෝ උන්වහන්සේ සම්බන්ධ කරුණු සමහරක් වෙනත් වචන වලින් විස්තර කිරීමම අදටත් අපිරිසිදු කරගෙන ඇති ධර්ම විග්රහ තවත් පටලවා ගැනීමකි. ගැඹුරේ අත පතගාන්නට හදන බොහෝ දෙනාට බුදුන්ගේ ධර්මයේ ඇවිත් බලන්නට කියා කියන තැනම ඇති ගැඹුර නොපෙනේ. ත්රිලක්ෂණය, හේතු ඵල දහම, චතුර්ආර්ය සත්‍යම නුවණ ඇත්තෙකුට නම් සෑහෙන සෑහිමකි. තව දුරටත් සත්‍ය සොයා බුදු නුවණ ලබා ගැනීමට අවැසි තැනැත්තාට බුදු බව දක්වාම යෑමටත් උන්වහන්සේ මග කියා ඇත. නමුත් සත්‍ය අවබෝධය යනු බුදු නුවණ නොවේ. සත්‍ය අවබෝධය යනු ලෝකයේ සැබෑ තතු සත්වයා පිළිබඳ සැබෑව අවබෝධ කොටගෙන කළ යුතු දෑ කිරීමයි. එය හඳුන්වා ඇත්තේ නිවන යනුවෙනි. අනියත ලෝකයේ සසරක සැරිසරන සත්වයා ඉන් මිදී යාම සරලවම නිවන යි. සම්මා සම්බුද්ධත්වයෙන් මෙපිට ඒ අවබෝධය ලබාගත හැකි අයුරුත් බුදුරජාණෝ දේශනා කළෝය. ඉතිං ඒ වන් උතුමෙකු වෙත පහන් සිතින් වන්දනා කිරීම හෑල්ලුවක් වන්නේ රැජිණගේ නම්බුවෙන් සර් නාම ගත් අයටද? නැත්නම් සහතික කොළයකින් පදවි නාම ගත් අයටද? එහෙම දෙයක් නැත. උඬගු කමින් උද්ධච්ඡ වී තවත් අපිරිසිදු වීමට පෙර බිඳක් සිතිය යුත්තේ බුදුන්ගේ දහම නොතිබෙන්නට අප ලෝකය ජීවිතය පිළිබඳ සොයා තවත් කොපමණ නම් රස්තියාදු යන්නට තිබුණාද යන්නයි. අවසන කියන්නට ඇත්තේ මා වැනි සාමාන්‍ය මිනිහෙකුට නම් බුදුරඳුන් යනු ඥාන උල්පතක් බව පමණය. සකළ ලෝකයේම සැරුවද රස්තියාදු වුනද නොලැබෙන යථා අවබෝධය තමා තුළින්ම අවබෝධ කරගන්නට කියා දුන් උන්වහන්සේට වන්දනා කිරීමට ලේබල් බොදු වීමට උවමනා ද නැත. එසේ නොකිරීමට තරම් පුහු ලේබල් රැඩිකල් හීන මානයට ගොඳුරුවීමටද මට නම් උවමනා නැත.
අද බොහෝ දනා සුප්රබුද්ධය, සමාජ ජාලවල පවා ඒ ඇමතීම් අප්‍රමාණය. එහෙව් සමාජයක අපිරිසිදුකමට රස්තියාදුවට අපි දොස් නගාගත යුත්තේත් අපටමය. ඉන් එහාට යාමට හිතනවා නම් ශුද්ධ කර ගත යුත්තේ අපේ රස්තියාදු ජීවිතයි. අවංකවම අපට අප ගැන හැබෑ හැඟීමක් නැතිතාක් අපත් රටත් පුහු රැඩිකල් රැවටිල්ලකම පමණයි.

Subscribe to:
Posts (Atom)