Sunday, June 23, 2013

පුණ්‍යවන්ත (පව්කාර පුණ්‍යවන්ත‍යෝ)

පන්සල් යයි 

දන්සැල් දෙයි

බණත් අහයි

සිලුත් ගනියි

        අදත් එකයි

        හෙටත් එකයි 

        එදත් එකයි

        ඔහුම තමයි

ශ්‍රද්ධාවත් එකම තමයි

ප්‍රඥාවත් එයම තමයි

ඔහු ඉන්නේ එකම තැනයි

අනෙක් අයට බෙදෙන පිනයි

       අතන වැඩෙත් කෙරිලා ඇති

       මෙතන වැඩෙත් කෙරිලා ඇති

       ඔහු හැමතැන ඉන්නා විට

       හැමගේ බර ඔහු පිට ඇති

වැඩෙන් තොරව නැත බුහුමන්

වැඩක් නැතිද ඔහු කළ පින්

කලක පටන් රැස් කළ පින්

වගා වුනිද මේ බිම දැන්

         එකත් පස්ව බණම තකා

         ගියත් නැතිද වෙන්නේ මුළා

         බුදුන් දෙසූ දම් වළදා

         ඒවා දැන් මිල කරලා

පෙරහැර ගෙන යෑම හොදයි

දෙසනා බණ දහම් හොදයි

යටි කුරු කළ බදුන් ගොඩයි

ඒවාටම දහම් දෙසයි

             ශ්‍රද්ධාවෙන් ඉවසාගෙන

             හිටි පමණින් පුණ්‍යවන්ත

             රැස්‍ වේවිද පුණ්‍ය මහිම

             දිවියේ ජය මං තැනුමට

නිවන නිවන නිවන තමා

ඒක කොහොද අපට අමා

දනට පිනට කැමති එකා

සූරාගෙන කන්න එපා

                  ආතල් ‍‍වී පුරන ‍‍විතින් 

                  නොයෙක් දනා නොයෙක මතින් 

                  පු‍‍වත් නොදැන මෝඩ සිතින්

                  මගුල් කරති ‍පොහොය ගෙවෙත්

පව්කාර පුණ්‍යවන්තයන්ගේ පින පෑදේ‍වා, අද වැනි දිනක...වත්

2 comments:

Aruni Shapiro said...

මෙය කියවා ගෙන යද්දී "පෙරලෙන ගලේ පාසි නොබැඳේ," කියලා මතක් වුනා.

ශුද්ධ වූ රස්තියාදුකාර ඥානය තව තවත් වැඩිවේවා!!

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ස්තූතියි ප්‍රාර්ථනයට :) ශපිරෝ මහත්මිය

ඔය පෙරළෙන ගලේ හැපී තවත් ගල් කීපයක් හෝ පෙරළෙන්නට පටන් ගනිත්වා... මමද ප්‍රාර්ථනා කරමි.