Wednesday, May 1, 2013

නිර්ලෝභීව බෙදිය හැකි ධනය හා ලාබය

  බොහෝ දෙනාට ඉපයීම මෙන්ම ලාබයත් එය බෙදාහදා ගැනීමත් ප්‍රශ්නයක් බව වටින් විට කරන සමාජ නිරීක්ෂනයන්ගෙන් මට හෙළිවිය. මම මෙසේ කල්පනා කළෙමි. දෙවනුව මා මෙසේ ඔබට යෝජනා කරන්නේ මගේ ඒ කල්පනාවයි.

ධනය ඉපයීම අපහසු නම් එහි ලාබය කුමන ආකාරයෙන් අර්ථදක්වා නමුත් බෙදා හදා ගැනීමේ ක්‍රමය ආත්මාර්ථය පදනම් කොට ගෙන සිදුවීම ස්වභාවික නම්, පරම ධනයක් උපයන්නට මම ඔබට යෝජනා කරමි. ඒ යෝජනාව කිරීම මගේ අයිතියයි. ප්‍රතික්ෂේප කිරීම ඔබේ අයිතියයි.

පරම ධනය කුමක්දැයි ඔබ කවුරුත් දන්නේය. දහමෙන් අපට කියාදෙන පරම ධනය නම් 'සතුට' යි. ඉතිං මේ පරම ධනය යනු සතුට නම් ඒ සදහා වන ආයෝජනයත් සතුටම විය යුතුය. ඉන් උපයන ආදායම සතුටයි, ලාබයත් සතුටයි.(සතුට සදහා යැයි කියා විකල් සිහියෙන් බදා ගන්න සතුටක් ගැන නොවේ මේ කතාව)

එවිට එය බෙදා හදා ගැනීම ප්‍රශ්නයක් නොවනු ඇත. එය බෙදා හදා ගැනීමට ඔබ නිර්ලෝභී වන්නේ කොතෙක්ද එපමණකටම ඔබගේ මූල්‍ය ධනය ඉපයීමේදී ඇති වන බාධාත් මගහැරෙනු නැත්තේද? සත්‍ය වශයෙන්ම මමද අත්හදා බලන්නට ගන්නේ මේ ක්‍රමයයි. පරම ධනය උපයන්නට හැකිනම් මූල්‍ය ධනය ඉපයීම එතරම් අපහසු නොවේය, එහි ලාබය අඩු වැඩි වීමත් ප්‍රශ්නයක් නොවේය යනු මගේ විශ්වාසයයි. 

වැඩකරන ජනතාවට ජයවේවා!

 මෙයට බැදෙන ලිපි පහතින් 

http://hallowrusta.blogspot.com/2013/05/blog-post_2690.html 

http://hallowrusta.blogspot.com/2013/05/blog-post_9735.html

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ජී.බී.සේනානායක ශූරීන් ගේ 'දුප්පතුන් නැති ලෝකය' කෙටි කතාව අපේ සිංහල පෙළ පොතක කියෙව්වා මට හොදින් මතකය. එය හරි අපූරු කතාවක් බව නැවත මට සිහිපත් විය.