Thursday, October 30, 2014

a වර්ගයේ ස්නායු ඇත්තේ අපට විතරද?

ඊයේ කදුකරයේ නාය ගියේය. තුන්සියයක් පමණ පොළවයට සැගවෙන්නට ඇතැයි ආරංචි මාර්ග සදහන් කළේය. මෙහේ ඉඩම් වලින් වතුර ගලනවාට විරුද්ධව කුඹුරු වල සේ මාර්ග හරහා වතුර බදින්නෝය. වැට මායිම් කණුවට නැහෙන්නෝය. ආණ්ඩුවෙන් දෙනවා නම් දමිළ පුවත්පත වුව ගන්නට හදන්නේ දෙමළ අකුරක් වත් නොදන්න උන්ය. තවමත් මේ කිසිදෙයක සැළකිය යුතු වෙනසක් ඇති බවක් නොපෙනේ. තේරෙන සිංහලයෙන් කීවොත් ස්නායු පද්ධතියක් තියෙන්නේ අපට විතරය කියා හිතන තරමට අනෙකා ගැන තමන් උපමාවට ගෙන සිතීමේ ධර්ම උගනීම මෙහේ සමහරෙක් තවම උගෙන නැත. එනිසා රටේ නායකයාගේ ස්නායු පද්ධතියත්, මැති ඇමතිලාගේ ස්නායු පද්ධතියත්, ඉහළ පන්තියේ ධනවතුන්ගේ ස්නායු පද්ධතියත්, මධ්‍යම වෙළද ප්‍රජාවගේ ස්නායු පද්ධතියත්, මධ්‍යම පාන්තිකයාගේ ස්නායු පද්ධතියත්, ගම් බලවතුන්ගේ ස්නායු පද්ධතියත්, සාමාන්‍ය වැසියාගේ ස්නායු පද්ධතියත්, සෘණ ගණනින් සාමාන්‍ය වැසියන් වන අයගේ ස්නායු පද්ධතියත්.. ආදී වශයෙන් රෝග නැතිවත් පංති භේද අැති ස්නායු පද්ධති වර්ගකිරීමක් සමහර තැන්වල තවමත් අපට නැතිද???? a වර්ගයේ ස්නායු...

අවධානම එන්නේ අඩ‍බෙර ගසමින් නොවේ. ඉතින් අවධානම් හදුනා ගන්නා තැන්වලදී ඒවාට කල්තබා විකල්ප සෙවිය යතු සේම ඒවා ක්‍රියාත්මක කළ යුතුය‍. ඒ තන්හිදී අර අදාළ  ස්නායු පද්ධතීන්ට දැනෙන පරිදි කරනු ලබන සන්නිවේදනයද වැදගත්ය. තවමත් එකම භාෂාවෙන් කරන සන්නිවේදනය වුව ඒ භාෂාව කතාකරන ජනයාටත් එක ලෙසින් ග්‍රහණය නොවන තැන මේ සන්නිවේදන ක්‍රමය ගැනත් දෙවරක් සිතිය යුතු නැතිද. ආපදාවන් හීදී පමණක් නොව ඕනෑම කටයුත්තකදී තවත් විධිමත් හා ක්‍රියාශීලී වීමක් අපට අවශ්‍ය නැතිද? එහිදී බඩගින්න සේම ස්නායු පද්ධතියත් රෝගී නැති තැන කාගේත් එකාකාර බව ගැඹුරෙන් තේරුම් ගැනීම අපට වඩා නිවැරදි ඉසව්වකට පියනැගීමට හේතුවක් වනු ඇත.

රටකට අවශ්‍ය මියගිය ‍මිනිසුන් වෙනුවෙන් ශෝක වන්නට පිරිසක්ද, මියෙන්නට පෙර මිනිසුන් ජීවත් කරවිය හැකි ශක්තිවන්තයින් හා වීරිය වන්තයින්ද? එනිසා විනාශයක් වෙන්නට පෙර කෙසේ හෝ බේරාගත හැකි දේවල් කල්ඇතිවම බේරා ගැනීමට උපරිම වෙහෙස නොදා විනාශයට පසු හේතු පෙන්නා වුනු දේ සාධාරණීකරනය කරන කැත පුරුද්ද දැන්වත් නතර කර ගැනීමට කාලය පැමිණ ඇත.

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අද වන විට එනම් මේ සිදුවීමෙන් දින හතර පහකට පස්සේ කියවෙන්නේ නම් අතුරුදහන් වූ ගණන තිහක් හතළිහක් පමණ වන බවත් සොයා ගත් මළ සිරුරු ගණන දහයක් එකොළහක් පමණ වන බවත්. ඒ සදහා වෙහෙස නොබලා කැපවන්නන්ට සෙත් වේවා. තවමත් ඒ මෙහෙයුම් ක්‍රියාත්මක නිසාම ආපහු හිතන්නට තිබෙන්නේ තවත් මෙවැනි දේට ඇති ඉඩකඩ අහුරන විදිහ ජලයෙන්, සුළගින් හෝ වෙනත් අාපදාවන්ගෙන් .. කල්තබාම.