Thursday, October 22, 2020
වටහා ගතිමි
රටේ ජාතිකත්වය පිළිබඳ උත්තරීතර පිරිසිදු ප්‍රබල මතවාදය ද්විත්ව පුරවැසි භාවයක් දැරූවෙකු ඉදිරියේ වුව කොතරම් නම් අපිරිසිදුද දුර්වලද, (පැහැදිලි කිරීම පිළිබඳ ස්තුතිය, අතිගරු තැන්පත් විධායක සේනාධිනායක ජනාධිපතිතුමාණන් සතුය)
Sunday, October 18, 2020
Wednesday, October 14, 2020
කරුණාවෙන් සැනසෙන්න!
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියළු මහා දේශපාලකයෝ තම නොහැකියාවන් ප්‍රදර්ශනය කර අවසන්, අවසන් වශයෙන් මහජනතාවද සිය නොහැකියාව ප්‍රදර්ශනය කොට අවසන්, තවත් අවසානයක් දකින්නට ඇත්නම් ඒ සමස්ථ රටකම අවසානය පමණයි. මේ මොහොතේ සිට හෝ තම තම වගකීමේ බැරෑරුම් කම වටහාගෙන සියලු ලාංකිකයෝ දේශපාලන, වෘත්තීමය, ජාතික හෝ ආගමික වාසි සෙවීමෙන්, පාරම්බෑමෙන්, පම්පෝරි හෝ ලොකුකම් කියවීමෙන් ඉවත්වී සබුද්ධිකව ක්‍රියා නොකළ හොත් රටම කාලක්‍රියා කරන දවස වැඩි ඈතක නොවන බව මහා වියතුන් නොවන අපගේ අදහසයි. එබැවින් මේ මොහොතේ සොබාදම් දෙවියන් ඉඟියෙන් අපවෙත නිකුත් කොට ඇති සියලු චක්‍රලේඛ වලට එකඟව කටයුතු කිරීම අපේ උන්නතිය පිණිස හේතු වනු ඇති.
Wednesday, September 30, 2020
අවිචාරයෙන් අ වි චාරයට??(දෙයියන්ට දීම)
රාජකාරිය දේවකාරියක් වීමත් සමාජයෙන් දේවත්වයට මිනිසා ඔසවා තැබීමත් සැබෑ ජනනායකයෝ ලබන දුර්ලභ ගණයේ වරප්‍රසාදයකි. ඒ තුළ තම ජනතාව තවදුරටත් ඉහළට ඔසවා තැබීම එබඳු නායකත්වය තුළ ජනතාව පෙරළා ලබන ප්‍රතිලාභයයි. ඒ ලාභය ලැබීමට නම් අවංකත්වයත් විචාරශීලීත්වයත් නායකත්වය තුළ තිබිය යුතුයි. පෙරළා ජනතාවද ඒ ගුණාංගයන්ගෙන් පෝෂණය විය යුතුයි.
නමුත් දේශපාලනයේ දෙයියන් බිහිවනවා නම් ඒ මහජනයාගේ අවිචාරයෙනි. යුද්ධය, භීෂණය, පරිසර විනාශය තුළ තවමත් අප උගත් පාඩමක් නැතිවීම තුළිනි. සවන්දීමත්, සදය විචාරයත් අපේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ මුල් නොබසින්නට හේතුව කිම? ඒ දේශපාලනීකරණයයි. නිළධාරී වාදයට පදනමද එයමයි. කිසියම් ප්‍රශ්නයකට දේශපාලන සෙවණැල්ලක් වැටුණු තැන සිට එයට ලැබෙන විසඳුමේ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් නොපවතී. එසේ නොවන්නට අපේ රටේ ප්‍රශ්න මෙතරම් සංකීර්ණ වන්නේ නැත. අප රටේ දේශපාලකයන් බොහෝ විට උත්සාහ දරා ඇත්තේ ජනතාව නියෝජනය හෝ ජනයාට නායකත්වය ලබාදීමට වඩා බලවතෙක් බවට පත්වීම හා ඒ බලය උරුමයක් ලෙස පවත්වා ගැනීමටයි. ඒ උදෙසා බොහෝ කැපවීම් කරන්නට ඔවුන් සූදානම්ය. අවසනාවට මෙතෙක් එබන්ඳන්ගේ කැපකිරීම් තුළ තහවුරු වී ඇත්තේ ඔවුන්ගේ පැවැත්මම පමණක් නොවේ. ඒ සමඟ වර්ධනය වී ඇති බොහෝ මතවාදයන් හා පිරිසද සමාජය පිරිහෙලන සාධකයන්ය. අවිචාරවත් මාර්ගෝපදේශයන්ය. අවිධිමත් ව්‍යාපාරයන්ය. පවත්නා තත්වය තුළ නිසි භාවිතයක් නැති යන්ත්‍රයක මළකඩ පෙනෙද්දී අලුත් උපාංග සවිකිරීමේ ඵලය කිම? දහනවයකුත් එකක් සංශෝධන කෝඳුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකක් යන්නට සමානත්වයකින් දැනෙන්නේ එනිසාය. අපි අප විසින් කරන කියන දේ පිළිබඳ වගකීමක් දැරීමට තරම් ශක්තිමත් හා නිවැරදි රටවැසියන් නොවනතාක් දේශපාලනය බොරුවක් වීමත් අප ඒ ව්‍යාජ දෙයියන් අදහන මිථ්‍යාදෘෂ්ටිකයින් වීමත් වැළැක්වීමට කිසිවෙකුට හැකි වන්නේ නැත. ඒ අඩුව පිරවෙන්නේ දිගට හරහට අපට ගුටිදෙන ස්වභාව ධර්මයා නැමති අපක්ෂපාතී ගුරුවරයාගෙන් පමණි. නමුත් ජෙෙන නිඝන්ඨයන් සේ ඒ ගුරු ධර්මය අප උරුම කරගත යුතු කරුමයක් සේ කරතබා ගන්නේ නම් රටක මිනිස් සමාජයක් ලෙස තවදුරටත් අපට කතා කිරීමට දෙයක් ඇත්තේද නැති. දෙයියන්ට ඉඩ දී බලා හිඳිමු අපි!
Thursday, September 24, 2020
Wednesday, September 23, 2020
හොස් හොස්.. වස් දොස්.. හූ...
මෙරට සාම්ප්‍රදායික දේශපාලනය යනු රොටි පුළුස්සන තැටියකි. ඒ ඒ මොහොතේ තැටිය අතට ගත් අය තම තමන්ට රොටි පුළුස්සා ගත් මුත් මහජනයාගේ බලයෙන් රත් වෙන තැටිය මත ඇති සංවර්ධන රොටියේ පැත්ත මාරුවට හැර බුක්ති විඳීම පිණිස අත්පත් කර ගැනීමට නිසි වෙලාවක් හෝ නිසි ඉඩක් කිසිවිට ජනතාවට ලැබුණේ නැත. දෙපැත්තේ අඩුපාඩු හොයමින් පැත්ත මාරු කරන්නට ගොස් රොටියම කරවී අඟුරු වී ඒ ගඳ ඉවවහා ගොස් ඇතත් තවමත් චෝදනාව රොටියේ වැඩියෙන්ම පිළිස්සුණු පැත්ත ගැනයි. ඒ ගැන දෙස් දෙඩවීම් අපමණයි. තමන්ට කන්ට වෙන්නේ රොටි නොව අඟුරු බව දැන දැනත් අලුත් රොටියක් පුළුස්සා ගැනීමට බොහෝ මිනිසුන්ට වීර්යයක් නැති, බලයක් සවියක් නැති. ජෑම් හෝ බටර් තවරා හෝ අඟුරු කන්නට හිතන පතන ඔවුන්ගේ රැළිය හරි සද්දෙන් "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" ගේ භූමිකාවට පණ පොවන්නටයි. අලුත් එන්ජිමකට බලය දුන්නාට ගමන පරණ පීලි මතම නම්, පීලි මාරුවක් සිදු නොවේ නම්, ඒ ගමන බහුතරයේ සදා තෘප්තිය වූ දිනක අපට හෙටත් අනාගතයටත් අකැමැත්තෙන් වුව ශ්‍රවණය කරන්නට සිදුවෙන්නේ සුපුරුදු සංවර්ධනට පෙර නඟන 'හූ' හඬත් ඒ ගමන් තාලයට අත්වැල් අල්ලන 'හොස් හොස්.. වස් දොස්' හති ලෑමේ රාවයේ ප්‍රතිරාවයක්ම පමණි.
හරි හුරතල් ආදරේ.. හැමට එක විදිහටමයි!(මේ ආදරයයි)
අණ පනත් පොත් ගොඩවල් ගහපු, රාජ්‍යය ලාංඡන, ආයතනයේ මෙහෙවර දැක්ම ගැන බිත්තියෙ රාමුකරල ගහපු කාර්යාල ඇතුළෙ නීති හරි සනීපෙට නිදි. අපි සමහර ප්‍රශ්න ලිපිගොනු එක්ක ආයතන තුළ අවුරුදු ගණන් රස්තියාදුවේ. ඒත් ඒ අය නොවෙයි නීති ඇහැරවන්නේ. ක්රිමිනල් කේස් එකක් වෙන්න ගියත් ඒ ආදරේ එහෙමමයි. නෑ නීති ඇහැරවන්නේ. එපමණට ආදරේ.. තරහ වැඩිකමට අපි හයියෙන් කතා කරහම නිලධාරීන් බලධාරීන් දේශපාලකයන්ට හරියට හිතට අමාරුයි. පව්නේ.. අර නීති ඇහැරේවි කියල, කොච්චර අමාරුවෙන්ද නීති නිදි කරවල ඇත්තෙ. තමන්ගෙ හිතවතෙක් ආවොත් විතරක් හරි පරෙස්සමට අතට දෙනව වඩා ගන්න. ඒ වෙනුවෙන් ගේන ටොපි චොකලට් එයාල ගන්නෙ නීති නිදි කරවගන්න මිස වෙන කිසිම හේතුවකට නෙවේ. ඒකයි ආදරේ කියන්නේ..
සැබෑ ආදරේ ගැන ඉගෙන ගන්න නම් ඇහැරවන්න බැරි විදිහට නිදිකරවපු නීති නිසා රටේ මිනිස්සු විඳින විඳවන අපිරිමිත සතුට පිළිබඳ අත්දැකීමක් ලබන්න ඕනමයි.
Sunday, September 13, 2020
ඡන්දය සමානයි, සැළකිල්ල අසමානයි - ඒ කිල්ලට අසුවූ ඡන්ද වලටද?
මිනිහා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදාගෙන රටත් හදාගමු එදා කීවා
-
නීතිය නො හදා රට හදන්න බැහැ, නීතිය හදාගෙන රටත් හදාගමු මෙදා කීවා
-
දෙව්දත්ලා, ජුදාස්ලා, අජාසත්තලා, පිලාත්ලා ඇතුළු පිරිසකට අවසන අපි ඡන්දය දුන්නා
Saturday, September 12, 2020
Thursday, September 10, 2020
Tuesday, September 8, 2020
Wednesday, August 19, 2020
Sunday, July 19, 2020
Wednesday, July 15, 2020
Sunday, July 12, 2020
Saturday, June 27, 2020
(පළමුවත් දෙවනුවත් තෙවනුවත්) තෙවරක් වහල්ලු?
රටේ කිසියම්ම දේශපාලනයකට (ඒ මොහොතේ රටේ පාලකයන්ට) අමතර වාසි සැලෙසන කරුණු වලදී අසීමාන්තිකව සාධාරණය යුක්තිය වෙනුවෙන් කඳුළු වඟුරුවන කොමිසන් දකින විට තනි ඇසට කඳුළු උනන්නේ පවතින නීතිය සරළව ක්‍රියාත්මක කිරීම තුළ වළක්වා ගැනීමට හැකියාව ඇති රටේ සාමාන්‍ය මිනිසුන් දිනපතා නොමරා මරණ එකඳු කාරණයක් වෙනුවෙන් (ඔවුන් මරා දැමෙන තෙක්ම) කඳුළක් තබා බැල්මක් හෙළීමට රටේ වගකිවයුතු එකෙකු නැති බව දකින විටය. ඒ තුළින් විඳවන විටය.
ලංකාවේ මෑත කාලීන ආණ්ඩු වල සැබෑ උවමනාව ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත වීම නොව තම පාලක බල උවමනාවන් වෙනුවෙන් ජනතාව භාවිත කිරීමය. ඒ ටික තේරුම් නොගන්නා තාක්, ඊට විරුද්ධව කටයුතු නොකරන තාක් ඔබ තරාතිරමෙන් කවරෙකු වුව ඒ දේශපාලකයන්ගේ වහලෙක්ම පමණි.
Wednesday, June 17, 2020
2/3
ජනපතිගේ මහබැංකු ඇමතුමෙන් කාලක් සාමාන්‍ය මිනිහෙක් තමන්ට රාජ්‍ය ආයතනයකින් වන අයුක්තියක් උදෙසා භාවිතය ජීවත්වෙමින් මරණය අත්විඳීමට තරම් හේතුවක්ය.
රාජකීය වහල් මනස රජාට මිස දනන්ගෙන් නිවහල් වීම එයට හේතුවක්ය.
එවිට ජනපති පරිදි ධනාත්මකව හිතනා සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ දෑස්පනාපිට රඟනා අයුක්තීන් ඉදිරියේ මෙත්තා කරුණා උපේඛා ආශ්‍රය කරමින් අටලෝ දහම මෙනෙහි කරන්නටය. නැතිනම් ආවේගයෙන් ප්‍රවේගය රඟා හිර බත් බුදින්නටය. නොඑසේ නම් උසාවි ගානේ දියවන්නටය. සමහරවිට මැරුම් කන්නටය.
රට හදන්නට අවශ්‍ය දේශපාලන පක්ෂයකට 2/3 ක් නොව සෘජු ප්‍රතිපත්ති ගරුක මිනිසුන් 2/3 කට පක්ෂ වලින් තොරව පක්ෂ වීමයි.
Sunday, June 14, 2020
මැතිවරණයට ගැටපද විවරණ - ස්වාධීනත්වය හා ස්ව දීනත්වය (මුඛවාඩම් සහිතව විෂබීජ පෙරනයට)
මහජනයා උදෙසා පවතින රාජ්‍ය ආයතන, ඒවායේ නීති රීති පද්ධති ක්‍රියාත්මකවීම් තුළට බලය, ධනය, හිත මිත්‍ර ඥාතිත්ව පදනමෙන් අයථා බලපෑම් කළ හැකි පසුබිමක, රටේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට අයිතියක් ඇති පුරවැසියන් ලෙස නිරන්තර අසාධාරණයට ලක්වන්නේ අපයි. ඒ කිසිඳු හැකියාවක් එනම් බලය, ධනය, හිත මිත්‍ර ඥාතිත්ව පදනමක් නැතිකමින් පීඩාවලට ගොඳුරුවන මිනිසුන්. ඊටත් වඩා ඒ හැකියාවන් අතරින් යම් හැකියාවක් ඇතත් එවැනි අයථා ක්‍රියා වලට අකැමැත්තක් දක්වන, අනීතියට නොපෙළඹෙන සාධාරණය යුක්තිය අගයන මිනිසුන්. ලංකාවේ පවතින තත්වයන් තුළ එබඳු මිනිසුන්ට අදාළ ආයතන විසින්ම යෝජනා කෙරන්නේ තමන්ගේ නිර්ලජ්ජී අවනීතික කටයුතු උදෙසා හැකිනම් අධිකරණ සහාය පතන ලෙසයි. එය එක්තරා විදියකින් යුක්තිය පිළිබඳ සාමාන්‍ය මිනිහෙක්ට ඇති සාධාරණ අයිතිය අසාධාරණ ලෙස අභියෝගයකට ලක් කිරීමකි.
දේශපාලන බලය, ඉහළ නිලධාරීන්ගේ නිල බලය
ඒ හා පෑහෙන ධනය බලය. (ධනය බලයත් බලය ධනයත් නිර්මාණය කරන බව අපි දනිමු)
හිත මිත්‍ර ඥාතිත්වය යුක්තිය සාධාරණය අභිබවා පක්ෂපාතිත්වය ඇති කළ විට
මේ සියල්ලේ බලපෑමට අපමණව විවෘත මහජනයා උදෙසා වන රාජ්‍ය ආයතන කිසිවිටෙකත් ස්වාධීන නොවේ. ඒවායේ ස්වාධීනත්වය උදෙසා පවතින ආයතන පටිපාටිද නීතිද නැවතත් නීතිමය ප්‍රශ්න කිරීම් තුළට දක්කන තෙක් ගොපල්ලන් හා කෙවිට අවශ්‍ය ජන සමාජයක,
ස්ව දීනත්වය ස්වාධීනත්වය කරවන පෙරළියකට අපේ ඡන්දය මඟින් කළ හැකි දේ කුමක්ද? කළ යුතු දේ කුමක්ද?
Saturday, June 13, 2020
Friday, June 12, 2020
Thursday, June 11, 2020
ගරු ජනපතිඳ,
ගෝඨාභය ජනපතිතුමනි,
සමාජයක් ඉදිරියේ මිනිසෙකු මිනිසෙක් මරා දැමීමට පෙළඹන මිලේච්ඡත්වයට වැට බඳින්න.
සාකච්ඡාවෙන් ගැටළු විසඳාගැනීමට යන බොහෝ මිනිසුන්ට නොමිනිසුන් සංග්‍රහ කරන්නේ ජඩකමිනි, මැරකමිනි. ඒ අද ඊයේ දෙයක් නොවන මුත් එය කවදා කොතැනත් නැවැත්විය යුතුම දෙයකි. මහමග මිනිසෙකු මරා දැමීමට තරම් තවකෙකු මිලේච්ඡත්වයට බිය නැති සමාජයක් අපට උවමනා නැත. බන්ධනාගාර සුද්ධයට පළමු රටේ යහපුරවැසියා උදෙසා යුක්තිය, නීතිය, සාධාරණය ස්ථාපිත කරන්න. ඔබතුමා නිරන්තර ආශිර්වාදය පතන සද්ධර්මය, එය රකින්නන්ගේ සුරක්ෂිත බව තම ආදර්ශ පාඨය කොටගත් ශ්‍රී ලංකා පොලිසිය ධර්මයට මොබ්බෙන් රටේ පවතින නීතිය තුළ අප වෙනුවෙන් තව දුරටත් නිර්භීත, කාර්යක්ෂම, විධිමත් හා මානුෂීය ආයතනයක් කරන්න.
මේ රටේ සාධාරණ නීතිගරුක සාමාන්‍ය පුරවැසියාට දේශපාලන ගැති බවෙන් තොරව ඒ නිදහස යුක්තිය සාමකාමී බව විඳගන්න ඉඩ හසර පාදා දෙන්න.
කොමිසම්ද අණ පනත් නීති වගන්ති වලට වඩා දෑසට දෙසවනට හදවතට බුද්ධියට ඒ දර්ශනය ඉක්මණින්ම හසුවේවා!
මීට, විශ්වාසී
ශ්‍රී ලාංකිකයා
Wednesday, June 10, 2020
Tuesday, June 9, 2020
.....ක
ජීවන් දෙයියෙක්, පෙරටුගාමියා මයිනෙක්, නපුංසකම වෑහෙයි, තුප්පහිකම බේරෙයි...
නීතිය සාධාරණය යනු කුක්කා පොලිසියේ හෝ අම්මා අප්පාගේ හෝ පප්පාගේ භූදලයක් ද...
සෘජු නැති ලංකාණ්ඩුවල සමානාත්මතාව සාධාරණය හෝ යුක්තිය පිළිමලුන්ට කෙළින්නටමය...
සර්ලා ලඟ සුළුදියෙන් පෙඟෙන තුනී කුක්කා යුනිෆෝම් මිනිස්සු ඉදිරියේ චීනමහා ප්‍රාකාරවෙයි
පාලිමන්ට් පින්බතුන් කරින් වඩම්මන්නට මිරිස්කුඩු කකා අංකතහඩුවත් උගුල්ලන්යන පොලිසිය පව්
ගහන්ට උස්සලා පොළොවේ, සුදුසු උන් ඇත නිදැල්ලේ - ලංකා පොලිසියේ අවධානයට
"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි"
හිසටවත් හිතටවත් ඉඩක් නොදී ලාංඡනේට ධර්මය දැම්මේ කුමට සකී?
Tuesday, June 2, 2020
ගරු ජනපතිද,
බන්ධනාගාර වල විතරක් නොවෙයි රජයේ බොහෝ ආයතනවලින් විය යුතුදේ හරියට වෙන්නේ නෑ. ඒවා....හැදුවොත් බන්ධනාගාර එකක් දෙකක් වහන්නත් පුළුවන් වෙයි.
Monday, June 1, 2020
සමාව දිය නොහැකි වැරදි - එක මවකගෙ දරුකැළ මඬිනා දේවකාරියේ ඥාති සංග්‍රහ...
රටේ සියලුම තැන්වල විවිධ තනතුරු දරන්නේ කාගේ හෝ ඥාතීන්ය. ගැටළුව ඥාතීත්වය නොව තැන නොතැන අවස්ථාව සාධාරණය යුක්තිය නොතකා නොබලා රාජකාරියෙන් ඥාති සංග්‍රහ කරන්නට යාමයි. එසේ බලා වුව පාර්ශ්වික ගැටළු වලදී පැත්තක් ගැනීමට අයිතියක් ඔවුන්ට ඇත්තේද නැත. රාජකාරිය කාටත් සමාන සාධාරණ ලෙස සමානාත්මතාවයෙන් විය යුතුය. එහිදී රාජ්‍ය ආයතන සුවිශේෂී වන්නේ ඒවායේ කාර්යභාරයන් පොදු මහජන සුභසිද්ධිය උදෙසා ප්‍රමුඛව දායක වියයුතු පසුබිමකය.
රටේ ඉහළ මහ පුරවැසියාගේ පටන් පහළ යාන්ත්‍රණයන් දක්වා රාජකාරිය තුළ ඥාති හිත මිත්‍ර සංග්‍රහයෙන් මිදීම නඩු අවනඩු ගණනාවක්ම පිළිසිඳ ගැනීමකින් තොරවම අහවර කිරීමක් වන්නේය. රට වෙනස් කළ හැක්කේ හණවැදුණු කුණුවුණු ඒ ඕජස ශරීරයෙන් ඉවත් කිරීමෙන්ම පමණි. කොරෝනා වලට වඩා බරපතළ වෙෙරස සමාජගතවී සමාජ දේහයම මියදෙන්නට ගත්තේ අද ඊයේ නොවේ. ඒ සම්බන්ධයෙන් පාලක ලොක්කෝ අද වෙනතුරුත් පැහැදිලි සෞඛ්‍ය වෙෙද්ය නිර්දේශ ලබාගන්නේ නැත. අනුගමනය කරන්නේ ගොඩවෙදකමය.
Sunday, May 31, 2020
සමාව දිය නොහැකි වැරදි - චේතනාන්විතව ලාංකික මහජනයාගේ හිසමත පැහැරීම...
සිංහල දමිළ මුසල්මානු බේදයකින් තොරව ඡන්ද ගොඩ වෙනුවෙන් උඩ දාමාගෙන නායක ප්‍රතිරූ වණනු මිස උන්ගේ ප්රභු පරපුර ප්‍රවර්ධනය කරනු මිස කිසිම ජන කොට්ඨාශයක සාධාරණ සාමාන්‍ය ජනයා වෙනුවෙන් හඬක් නැත, උන් වෙනුවෙන් උන්ගේ තන්ත්‍රවාදය අප වෙනුවෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් මන්ත්‍රයක් සේ ජප කරනවා පමණය. ඇස් පනාපිට ධර්මධරයෝත් නීතිධරයෝත් රකින්නේ උන්ව නම් යුක්තිගරුක ජනයා පිළිගත යුත්තේ අනුගතවිය යුත්තේ කොතැනටද? පොතේ නීතියත් ඊට භක්තියත් හෘද සාක්ෂියත් හිතේ ශක්තියත් පමණක් ඔවුන්ව ජීවත් කරවීමට ප්‍රමාණවත්ද? මතුපිටින් පිරුවට ඇඳි ජඩ පාලන පන්නය ඒ සමඟ නිදි වදින රාජ්‍ය යන්ත්‍රය පාගා පොඩිපට්ටම් නොකොට ඒ අස්සේ සිටින අවංක මිනිසුන් එක පෙළකට නැගී නොසිට යහපත් සාධාරණ මිනිසුන් වෙනුවෙන් කෙසේ කවුරුන් රටක් තනත්ද? ගොඩෝ තියා මළගිය ප්‍රාණකාරයෙක් හෝ පිහිටට එනකන් හිටියාය කියා කිසිවෙකු එන්නේ නැත. ඔබේ හිස මත පහරන පාලකයාද නිලධාරියාද බලධාරියාද පිළිබඳ හොඳින්ම දන්නේ ඔබමය. එහි සාධාරණය පිළිබඳ තීරකයා ඔබේ හෘද සාක්ෂියය. ඒ හා බැඳෙන ලෝක සම්මතය, නීතිය, යුක්තිය ඔබ සමඟ නම් ලෝකයාට තබා ලෝක පාලක මහරජුන්ට වුව බිය නොවන්න. බිඳෙන් බිඳ සිඳ මරා දැමුවද අවසන් මොහොත දක්වා අයුක්තිය පිළි නොගෙන දෙපයින් හිඳ උස් මනසක් ඇති මිනිසෙකු ලෙස මිය යන්න. මානව වර්ගයාගේ දියුණු ගුණයන් අදටත් ශේෂවූයේ ඉතිහාසයේ හුන් එබන්ඳන් නිසාය.
මහජනයාගේ නීතිය ඇඳිරිකොට අමු දවාලේ උන්ගේ හිස මත පැහැරීමට පාලකයාට ඇත්තේ කවර අයිතියක්ද? එසේනම් පාලකයින්ගේ හිස මත පැහැරීමට අපටද හිමිකම් ඇත? සූදානම්ව සිටින්න, ස්වභාවධර්මයාගේ නියාමය සත්‍යවාදී පාර්ශ්වයේ පරාජය නොවේ, ජයග්‍රහණයයි.
මිනිසුන්ට කතා කළ හැක්කේ කටින් පමණි. සත්‍ය කතාකරන්නාගේ කට වසා දැමීම ඔහු සත්‍ය වෙනුවෙන් ක්‍රියා කරන්නෙකු බවට පත් කරයි. ඒ ක්‍රියාව නවත්වනවා යනු ඔහු මරා දැමීමකි. ඒ මරණය සත්‍ය යටපත් කිරීමට අසමත් බව ඉතිහාසය පෙන්වා දෙයි. අනාගතයටත් එය එසේමයි.
Saturday, May 30, 2020
Friday, May 22, 2020
Thursday, May 21, 2020
දස්සකම්."
සාහිත කතා
ගී හඬ රූ රාමු
පුවත් රංගන ඔස්සේ
වෑහෙන මනුස්සකම අස්සේ
තාම තනියා ගසයි අම්මාට
බිඳුණු විදුලි මායිම මත්තේ
ටියුබ් වල සූරි
චැනල් වල ජූරි
වෑහෙන මනුස්සකම අස්සේ
පන්දාහ තබා දාහක් නොදුටු
ආ වෘත්තීය සත්තු ගෙවත්තේ
කැලයටද කොළයටද වැසී ගත්තේ
හැක්කාගේ උන්නතියය
නොහැක්කාගේ අවනතියය
වෑහෙන මනුස්සකම අස්සේ
ඉක්කා හිරවී උගුරේ
තැත්තෝ ගිලෙති වතුරේ
තනතුරු පදවි සරුංගල්ව ඉගිලේ
සම්මාන පදක්කම්
රේටින් ප්රෝටීන් රීරි
වෑහෙන මනුස්සකම අස්සේ
උනුන් හුන් තැනමය
මුනුන් මුල්තැන ගෙන
Tuesday, May 19, 2020
Saturday, May 16, 2020
Thursday, May 14, 2020
Sunday, April 26, 2020
අපි නො මැරෙන මිනිස්සුද.. (මහප්රාණයෙන් තොරව - දේශ පාලනයේ අරුත)
රට රැකගැනීම සරලය, රට රැකුණොත් අප රැගෙන බව පැහැදිලිය. රටේ මහජනයාගේ රට පාලනය පිළිබඳ මතවාද විවිධය. එක අතක වුව ඇඟිලි එකිනෙකට වෙනස් වනවා වාගේය. ඒ වෙනස් ඇඟිලි විවිධ දේශපාලන පක්ෂ වැනිය (ජාති ආගම් වැනිය). ඉතින් රට කරන්නට රකින්නට තනි දේශපාලන මතවාදයක් තෝරනවා යනු (එක අතකට) අතක එක ඇඟිල්ලකින් වැඩ ගැනීමක් බඳුය. ඇඟිල්ලක් දෙකක් එක්ව කටයුතු කළත් ඒ ගැලපීම් ජනනය කරන ශක්තිය විවිධාකාරය. ඒ ඇඟිලි වල ස්වභාවය පිහිටීම ශක්තිය ප්රමාණය අනුවය. සුළැඟිල්ලත් මහපටඟිල්ලත් අතර ශක්තියට වඩා දබරඟිල්ලත් සමඟ මහපටඟිල්ලේ ශක්තිය වැඩිය. නමුත් සුළැඟිල්ලට දමන තැනට දබරැඟිල්ල දරදඬු වැඩිය. මහජනයාට විනය ඉගැන්වීමට පෙර (ඇඟිල්ල දිගු කිරීමට ප්‍රථම) මේ ඇඟිලි පිළිබඳ සරල පාඩම රටේ පාලකයන් උගත යුතුමය. ලෝක මට්ටමෙන් ව්‍යාප්ත වන කෝවිඩ් බඳු ව්‍යයසනයකදී සියලු දේශපාලනික මතවාද වලින් තොරව දේශපාලන නායකයන් ඒකරාශි කිරීමේ වැදගත්කම ඔවුන් විවිධ මහජන කොට්ඨාශ නියෝජනය කරන රට නැමති සාමුහිකයේ ඇඟිලි නැමති ප්‍රධාන ධාරාවන් වීමයි. ජනයා එක මතයකට මගකට ගැනීමේ පහසුම හා සුදුසුම මග එයයි.
මේ ඇඟිලි මෙවන් මොහොතක එක මිටකට ගත නොහැකි කිසිඳු නායකයෙක් ජාතික නායකයෙක් වන්නේ නැත. එක් පසෙකින් බල තණ්හාවත් අනෙක් පසින් බල මාන්නයත් පොදි ගසන නායකයන් මහ වූවාට මහපටඟිල්ලෙන් පමණක් රට රැකීම කළ නොහැකි බවත් මේ අවස්ථාව දබරයට ඔසවන දබරැඟිල්ලෙන් විරුද්ධවාදියාට තග දමන අවස්ථාවක් නොවන බවත් දේශපාලනික ශ්‍රමය විභේදනය පමණක් නොව විශේෂීකරණය කර ගත යුතු අවස්ථාවක් බවත් වටහාගත යුතුය. ජාති ආගම් පක්ෂ ලෙස බෙදී එක අතේ ඇඟිලි විසුරුවා රට රකින නිවැරදි මග අතහැර දැමීම නොව දැන් සිදුකළ යුත්තේ සියලු ඇඟිලි ශක්තිය මිටට ගෙන රට රැක ගැනීම පමණයි. ඉතිහාසයේ වූ මෙවන් කවර අවස්ථාවකටත් වඩා ලෝකව්‍යාප්තයක් වූ අද මේ ටික නොතේරෙන පාලකයන් දේවාල පන්සල් කෝවිල් ගානේ බඩගානවා යනු අප තවමත් සමාජයක් ලෙස කොතරම් දිළිඳුදැයි, අසමත් දැයි සහ අසීමාන්තිකව සංස්කෘතික සීමාවන්ගේ සිරකරුවන්දැයි පෙන්වීම සනාථ කිරීමක් පමණක්මයි.
අද අප නම් කරන සියළු විරුවන්ගේ අසීමිත කැපවීම උත්සාහය සියල්ල අවසන ගඟට කැපූ ඉනි බවට පත්වී අප කබලෙන් ලිපට ඇද වැටීමට මේ අවධානමේ අවධානය මොහොතකට ගිලිහීමම ඇති.
අවසන් පන්දුවට හයේ පහරක් ගසා තරඟ ජයගන්නේ වාසනාව ඇතිවිට පමණි. මේ පාලකයන්ගේ වාසනාව උරගා බැලීමට කාලයක්ද?
Friday, April 24, 2020
Thursday, April 23, 2020
Wednesday, April 22, 2020
Tuesday, April 21, 2020
Monday, April 20, 2020
Sunday, April 19, 2020
Thursday, April 2, 2020
උත්තර වෙනුවට තවත් ප්‍රශ්න එපා (මීටරය තබා එක්වෙනු මිස බෙදනු එපා)
ස්වභාවිකව එකම ආරේ උපතකින් හුස්ම ගැනීම අරඹන ලෝකයේ මිනිස්සු කවරාකාර ස්ථිර හුස්ම නැවතීමකිනුත් ලබන්නේ මරණයයි. නමුත් මිනිහාගේ ජාතික, ආගමික, සංස්කෘතික "උපත" සහ "මරණය" හුස්ම ගැනීමෙන් ඇරඹී හුස්ම නැවතීමෙන් අවසන් නොවේ.
එහෙත් අද, කෝවිඩ් දහනවය මිනිසාගේ "මරණය" සියළු ධන, නිල, බල, පදවි, තනතුරු, ජාති, ආගම්, සංස්කෘතික, දේශ, සීමා, මායිම් වලින් ඔබ්බට ගෙනගොස් ඇත. ඒ හමුවේ තව දුරටත් මිනිසාගේ මරණයේ නම්බුව විලි වසාගැනීමකට පමණක් සීමා වී ඇත.
ස්වයං විනය හා නුවණට පමණක් ගරු කරන කෝවිඩ් ඒ දෙකම නැති මිනිසාට පහර දෙන්නේ අනුකම්පා විරහිතවය. නීතිය පමණක් ඔවුන්ගේ පිහිටට ඇත. ඒ නීතියටත් ගරු නොකරන තැන, එතැන කිසිවෙකුගේ නම්බුවක් තවත් කාලයකට බම්බුවක්ම වනු ඇත.
නමුත් මේ සියල්ලටම වගකිවයුතු කෝවිඩ්ගේ පෙළපතේ (20'19')දහනවවැනි පරපුර පමණක්ම නොවේ. අපේ පසුගාමී, දුර්වල, නොහික්මුණු, ගති සිරිත්ද ඊට බලපා ඇත. දේශපාලනයේ සේ කල්ලි කණ්ඩායම් ඩීල් ක්‍රමයට ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරන්නට, එකට හිටගන්නට, කොටින්ම කෝවිඩ්ලා අප සමඟ ජොයින්ට් ස්ටේට්මන්ට් වලට එන්නේ නැත.
එබැවින් මිනිස් ප්‍රජාව ලෙස ඒකාබද්ධව එකාවන්ව සෞඛ්‍ය අංශ හා නීතියේ උපයෝගීතාවයකින් තුළ ඉවසීමෙන් කැපවීමෙන් මේ කෝවිඩ් පරම්පරාව පැරදවිය යුතුය. ඒ සඳහා මීටරයක් දුරින් ළංවී, නිවසේ රැඳී, ස්වයං විනයෙන්, නුවණින් සටන් කළ යුතුය. එහිදී ඔබේ සුරක්ෂාව ඔබගේම තුළ පමණක් වන බව මතක තබා ගන්න. එනිසා ප්‍රශ්න වෙනුවට අපි මේ අවධානම් සමයේ උත්තර පමණක් සොයමු.
Wednesday, April 1, 2020
Tuesday, March 31, 2020
Thursday, March 26, 2020
සුදු ඇඳගෙන කළු එබෙමින් - (ඩබල් කොරෝනා extension)
(අන්තවාදී
ජාතිවාදී
වවුල්පාදී
කළු කඩ
මජර ,
දේශපාලන
අවිහිංසකත්ව
පිරුවට ...)
Tuesday, March 24, 2020
# ප්‍රාර්ථනා
#
දිව්‍ය ලෝක ඉඩ මදිවේවා
අපා ඉඩ ඇහිරේවා
දැන් ඇති!
නවතන්න
කියන්නට
සිදුවේවා
#
දිව්‍ය ලෝක
අපා
පිරිලා ඉතිරිලා
ආගමන නවතන්න
ඒ අයට සිදුවෙලා
තවත් වැඩි පිරිසකට
ඉඩක් නැත ඒ ලොවේ
ඒ නිසා ඒ අයත් රැදේවා
මේ ලොවේ..
Monday, March 23, 2020
Saturday, March 21, 2020
රටේ ඇඳිරිය - විවේක බුද්ධිය ට (හණ මිටි ප්‍රපාතයට හෙළන්න)
ලෝකය වෙනස් වෙනවා, පිළිගන්නවාද?
සියළු සංස්කාර අනිත්‍ය බව පිළිගන්නා බහුතරයට ඒ වෙනස්වීම පිළිබඳ අදහසක් නැත, එකඟද?
චි න් ත න ය ම කුණු කරගෙන සත්‍යවාදයෙන් ප්‍රාතිහාර්ය පතන්නේ එනිසාද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා (වගකීම් දරණ හැම දෙනා) නිදි මරාගෙන ජනමාධ්‍ය තුළ ඇඳරි නීතිය නිරෝධායනයක් ගෙයින් එළියට යන්න එපා කියනවා. ඒ ඇයි?
පිරිත් ඇහෙනවා, සත්ගුණවත් උපාසකයො පන්සල් යනවා, ඒ ඇයි?
ගමෙත් පොලිසියක් තියෙනවා. ගෙවල් දොරවල් වල ටීවී රේඩියෝ, මිනිස්සුන්ගෙ අතේ හෑන්ඩ් ෆෝන් තියෙනවා. ඒ ඇයි?
හඳුනා නොගත් කොරෝනා වාහකයින් කොතන හිටියත්, බෝම්බෙකට පශ්චාත් භාගයෙන් කෑල්ලක් ගියත් අතන මෙතන අපිට හිතෙන හිතෙන විදිහට හැසිරීම රටේ සාමාන්‍ය විදිහද? ඒ ඇයි?
එදත් එහෙමයි, අදත් එහෙමයි. ගමේ නීතිය රටේ නීතියෙන් බැහැර වෙලාද, එහෙම කෙරෙව්වෙ කව්ද? ඒ ඇයි?
තුන්සිය හැටපස් දවසෙම හොර නින්දේ සිට ගංවතුරකට නියඟයකට ආපදාවකට ණයට සහන මල්ලක් බෙදමින් රට කිරීමට ද අපට ආණ්ඩුවක් උවමනා?
කලක් තිස්සේ නීති රීති, අදාළ විද්‍යා, විද්‍යාර්ථින් නිෂ්ප්‍රභ කොට හැම දෙයක්ම දේශපාලනයට උවමනා ලෙස අර්ථකථනය කොට පවත්වන ක්‍රමවේදයකින් නොවෙද තවමත් අප පීඩා විඳින්නේ?
හැම ගෙදර දොරකම සාමාජිකයෙකු රජයේ කොහේ හෝ සේවයකට ගාවා හෝ පවතින ක්‍රමවේදය රැක ගන්නට නොවෙද අපේ ආණ්ඩු හැමදා ගේම් ගසන්නේ?
එබැවින්ම නොවෙද අද මැරුණත්, පතුරුගියත් කොටිවලිගය අල්ලාගත් එකා සේ මේ අපි ක්‍රමවේදය බදා ඉඳින්නේ?
එ නිසා නොවෙද බහුතරය දේශපාලන අතුවල ගැත්තන් සේ එල්ලෙන්නේ?
පැත්තක් අල්ලගෙන තව පැත්තකට බනින්නේ.. පැත්ත මාරු කළාට ඇත්ත මාරු නොවන නිසා නොවෙද අපි හැමදා දුක් විඳින්නේ..?
(බෙදන්න පුළුවන් මොන මොනව හරි - වැලි කැටේ හරි තියන තුරු, ජාති ආගම් ටික තියෙන තුරු අන්න ඒක බෙද බෙදා, බාර් ඇතිවුන් මත්වතුර ටික හෝ බෙද බෙදා)
එහෙමයි අපෙ හාමුදුරුවනේ බහුතර සාමාන්‍ය මිනිහාගේ කරපිටින් අපේ ජාතිමාමක උන්නැහෙලා මේ ප්‍රජාතන්ත්රවාදී සමාජවාදී රාජ්‍යයේ .... සාම්ප්‍රදායික ජනතාවාදී දේශපාලනේ කරන්නේ..
ඔහොම ගිහින් අවසානෙට- උගතා, නූගතා, දුප්පතා, පෝසතා කාටත් පිළියම් හොයන්න බැරි, මීට එහා තවත් ප්‍රශ්න තුළ අපි හිර නොවේවිද? ද ව ස ක..
එදාට ආපහු කල්පනා කරන්න ඉඩක් ලැ බේ වි ද? අපට මේ ලෙස ..
ඒ නිසා මේ නිරෝධායනය..ඇඳිරි නීතිය අස්සෙ විවේක බුද්ධියෙන් සි ත න් න... දි යු ණු චි න් ත න යෙ න් අ ලු ත් ර ට ක්... හදන්න.. - කාලය සීමිත යි. අතිශයින්ම සීමිතයි. අ ති ශ යි න් ම සී මි ත යි.
Subscribe to:
Posts (Atom)