Sunday, May 31, 2020

සමාව දිය නොහැකි වැරදි - චේතනාන්විතව ලාංකික මහජනයාගේ හිසමත පැහැරීම...

සිංහල දමිළ මුසල්මානු බේදයකින් තොරව ඡන්ද ගොඩ වෙනුවෙන් උඩ දාමාගෙන නායක ප්‍රතිරූ වණනු මිස උන්ගේ ප්රභු පරපුර ප්‍රවර්ධනය කරනු මිස කිසිම ජන කොට්ඨාශයක සාධාරණ සාමාන්‍ය ජනයා වෙනුවෙන් හඬක් නැත, උන් වෙනුවෙන් උන්ගේ තන්ත්‍රවාදය අප වෙනුවෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් මන්ත්‍රයක් සේ ජප කරනවා පමණය. ඇස් පනාපිට ධර්මධරයෝත් නීතිධරයෝත් රකින්නේ උන්ව නම් යුක්තිගරුක ජනයා පිළිගත යුත්තේ අනුගතවිය යුත්තේ කොතැනටද? පොතේ නීතියත් ඊට භක්තියත් හෘද සාක්ෂියත් හිතේ ශක්තියත් පමණක් ඔවුන්ව ජීවත් කරවීමට ප්‍රමාණවත්ද? මතුපිටින් පිරුවට ඇඳි ජඩ පාලන පන්නය ඒ සමඟ නිදි වදින රාජ්‍ය යන්ත්‍රය පාගා පොඩිපට්ටම් නොකොට ඒ අස්සේ සිටින අවංක මිනිසුන් එක පෙළකට නැගී නොසිට යහපත් සාධාරණ මිනිසුන් වෙනුවෙන් කෙසේ කවුරුන් රටක් තනත්ද? ගොඩෝ තියා මළගිය ප්‍රාණකාරයෙක් හෝ පිහිටට එනකන් හිටියාය කියා කිසිවෙකු එන්නේ නැත. ඔබේ හිස මත පහරන පාලකයාද නිලධාරියාද බලධාරියාද පිළිබඳ හොඳින්ම දන්නේ ඔබමය. එහි සාධාරණය පිළිබඳ තීරකයා ඔබේ හෘද සාක්ෂියය. ඒ හා බැඳෙන ලෝක සම්මතය, නීතිය, යුක්තිය ඔබ සමඟ නම් ලෝකයාට තබා ලෝක පාලක මහරජුන්ට වුව බිය නොවන්න. බිඳෙන් බිඳ සිඳ මරා දැමුවද අවසන් මොහොත දක්වා අයුක්තිය පිළි නොගෙන දෙපයින් හිඳ උස් මනසක් ඇති මිනිසෙකු ලෙස මිය යන්න. මානව වර්ගයාගේ දියුණු ගුණයන් අදටත් ශේෂවූයේ ඉතිහාසයේ හුන් එබන්ඳන් නිසාය.
මහජනයාගේ නීතිය ඇඳිරිකොට අමු දවාලේ උන්ගේ හිස මත පැහැරීමට පාලකයාට ඇත්තේ කවර අයිතියක්ද? එසේනම් පාලකයින්ගේ හිස මත පැහැරීමට අපටද හිමිකම් ඇත? සූදානම්ව සිටින්න, ස්වභාවධර්මයාගේ නියාමය සත්‍යවාදී පාර්ශ්වයේ පරාජය නොවේ, ජයග්‍රහණයයි.
මිනිසුන්ට කතා කළ හැක්කේ කටින් පමණි. සත්‍ය කතාකරන්නාගේ කට වසා දැමීම ඔහු සත්‍ය වෙනුවෙන් ක්‍රියා කරන්නෙකු බවට පත් කරයි. ඒ ක්‍රියාව නවත්වනවා යනු ඔහු මරා දැමීමකි. ඒ මරණය සත්‍ය යටපත් කිරීමට අසමත් බව ඉතිහාසය පෙන්වා දෙයි. අනාගතයටත් එය එසේමයි.
සුදු කළු අළු ලොකු පොඩි අතන මෙතැන කොතැන කොහොම ඉන්නා කව්රුත් එකම අයිතියක් ඇති මිනිස්සු බව අවසන් වශයෙන් එසේ නොසිතනා ලොව කොතැන ඉන්නා මාන්නහ්කාරයාත් සිතාගනිත්වා! 

No comments: