Sunday, June 14, 2020

මැතිවරණයට ගැටපද විවරණ - ස්වාධීනත්වය හා ස්ව දීනත්වය (මුඛවාඩම් සහිතව විෂබීජ පෙරනයට)

මහජනයා උදෙසා පවතින රාජ්‍ය ආයතන, ඒවායේ නීති රීති පද්ධති ක්‍රියාත්මකවීම් තුළට බලය, ධනය, හිත මිත්‍ර ඥාතිත්ව පදනමෙන් අයථා බලපෑම් කළ හැකි පසුබිමක, රටේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට අයිතියක් ඇති පුරවැසියන් ලෙස නිරන්තර අසාධාරණයට ලක්වන්නේ අපයි. ඒ කිසිඳු හැකියාවක් එනම් බලය, ධනය, හිත මිත්‍ර ඥාතිත්ව පදනමක් නැතිකමින් පීඩාවලට ගොඳුරුවන මිනිසුන්. ඊටත් වඩා ඒ හැකියාවන් අතරින් යම් හැකියාවක් ඇතත් එවැනි අයථා ක්‍රියා වලට අකැමැත්තක් දක්වන, අනීතියට නොපෙළඹෙන සාධාරණය යුක්තිය අගයන මිනිසුන්. ලංකාවේ පවතින තත්වයන් තුළ එබඳු මිනිසුන්ට අදාළ ආයතන විසින්ම යෝජනා කෙරන්නේ තමන්ගේ නිර්ලජ්ජී අවනීතික කටයුතු උදෙසා හැකිනම් අධිකරණ සහාය පතන ලෙසයි. එය එක්තරා විදියකින් යුක්තිය පිළිබඳ සාමාන්‍ය මිනිහෙක්ට ඇති සාධාරණ අයිතිය අසාධාරණ ලෙස අභියෝගයකට ලක් කිරීමකි.

දේශපාලන බලය, ඉහළ නිලධාරීන්ගේ නිල බලය
ඒ හා පෑහෙන ධනය බලය. (ධනය බලයත් බලය ධනයත් නිර්මාණය කරන බව අපි දනිමු)
හිත මිත්‍ර ඥාතිත්වය යුක්තිය සාධාරණය අභිබවා පක්ෂපාතිත්වය ඇති කළ විට
මේ සියල්ලේ බලපෑමට අපමණව විවෘත මහජනයා උදෙසා වන රාජ්‍ය ආයතන කිසිවිටෙකත් ස්වාධීන නොවේ. ඒවායේ ස්වාධීනත්වය උදෙසා පවතින ආයතන පටිපාටිද නීතිද නැවතත් නීතිමය ප්‍රශ්න කිරීම් තුළට දක්කන තෙක් ගොපල්ලන් හා කෙවිට අවශ්‍ය ජන සමාජයක,

ස්ව දීනත්වය ස්වාධීනත්වය කරවන පෙරළියකට අපේ ඡන්දය මඟින් කළ හැකි දේ කුමක්ද? කළ යුතු දේ කුමක්ද?

No comments: