Tuesday, May 14, 2019

නොකියන් මූසාවාදා (අලුත් කතාව)-2-කොටස

මහජන නියෝජිතයාගේ බලය වර ප්‍රසාද සහිතය. ඒවා ජනතා සේවය උදෙසා භාවිත වෙන්නේ අල්පවය. නමුත් තම සුඛ විහරණය, පවුල් පද්ධතිය ශක්තිමත් කිරීම, තම වර්ගයා ලෙසින් තමන්ගේ විවිධ වූ අරමුණු සඳහා උදව් වන පරම ඥාතියාගේ සිට මැරයා දක්වා නෑයෝ නොනෑයෝ වෙත සැලකීම ආදියට නොඅලස්ව ඒ වරප්‍රසාදිත බලය භාවිත වෙයි. රටක් උදෙසා පත්වන ජනපතිවරු බොහෝකොට පළාතක මහ ඇමතිගේ භූමිකාවට යන්නේ ඒ අනුවය. ඒ අනුව වයඹ සංවර්ධන කරගන්නට නම් අප ජනපතිව වයඹින් පත් කර ගත යුතුය. මෙලෙස පවතින යථාර්ථය හමුවේ තම තමන් ගොඩයාම උදෙසා මිනිසුන් තම ඡන්දය නොහොත් පරමාධිපත්‍යය භාවිත කරන විට ඒ නියෝජනය ලබන්නාද අල්ලස් ගන්නෙකු බවට පත්වන්නේ ඡන්දය තමන්ගේ වැඩය කරගැනීමට දෙන පගාවක් බවට පත්වෙමිනි. එවිට පගාව වෙනුවෙන් කටයුතු කිරීම මිස ගම රට හෝ ප්‍රජාවේ  සුභසිද්ධිය නියෝජිතයාට අදාළ වන්නේ නැත. මේ ක්‍රමය අසාධාරණය වැපිරවීමක් වන අතර ගැට පිට ගැට ඇතිවන මගක්වේ. බලය අයුතු ලෙස භාවිත වීම පමණක් නොව ප්‍රචණ්ඩත්වය හිස ඔසවන්නේත් මෙවිටය. පාට පක්ෂ යනු දේශපාලන මති මතාන්තර වෙනස්කමකට වඩා මැර කණ්ඩායම් පාතලයන් දූෂිතයන් අතර ගනුදෙනුවක් ලෙස කරළියට එන්නේ පරමාධිපත්‍යය පගාවක් කොට භාවිතයට ගන්නා ජනතාවගේ පිහිට මතය. එහිදී සාධාරණ යුක්ති ගරුක මිනිහා යම් සටනක් මීට එරෙහිව දියත් නොකරනතාක් විධායක වේවා ව්‍යවස්ථාදායක වේවා ඇති බලතල මත, බලය බෙදී ඇති ප්‍රබලතාව මත අධිකරණය දක්වාද බලය පැතිරවූ අවස්ථා වෙයි. 5/6 කද 2/3කද යන්න පමණක් සළකා බලය දිනා ගැනීමෙන් අනතුරුව මහජනයා නොසළකා හරිත් නම්, සමස්ථය දේශපාලකයන් ලෙස ආණ්ඩුව විපක්ෂය හා අනෙකුත් නියෝජිත පක්ෂ විවිධ ඩීල් තුළ උනුන් මත යැපෙත් නම් පසුගිය ඉතිහාසයේ අප දුටු ලෙස අධිකරණය වෙත දෑස් දල්වා බලා සිටින්නට සිදුවේවි. තත්වය එතැනිනුත් ඔබ්බට ගිය අවස්ථාවලදී වන්නේ මිනිසුන්ගේ ජීවිත අහිමිවීමය. ජනයා බෙදෙන තරමට පාලනය පහසුය. එබැවින් භේදකාරී සාධක සමාජයේ වැඩෙන්නට හැරීම ලොකු ඡන්ද කුට්ටියකි. ඒ මත තමන්ගේ වගකීම් විරහිත දේශපාලනය නඩත්තු කළ හැකිය. දේශපාලනයේ දෑඟිලි බෙහෙවින් දිගුය. සියළු අතුරු සිදුරු අතරින් රිංගා යන තරම අප්රමාණය.
-ඉතිරිය පසුවට-

නොකියන් මුසාවාදා (අලුත් කතාව)-1-කොටස

ත්‍රස්තවාදය රුදුරුය. උදා කළේ අඳුරය. නමුත් ත්‍රස්තයා අප අපට අවංක නැති තරමට තමාගේ ත්‍රස්තවාදයට අවංකය. අපේ සමාජයේ හෙළුව පෙනෙන්නට බෝම්බ වලට ජීවිත පිදිය යුතු තරමට අප වංකය. රටේ දකුණේ කලකදිත් උතුරේ කලකදිත් නැගෙනහිර තවත් ලෙසකිනුත් පැමිණ ඇත්තේ නමින් ගමින් අර්ථයෙන් වෙනස් මුත් එකම ත්රස්තවාදයකි. ජාතියේ ආගමේ පන්තියේ ගමේ වෙනසත් සමඟ අමුණාලන අපේ ගැඹුරු සන්තානයේ ඇති අනෙකා පිළිබඳ නොපහන් හැඟීම ස්වර්ගයේ උසස්කම දක්වා ගෙන යන්නට කරනු ගොතන්නේ කෙසේද? කලින් කලට ලෝකයේ සත්‍ය සැඟවෙමින්, සඟවමින් මතු කරන්නා වූ සමාජ අසාධාරණකම් විවිධ චින්තකයන් විසින් අපායේ සිට ස්වර්ගයත් දෙෙවයේ සිට කර්මයත් දක්වා අමුණා ඇත. ඉන් මෙහා අධි භෞතිකතත්වයක මේ අසාධාරණය ඇමිණූ චින්තකයෝද වෙති. තම තම නැණ පමණට හෝ රුචි පමණට මේ චින්තන පැකේජ ගෙල ලා සැරසී සැනසෙන බොහොමයක් දෙනා අතරේ ඒ ගෙල වැල තවත් බහුතරයකගේ ගෙල වට බලෙන්ම පටලා සියළුදෙනා තම රුචිය වෙත ඇදීම කවර හෝ ආගමික, ජාතික හෝ ආර්ථික අන්තවාදයයි. මේ සමාජ අසාධාරණකම් භේද තුනී කිරීමට අවශ්‍ය සමාජ වටපිටාව සැකසීම කවරෙකුගේ වගකීමක්ද?
පළමුව හැම මිනිස්සෙකුටම තමාගේ සමාජය තුළ යුතුකමක් හා වගකීමක් ඇත. එය තේරුම් ගැනීම ස්වයං කටුත්තක් වන අතරම තේරුම් කරවීම සහ ඒ ඔස්සේ සැමට සාධාරණ නීති සැකසීම අදාළ බලධාරීන්ගේ නිළධාරීන්ගේ වගකීම වේ. එහිදී ඒ නීති හදන තැන ජනතා නියෝජිතයෝ සැබෑ ලෙස මහ ජනතාව නියෝජනය නොකරයි නම් ජනතා ප්රශ්න වගා වීමේ ආරම්භයයි. මෙහිදී සැළකිය යුතු වැදගත් කරුණ නම් ජනතාව උදෙසා ජනතා කැමැත්තෙන්ම අවැඩදායකයෝ බලයට පත්වෙන්නේ කෙසේද යන්නයි. හොර ඡන්ද, වංචාවෙන් රැවටීමෙන් අත් කරගන්නා ඡන්ද(බොරු පොරොන්දු), කාලයක් අපට ඡන්දයට පසු ඇඳිරිනීතිය ගෙනෙන තරමට ප්රබල විය.
-ඉතිරිය පසුවට-

නොකියන් මුසාවාදා (පරණ කතාව)-3-කොටස

තුන්කල් අනවර්ථයෙන් අනර්ථයෙන් හා අධර්මයෙන් අනුශාසනා කරන පිරිසක් හිඳීම අප ලද භාග්‍යයක්. වසර දහයකට පහළොවකට වතාවක් අපිට එහි ඵල භුක්ති විඳින්ට ලැබෙනවා. මේකත් ඒ වගේ කාලයක්. ඇඳිරි නිතීය කියන්නෙ ඒ කාලෙට ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන බෝනස් එකක්.  ඒක තේරුම් ගත්ත ඒ පිළිබඳව බොහෝ සෙයින් සතුටුවන ජනතාවක් සිටීම රටේ වාසනාවක්. මේ දිනවල උද්ගත වී ඇති උත්කර්ශය ඔවුන් උපරිමයෙන් භුක්ති විඳින්නේ රටේ පිරිසකට පහර දෙමින්. දේපළ හානි කරමින්. ඒක තමයි නිදහස කියන්නේ.  මේ රටේ අවජාතික ආලය සමරන අවජාතක ක්‍රමය ඕක තමයි. අපි ඉස්කෝලේ ගිය කාලය, ආගමට දැක්වූ ආලය වාගේම කුණුහරුප සාක්ෂරතාවයේ වටිනාකමත් මෙහිදී කැපී පෙනෙනවා. අද වන විට මහබැංකු වාර්තා අනුවත් පුවත්පත් හා ජන මාධ්‍ය වාර්තා අනුවත් පුරාණයේ ලෙසම තව දුරටත් අප සීඝ්රයෙන් සංවර්ධනය වන රටවල් අතර අමු හෙළුවෙන්ම ඉන්නවා. සංචාරක කර්මාන්තය ගත්තම මේ දවස්වල බලන්න දෙයක් නෑ, එච්චරට තත්වය හොඳයි. පාසල් වල කරන්න දෙයක් නෑ. එදා ඉඳන් අපේ අධ්‍යාපනේ කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. හැම වෙලාවෙම ආණ්ඩු හිතුවෙ දරුවො ගැන. කන බොන දේ ඉඳල නොදුන් දෙයක් නෑ පාසල් වලට අධ්‍යාපනයේ සැබෑම අර්ථය හැරෙන්න. අනාගතයේ රටේ දරුපරපුර ගැන හිතා තම දරුවන්ට පිටරට ජීවිතය දායාද කොට දෙන්නට පවා අපේ නායකයන් කටයුතු කොට ඇති හැටි. ගෙලේ මාලා පළඳවා බුහුමන් දිය යුතුයි දේශය පාලනය කරපු අයට සහ ඒ ටියුෂන් දුන්නු ඈයින්ට . දැනටමත් ඒක හොඳටම සිද්ධවෙනවා අපි බලු හුරතලයට සළකන නිසා. ඒ හුරතලය කොච්චරද කීවොත් මතකය නැති වෙන තරමට හුරතලේට ඉන්න පින්වතුන් මෙහේ ඉන්නවා. රට මරු තැනකට ඇදදමා ජනයාට හිතේ හැටියට ජීවිත්වීමේ අවධානමට ඉඩ හදා දෙන්නේ පින්වත් දේශපාලකයින්. පිනට කැමති අපට කියන්නට තිබෙන්නේ තමන් කරගන්නා ඒ කරුමයන් පන්න පන්නා ජාති ජාතිත් උනුන් වෙත ඵල්ල වෙනවා කියායි. මේ දියුණුව රටකට ලේසියෙන් ලබාගන්නට නම් බෑ.
-ඉතිරිය ඉදිරියට-

නොකියන් මුසාවාදා (පරණ කතාව)- 2 -කොටස

පැරණි කවියක් තියනවා.
"වනේ ගිජිදාය .............. ඌ කාය. ළිඳේ පණිදාය වැටුනොත් ඌ කාය, අතකින් කරවලෙකි අතකින් දඬුබෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"
මොකක්ද මෙකෙ තේරුම? ඒ කියා ඇත්තේ පුරාණයේ සිට අපගේ රජුන් රට කරපු හැටි.
හැමදේකටම ඉතිහාසයක් තියෙනවා. දෙව්ලොවේ මුල් ඇත්තෙ අපායෙ නම් අපේ මුල් කොහේ තියෙන්න බැරිද?   අපේ මුල් තියෙනවා ඒ කවියේ. මරණ තුනක් දකිමින් පැරණි කනවා යනු කිසි රටක කිසිම පාලකයෙකුට ලේසියෙන් කළ හැකි දෙයක් නෙවෙයි. නොහැකි දෙයක් බවට මේ ඇඳිරි නීතිය තුළ වුනත් නොබියව අභියෝග කරන්න මට පුළුවන්. බොරුනම් නම් කාල පෙන්නන්ඩ. උපරිමයෙන් මරණ දෙකක් පෙනි පෙනී පැණි ටිකකට දිවදායි. නමුත් මරණ තුනක් දිහා උපේක්‍ෂාවෙන් බලමින් කිරිත් සමඟ හරි පැණි කන්න ඔය කාටවත් බෑ. හොඳින් පදම් වුණු ලෝකෝත්තර සටකපට බවක් ඔය කාටවත් නෑ අපිට තරම්. පරංගියාව කෝට්ටෙට යැවුවෙත් අපි, ඉඟුරු දීල පිරිස් ගත්තෙත් අපි, එතකොට උන්ගෙ ආයුධ වලින් උන්ටම ගහන්නෙ නෑ කිව්වෙත් අපි, තව එක පාරින් බෙල්ල කපන්න, අයියණ්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි කිව්වෙත් අපේ අය. එහෙව් අපිට මරණය මොකක්ද? අද වෙනකොට ඒ පරිණාමය මරණ තුනක් නොවේ, මරණ දහදහක් දැක දැක වුනත් අපිට පැණි කන්න පුළුවන් බව පහුගිය වසර තිහක් හතළිහක් ඊටත් එහා අපි ඔප්පු කොට අවසානයි. තිරසාර දියුණුව කියන්නේ ඒකටයි. ඒ දියුණුව රටකට ලේසියෙන් ලබාගන්න බෑ.
-ඉතිරිය ඉදිරියට-

නොකියන් මුසාවාදා (පරණ කතාව)-1- කොටස

මහ දවල් ඇඳරි නීතිය දාලා, හිත ඇතුළෙන් සතුට  දෝරෙ ගලනවා. ඒ සතුටට රසවත් ගී පද මතකෙ එනවා.
බොරු කියන රටක්
බොරු අහන රටක්
තව මෙසේ නොවී කෙළෙසා
එය දන්න ඔබත්
මෙහි ඉන්න අපත්
තව කුමක් කියනු කා... හා...
උදේම කොඩිය උස්සලා ගීය කියලා පුරුදු කරපු පමණට පන්සිල් අරන් නැත්තම් තමන් අදහන ආගමේ වතාවත් කරලා අවුරුදු ගාණක් ඉස්කෝලෙ ගිහින් පස්සෙ තවත් තැන්වලට ගිහින් රට රට වල පවා ගිය මිනිස්සු අපි, මේකේන් එළි බැහැපු අය අද විවිධ තැන්වල විවිධ මට්ටම් වලින් ජීවත් වෙනවා. කරදරයක් නැතිව විවිධ ඉසව්වලින් දියුණු වෙමින් ඉන්න මිනිස්සු ගැන සන්තෝෂයි. තවත් විදිහකින් රටට විදේශ විනිමය ගෙනෙන පිටරට රස්සා කරන පිරිසකුත් ඉන්නවා. මේ වෙලාවෙ අපි ඔවුන්ද සිහිපත් කළ යුතුමයි.
මේ රට හරි ලස්සණයි. ලොකු ඉතිහාසයක් තියෙනවා. කොටින්ම ඔය අද දියුණුයි කියන සමහර රටවල මිනිස්සු එළිමහ නෙ කැත කරන කාලෙ අපි කැත කළේ කැසිකිළි ගල්වල. එතරම් දියුණු ජාතියක් අපි. ලෝකෙ අවුරුදු දෙදාස් පන්සීයකටත් එහා ශිෂ්ඨාචාරවත් ඉතිහාසයක් තියනව කියන්නෙ, ඒකම ඇති අපිට අභිමානයෙන් නැගී හිටින්ඩ. ලෝකෙ තියෙන උතුම්ම ආගම අද ඉතිරිවෙලා තියෙනෙ කොහේද? අපි භාණ්ඩාගාරයක් වුනේ ධර්මය අතින් පමණක් නොවේ. හැම අතින්ම. සමහර විට අද පවා. ලෝකෙ ඉන්න හොඳම හමුදාවෙ ඉඳන් ලෝකෙ බිහිවුණු දරුණුම ත්‍රස්තවාදී කල්ලිය දක්වා අපේ රටේ  මිනිස්සු මේ භාණ්ඩාගාරයේ ඉන්නවා. අද ඒක අයි සිස් කියන එකක් දක්වා ඉදිරියට ඇවිත්. ඒ දියුණුව රටකට ලේසියෙන් ලබාගන්න බෑ.
-ඉතිරිය ඉදිරියට-

Monday, May 13, 2019

බලු උණ

පිස්සු බල්ලන් දඩාවතේ යන බල්ලන් පාලනයට බලුවෑන්, ජඩභීතිකාව රටින් තුරන්කරනට අපගේ සහාය

එනිසා!

කුලය නිසා
ධනය නිසා
බලය නිසා
ආගම නිසා
ජාතිය නිසා
උපන් සියලු බේද
නසපන් සැවොම
මිනිසුන් නිසා

බබාලා

ෂ්..
සද්ද එපා
...............
ඇස් ඇරගෙනම
හොඳටෝම
නිදි..

Sunday, May 12, 2019

පළිගැනුමට මුල සිට

අතීතය මතකයට ගෙන
කඩුවක් තුවක්කුවක් අතින්ගෙන
යන්නෙමි හෙට උදෑසන ම නැව් නැග
පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි තව චෝළ පාණ්ඩියයන් හොයාගෙන

සැමට යුක්තිය පිරිසිඳිනු

මේ රටේ සිටින්නේ දෙකෝටියකි. ඉන් කොටසක් අසාධාරණ ලෙස විඳින්නෝය. අනෙක් කොටස අසාධාරණය නිසා විඳවන්නෝය. ඊට හේතුව අසාධාරණයට උඩගෙඩි දෙන බලයයි. ඒ බලය සාධාරණය උදෙසා නතු කර ගැනීම අපේ සටනයි. එයට ඇත්තේ එකම නමයි. සාධාරණ සටන නම් එයයි.
විවිධ වර්ගවල අසාධාරණ කම් සියල්ල පොදුවේ අසාධාරණයයි. රන්පැහැයෙන් අකුරු ඇමිණුවද තුට්ටුවක වටිනාකමක් නැති මහජනයා වෙනුවෙන් ඇති රජයේ ආයතන එක වැඩේට ජීවිත කාලයම අප රස්තියාදු කරන හැටි. වෙනස් කළ යුත්තේ බලයේ අසාධාරණයයි. අසාධාරණ බලයයි. එහි අධිකාරියක් හොබවන දේශපාලනයයි. අසාධාරණ දේශපාලකයායි. තැනිය යුත්තේ සාධාරණ නීතියයි.  ගොඩනැගිය යුත්තේ ජීවිතයි, රටයි. එසේ නැතිව ජාති ජන්මය ඇදගෙන එක එකා මරා ගන්නට යාමෙන් නැවත වෙන්නේ මොන මොන ජාතියේ ආගමේ හෝ අහිංසකයන්ගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමයි. නමුත් සැබෑ ප්‍රශ්නය එතැනින් නොනවතින්නේ ප්රශ්නයේ හා පිළිතුරේ මූලය වන සාධාරණකම උපදින්නේ ජාතිය ආගම කුලය පදනමේ නොවන නිසායි. ඒ මූලය මනුෂ්‍යත්වයයි. තීරණය ඔබ අතයි. ප්‍රතිඵලයද වගකීමද ඔබ වෙතයි.

කඩුව

රටවැසියන් විසින් නිෂ්ක්‍රීය කරනු නොලබන අමන දේශපාලනය බෝම්බයක් සේ නුදුරේදීම විනාශකර දමන්නේ සමස්ථ රටමය, කොඩියේ කඩුව ඊට එරෙහිව ඔසවමු

Saturday, May 11, 2019

හෙළය - හෙළුය

අනෙකාගේ නිරුවත පෙන්වමින් බොහෝ වැඩිහිටියන් නිරුවතින්ම කෙළින රටේ, යට ඇඳුමක්වත් අඳින පාලකයන් බිහි කිරීම රෙදි අඳිනවුන්ගේ උත්තම වගකීමවේ

Friday, May 10, 2019

එකට

සැමට සාධාරණය ඉටුකෙරෙන නීතිය රීතිය පණගන්වා බලගන්වා යුක්තිය ඉටුකරනු

Thursday, May 9, 2019

මේකයි වෙලාව (නැකත හරි)

රටේ වෙලාවට වැඩ වෙන්නෙ කොතැනද? ඔර්ලෝසුවල පමණය. ඉන්පසු කාලය මඟහැරිය එක වෙනුවෙන් පච හැලීමය. අතළොස්සක් හැරුණු කොට රටේ බහුතරයට වෙලාවක් කලාවක් රටාවක් ඇත්තේම නැත. පශ්චාත්භාගයේ බෝම්බයක් පිපිරුණු පසුත් විමර්ශන මත කල්මරමින් මහතැන සිට පච හැලීමේ ශාපයෙන් මේ රට ගැලවීමට නම් වෙලාවට කලාවට වගකීමක් ඇතිවිය යුත්තේ ගෙදර ඉඳන්ය. එවිට ජාති ආගම් හමටම තඩිනොබා වගකීමක් නැති දේශපාලකයන් නිලධාරීන් කනින් අල්ලා දොට්ට දැමීමට හේතු සාධක නිර්මාණය කර ගැනීමට රටේ යුක්තිගරුක නීතිගරුක මිනිහාට හැකිවනු ඇත. එසේ නැතිව මිනිස්සුන් ගේ අනාචාරී වනචාරී කම් වලට පොහොර හෙලුවිට ලැබෙන්නේ තව තවත්  විවිධ වර්ගවල විෂ බෝම්බ  පමණි. එබැවින් දැන්වත් තවත් බල බලා සිටීමට කාලයක් නැති බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. මේ රටටම කාල රාමුවක් සකසා ගැනීමට කාලයයි.

Wednesday, May 8, 2019

(අන්ධ මන්ද)

ගරු නැත්නම් ගරු මන්ද

"ගරු හොර තුමා" අප කියන්නේ නැත. "අති ගරු මෝඩ උතුමා" අපි නොකියමු. ඒ එවැනි පද එකිනෙක නොගැලපෙන නිසාය. කණා මුට්ටියට වාසනා මුට්ටිය කියන්නට තරම් 2019 ධනාත්මකය. එබැවින් ඒ ධනාත්මකත්වය රැක ගනිමින් දේශපාලකයා වෙත ආමන්ත්‍රණය කිරීමේදී ගරු, අතිගරු මෙන්ම උතුමා යන පද භාවිතය නවත්වා දමමු. එය බසේ ගරු පදරුත් රැකගැනුමට හේතුවක් වනු ඇත. ජඩයාට ගරු ජඩ තුමා කීම  අපේ සමාජදේහයේම සෞඛ්‍ය පිරිහෙළන්නකි.
ඒ අනුව මන්ත්‍රීවරයා, ඇමතිවරයා, ජනාධිපතිවරයා..  ආදී වශයෙන් තනතුරු නාම පමණක් ඔවුන්ට සෑහේ. 

Tuesday, May 7, 2019

අවිවාදය(අවියෙන් තොර)

කොන්දක් නැති රටක්
නින්දක් නැති හෙටක් ද?
සිහිනයෙන් අවදිවෙමු...

කොන්ද යනු පාලකයාගේ උඩු රැවුලත් යටි රැවුලවත් නොවේ. ගොරහැඬි කට හඬක් හෝ ජාතික ඇඳුමත් හෝ නොවේ. ස්ත්‍රියක වේවා පුරුෂයෙකු වේවා රට තුළ සෘජුව දෙපයින් හිඳ කටයුතු කළ හැකි ස්වාධීනත්වය ඇතිකොට දීමයි. ඊට සරිලන නීතියට යුක්තියට පණ දීමයි. මැරෙන ටිකට ගොඩ වඩා බඩ වඩා පිල් හදා ගැනීම වෙනුවට එකඳු හෝ නිවැරදි කටයුත්තකට දායක වීමට නිර්භීත පුද්ගලයින් රටේ ජනිත කිරීමයි.
ඒ සඳහා පවතින පාදඩ දේශපාලනයේ පමණක් නොව සැම පාදඩකමක්ම නිරුවත් කළ යුතුය. කෙතක් හේනක් වුව අලුතෙන් අස්වද්දන්නට නම් බිම සමඟ ඔට්ටු වී පස පෙරළිය යුතුය. එය මේ පාදඩ දේශපාලනයේ සරල පාට පෙරළියක් නොව සමාජ දේහයම වසාගත් පිළිල උගුල්ලාලන සැත්කමක් විය යුතුය. මහජනයා තම තමන් සිටින තැනින් නැගිට මේ සැත්කමට සිහියෙන් නුවණින් දායකත්වය දිය හැකි වේද, අලුත් ඇහැක් සමඟ පිළිණු දේශපාලන තුච්ඡද්වය වළ දමා ඒ මිනී වල මත මල් පුබුදුවාලිය හැකිවනු ඇත.
එබැවින් එන්න.. එක් වන්න.. සමාජ දේහයේ පිළිල හඳුනාගන්න.. හැකි දේ යුතුදේ නිසිලෙස නිසිවිට නොබියව උගුල්ලාලන්න.

Sunday, May 5, 2019

කුඩේ මුඩු

(අරටුවට ගුල්ලෝ ගසද්දී පොත්ත පාට කිරීම)

රටේ අරටුව මොකක්ද? ඒ අරටුවට ගුල්ලෝ විද්දේ අද ඊයේද? අපි හැමදා කළේ, කරන්නේ කුමක්ද? පොත්තේ කොළ, නිල් වර්ණය වෙනස් කිරීමයි. රටේ මිනිසුන්ගේ ජීවිත වැඩි ගණනක් අහිමි වූ හැම මොහොතකම රට කිනම් හෝ ව්‍යසනයකට පත් වූවා යැයි හැඟුණු හැම මොහොතකම "අද සිට අපි සියළුදෙනා එක්වෙමු" යන උච්ඡාරණය නැවත පුනරුච්චාරණය කරනවා පමණකි. මෙවැනි අවස්ථාවලදී කාගේ හෝ කරපිට වගකීම පවරා තමන් නිදහස් වීම, එකිනෙකාට ඇඟිලි දිගු කරගැනීම, කැකිල්ලේ ප්‍රකාශ යනු  සාමාන්‍ය තත්වයක් ලෙසට අප හුරුවී ඇත. එහි විරුද්ධාර්ථය නම් ධනය, බලය, කුලය, නිලය හෝ වෙනයම් ඕනෑම වල් පඳුරකට මුවාවී බඩ නිදහස් කරගෙන රට අපවිත්‍ර කිරීමට නොනිල අයිතිවාසිකමක් සදාකාලිකව මෙහි ඇති බව නොවෙද?
තවදුරටත් යල්පැන ගිය සාම්ප්‍රදායික මළ පනිනා සංස්කෘතිය මත ඔළුවෙන් හෙළුවෙන් හිටගන්නවා වෙනුවට අප ඒ සංස්කෘතිය දෙකකුලෙන් සිටවිය යුතුය. ඒ උදෙසා තේරුම් ගත යුත්තේ සැබෑ අභ්‍යන්තරික වෙනසක් තුළ චින්තනමය විප්ලවයකින් මළකෑ පුස් මොළ ශුද්ධ කර ගත යුතු බවය. ඊට තත්වයක් තරාතිරමක් නොව විනයක් ශික්ෂණයක් හදාගත යුතුය. ඒ විනය ශික්ෂණය යනු ආපසු පොත්ත පාට කරන්නක් නොවිය යුතුය. අරටුව යළි ශක්තිමත් වන්නේ නිවැරදි ලෙස යළි සැළසිය හැකි ආරක්ෂණය සහිත පෝෂණයකිනි.
රහතුන් හෝ ශුද්ධ වන්තයන් තරමට නැතත් අමු බොරුව නවතා සත්‍යවාදී යහපත් රට වැසි පදනමකින් මිස මෙරටේ මේ මුඩුමත්වය කිසිදා වෙනස් නොවනු ඇත.

Saturday, May 4, 2019

Saturday, April 27, 2019

භ්‍රාන්ති වාදයේ ඇත්ත කතාවක් (තාක්ෂණික පද හරඹයෙන් මොබ්බේ)

ත්‍රස්තවාදය ගමේද තිබේ. භුමියේ මෙන්ම බුකියේද තිබේ. සරල නොවන ත්‍රස්ත ක්‍රියා අපේ ඇස් පනාපිට දිනපතා සිදුවේ. අනිසි බලපුළුවන්කාරකම්, නොමනා තුප්පහි කඩාකප්පල්කාරී, කාලකණ්ණි නීතිවිරෝධී ක්‍රියා කරන්නෝ කොතැනත් සිටිති. ගම් මට්ටමේදී ඒවා කරන්නෝ ගමේ ත්‍රස්තයෝය. ඒවා මඬින්නට නීතියෙන් රීතියෙන් කටයුතු නොකොට එවැනි ක්‍රියාවන්ට උල්පන්දම් දෙන්නෝ ප්‍රාදේශීය බලධාරීත්වය නිලධාරීත්වය තුළද සිටිති. එසේ ගමේ ආණ්ඩුවෙන් අසාධාරණයට ලක්වීමේදී ජාති, ආගම්, පාට, පක්ෂ, කුල මළ, ඉඩ කඩම් බේදයක් නොසැළකේ යයි කියා කියූවොත් එය සපුරා බොරුවක් වෙයි. අත්දැකීමෙන්ම කිව යුත්තේ තමාගේ සමාජ පසුබිම මේ සියලු කාරණා තුළදී අදාළ පාර්ශ්වයන් වෙත නියමින් හෝ අනියමින් බලපෑම් කරනා බවයි. සමහර විට ජාතිය පරදා ආගම ඉස්මතුවන අවස්ථාද ආගම පරයා කුලය, ධනය ඉස්මතු වන අවස්ථාද ඒ සියල්ල පරදා දේශපාලන පැහැය ඉස්මතු වන අවස්ථාද කොතෙකුත් වෙයි. එනිසා මෙය හුදු වාර්ගිකතත්වය ඉක්මවා ගිය ජාතික ප්‍රශ්නයක් වෙයි. ගමක උදාහරණයක් ගනිමු. සමහරක් ගම්මු තම අසල්වැසි කොටස් කරන ලද ඉඩමක පදිංචියට පැමිණෙන්නා හඳුන්වා දෙන්නේ පිටගම්කාරයා, කොටස් ඉඩම් කාරයා යනුවෙනි. එහිදී ඉස්මතු වී ඇත්තේ ජාතිය ආගම නොව අදාළ තැනැත්තා පදිංචි ඉඩමේ ස්වභාවයයි. ඔහු බැහැරින් පැමිණි පදිංචිකරුවෙකු වීමයි. ඔහු හොඳ සාධාරණ කෙනෙක් යයි සිතමු. ගම් වැසියා දරදඬු මුග්ධ තැනැත්තකු යයි සිතමු. ඉඳින් යම් ගැටළුවකදී මේ සියල්ල නොසලකා ගමේ ආණ්ඩුව ගම් වැසියාගේ පැත්ත ගෙන සළකන්නට ගියොත් එකම ජාතියේ ආගමේ වුව ලංකා පුරවැසියෙකු ලෙස කොටස් ඉඩම් කරුවාට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. එවැනි විටෙක තම අසාධාරණය උදෙසා තවදුරටත් සටන් කරන්නට ගියහොත් අත්දැකීම් අනුව කියන්නට සිදුවන්නේ ගමේ ත්‍රස්තවාදය එවිට හොඳින්ම අත්විඳිය හැකි බවය. එය ලංකාවේ හෝ නොදියුණු රටක ස්වභාවයද? එසේ කියා පිට රට පදිංචියට යන අයත් නැතිද?
ඇති හැකි අය පිටරට සරණ සොයද්දී අසරණ ලාංකිකයා දේශපාලන හමට තඩි බබා විවිධ ආරයේ ත්‍රස්තවාදීන්ගෙන් සදාකල් බැටකන්නේය. දේශපාලන ත්රස්තවාදීන්ගෙන් පමණක් නොව ඔවුන්ගේ ඇම්බැට්ට ව්‍යාප්තවාදීන්ගෙන්ද අපමණව බැට කන අප ඒ ඒ මොහෙතේදී පමණක් මඳක් හිස ඔසවා ආපසු එය ගසා ගන්නේ දෙකකුල් අතරය.
එකම ජනවර්ගය ඇතුළත සිදුවන මෙවැනි ගැටුම් දහසක් අතර අපි රටක ලාංකීය ජාතිකත්වය ඇතුළේ ජන වර්ග අතර සාමය සමඟිය ගැනත් ගෝලීය ත්‍රස්තවාදයක් ගැනත් අද කතා කරමු.
අර මා කලින් කියූ ගමේ ත්‍රස්තවාදයෙන් බැට කන ජනයාට ගම තුළ සාධාරණය ඉටු කිරීමට අසමත් බලධාරීන් ලෝක ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නට සමත් වේද?
ත්‍රස්තවාදය මිලේච්ඡ වීමට මිනී දහස් ගණනින් රට තුළ මිහිදන් විය යුතු නැත. ත්‍රස්තවාදයේ සළකුණු පෙනෙන තැනක් ඇත්නම් එතැන ත්‍රස්තවාදීන් සිටිය යුතුමය. අද හතර අත ඉව අල්ලා හොයන ත්‍රස්තවාදයේ නාමය කුමක් වුවත් හෙට රට යළි සැබෑවට ගොඩ නගන්නට නම් ඔය ඉව ඇල්ලිය යුත්තේ ජාති ආගම් බේදකයින් තොරව ගමේ ත්‍රස්තවාදය වෙතයි. ඒ පිටුපසද බුරුතු පිටින් සිටින්නේ ගම්බද දේශපාලකයන්ය. සමහර තැනක ගරු නම්බු පට්ටම් ගසාගත් කළු සුදු ව්‍යාපාරිකයින්ය. නගරයේද ඒ අයුරින්ම ත්‍රස්තවාදය තිබේ. ප්‍රදේශීය, නාගරික පොලිසි, ප්‍රාදේශීය, නාගරික සභා, ලේකම් කාර්යාල.. පළාත් පාලන ආයතන, ඒවායේ කොමසාරිස්වරු මේ ආශ්‍රිතව පවත්නා දේශපාලනමය හා නිලධාරී ත්‍රස්තවාදයන් ද පරාජය කිරීම රටට අවැසිය. හැම දෙනා අතරින් මේ සරල නොවන ත්‍රස්තවාදය තෝරා පරාජය නොකරන තාක් ලෝක ත්‍රස්තවාදයට නැවත වැඩෙන්නට මෙහි ඉඩ ඇත. නිදහසේ සිට ගත්තද ගමේ ත්‍රස්තවාදය භාවිත කරමින් රටේ බලය අල්ලන්නට වලිකෑවා මිස ගමේ ත්‍රස්තවාදය ගැන කතාකළ ශික්ෂිත දේශපාලකයන් සිටින්නට ඇත්තේ අල්ලක් පමණි. නමුත් මල්ලක අස්වැන්න අල්ලක අස්වැන්නට වඩා වැඩි හෙයින්ම ගමේ වර්ණනාවට යටින් වැඩුණු ත්‍රස්තවාදයක් අද දක්වාත් එයි. ඒ ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයකින් ම ප්‍රති උත්තර සෙවූ ලාංකිකයෝ කීප විටක් විනාශය අත් දැක්කේ කිනම් ත්‍රස්තවාදයේත් අවසන් ප්‍රතිඵලය අවි ගැන්ම නම් එය අවියෙන්ම නස්නා බව පසක් කරමින්ය. අවි දරණ ත්‍රස්තවාදය එසේ වුව අවිනොදරන ත්රස්තවාදය අද වන විට ගිනි තබා ඇත්තේ අපේ රටේ භෞතික දේපළ වලට නොවේ. මානව සම්පතටය. ලාංකීය චින්තනයටය. ඒ බව තේරුම් නොගත් බොහෝ උදවිය සිතන්නේ ත්රස්තවාදය අන්තවාදය හුදෙකලාවේ බිහිවූ බවක්ද? හුදෙකලාවේ නසා දැමිය හැකි දෙයක් බවද?
අපේ රටේ උගතුන් බුද්ධිමතුන් දන්නා කාලයක සිට කතා කළේ එකම දෙයකි. දැන් දැන් විවිධ නම් වලින් හෝදා හෝදා මඩේ දැමුවද අපට කතාකරන්නට ඇති අවසානය එතැනය. දෙකෝටියක් දෙසිය විසිපහක් මඟින් නැටවෙන යුගය අවසන් කළයුතු බවය. දෙකෝටියක් ප්‍රාණ ඇපයට ගෙන දෙසිය විසිපහකුත් එකක් භ්‍රන්ත ත්‍රස්තයන් නටන ජාතික නාඩගම අවියෙන් තොරව සවියෙන් නැසිය යුතු බවය. නැණ සවිය මිස  අන් මගක් නැත.
අප යහ සමාජයක් පැතුවේ පාසල් කාලයේදීමය. එබැවින් දැන් නැවත නැවත පතන්නට දෙයක් නැත.
ඇත්තේ වගකීම ඉටු කරන්නටය. කුඩා කළ සිටම නීතියට යුක්තියට ගරුසරු නැතිනම් ඒ ගම්බඳ ත්‍රස්තවාදය නවතින්නේ ලෝක මට්ටමිනි. ප්‍රභාකරන් තැනුනේද මේ රටේය. අද අයි එස් අයි එස්ය. ඊට අවශ්‍ය පිටුබලය සපයන්නේ ගමේ ත්‍රස්තවාදයයි. නීතියට අනුකූල වීම තමන්ගේ මහන්තත්වයට කැළලක් ලෙසින් සළකන ගමේ මන්ත්‍රී දැන නොදැන පෝෂණය කරන්නේ රටේ ත්‍රස්තවාදයයි. රටේ රාළ ලා ඉහටත් උඩින් නීතියට ගරුකරනා බැවින් රටටම නීති උණ හැදෙන්නේ මෙවැනි විටෙක යි. ඒ වන විට හාර පන්සීයක් මිනිස් ජීවිත උඩින් ත්‍රස්තවාදියා අන්තිම   කෝච්චිය දක්කා අවසානය.
ආගමෙන් තමන් වෙත පැවරෙන ශික්ෂාවට අකමැති වේවා කුඩා නීතියේ බලය සියල්ලන්ට සමානව ගමේ සිට පටන් ගන්න. අපට මෙසේ සමාජ ජාලයේ රිංගන්නට එවිට උවමනාවක් ඇතිකර යටිහිත කරදර කරන්නේද නැත.
මේ අවස්ථාවේදී බෝම්බ තැබූ ත්‍රස්තවාදින් මියගොස්ය. ඉතිරි පිරිස් අත්තඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් ඒ සඳහා මෙහෙයුම්ය. මේ හදිසි කාලය ගෙවීයාවී. ආයෙත් පගාව, ජරාව දේශපාලන බලය හිස ඔසවාවි?
ඊට පස්සේ අන්තවාදයත් ලෝක ත්‍රස්තවාදයත් අමතක වේවි? ගම නො හදා රට හැදේවිද? දෙකෝටියක ට නීති හදන්න තව මොන බල බෙදීම්ද, තියන බලයත් පරෙස්සමට අරන් තියන රටක මේ බල අරගල මනුෂ්‍යතත්වයේ සීමාවට ගෙනාවනම්, බොරු නොහොත් පච වෙනුවට සත්‍යවාදී වගකීමෙන් බැඳී වැඩ කරනවා නම්, ඊළඟ වෙසක් පෝය වෙද්දි අඩු තරමෙ රටේ මේක ලෝකයේ සුරක්ෂිතම රට වේවි. ඒකට තම වගකීම තව පුද්ගලයන්ගෙ කරේ නො දාන්න 225ට යි තව එකෙකුටයි  පමණක් නොව දෙකෝටියකටම හැකිවිය යුතුයි. අප ඔවුන්ව දිය බැඳි මාළිගාවේ ඒ අරමුණෙන් ප්රඥාතන්ත්රයෙන් යුතුව කොටු කළ යුතුමයි. නැත්නම් වෙන දේ බලා දෙන මේ පලා මළවා රස විඳිමු පෙරසේම.

Friday, April 26, 2019

වගකීමක් වගකීමෙන්..

මාව
ලාංකීය වෘත්තියේ යොදවන්න එපා,   "වගකීම" වගකීමෙන් ඉල්ලා සිටියාලු.
ඊට හොඳයි ගණිකා වෘත්තියේ යොදවන්න, තවදුරටත් කීවාලු.

අතරමං වූවෝ

විශ්වයේ පැවැත්ම යනු ආලෝකයයි. නැවැත්ම යනු අඳුරයි. එහි ජීවයක් යනු ආලෝකයේ මුදු බව මත අඳුර නැමති කඩතොළු ඇති කරන්නා වූ පමණක ඝර්ෂණයයි. ඉන් ඔබ්බේ ඇතිවන සෙවණැලි ඒ ඝර්ෂණයේ සංගුණකයයි. ඒ රූප සෙවණැලි විටෙක රමණීය බිතුසිතුවම් නිර්මාණය කළත්  එහි ඇති පරමත්වය කුමක්ද? සදාකාලික හෝ අකාලික බව කුමක්ද? නැත, ඒ එක්තරා සංගුණකයක් පමණි.
උගත්කමින් ඒ සංගුණකයට ලොල් වී ඊට ආල වඩන්නෝත්  මුග්ධත්වයෙන් ඒ සෙවණැලි රූප වලට පෙම් බඳින්නෝත් යනු  සැබෑ ජීවිතය නොදැන සැබෑ මරණයද නොදැන අතරමඟ වූ සෙවණැලි මත අතරමංව අන්තගාමී වූවන්ය.  අන්තවාදය යනු සැබවින්ම අන්තයක් නැති මිරිඟුවක දිය සෙවීමක් පමණය. කාන්තාරයක ක්ෂේම භූමි නොසොයා මිරිඟුවක් ලුහු බඳින ඔවුන් ලබනා කිසිවක් නැත. එබැවින් කිනම් හෝ අන්තවාදියෙක් යනු සැබවින්ම අන්තයක් දැකීමට අසමත් කෙනෙක් පමණි. මිථ්‍යා දෘෂ්ටියේ ගැඹුරුම ආඝාධයද මනුෂ්‍යත්වයේ ගැඹුරුම ආඝාතයද එතැනින්ම ඉපදීම එහි ඇති ගැඹුරුම ඛේදවාචකය මෙන්ම එහි ඇති අති ශෝචනීයත්වයද වන්නේය.

Thursday, April 25, 2019

ඊළඟ මොහොතට...

පුද්ගල බද්ධව මිස යාන්ත්‍රනයක් වශයෙන් ශක්තිමත් නැති රාජ්‍යක් බවට යළිත් පසක් කළ ඛේදය තුළින් අදත් එදත් නූගත් පාඩම නම් දහමේ සිට අප ප්‍රතිරූප වන්දනාව මිස ප්‍රතිපදා සම්පාදනයේ නොසිටි බවයි. ඒ සත්‍යට පිටුපා අපට යා හැකි දුර කොපමණදැයි ජීවිත පරිත්‍යාගයෙන් රට වැසියා තව කොතෙක් කිව යුතුද?
ඊට තිත තැබිය හැක්කේ බුද්ධිමත් නිර්භීත මිනිසුන්ගේ සක්‍රීයත්වයෙන් පමණි.
ඔවුන් කිසිවෙකුගේ උපදෙස් නොලබාම හෝ තම කාර්ය නොපිරිහෙලා ඉටුකරනු ඇත. ඒ ගොන්නට එක් වන්න,
නීති යුක්ති සත්‍ය ගරුකත්වය කාලය නොඉක්මවා ජය ගනු නියතය. ගිය නුවණ පසෙක තබා සිහිනුවණින් ජය ගමු.

Wednesday, April 24, 2019

බුර බුරා.. මුඛ

අමන සමණ රට වැසියකු වීමේ විභාගයේ නවතම ප්‍රශ්නෝත්තර  සංග්‍රහය
දැන් නිකුත් වුණා
-හැන්සාඩ් ප්‍රකාශන-

Sunday, April 21, 2019

ශ්‍රී..

කාසියකට වටිනාකම දී
ජීවිතයකට වටිනාකම නොම දී
ප්‍රජාතන්ත්‍රවා දී සමාජවා දී ජනරජයක හු දී
හෙට සිටන් ආපසු කාසියම උඩ දමා පතනෙමු උත්තම කේතුම තී

ප යන්නෙන් ..

උපතේ සිට අත්විඳි ලාංකීය තුප්පහි අව ජාතික දේශපාලනයේ යටිපෙළ - මීළඟ ගොදුර මම විය නොහැකිද?

Thursday, April 18, 2019

ර යන්නෙන් රට..

එදා හිට
නගා හිටු මට
බිබික්කමකුත් අරික්කාලක්
මදි වු රට... මගේ රට ඒ
මගේ රට..

Monday, April 15, 2019

වහල් ලු

නිවහල් චින්තනය
නිවහල් චින්තකයෝ
නිවහල් කමක්
නිවහල් රටක් ?

Monday, April 8, 2019

හොක්කි හොක්කි.. උහූ

ඇත්ත කතා කළොත් පෙන්නයි කනත්ත
ප්රශ්න ඇසූවිට ඇයි උඹ පොරක්ද
දේශපාලනේ මෙහි සෙල්ලමක්ය
මරුවා සමඟ වාසය රජ කමක්ය

Sunday, April 7, 2019

කොහූ

පච වගා කොට
වගාවට දිරි දී මනා කොට
සත්‍ය පුළුස්සා අළු ගා නළල් වට
යහපත සමඟ වළලන්නේ හෙටයි අද

Friday, March 1, 2019

වංචා විනෝදේ

මෙෙත්‍රිය, මේ බැඳුම්කර වංචාව හැර තවත් බැඳුම්කර වංචා තිබේද

මෙෙත්‍රිය, ඒ බැඳුම්කර වංචාත් මේ බැඳුම්කර වංචාවත් හැර තවත් වංචා තිබේද

මෙෙත්‍රිය, ඒ බැඳුම්කර වංචාත් බැඳුම්කර නොවන වංචාවත් හැර තවත් වංචා තිබේද

Monday, February 25, 2019

සන්තෝෂවාදය

ෆ්රේම් ගැන දොඩති මිනිස්සු..මිනිහෙක් කියෙන්නෙම ෆ්රේම් එකක්. ෆ්රේම් නැත්නම් එතැනයි නිවන. අපි තනන තතනන ලෝකයෙන් මිදුණ.

Sunday, January 20, 2019

ඒවා

සිංහලෙන් ආත්මය අතගා
ඉංගිරිසියෙන් අනාත්මය අතගා
සංස්කෘතියෙන් හිස අතගා නා
අසංස්කෘතික ජීවිත මේවා

Sunday, January 6, 2019

පෙකෙණිවැළ...(සංක්ෂිප්තයි)

ගිය නුවණ ... ගතවුණු කාලය ආපසු ගත නොහැක. ලෝකය යන්නේ ඉදිරියටය. වාසියක් තිබේ නම් ඒ ආසන්න චක්‍රවල එකම රටාවක දිවෙන මේ ගෝලයේ ඉරෙගියුලත්වයන් අතරේ රෙගියුලර් බවක් තිබීමයි. අක්රමවත් දේ තුළ ඇති මේ ක්රමවත් රටාව පමණි අපට පසුගිය කාලය හා නුවණ ලබා ගතහැකි එකම මග. අත්දැකීම් ලෙස ඒවා ඉදිරි ජීවිතය උදෙසා එක්වන තරමට අපත් ලෝකයත් ඉදිරියට ගියා නොවෙද, ඒ අත්දැකීම් දැනුමට විද්‍යාවට පෙරළා ගත් මිනිසුන් රටවල් ජාතීන් ආගම් දර්ශන සියල්ලටම ගමනක් තිබිණි. අපට ටැග් වී ඇති දෙදහස් පන්සීය තබා පහුගිය වසර දහයක් පාඩමක් කොට ගන්නට බැරි රටක ජාතියක් නොවෙද අප. අධිකතර තණ්හාවක් බඩ බැඳගෙන බොරුව රැවටීම පදනම් කරගෙන දෙදාහක් තබා වසර දසදහසක් ඉතිහාසයක් ගැන පාරම්බෑවත් ඵල නැත. නිරුවත් දෑසින් විචාර බුද්ධියෙන් බැලුවා නම් ආපසු මීට කළකට පෙර, අද වන විට අප බොහෝ වටනා දෙයින් පූර්වාදර්ශී රටකි ලොව.. අපිවත් ගතවුණ කාලය, නුවණ ආපසු අදින අතහැරුණු කඹකොන ඇල්ලිය යුතුය. එය ඇදිය යුත්තේ අතීතයේ සිට අනාගතය වෙතය. චක්‍රයක වුව ලෝකය රට සමඟ අප ඉදිරියට යැවෙනුයේ එමඟිනි. සාර්ථකත්වය එතුළය. අතීතය අනාගත සිහින තුළට සංශෝධනය වන්නේ එවිටය. ඒ සංශෝධිතයන් රටේ අනාගතය උදෙසා දැනුම විද්‍යාව කලාව ලෙස බිහි වෙත්වා.. කවුරු කෙලෙස කීවත් ඒ විලිරුදාව හෙට උපදින දරුවාගේ අනාගත ස්ථායීතාව වනු ඇත. පරපුරක අතීත උරුමය වනු ඇත.
පෙකෙණිවැල නම් අතීතයෙන් අනාගතයට ඇදගත යුතු අප කලින් කී ඒ කඹයයි.