ඉස්සර අපි ගියේ වෙහෙර වදින්නට. සුදුවතින් සැරසී පොහොයට පන්සල් යාම අපට රටට අරුමයක් නොවේ. එතැනදී අපට පන්සල යනු හුදු ගොඩනැගිල්ලක් නොවේ. අධ්‍යාත්මික ස්මාරයක්. කොහොම ඇදන් ගියත් පල්ලියත් එහෙමමයි.
ඊයේ රෑ සුළු මොහොතක් කොටුව පිට පුද්ගල බස් නැවතුම පසෙක පාවෙන - නමකින් හැදින්වුනු වෙළද හල් සංකීරණය මතින් මදක් ගොස් ආව. මට හිතුනේ දැන් අර කලින් වන්දනාවට වඩා අප මේ වන්දනාවට රුචි වෙමින් ඇති බව. මිතුරකු සමග මෙතන ගැසූ රස්තියාදු මිනිත්තු කීපයේ දුටු සේම, මීට පෙර ද විවිධ තැන්වල දී ගොඩනැගිලි වට කොට බොහෝ දෙනෙක් වන්දනාවේ යෙදුනා මතකයි.
පන්සල්ද පල්ලිද අධ්‍යාත්මික මුහුණකින් තොරව පෙනෙන්නට පටන් ගෙන ඇති නිසාදෝ ගොඩනැගිලි වන්දනාව දැන් ජනප්‍රිය වෙමින් යනු පෙනෙන්නේ, පල්ලි පන්සලුත් ලස්සන ගොඩනැගිලි, කඩ සාප්පුත් ලස්සන ගොඩනැගිලි. හරි අපූරු සාප්පු වන්දනා.
රට සංවර්ධනයට මේ වන්දනාව වැදගත්ලු, වන්දනාව වැඩි වූ තරමට මඩි තරවේලු. අධ්‍යාත්මික සුවය සොයා පල්ලි පන්සල් ගිය අයට දැන් මානසික අවපීඩනයෙන් මිදෙන්න ගොඩනැගිලි වන්දනාවත් අපූරු දෙයක්. සාධු සාධු නොකියන නිසාම දැන් ගොඩක් දෙනා ගොඩනැගිලි වදින්න යන්නේ කන්න බොන්න හොදට පේ වෙලා. හරිම අපූරුයි. තව හොද හොද සෙල්ලං ඉස්සරහට තියේවි. ඒව එළිවෙන ජාමෙට කියනවනේ.
ඔය අස්සෙ බැදිවල, ගම්මාන වල එහෙමත් කරක් ගහල ඒ පැතිවලට පුරුදු පුහුණු කරන්න ඕන දේවලුත් මොනවද කියල හොයල බලන්න පුළුවන් වුනානම්, කාට කාටත් පේවිලා ම වට වන්දනාවේ යන්න හැකි වෙයි, කොයි කොයි ප්‍ර දේසෙත්.
දේසේ හැටියට බාසේ කියනවනේ. දැන් අලුත්වෙන දේසෙට සිංහලත් නොගැලපෙන තරම් ද කියලත් හිතෙනවා. අපි දැන් හදන්නෙ රෑටත් ඇහැ ඇරලම ඉන්ඩලුනේ. බලන්ඩ ඒකෙත් හැටි, ගස් ගල් වලට වැද වැද ඉදල, අර්ථයක් ඇතිව වදින්න පුදන්න පුරුදු වුනු අපි දැන් ගොඩනැගිලි වන්දනාවට පුරුදු වෙලා. ලොකු ලොකු ගොඩනැගිලි, පාරවල් දැක්කම ඇතිවන සද්දාව හරිම වැඩී. භක්තියත් හරිම වැඩී. සමහරුන්ගෙ ඇගේ මවිල් කෙළින් වෙනව සද්දාවට, හරියට රජතුමා ගමට වැඩිය වගේ ඇහැට පේන කොන්ක්‍රීට් කදු සජීවීකරණය.
ඉතින් මෙහෙම යනකොට මං වැඩකරන ගොඩනැගිල්ල වගේම විවිධ අවශ්‍යතා සදහා යන එන හැම ගොඩනැගිල්ලක්මත් එ් වගේම, අහස උසට නැතත් හිතේ භක්තිය ඇති කරන හැම ගොඩනැගිල්ලක් ගැනමත් හිතල ඒව සරණං ගච්ඡාමී කියමින්ම ජීවිතේ ගෙවන්නත් වැඩි ඈතක් නැතිවම අපි පුරුදු වේවි. එදාට වට වන්දනාවේ නෑවිත්ම හැමදාම ගොඩනැගිලි වන්දනාව කරන්න අපි පුරුදු වෙයි. එහෙම වුන රටක පල්ලි පන්සල් නිවාඩු නිකේතන වගේ ගොඩනැගිලි වේවි. ඔන්න ඔහොමලු ලෝකයේ දිහාට රට යන අත. අපි යන අත.
අපි මොන විදිහට හිතුවත් අද උපදින දරුවන්ට ඉතිරි භෞතික ලෝකයම විතරයි. එ්ක ඇතුළෙ අධ්‍යාත්මික නටඹුන්වත් නැහැ. කෑම, බීම හා ජොලිය-තව වෙන මොනවද? ජීවිතය කියන්නෙ එච්චරයිද? එහෙමනම් ඒක හිස් දෙයක් විතරයි... හිස් ලෝකෙක ගොඩනැගිලි, පාරවල්, යාන වාහනත් එක්ක පිළිවෙලකට ජීවත් වෙන සත්තු ගොඩක් විතරක් වෙයි අපි හැමෝම.
මට හිතෙන්නෙ අපි යන්නෙ එහෙම ගමනක්, ලෝකෙත් යන්නෙ එහෙම ගමනක්. කෙළින්ම ඉස්සරහට යන මහ පාර එහෙමනම් දකුණට හරි වමට හරි සිග්නල් දාල මම ගන්නව අතුරු පාරක්. සමහර විට ඒ පාරෙත් දකුණට වමට අතුරු පාරවල් තියේවි. ඉස්සරහ අනතුරක් නම් ඒ තැන්වලිනුත් හැරෙන්න වේවි. මම හැරෙනව, හැබැයි යන්නෙ ඉස්සරහටමයි.
1 comment:
වට වන්දනාව නොවේ ගොඩනැගිලි වන්දනාව, එය ප්‍රශ්නයක්. ඒ වන්දනාවට අප හුරු කරන්නේ ඡන්ද සදහා නම් එය බරපතළ ප්‍රශ්නයක්. රටේ යම් සංවර්ධනයක් යනු පාලකයාට මහජනයා මිලදී ගැනීම සදහා අලෙවි කළ හැකි භාණ්ඩයක්ම නොවේ. අනිත් කරුණ ඡන්දයක් සදහා අලෙවි භාණ්ඩ හදනවානම් එය සංවර්ධනයක්ද නොව්. ඊටත් එහා රටක දේවල් නිවැරදිම විමසුමෙන් තොරව තවත් රටක් කොපි කිරීම හෝ වැළද ගැනීම ඒ රට සංවර්ධන මාර්ගයකට පිවිසීමක්ද නොවේ. නිවැරදි මගට අප තවත් වෙහෙස විය යුතුය. එය අපේ කමෙන්ම එන්නක් විය යුතුය. අපේ සාමාන්‍ය මිනිහාට නොගැලපෙන කවර උපක්‍රමය වුව වැඩි කලක් මේ පොළොවේ රදන්නේ නැත. එබැවින් ගොඩනැගිලි වන්දනාවෙන් අපට යා හැකි දුරක් ඇත. ඉන් එහා නිවැරදි පාරට සංඥාව නොදැමූ තැන අප සියල්ලෝ අනතුරේ විය හැක.
Post a Comment