හිතට නොයෙක් දේ හිතෙනවා. සමහර දේ හීන ලෝකෙට ගැලපෙනවා. සමහර දේ සැබෑ ලෝකෙට ගැලපෙනවා. ඒත් ඔය හීනයත් සැබෑවත් ගැලපෙන සමහර අවකාශයන් තියෙනවා. ඒත් ශක්තිමත් නැති හිත එතනදි ඔද්දල් වෙනවා.
එක හිත කියන්නේ හිත එකක් කියා හිතන නිසාද? සිතිවිලි උපදින හිත එක අරමුණකට ගැනීමේ අදහසින්ද? හලෝව් රස්ටා ඉන්නේ දෙවැනි කතාවේ.
සුවබර හීන දුක්බර හීන එළිවෙන කොට මිනිස්සු වෙව්ලා යනවා. සමහර විට අඩනවා, සමහර විට වැළපෙනවා. ජය ඝෝෂා කරනවා, ඔල්වරසන් දෙනවා. ඒක සාමාන්‍ය ප්‍රකාශනයක්. සරලයි, ස්වභාවිකයි.
ඒත් සමබර වෙන්න නම් ඊලඟ මොහොතේ අපිට ආපහු අපේ හිත එක තැනකට ගන්න වෙනවා. සමහරුන්ට ඒකට කාලයක් යනවා. තවත් කෙනෙක් එතරම් කල් ගන්නේ නෑ. ප්‍රශ්නය කාලය නොවෙයි. කව්රුත් එය කළ යුතු වීමයි. කෙනෙකුට හිත එක අරමුණකට ගේන්න බැරිනම් ඒ කියන්නෙ හිත රස්තියාදුවේ. හිතිවිලි දොරේ ගලා යනවා. විවිධ නිර්මාණ කරුවන්, හිතන්නෝ, කවියෝ, අදින්නෝ, රඟන්නෝ මේ ඕනෑම කෙනෙක් වෙන්න පුලුවන්. නැත්නම් සපුරාම වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔහුගේ හෝ ඇයගේ ශක්තිය නියම ලෙස භාවිත කරන්නට නම් එය එක ධාරාවකට ගතහැකි විය යුතුමයි. මන්ද නොහිතා වැඩ සිද්ධ වෙනවා මිස නොහිතා වැඩ කරන්නට අපිට හැකියාවක් නැති නිසා. ඒ කියන්නෙ ක්‍රියාවක් වෙන හැම දෙයක්ම උපදින්නේ හිතෙන්. එහෙනම් හිතිවිල්ල ශක්තියක්.
ඒක එක අරමුණක් ඔස්සේ මුදා හැරියම බලන්න පුළුවන් කෙනෙකුගේ ශක්තියත්. ඒ එක හිත ශක්තිමත් නම් ඒ ශක්තිය යෙදෙන්නේ කුමකටද කියන එකත් හිතන්නම වෙනවා. නූතනයේ කට වහගෙන ශක්තිය රැක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වගේම ඒ ශක්තිය භාවිත කරන්නත් නිවැරදි ක්‍රමයක් තෝරා ගත යුතුයි. එය ඵලදායී වැඩදායී එකක් විය යුතුයි. නැත්නම් එයත් අටුව කඩල පුටුව හැදුව වැඩේට දෙවැනි වෙන එකක් නැහැ.
ඒ නිසා පළමුව හදාගන්න එක හිතක්. ඒ කිව්වෙ රස්තියාදු ගහන හිත ශුද්ධ රස්තියාදුවකින් එක තැනකට ගෙන්න ගන්න කියන එකයි. එතකොට එක හිත නිතරම දෙතැනක නවතින එකක් නැහැ.
No comments:
Post a Comment