මම උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූයේ එකම පාසලක.
මේ උසස් පෙළ අවදිය - පාසලට අලුතෙන් ළමුන් බදවාගන්න කාළය.
පරණ ළමයි රැග් කියල අලුතෙන් එන ළමයින්ව ටිකක් මඩවනවා.
පරණ කෙනෙක් වුනු මම ඔය අතරෙ අලුත් ළමයි එක්ක සුහදව කතා බහ කළේ කොල්ලන්ගෙ රැග් එක මගේ සිත් නොගත් නිසා. මේක පිරිමි පාසලක් නිසා කොල්ලන්ගෙ රැග් එකත් අමු විකාර රූපී එකක්වයි තිබුනේ.
ඔය විදිහට අලුත් අය පරණ වෙන ගාණට මාස කීපයක් ගත වෙද්දි අලුතෙන්ම ආපු කෙනෙක් මගෙන් අහනවා.
"ඔයා මෙහෙට අලුතෙන්ද ආවෙ" කියල.
රැග් සමඟ සහසම්බන්ධයක් නොතිබූ එකේ ප්‍රතිඵලයද මේ? මං ටිකක් කල්පනා කළා. නිකං ඇහුව විතරයිනේ. මම එයාට ශුද්ධ සිතින් පැහැදිලි කළා මං ජේෂ්ඨයෙක්ද නැද්ද කියල.
නමුත් ඒ සිද්ධියෙන් මං තේරුම් ගත්ත ජීවිතේට ඉතා වැදගත් දෙයක්. සර්පයාගේ පැළැන්තිය පෙන්නන්න නම් එක සරයක් හරි පෙනේ පුප්පන්න ඕන කියන එක, හැමෝටම පේන්න. අර දරමිටියට බදින්න ගත්තෙත් සිල්ගත්ත නයයි කියනවනේ. ඇත්ත,
අකැමැති වුනත් සමහර දේවල් තියනව කරන්න වෙනව. තත්වය රැකගන්නම නොවෙයි. රැකෙන්න. හැබැයි, පෙනේ පුප්පනව කියන්නෙ එකක්, දෂ්ට කරනව කියන්නෙ තව එකක් කියන එකත් එතනදි සිහියට ගන්නම වෙනව.
No comments:
Post a Comment