ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
මජර දේශපාලනය
ප්‍රති ත්‍රස්ත පනත
සමඟ
සුබ අනාගතයක් !
බංකොලොත් රටකට වියපත් මුහුණු !
මජර දේශපාලනයට හැදෙන අනාගත හීනය !
රටේ තාරුණ්‍යයට හැදෙන අනාගතය හීනය !
බලවත් ධනවත් තක්කඩි ස්වාධීනය !
උගත් වියත් නීතිගති ස්වාදීනය !
ලක් රට අවාසනාව ද ?
පෙලක් රට වාසනාව ද ?
දේශපාලන බල මජරත්වයේ මානසික බර අවිය ~ ජන මනස තුළ ස්ථාපිත ස්කිමාවකි. අපි ම දමාගත් ලෙඩ කි. අප 'ඵලය' මිස 'හේතු ව' නොවෙයි ~ නිරන්තර අප විසින්ම අපේ ඔලුවට දමාගත් මුළාව එයයි.
එලෙසම දේශපාලකයා මෙහෙම හිතනවා. අපිව පත් කළේ ජනතාව. ඒ අනුව හේතුව ජනතාව. ඵලය තමා අපි, වැරදි නම් ඇයි බලය දුන්නේ..
මජර දේශපාලනයට ඒක හොඳ තර්කයක්.
එතකොට බලය සම්බන්ධ කාරණයේ දී ~ ජනතාව ~ අපි බලය දුන්නා, වගකියපල්ලා කියන අතරේ
දේශපාලකයා ~ ජනතාව අපිට බලය දුන්නා, කරන්න දීපල්ලා කියනවා.
අවසානෙදි වගවීමත් නෑ. කෙරෙන දේකුත් නෑ. කාලය කනවා, මැති ඇමති තණ්හාව මෝරනවා, ඩීල් දැමෙනවා, රට කාලකණ්ණි වෙනවා. ආයෙ බැට කනවා.
එහෙනම් ඇයි අපි අපට වගනොකියන ඔඋන්ව තෝරා ගන්නේ. ඉදිරිපත් වෙන්නෙ එක ම පිරිස් වෙන්න පුළුවන්. ඒත් ඇයි මජර අයවත් බොහෝ විට ප්‍රතික්ෂේප නොවෙන්නේ. ඒකයි මා න සි ක හු රු ව. අපි බබාලා ගැඹුරින් හිතන්නෙ නෑ ප්‍රතිඵලය තීරණය කෙරෙන හේතුව අපි කියලා. නැත්නම් අහිංසක වැඩි කමට තීරක අයිතිය පවා දීලා. සල්ලි වලට විකිණිලා, අල්ලසකට යට වෙලා.
ඉතින්, ඇත්ත හේතුව ~ අපි, ඵලය ~ ඔඋන්. එනිසා අප විසින් නිවැරදි ප්‍රතිඵල උදෙසා හේතු සම්පාදනය නොකෙරෙන තාක් හොරු /තක්කඩි /වනචර /මජර පිරිස් තම දක්සතා තුළින් අපි දුන් බලය ක්‍රියාවට නඟනවා. ඒ ඉසව් වලින් රට මෙපමණ දියුණුවට ගමන් කර ඇත්තේ ඒකයි. වෙමින් පවතින්නේ එයයි.
දෙකෝටියකට වඩා එකෙක් බලවත් වෙන්නෙ විධායක කම නිසාම නොවෙයි. ජන අරගලයෙන් පුළුල් කර ගත් ජන මන ස්කිමාව ආපහු පරණ දේශපාලන තැටියටම අකුළගත් නිසා : ඒ තැටිය වාදනය වෙනකම් රටම විකුණුවත් අපි එකම තැනමයි. එයා මෙයා කරයි, ණයට කරයි, පිනට ලැබෙයි කියල හිතන කම් ජනතාවත් රටත් අසරණයි. මජර දේශපාලයේ බර අවිය ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි. ඒකට උන්ඩ දෙන්නෙත් ගොදුරු වෙන්නෙත් අපිමයි!
අරුතක් සහිත ජීවිතයක් හොයන්න නම් අවම වශයෙන් අවියත් උණ්ඩත් ගැඹුරු මුහුදේ ගිල්විය යුතුමයි. හතර වටේම මුහුද නිසා අවි බර උනත් හරියට උත්සාහ කරොත් ඒක එච්චර අමාරු වෙන එකක් නෑ ! කවුරුත් එකතු වෙලා කරොත් බර තවත් හෑල්ලු වෙයි: අපිත්, රටත් හෙට ට ඉතිරි වෙයි !

නාකි දේසපාලුවන් බල මජරත්වයෙන් තිරිහන් වෙද්දී තාරුණ්‍යයේ ජීවිත කළකිරීමෙන් වියපත් වීම යනු කකුල් දෙකේ පනින රිළවුන්ට හිණිමං සේවය සැපයීමකි.
මජර පාලකයෝ නින්දිතය
උන් හැම විට තම බලය රැක ගැනීම වෙනුවෙන් නින්දිත උපක්‍රම භාවිත කරති
නින්දිත කම වන්දනීය බවට පත් කොට ඒ වන්දනාවට සිද්ධස්ථාන ඉදි කොට ඒ දේවාල වල නන්දනීය දෙවිවරුන් ලෙස තමන්ගේ පිළිම තනවා ඊට වන්දනාමාන කරවා ගැනීම ඔවුන් දශක ගණනාවක් මෙහේ කළ දේශපාලනයයි
මේ බිමට සමතලා කරනු ලැබූ ඒ මජර දේවාල ආපහු ගොඩ නඟන කාලයකි
කපුවෝ ආරූඪ වී ඒ මජර භාෂිතයෙන් දොඩවන කාලයකි
එක් මිත්‍යාවකින් මිදුණු මිනිසුන්ට සැනසීමේ පිළිවෙතක් වෙත යාමට අවස්ථාව නොදී යළි ඒ මිත්‍යාවටම ඇලෙන තෙක් කාලය මරණ කාලයකි
A මජරත්වයේ ගෙල සිඳිනට ගිය මිනිසුන් ලවාම මානුෂ්‍යත්වයේ ගෙල සින්ඳවමින් යන කාලයකි !
ප්‍රවේශම් වන්න, A මජරත්වයේ බිල්ලෙක් හෝ බිල්ලක් නොවන්නට.
බුරුව ගහන්ට
සූදු කෙළින්ට
පච හලන්ට
ආතල් ගන්ට සහ දෙන්ට පමණයි,
මෙයින් මතු වැරදිලාවත් වැදගත් වැඩ බෑ. හිතට එකඟව වැඩ කළොත් වැඩ තහනම්: පෙන්සනුත් නෑ.
කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහේ දළු ලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආවාඩා ආයුබෝ වේවා !
බලාපොරොත්තු වුනේ කලු කපුටා සුදු වේවි වත්, මෝල් ගහේ දළු ඒවි වත් කියලා නෙවෙයි ආයුබෝ වන්ඩ,
එකසිය විස්ස දෙසිය විස්සට නොයන බව අපි නොදන්නවායැ.
නිදුක්ව නිරෝගිව බොහෝ කාලයක් ඉන්ට, ආයුෂ බොහෝ වේවා ... දීර්ඝ ආයුෂ වේවා කියන කාරණේ තමයි ඔය නොසෑහෙන්ට බර තියල ප්‍රාර්ථනේ කොලේ.
ඕක නොවැ සරලවම අපේ චින්තනේ. ජාතියේ හැටි.
නමුත් අපේ ජාතියේ පිනට පහළ වුණු පාලක උතුමන්ට අපේ අවසන් ප්‍රාර්ථනේ නොතේරුණත් පළවෙනි කාරණා දෙක නම් හොඳටම තේරිලා තියනව.
අනේ වාසනාවන්! ගැරඬින්ට කියල ඉතිං අං එන්ඩයැ! හැව අරිනව මිසක.
අපිට තියෙන්නෙ ඉතිං සතා සරුපයා තේරුං අරං විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල කිව්වත් වගේ කිරි පොවන්ඩවත් රෙද්ද අස්සෙ දමා ගන්ඩ ගන්නෙවත් නැතිව විමසිල්ලෙන් වැඩ කරන එක තමා. මොකද විෂ ඝෝර සර්පයා නැසිය යුතු විදිහ පොල්ලෙන් ගහල නෙවෙයි කියලනේ ඔය කියල තියෙන්නේ.
තණ්හාව, තෘෂ්ණාව, බල තණ්හාව නේ.. ආයෙත් තණ්හාව, දිගටම තණ්හාව වෙන මොනවද ?
ඉතිං ඔය මොන මොන සර්පයත් ඇති වන හේතු නැති කරල දාන එකයි ඒ අනුව අපිට නම් කොරන්ඩ තියෙන්නෙ.
ආයුබෝ කිව්වෙ ඉතින් මැරෙනකම් සතුටින් ඉන්න මිසක, තණ්හාවෙන් බදාගෙන ඉන්න නෙමෙයි ඕං !
(බල තණ්හාව නැමැති ත්‍රස්තයා නොහොත් සර්පයා හිඳින්නේ කා සමඟ ද ? ජනයා සමඟ ද , පාලකයා සමඟ ද ? ඒ සර්පයා දමනය කළ යුත්තේ පාලකයා ද ජනතාව ද ?)