මාර ඇඩ්වාන්ස් ලු
කට පුංචියි
හැම ඉස්සෙන්නෙ
කොළ ගාණට
මොන්ටිසෝරියි ලු
මැතිණිය
හරි සොදුරුයි
ඇස් පියාන
ගිනි පනහලු
ඒ කාලේ
මං ප්‍රබුද්ධ
කබරයාට
තව..
රබන් තාල රැප් මැද්දේ
කුසගින්නෙන්ම පෙලුණෝ කෑදරයන් අබිභවා කොයි කලත් කොයි තැනත් සුගද දුගද එක ලෙස විදගත්තෝය. නමුත් සූපයන් කාණු දිගේ ගලා ගියේය. එයින් මතුවූ ගන්ධය දැනුත් නැහැපුඩු අගට දැනී නොදැනී යන තරම්ය. කෙනෙකුට සූපය අප්‍රිය කරවීමටත් එය උණුවෙන්ම කෝප්පය තුළට වැටෙන විට දැනෙන හැගුම පමණක් නොවේ, සූපය බෙදන විට පන්තිය හා අවට පරිසරය පුරා පැතිර වෙළා ගත් සූපයේ ආවේණික ගන්ධයත් හේතුවක්ම විය. තැම්බුණු බිත්තරයක් මැදි කල බනිස් ගෙඩිය, තවත් බනිසක් සමග පන්තිය පුරා බෙදී ගියේය. විටෙක බිත්තරය නරක් වී තිබුණේය. ඒ 89, 90 කාලයයි. තවත් පන්තියක් දෙකක් ඉහළට එද්දී මාසය අවසානයට ලැබුණු විවිධ ආහාර පිරවුණු ෂොපින් බෑගය හෝ දෙක, ඒ මාසික පැමිණීම සළකා කොටු කැපුණු කාඩ් පතට ලැබුණු වියළි ආහාර මල්ලයි. පන්ති නායකයින් තවත් උස මහත සිසුන් දෙතුන් දෙනෙකු කැටුව ගොස් ඔසවාගෙන පැමිණි පෙට්ටිවලින් පන්ති බාර ටීචර් බෙදා දුන් පාසැල් නිල ඇදුම් රෙදි, මේ හැම දෙයක්ම පරිණාමයෙන්, විපරිණාමයෙන් ආණ්ඩු මාරු අමාරු හරහා අද දක්වාත් එයි. පරණ පන්තිය අවසාන කරන දවස් කීපයේ ලැබුණු අලුත් පොත් ගොඩ මට තාම මතකයි. පහසුකම් ගාස්තු රු50 පාසල් සංවර්ධන මුදල රු60 හරියට පොඩි ලයිසමක් වගෙයි. ඒත් මට තවම Aනිදහස් අධ්‍යාපනය ගැන නොතේරෙයි. අපි අරගල නොකොටම නොතේරෙන අවධියේ සිට ලැබුණු දේ අදට වඩා වෙනසක් ඇති බව පමණක් මට වැටහේ. හරියට දණගසා වැදීම වාගේය. ඕන තරමට නසරානින් හිටි අපේ පන්තිවල ඔවුන් පවා ගුරුන්ට වැන්දේ භයට වඩා භක්තියෙන් යැයි අද මට සිතේ. අපට තිබුණේ ගුරු භක්තියත් සම්ප්‍රදායෙන් බර කොට දුන් භක්තියත් කැළතුණු හැගීමක්. නමුත් අපිට සිදුවූයේ නෑ ඉන් කිසි පාඩුවක්. වයසත් අද්දැකීමත් ගෙන දුනි සිතට නිදහසක්. එය උදා කරගැනීමත් අවබෝධයත් තමන් සතු දෙයක්. තවම මට නොතේරේ Aනිදහස් අධ්‍යාපනය ගැන මීට වඩා වැඩි යමක්. රස්සාවත් පරස්ථාවත් හැගෙන්නේ වෙනම කාරණයක්. අපි තවමත් Aරටක් නොව ක Cරටක් බැව් නම් දනිමි මං. Aරටවල් වල Aනිදහස් අධ්‍යාපනයන් ගැන නම කොහෙත්ම නොදනිමි මං.
2017/02/10 දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා සීමිත ඕවර් අවසන් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගන්නවා, මේ මගේ අවසන් අනාවැකිය, 😀 අනාවැකිය වැරදුනොත් මම ආයෙ අනාවැකි කියන්නෙ නෑ.😷
අනාගත වක්තෲ...
අපට, ලොවට මේ නිදහස හැදූ වැඩූ කාටත් මිනිසත්කමේ නාමයෙන් පින්! එය අර්ථවත් කළ, පෝෂණය කළ හැමටත් එපින් ම වේවා...! තුති මිනිසුනේ!
සාපේක්ෂ ද?
නිරපේක්ෂ ද?
හිතේ?
ගතේ?
පැලේ?
පිලේ?
වීදියේ?
කම් හලේ?
හෝටලේ?
ගමේ, නගරයේ, රටේ, කළාපයේ, ලෝකයේ? විශ්වයේ?
ප්‍රශ්නයක්ද?
පිළිතුරක්ද?
අරගලයක්ද?
කාගෙන්ද?
කාටද?
මිනිසාටද?
මිනිසාගෙන්ද?
අයිතිකරු?
තීරකයා?
..............?
ආරම්භය?
අවසානය?
කෙළවර?
ජාතකය?
ප්‍රශ්න සියල්ල හමුවේ නිදහසේ මදහස පමණක් ම දිස්විය.
ප්‍රඥාව මිනිසෙකු සතු අද්විතීය ශක්තිය නොහොත් බලයයි. යුක්තිය ඔහුගේ අසිපතයි. සත්‍යය ඔහුගේ පළිහයි. 😀 පෙර පිනෙන් රජවූ බොහෝ අය පවා පසුව ගර්භාවට පත්වූයේ ඔවුන් සතුව එවැනි බලයක්, අසිපතක්, පළිහක් නොතිබූ නිසා යැයි මට සිතේ.
ඇත්තටම ලංකාවේ කිසියම්ම තැනකදී බලපුලුවන්කාරකම රහිතව සත්‍යයට යම් තැනක් ලැබෙන්නේ නම් ඒ සත්‍යය අලෙවි කරන්නට පුලුවන් තැනක පමණය. 😆
ජීවිතයට අතිශයින් ම ආදරය කරන මිනිස්සු පවා විටෙක විසින්ම සිය පණ නසා ගන්නට උත්සාහ ගනිති. එය පුද්ගලයාගේ කැමැත්ත ලෙස සළකා ඊට ඉඩදීම දියුණු සමාජයක ලක්ෂණයක්ද?
කැමැත්තේ මුල් කොහිද?
ඵලයේ හේතුව කොහෙද?
ආහාරයට බඩගින්න හේතුවේ. දිරවූ ආහාරය බැහැර කළ යුතුවේ. එවිට බඩගින්නට හේතු.. විවාහයට ආදරය, රාගය ... එහි ඵලය දරුවන්. සමස්ථ ප්‍රතිඵලය පරපුරක්.. පිළිකාවට හේතුව සමස්ථයට නොපෑහෙන සමස්ථයෙන් ප්‍රතික්ෂේප වන මූලයක්. සයිලයක්.. ප්‍රතිඵලය සමස්ථයේ පැවැත්ම ඇදවැටීමක් බිදවැටීමක්. පුද්ගලිකවත් සමාජීය වශයෙනුත් අප කැමති බොහෝ දේ ඇත. අවස්ථානුකූලව අප කැමති හෝ නතු වන බොහෝ දේ ඇත. නමුත් එහි නිසි බව ගැඹුරින්ම තීරණය වන්නේ අප සිතිවිලි නැමති එක් නියාමයකින් පමණක් නොවේ. නිසි කියා වරණයක් ස්වහාවයේ නැත්නම් මිනිහා මේ වන විටත් ලෝකය තමන් කැමති වේගයකින් කැමති චක්‍රාවාටයකට ගෙන හමාරය. අපට මිනිසුන් හැටියට සීමාකාරී සාධක බොහෝය. සමහර විට මිනිසා මේතාක් පැවත එන්නේද ඒ සීමාකාරී බව නිසාම වෙන්නටත් පුළුවන. මිනිහා මේතාක් ලබාගත් සියලු ආකාරයේ දියුණුව හා අප ජීවත්වන පරිසරය අදවන විට තුළනය වන්නේ කෙබදු ලෙසකින්ද, අපේ රිස්ස සොබාදමේ නිස්සෙන් ඈත්වන්නට ඈත්වන්නට අපේ පැවැත්ම නැවැත්මේ තිතද මතට තිත සේ නම් නොවනු ඇත.
පණ පොවා ගෙන කඩුව සහ පිහිද කැති මන්න
කුපිත කර ගෙන ලෙයත් වපුරවා වයිරයත්
නිදහසක් ජයක් හෝ දිනවනා ලබ්ධියක්
යක්ෂයන් නමින් ඇති පරිගණක තරගයක්
පැරදුණු ඇස් වල කදුළු හංගගෙන
හිත හිරි වට්ටා නික්මී යමි මම
ආදර උරුමය නොලැබෙන භවයක
සසර සරා යමි නිදහස පෙම් බැද
කල්පිතයන් කළ සිහින මරා ගෙන
යළි උපදින්නෙමි දෙනෙත පුරෝගෙන
සිනහ මල් පොකුරු තුටින් නෙළාගෙන
විදිමි හුදෙකලා මිටින් මුදාහළ
වෙන්වෙන එක්වන බැමි දිවි අරණේ
මින්දද නංවන හී සර වරණේ
පෙමමද ගෙල වට මාලා තැනුවේ
මෙසසර යමි එඩියෙන් ගිරි තරණේ
- පාසල කියන්නෙ හරි පුදුමාකාර තැනක්. අපි නොදන්න නොතේරෙන තැනකින් පටන්ගෙන හොදටම පුරුදු වුනාට පස්සෙ දාල යන තැනක්. දාල යන්න වෙන තැනක්. විශේෂයෙන්ම ජීවිතයම එකම පාසලක නම් ඒ බැදීම සුවිශේෂීයි. අපේ පාසල් කාලයට වඩා අපේ පාසල දැන් ගොඩක් වෙනස්. නමුත් මගෙ මනාපය අදටත් පරණ පාසලටයි. අවුරුදු එකසිය පනහකට වැඩි අපේ පාසල, අවදි කීපයකදි විවිධ විදිහට තියෙන්න ඇති. අපේ යුගයෙ වැඩිමහල් හා බාල සොයුරන්ට මතක නම් ඉස්කෝල පාර ප්‍රාථමික අංශයට පිවිසෙන තැන දකුණු පැත්තෙ තිබුණු කැප්තොප්පියක් පැළදි බාළදක්ෂ පිළිරුව, වම් පසින් තිබුණු චෙරි ගහ, එතනම තිබුණු ප්‍රාථමික අංශයේ ඔෆීසිය. යකඩ වැටකින් වෙන්නොවූ ප්‍රාථමිකය මැද ක්‍රීඩා පිටිය. කුඩා කාලෙ මහ දක්ෂයෙක් නොවුනත් ඒ අතීත රූප රාමු නම් බොහොම දක්ෂයෙක් ඇන්ද සිතුවම් ගාණට හරි අපූරුවට මතකයේ තියනව. එතැනින් ඇරඹුණු පාසැල් කාලයේ අදියරෙන් අදියර මතක බොහොමයි. පළමු පන්‍තියේ හිටි බොහෝ දෙනා මතක් කරනකොට අපිට උඩ වසර කිහිපයක වැඩිමහලු සොයුරන්ගෙ බාල අයගෙ මුහුණු මතක් වෙන්නෙ දැක හුරුවටමයි. එකම වර්ගයා නිසා අද මූණ වෙනස් වුනත් ඒ හැඩය පුරුදුයි. පාසල කෙළවරේම තිබුණු පිට්ටනිය උඩ මාරගස් දෙක රැස්වීම් කීයක කතා අහන්න ඇතිද? ඒ දවස් වල රැස්වීම් වල ජයසිංහ සර්ගෙ කතා මට හොදට මතකයි. ජාතික ඇදුම ඇදන් හිටි ප්‍රතාපවත් පුරුෂයා. අනිත් කරුණ පිහිටුමේ පරිසරයේ සිට අපේ පාසලේ තිබුණු අමුතුම වෙනස, ඒක හරි අපූරු එකක්. පාසල් දෙක්කට දෙපසින් මැදිවෙලා, හරි සුරක්ෂිත බවක් තිබුණු තැනක්. හැම දෙනාටම තමන්ගෙ පාසැල සුවිශේෂයි. ඒ මතකයන් ජීවිතයටම එක් වරයි. කොතරම් සිත් රිදුම් තිබුනත් නැතත් ආපහු හැරෙනකොට, ඒ අපේ ආදණීය රැකවරණයයි, සෙනෙහස බැදි තැනයි, අවධියක්ම, ඒ නිසා ඒ මතකයට හදවතේ නියමිත ඉඩක් හිමියි.
කුලය, බලය, ධනය, උගත්කම, රැකියාව හෝ මෝඩ කම නිසා හටගන්නා සියළු මාන්නයන් දුරුවී සැබෑ නුවණැස පෑදේවා!
භාව සුනාමියකට අසුවුණු මිනිස්සුන්ට
දැන් ඕනෑ භාව විමෝචනයක්
හරි වැරදි මොනව වුනත්
අතීතය කොහොම වුනත්
මහ මිනිස්සුන්ටත් වෙලාවකට ඕනෑ
පොඩි දරුවො වගේ අඩන්න විතරයි
ඇගිල්ලෙන් හරි ඇනගෙන ඇහැට
අඩන්නම ඕනෑ එතකොට
අපිට ඕන බලය ගන්න, අපේ විදිහට රට ගෙනියන්න, අපි දන්න අපි ලග ඉන්න අයත් එක්ක අපට පුලුවන් උපරිමයෙන් රට නංවන්න, අපිට හැමෝම සහය වෙන්න, අපි එකතු වෙලා එකම කැපකිරීමකින් වැඩකරමු.
එහෙම කියන්නත් ඒ විදිහට වැඩ කරන්නත් බලය ඇති කාටවුනත් මෙහේ බාධා කරන්නෙ කව්ද? බාධා වලට යටපත් වෙනව නම් ඒ බලය කියන්නෙ මොකක්ද?
අසීමිත බලයත් මිනිහා සහ සමාජයට ගෙන එන්නේ විනාශයක් නම්, රටක දියුණුව සංවර්ධනය උදෙසා බලයේ ප්‍රමාණය පමණක් එකම සාධකය නොවන බව පැහැදිලියි.
බලය භාවිතා කරන්නන්ගේ පරිචය හා පරිණතිය.. ඒවා ගැන හිතනවාට වඩා ජන්දයකදි අප දකින්නේ දවස් කීපයක අනාගතයක් ගැන පමණක් නොවේද?
හදුනාගත් නොගත් කෙටි දිගු සියලු ප්‍රශ්න ගැටලු සදහා බහුවරණ ක්‍රමයට අනුව දී ඇති පිළිතුරු වලින් එකක් තෝරන කිසියම් නිර්මාණ ශක්තියක් නැති සියලුදෙනා මේ සදහා වගකීම දැරිය යුතුය. දේශපාලනයට සුදුස්සන් තේරීම සියලු ජනතාවගේ වගකීමයි. ඔවුන්වෙත පහසු ක්‍රමයෙන්ම පිළිතුරු සොයනවා වෙනුවට සුදුසු පිළිතුරු දිගු හෝ කෙටි වශයෙන් නිවැරදිව ලබා දීම සියලු දේශපාලකයන්ගේ වගකීමයි. ඒ සදහා අතර මැදි රාජ්‍ය නිළධාරීන්, සේවකයින් ඔවුන්ගේ නිසි හා නොමසුරු දායකත්වයත් වාද බේදයකින් තොරව සංවාදශීලීව ක්‍රියාශීලිව සිදුකරනවා නම් බලය ක්‍රියාත්මක වීමේ බාධා මග හැරී නොයන්නේ නැතිද.
තත්වාකාරයෙන් කරණු සරල හෝ පහසු නොවෙතත් එබදු ලෙසකින් මිස ජයගත නොහැකි අපේ ගැටලු වලට පොළොවේ පස් කෑමෙන්ම ප්‍රතිඵල ලැබිය හැකිද?
ඒ බදු නිවරැදි ක්‍රියාවලියකට යත්න දරණ අතරේ සමාජයේ සියලු තැන්හි ඇති දුර්වලතා ගැන අවබෝධයෙන් හා විනාශකාරී නොවන නිසි හඩ නැගීමකින් පමණක් නොවෙද අපටත් රටටත් ඵලක් වන්නේ, අඹ ඇටයෙන් ඵල ලැබීමට හැක්කේ, ගොවිතැනින් නිසි අස්වැන්නක් ලද හැක්කේ, රටක දියුණුවක් දැකිය හැක්කේ අන් කවර මගකින්ද?
අපට ඒ සදහා දිය හැකි දායකත්වය නම් කිසි දේශපාලකයෙකු කෙරෙහි විශේෂ අනුග්‍රහයකින් තොරව අවස්ථාවට කාලයට ගැලපෙන පුද්ගලයන් තෝරා ගැනීම හා නුසුදුසු විට ඔවුන් ඉවත් කිරීමත්, එනම් ඔවුන්ගෙන් වැඩ ගැනීමත්, අපේ ක්ෂේත්‍රයෙන් අපට එළිපෙහෙළි කළ හැකි දියුණු කළ හැකිදෑ නිස්සරණයන්ම කිරීමත් නොවේද.
රට යනු ඔබත් මමත් භුක්ති විදින මහාම හිමිකම නොවෙයිද. ලෝක උරුමයෙන් මෙපිට අපේ අනන්‍යතාව රැදි උරුමය අප සුරැකිය යුත්තේ හදවතින් මෙන්ම බුද්ධියෙන්ද එකාවන්ව හිදිමින් මිස බෙදෙමින් වැනසෙමින් නොවේ. එහෙම ගියොත් අවසන කිසිවෙකුට බෙදාගන්නට කිසිත් ඉතුරු නොවේවි.
දුර බලන්න, දෙවනුව ළග බලන්න කියන්නේ පාට පක්ෂ දෙස බලාගෙන නොව යහපත් රටක මියයාමේ හෝ භාග්‍ය තවදුරටත් අපට තිබිය යුතු නිසයි. බිහිවෙන නව පරපුරක ජීවිගුණය ගැන ඔබ හිතනවානම් අපේ අවධියේ පරපුර මෙන් ඔවුන් දෙමගක් අතර අතරමං කොට පලා නොයන්න. සැබෑ පරාර්ථය හදුන්වා දෙන්න. නිවැරදි ක්‍රියාකාරිත්වය වටහා දෙන්න. පුද්ගලිකත්වයට වහල් නොවී තාක්ෂණට ඔවුන් පවරා නොදී පසුපසින් ඉන්න. ඔවුන්ට යම් සෙවණැල්ලක් වනු පිණිස ඔබ සැඩ හිරු එළියට මුහුණ දෙන්න. ඔවුන්ගේ හෙවණැල්ලේ සැගවෙන නිවටයෙක් වෙන්න එපා. හැබෑව හංගා ඔවුන්ගේ ආවේගයන් මතින් ඉගිල්ලෙන්න හදනු එපා, පෙනෙන දුරකදි ඔබ වැටෙනවා පමණක් නොව ඔවුන් ඔබ මතින් හැගීම් විරහිතව ඇවිද යනවා සත්තයි!
(25 කින් පසු අද ගැන හිතා දුක් නොවීම පිණිසයි)
ගල් ගහනවා
පොල් ගහනවා
මිරිස් අඹරනවා
කඩේ යනවා
පෙළපාලි
ආඩපාළි
කටු ගැහිලි
පේන කියවිලි
ආණ්ඩු පෙරළිලි
සළුපාලි ත් දිනපතා කෙරෙනවා
ඉතිං ඇයි මේ දේවල් අපේ රටේ නිසි වෘත්තිමය තත්වයකට ගේන්න බැරි? නිසි පුහුණුවක් දීලා ජාතිවාද, ආගම්වාද තව අවුස්සලා ඔය වගේ නව අවස්ථා වැඩිකරන්න ඔවුන්ව තව දිරිමත් කරන්න ඕන. රටක් සංවර්ධනය වෙන්නෙ එතකොටයි.
උඹ අල්ලපු අත්ත ඉහළය
උඹ පයගසා උන් පොළොවය
උඹ බීවේ ගගෙන් වතුරය
උඹ දැන් ආවඩයි මුහුදට
වගෙයි උඹෙ ඔලුවම පුස්වෙලා
හිස්වෙලා පිට කොන්දම උඹෙ මුදු ර බර් වෙලා
ලජ්ජාව උඹෙ බලුකිස්ථානෙට විකිණිලා
පලයන් උඹ කිරිකිස්ථාන් රජ වෙලා
සමහර කතා කියන්නට අපිට කිසිම උවමනාවක් නැත. නමුත් සමහර නිවටුන් නිසා සමහර කතා නින්නාද කරන්නටම සිදුවේ.
හැබෑ කුහකයින් මහා කාරුණිකයින් කරවන, කාරුණික මිනිසුන්ගේ ළතෙක් බව හුදු මෝඩකමකට පටවාලන්නට යන යුගයකි මෙය.
තමන්ගේ නින්දිත ජඩකම පිළිගැනීමටවත් අවංක කමක් නැති ජඩයන්ට සිය ජඩකම දෙපයින් බේරෙන තුරු බොහෝකොට මෙත් සිතින් කරුණා කළ යුතුමය. එය කාඩ්බෝඩ් වීරයන්ගේ යුගයේ අවශ්‍යතාවයකි, මෙහෙවරකි.
බෙල්ල කැපූවත් සුදුසු තැන සුදුසු ලෙස - එළිපිට වඩ වඩාත් වැඩියෙන් ඉදිරියටත් මම එය කරමි. මෙත් සිත වැඩිදියුණු වීම උදෙසාම කරමි. 😐
උපයා සපයා ගත් වටිනාකම්
දියකර යොබ්බන මදයට ලොල්වී
තකා අමුතු සුව පසුපස එලවා
ගොස් අඩ සිහියෙන් මරුවැල් පාගා
කිසි සරණක් නැති අසරණ ඉමකදි
සිහිකර දෙව්බඹු හා හා සම්බුදු හිමි
නොදැමුණ සිත සරණය සොයනා සද
කාලය ඉකුත්ව ගොස් ඔහු මහළුය
තාරුණ්‍යයේ වේගය හේතුවෙන් මග වරද්දා ගත්තෝ කී දෙනෙක් අදටත් මහළුවියෙහි තැන නොතැන දුක් විදින්නෝද?
ඇගේ
....... උණ තද වෙලා
.......බංඩිය කොර වෙලා......
.....නාසිය බුරුල් වෙලා... හ්කචකචපච....
ගෙදර..කාණුව බ්ලොක් වෙලා .....සත්තයි
..හෙට මැරෙනවා.......
මූණ කොට්ටෙට හිරවෙලා
Apita ලයික් කර යන්න Qquchi Qquchi..ගොපිස් උණු උණුවෙම දෙන්නෙ අපි මයි
අ
කාලයේ
කලු කුහරයක් තුළින් කාලයම අතික්‍රමණය වන කාලයක් ඇවිත්.
ආ
ලයත්
තාලයකි, මධ්‍ය ලය, විලම්බ ලය වගේම දාදරා, ත්‍රිතාල ද මතක් කරන්නේ පාසලය. සංගීත කාලය ය.
ඇ
ස
කියන්නේම නෙතක් නොවේද, සප්තකය ඇසක් වගේ ඇරෙන්නේද ස වලින් ය.
ඈ
ත
ඒක ඇත්තය. තයන්නත් ටයන්නත් පොඩිකල පැටලෙනවාය. එවිට ඈතත් ඈට මය.
ඉ
තාලිය
කිව්වාම මතක් වන්නේ රන් ය. නැත්නම් පින් ය. රන් වලින් රන් තාලිය හැදෙද්දී පින් තකා පින්තාලිය හැදුනි. සමහරු වතුරෙන් මැරුණි.
ඊ
තණ
පදුරකින් ජල මුල හොයාගත් කතාවක් ජාතක පොතෙහි ඇත. විද්දේ හාවාට වැදුනේ පදුරට ලෙස ජන වහරේ එන කතාවක් ඇත.
උ
රා
බොති මධු සේ සමහරු, මත් වෙතිලු තවත් සමහරු. ... ..... වගේලු බොන්නෙ තවත් සමහරු.
ඌ
රා
පිළිකුල් කරති සමහරු. නැතිවම බැරිව සොයති සමහරු. තලුමරති තවත් සමහරු.
එ
කල කීවාම ආපහු කාලය මැයි. මැයි කල කීවාම වෙසක්ද මතක් වෙයි.
ඒ
කල
කීවාම ගමක් මතක් වෙයි. පැරණි බවක්ද එහි වෙයි.
ඔ
තැන
යනු කොතැනද හදුනා ගත යුතුය. නොතැන කියා තැනැක් නැති මුත් එතැන හදුනා ගත යුතුව ඇත.
ඕ
ං
කීවාම බිංදුවටත් වටිනා කමක් ඇත. බිංදුටත් එහෙමය. සිබිල් නැන්දාගේ බිංදු තාමත් ඔබට මතකද? ඕං..... නෑ නොකියා මතක් කොරං.
හුස්මටත් ණය මිනිස්සුන්ගේ හිත්වල ඇති හුඹස් වල වට රූපාන්තරණයෙන් හල පිරුවට මොනවට දුටු වසරක් නිමාවෙමින් යත්...
ඉගැන්වූ පාඩම්වලට බොහෝමත් ස්තුතියි මිනිස්සුනේ...
ඒ අතර තවමත් අවදියෙන් ඉන්නා මිනිසත්වගට පින්, ඔවුන්ගේ හඩ, නිහඩ මෙහෙවරින් ලොවට තවමත් දයාවේ මුදු වැසි වැටේ..
තුති වේවා සොබාවට නිරතුරු අපේ නිවහන වූ...
ඕටූ ..
තවමත් ළබැදි නිසා ජීවත්වෙමි මමත්, තවමත්..
ස්තුතියි ඔබටත්, සිහිපත් කරමි ඔබ මිතුරු එච් ටූ වත්, සුබපතමි ඔබේ දරුවාටත්, හැමදා අපට සරණ වූ...
සදා ජීවනයේ සරණ වන ඔබ හැම අමතක කොට කෙසේ යන්නද නව වසරට...
හැමගේ පිහිටෙන් සහයෝගයෙන් හෙට සිට අලුත් වටයක් අරඹමු යළිත්.
ඔබ හැමට ජය!
√ දේශපාලන මුග්ධභාවය, වාදභේදය, කල්ලිවාදය, ඔළමොළ ස්වභාවය ඔස්සේ රටම ගිනි තියනා ගතිය පාරම්පරිකව හරි අපූරුවට ජාන ගතවූ වන්ට, මහ බඹු - දෙවියනේ, පිහිට ඔබ පමණයි! ඔවුන්ගේ ආවේණිය තුළ පිහිටි දේශපාලනික උන්මාදභාවය මහා සුනාමියකින්වත් සේදී නොයයි, මහා යුධ ගින්නකින්වත් පිළිස්සී නොයයි, මහා භීෂණ අන්ධකාරකින්වත් අතුරුදහන්ව නොයයි. ඒ ඒ තන්හිදී සේදී දැවී අතුරුදහන්වී ගියේ අදාළ විෂයට අදාළ වූවන්ම නොවේ. බොහෝකොට අනදාළ වූවන්. එහෙයින් නව වසරේ සිටවත් සුදුස්සන්ට සුදු කොඩිත් අන්‍යන්ට සුදුසු කොඩිත් ඔසවත්වා, සියලු ගිනි මැද අහිංසක, සාමකාමී නිසි මගට වෙර වඩන යහ දන මන මුළා මගින් උන්මාද නොකරත්වා, ඔවුන්ට හරි දේ තෝරාගන්නටත් වැරදි මගින් ඉවත්වන්නටත් බාලයන් සේ අන්‍යන්ට ගරහමින් විහිලු සපයන්නන් නොවීමටත් බුද්ධිය පාදාදෙනු ලබත්වා!
√ මහ බඹු දෙවියනේ මාගෙන් වුනු සුළු සුළු ව්‍යාකරණ දෝෂ කමාකොට මාගේ නිර්මල වූ ප්‍රාර්ථනයට ඔබතුමාගේ අනවරථ වූ අවදාණය දෙවා වදාරණ සේක්වා!
ස්වාමි පුරුෂයාගේ චිතකයට ස්ත්‍රිය බිල්ලක් නොවිය යුත්තේ යම් සේද අනේක වේදනාවන්ගෙන් අසීමිත චිතක දැල්වුනු අතීතයක් හිමි රටක අනාගතයේ තවත් එවැනි චිතක දැල්වීම හෝ කිසිවකු ඒවාට බිලිවීම හෝ විය යුතු නොවේ.
වර්ග කිලෝමීටර හැටපන්දාස් ගණන තවත් සොහොන්බිමක් කිරීමට අවැසි එක න්‍යෂ්ටික බෝම්බ රොඩ්ඩක් පමණක් විය හැකියි. ඒ හැටපන්දාස් ගණනම රම්‍ය දිවයිනක් කිරීමට නම් මේ ලක හැමදෙන 'මව් රට' නැමති න්‍යෂ්ටිය වටා ගොනු විය යුතු වනවා නොවේද?
එක එකා මත්තෙහි බල සරණ, බඩ සරණ නොපතා තමන්ගේ දුර්ගුණ නසා එක්වී සවියෙන් රට නගා හිනැහෙව්, පිනැති පණැති මිනිසුනේ... සියවසකට කිරි ඉතිරේවි රටට
2017 යහ චින්තනයකට වසරක් වේවා...
හිරු බටහිර සැගවෙන්නේ සදුට අහස පවරන්නයි
වළාරෑන හැඩවෙන්නේ මිහිකත ගිම් නිවන්නටයි
අමා අදුර දා එන්නේ අදුරේ පෙම් වඩන්නටයි
උදුවප් සීතල මැද්දෙන් අරුතක සිරි නගන්නටයි
ඉහළ නැගීමේ නොනිත් ආශාවෙනුත් මුදලට ඇති දැඩි කෑදරකමෙනුත් හීනමානය වසා ගැනීම උදෙසා මවාගත් අහංකාරපරශව හැගීමෙනුත් තමන්ගේ හැබෑ මුහුණ විරූපි කරගත් සමහරුන්ට කලකදි තමන්ට අතහිත දුන් අය පවා පෙනෙන්නේ බොහෝකොට පහතින් ය.
ඒ කෙසේද යත්, බොරුකකුල්කරුට තම පය පැළදි බොරුකකුලේ උස වැඩිවන පමණට අන්‍යන්ගේ හැබෑ උස වුව අඩුව, මිටිව, පහතින් පෙනෙන්නාක් මෙනි.
කොතරම් ඉහළින් ගියත් අවට පරිසරයේ සරණ එවැන්න්න්ගේ දෙපා නගන ඩොග් ඩොග් ඩොග්.. හඩ සදා බොල්ම වනු ඇත.