Friday, December 30, 2016

√ අවිහිංසක පැතුමක්!(2017 උ.පෙ.ළ දරුවෙකුගෙන් ඉල්ලා ගතිමි)

√ දේශපාලන මුග්ධභාවය, වාදභේදය, කල්ලිවාදය, ඔළමොළ ස්වභාවය ඔස්සේ රටම ගිනි තියනා ගතිය පාරම්පරිකව හරි අපූරුවට ජාන ගතවූ වන්ට, මහ බඹු - දෙවියනේ, පිහිට ඔබ පමණයි! ඔවුන්ගේ ආවේණිය තුළ පිහිටි දේශපාලනික උන්මාදභාවය මහා සුනාමියකින්වත් සේදී නොයයි, මහා යුධ ගින්නකින්වත් පිළිස්සී නොයයි, මහා භීෂණ අන්ධකාරකින්වත් අතුරුදහන්ව නොයයි. ඒ ඒ තන්හිදී සේදී දැවී අතුරුදහන්වී ගියේ අදාළ විෂයට අදාළ වූවන්ම නොවේ. බොහෝකොට අනදාළ වූවන්. එහෙයින් නව වසරේ සිටවත් සුදුස්සන්ට සුදු කොඩිත් අන්‍යන්ට සුදුසු කොඩිත් ඔසවත්වා, සියලු ගිනි මැද අහිංසක, සාමකාමී නිසි මගට වෙර වඩන යහ දන මන මුළා මගින් උන්මාද නොකරත්වා, ඔවුන්ට හරි දේ තෝරාගන්නටත් වැරදි මගින් ඉවත්වන්නටත් බාලයන් සේ අන්‍යන්ට ගරහමින් විහිලු සපයන්නන් නොවීමටත් බුද්ධිය පාදාදෙනු ලබත්වා!

√ මහ බඹු දෙවියනේ මාගෙන් වුනු සුළු සුළු ව්‍යාකරණ දෝෂ කමාකොට මාගේ නිර්මල වූ ප්‍රාර්ථනයට ඔබතුමාගේ අනවරථ වූ අවදාණය දෙවා වදාරණ සේක්වා!

No comments: