Monday, March 9, 2020

උපහැරණ ...

අපහරණය .. 

බුදුන් වැඩහුන්
බුදුන්ටත් වැඩි උන්
උන්ගේ බුදු වදන් 
වී අද බණ දහම්

සාද..

කොල්ලන්ද කෙල්ලන්
අල්ල අල්ලා සෙල්ලම්
වූ තැනදි සල්ලන්
උපත රැඩිකල් ප්‍රැක්ටිසින් දෙන්

ධ්‍යාපන..

කොණ්ඩ රැවුලෙන් බමුණා
සංස්කෘතියම විකුණා
නොවී යන් හනුමා
ගිනි තැබූ තැන රටම අවුලා

ආචාරි..

වවුලා වගේ වා සේ
බාසයෙන් නම් දේසේ
පොර වෙන්නට පිපාසේ
දිසාපාමොක් වගෙයි වේසේ

මත..

ගොඩක් අය පල්ලා
නොදත් අය ගිල්ලා
කව්ද මේ බිල්ලා
ළමයිනේ ප්‍රවේසම් වෙයල්ලා

No comments: