Tuesday, March 10, 2020

අපේ අනන්‍යතාව,

හැමදා උගත් පාඩම් කොළ කැබලිවල, ලිපිගොනු තුළ සිර කළ අප සමස්ථයක් ලෙස රටක් ලෙස සාක්ෂරතාවයෙන් යුතු අසමතුන් පිරිසකි. නිදහස් අධ්‍යාපනයක් ලද සිරකරුවන් පිරිසකි. මරණයට ආධාර සපයමින් ජීවත්වන පිරිසකි. දැන දැනම රැවටෙනා පිරිසකි. ධර්මය හිස මුදුණේ තබා ගැලවිජ්ජාවෙන් විලිලජ්ජාවක් නොමැතිව ජීවත් වන පිරිසකි. සාධාරණ යහපත් මිනිසා බිල්ලට ගෙන අමනයන් රකින නිවටුන් පිරිසකි. අෂ්ඨලෝක ධර්මයේ නාමයෙන් සියළු නොපනත්කම් කර්මයේ නියාමයට යට කරන කැනහිලුන් පිරිසකි.

No comments: