Wednesday, March 11, 2020

බටහිරින් හිරු පායයි! (සමහර විට ආයෙ ඉර පායන එකක්ම නැහැ)

සැප වාහන එපා! විශේෂ වරප්‍රසාද එපා, මේක දුප්පත් රටක්. ත්‍රීරෝද රථයක් අපට ඇති. ණය බරෙන් රට මුදවා සංවර්ධන දිශානතියට යොමු කිරීමට අප රැඩිකල් තීරණ ගත යුතුයි. වසර කීපයකින් රටේ ගමන් මග වෙනස් කළ හැක්කේ එබඳු වූ දැවැන්ත කැප කිරීම් වලින් පමණයි. ජනතාව සැබෑ ලෙසම අප වටා එකතුවී රටේ සංවර්ධනයේ හවුල් කරුවන් වන්නේ එවිටයි. පළමුවත් රට, දෙවනුවත් රට තෙවනුවත් රට කියා පපුවට ගසාගත් පමණට රටකට ඉදිරියක් ඇතිවන්නේ නැහැ. බොරු තර්ක කරමින් නාස්ති කිරීමට අපට කාලයක් නැහැ. අප හැමට ඕනෑ යහපත්, සාර්ථක රාජ්‍යක් නම් පාලකයන් වන අප ඒ සඳහා නායකත්වය ගන්නවා යනු දෝලාවේ ගමන් කරමින් අට පයක් මත්තේ කුඹුර වැපිරීම නොවෙයි. දෙපයින් ගොස් නිසි වැපිරවීමකින් වැඩි අස්වැන්නක් ලැබීමයි. පෙර වැරදි සියල්ලට පව් කමාවෙන තරමට අද පටන් අප රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙනවා.. ලාංකීය දේශපාලකයෝ එක හඬින් කියන දා ...☺

No comments: