Sunday, April 3, 2016

සිංහ ලයේ විසේ බස්සමු, ගුණය නංවමු.

සිංහයින් ලංකාවේ නැත. නමුත් අපේ ලයේ අභිමානය කියන්නට හැමදා අපි ගත්තේ සිංහයාය. ඒ නිර්භීත බව, සටන්කාමිත්වය සහිත ජාතියක් ගෙන හැර පාන්නටය. එහෙත් පසුගිය කාලයේ ඒ සිංහයාට තනි අයිතිය කියන්නට ගිය ලයිගර්ලා මෙන්ම, අධි සිංහවංශ පිරිස් තම පුද්ගලික අරමුණු උදෙසා ඒ සත්වයාට විවිධ ඇදුම් ඇන්දුවෝය. අලුත් පරපුර සිංහයා විසේකාර සතෙක් ලෙසින් දකින්නට පටන් ගැනීමත් එහි එක්තරා ප්‍රතිඵලයකි. සිංහයාගේ නීර්භීත අභිමානය උගේ විසේ වූ ලෙසම හොද ගුණයෙන් කලක් නැගුනු සිංහලයාද දුර්ගුණය වැළද විසේකාර ඇදුම් අදිනවාද? විසේ නමැති දුර්ගුණය බස්සාගෙන සිංහ ලයේ ගුණය නොහොත් අභිමානය කරා ආපසු යනවාද?
තීරණය ඔබ අතය, සියලු ජාතීන්ට සේ අපටත් අභිමානයක් ඇත්නම් රටේ සියල්ලන් හා එක්වී රටේ අනාගතයට උරදෙමු. හැබෑ සිංහ ලයක ගැඹුරේ ඇති අභිමානයක් නම් එයමය.

No comments: