Sunday, April 24, 2016

එක ගෙයි කුරුල්ලෝ

සිංහල ජාතිවදීන්, දමිළ ජාතිවදීන්, ඉස්ලාම් අන්තවාදීන්, සියලු ත්‍රස්තවාදීන් හෝ ෆැසිස්වාදීන් හෝ බෙදුම්වාදීන් ... එකම කූඩුවක කූඩු වන, කොටුවන දිනක් ඒවා. එක්කෝ මුන් තමන් සියල්ලෝ එකම මිනිස් වර්ගයා බව වටහාගෙන සමගිව, වටු වැද්දාගේ දැලෙන් නිදහස් වූ වටු රැළ සේ කූඩුවෙන් නිදහස් වී ඉගිලේවි., නැතහොත් එකිනෙකා කා කොටා ගෙන උන් හැම වැනසේවි. එකම ලොවක සහයෝගී පැවැත්මක් නොපතන මෙහෙව් සත්වයන්ට සුදුසු උරුමය එයමතමා...

No comments: