Wednesday, September 26, 2012

1 සම්මාන

මේ සිද්ධිය වුනේ ගිය වසරේ අග බාගෙ.

කවද කොතැන වුනත් අපේ මිනිස්සුන්ගෙ සරල සාමාන්‍ය චින්තනේ තියෙන්නෙ කාණු පල්ලෙද කියල අහන්න හිතෙන එකක්. එහෙම අහන්නෙ තරහකට නොවෙයි. දැන් මිනිස්සුන්ගෙ ආර්ථ්කමය මූඩ් එක බිදිල සාමාන්‍ය මිනිස් මූඩ් එකකට එන්නෙ ඒ වගේ වචනවලට නිසා. හැබැයි තව ටික දවසකින් නම් මොන වචනෙකටවත් මාකටින් මූඩ් එක කඩන්න අමාරු වෙයි මෙහේ සාමාන්‍ය කන බොන මිනිස්සුන් ගේ, නම්.. ඒක රස්ටගේ සිතිවිල්ලක්..

හරි ඒ කතා පැත්තක තිබුනාවේ..

සම්මාන උළෙල තරුණ පරම්පරාව උදෙසා රාජ්‍ය තරුණ ආයතනක මැදිහත්වීමෙන් පළාත් මට්ටමින් පැවති එකක්. ඒ මට්ටමේ තියෙන ප්පරධානම එක කිව්වොත් හරි.

ඔන්න ඉතිං මේක පටන් ගන්න තිබුනෙ හවස් වරුවේ. නමුත් මෙහේ වෙලාවට වැඩ ගොඩක් ඔර්ලෝසු විතරයි. අනෙක් දේවලට වෙලාවක් ඇත්තෙම නෑ‍. ඉතිං රස්ටාත් තමන්ගෙ යාලුවොත් එක්ක මෙතැන රස්තියාදු වුනේ තමන් ඇතුළු පිරිසටත් ආරාධනාවක් තිබූ නිසා.

කොහොම හරි අවේලාවට උළෙල ඇරඹුනා. එක එක අංග විශේෂාංග මැද්දෙ සම්මාන දෙන්නත් පටන් ගත්ත. රස්ටාටත් එකක් නොව සම්මාන කීපයක්ම තිබුන. හැබැයි මීට කලින් එකක් දෙකක් හරි ලැබිල තිබුණු සම්මාන වලට වඩා මේ සම්මාන විශේෂයි. මොකද මේවගේ අපේ විස්තරය සටහන් කරල තිබුනෙ කොල කැබැල්ලකින් සම්මානයට අලවලා.

ජී‍විතේට පළමු වතාවට මෙහෙම ඇගයීමක් ලැබුන නිසා රස්ටා මේ ගැන විපරම් ‍කළේ ඇත්ත දැනගන්නා අටියෙන්.

ඒක ‍ප්පරමාද දෝෂයක්ලු, ඒවා මෙහේ දේශපාලන මට්ටමේ සිට සුපුරුදු උත්තර නිසා ඇවිත් හිටපු පාලිමේන්තු මන්තිරිටත් ඒක ප්පරශ්නයක් නොවේ. හැබැයි රස්ටාට මේක දැනුනෙ නම් සම්මානයකටත් වඩා නිග්ගරහයක් හැටියට.

රස්ටා ලැබුනු සම්මානය අනෙක් පැත්තෙන්ම ආපහු එහෙට බාර දීල ආවෙ ඒ නිසා.

ඒව මාසයක් විතර අදාළ තැනම තිබුනා.

 නමුත් මාපියන් හා තවත් පිරිසක් වෙනුවෙනුත් මෙතනටත් ඔබ්බෙන් ගිය තරගාවලියකුත් නිසා මේ සම්මානනීය නොවූ සම්මාන  ගැන කතාකරන්න රස්ටට සිද්ධ වු‍නා. අවසානෙට සිද්ධ වුනේ  සම්මාන බලෙන් ලබාගන්න සිද්ධ වීමක් ‍වගේ දෙයක්. ඒක හරිම විහිළුවක්, ජුගුප්සාජනකයි.

විශේෂම කණගාටුව මේ සම්මාන උළෙල කලාවට සම්බන්ධ එකක් වීමයි. රාජ්‍ය අනුග්ගරහය තිබුන එකක් වීමයි.

මෙතන තමන්ගෙ රාජකාරිය වගේම ඒ ගැන වගකියන්නෙ නැති ප්පරශ්නයත් තිබෙනවා. සිදුවීම සුළුද නැතිද කියන එක හරි වැරද්ද සම්බන්ධ ප්රශ්නයක් නොවේ. වගකීමක් නැති කම මෙහේ ඉහළ සිට පහළටම දරුණු විදිහට වැළදිලා. බරපතළම දේ ඒ වගකීම් විරහිත භාවය කාටත් නොදැනෙන තරමට ගිහින් තියෙන එක. ලෙඩේ තියෙනවා කියලා රෝගියා දන්නේ නැතිකම.

සම්මාන ගැන කතා කරනවනම් මේ ලගදි චිත්තරපට සංස්ථා භූමියේ පැවති තවත් එකක පසුබිමේ කතාව හරිම ඛේදයක්, නමුත් ඒ දේවල් ගැන කතාකරන්න හෝ ඒ ගැන කතාකිරීම හෝ තවත් ඵලක් නැහැ. එනිසා ඒ ගැන කතා නොකරම ඉන්නම්.

සම්මාන ගැන රස්ටා මේ රස්තියාදු වීම් ඔස්සේ එක් දෙයක් තේරුම් ගත්තා. මගේ ජීවිත‍ රස්තියාදුවේ තව දුරටත් සම්මාන හෝ සම්මාන වෙනුවෙන් තරග හෝ තවදුරටත් වලංගු නැහැ යන්නයි ඒ.

තරුණයන් වෙත අශ්වයා හා කැරට් අල වන මේවායින් වන්නේ පිට කොන්ද කඩා ගැනීම පමණයි. අවසානයේ වයසට ගිය දාට කොන්දක් නැති අඩුපාඩුව දරාගන්න රස්ටාට නම් බැහැ.

ජීවිතේ කියන්නෙ ඕව මේව නෙවෙයි. හොයාගන්න තියෙන දේවල් බොහොමයි. තරුණ කාලෙම ඒ දේවල් තේරුම් ගත්තෙ නැත්නම් දුකම තමයි ඇත්තට. බොරුවට නම් පට්ට සන්තෝස.. ඒවා මොකට මට,

ඒකයි තවම අත නාරින්නෙ රස්තියාදුව, ශුද්ධ සිතින්..

 

 2 සත්‍ය

No comments: