Wednesday, September 26, 2012

?

2සත්‍ය. ට පස්සේ කුරුල්ලා ගැන රූප දෙකක් ඇමුනුවෙ යමක් දැනෙන අයට සත්‍ය ගැන දෙයක් හිතාගන්න.

 http://hallowrusta.blogspot.com/2012/09/blog-post_1053.html

 

3?

මේක තරම් දෙයක් තවත් නෑ. ප්රශ්න.. අපි කතා කරන්නම කැමති ජාතියක්. ප්රශ්න උත්තර නැතිව හරි කමක් නෑ, කතා කරන්න තියෙනවනම්. සමහරු මේ ගැන හිතන්නෙ එහෙමයි.

ඒත් බලාපොරොත්තු වෙනව නම් හොයාගන්න හැම ප්පරශ්නයටම උත්තරයක් තියෙනවමයි.

බස්‍ එකක දුර ගමනක් යනකොට රස්ටට කොච්චර නම් ප්පරශ්න ඇහැ ගැහෙනවද? ඇත්තටම ජීවිතේ තියෙන්නෙ අපි එක එක්කෙනාට තියෙන ප්රශ්න විසදගන්න ලැබෙන කාලයක් හැටියට නොවේද?

ප්රශ්න ඔලුවෙ තියාගෙන ඔලුව බිම තියාගෙන ජීවත් වෙන්න ඕන නෑ.

ප්රශ්න දැන ගෙන ඒව තේරුම් අරගෙන විසදගන්න මාර්ගෙක ජීවත්වෙන්න අපිට බැරිද?

ප්රශ්න ලකුණ අගට එන හැම දෙයක්ම ප්රශ්න නෙවෙයි. සමහර දේවල් අපට ඒවයෙ ස්වභාවය තේරුම් ගන්න බැරිකම නිසා අපිම ප්රශ්න ලකුණ දා ගත්තු ඒවා. අර මං කිව්ව ප්රමිති ගත සත්‍ය හා සැබෑ සත්‍ය පිළිබද තේරුම් ගන්න බැරි වුනාම රස්ටාටත් ජීවීතේ ලොකුම ප්පරශ්නයක් නොවුනා නොවේ විටෙක.

නමුත් ප්පරමිති ගත සත්‍ය හා අනුගතව පැවැත්ම තබාගන්නා අතරම සැබෑ සත්‍ය මත දෙපා තබාගෙන සිටියොත් බොහෝ දේට පිළිතුරු අපට ගලාගෙන එන්නෙ නොහිතන විදිහට.

එතකොට තව දුරටත් ප්රශ්න ලකුණක් හිතට ගේන්නෙ දුකක් නොවෙයි, සතුටකූත් නොවෙයි. අවබෝධයක්, සමහර විට ජීවිත අවබෝධයත් ඒක වෙන්න පුලුවන්.

ඕන දෙයක්,

බස්‍ එකක පොඩ්ඩක් දුර ගමනක් යනකොට අර කීවාසේ ප්රශ්න අප ඇහේ ගැටෙද්දී ඒවා දෙස සැබෑ සත්‍ය අනුසාරයෙන් බලන්න පුලුවන් කමක් තිබුනොත් අපේ රස්තියාදුව ශුද්ධ වී ජීවිතේට තවත් දෙයක් එකතුවුනා වගේ දැනෙන්නේ නැතිද? මේක ප්රශ්නයක් නොවේ ලකුණ දැම්මාට, 

අවබෝධයක්.

බස් එකේ නොවෙයි, පයින් වුනත් ගමනක් නිකං රස්තියාදු වෙන ගමනක් නොවේවි තවදුරටත්, එතකොට.

ඒක නිසා හොයාගන්න උනන්දුවෙන්න ප්රමිතිගත සත්‍යයෙන් එහා ලෝකය.. ඒක තමන්ගෙ පුංචි සරීර කූඩුවත් ඕක ඇතුළෙ තියෙන හිතේ රස්තියාදුවත් අනුසාරයෙන්ම තේරුම් ගන්න බැරි කමකුත් නෑ‍. දහමේ කියවෙන ආකාරයටම ශුද්ධ විය යුත්තේ හිත, සිතිවිලි.

රස්ටාගේ රස්තියාදුවත් එහෙමයි. පයින් නොපයින්..

 

4සෙල්ලං

No comments: