Friday, March 13, 2026
Sunday, February 22, 2026
Friday, February 20, 2026
Thursday, February 12, 2026
Saturday, February 7, 2026
Thursday, February 5, 2026
Tuesday, February 3, 2026
Wednesday, January 28, 2026
Thursday, January 22, 2026
Monday, January 19, 2026
Friday, January 16, 2026
Saturday, January 10, 2026
Thursday, January 8, 2026
ත්‍රිත්වා හෙටයි - (පාට/පක්ෂ/ජාති/ආගම්/කල්ලි/පන්ති නොසළකයි)
රටක ජනතාව එක මිටකට ගොනුවිය යුත්තේ කිසියම් දේශපාලනයක් උදෙසා නොවේ. මිනිස්සු එය දනිති. හැම ව්‍යසනයක් තුළම මෙරට ජනතාව අවිඥානිකවම සවිඥානිකව ක්‍රියාත්මක වන්නේ එබැවිනි. නමුත් ඒ සවිඥානික බව ව්‍යසනයන්ට පෙර සහ සෑම අවස්ථාවකදීම අවිඥානිකත්වයෙන් තොරව නොපවතින්නේ ඇයි?
Wednesday, December 31, 2025
Wednesday, December 24, 2025
ඒ ගිනි නිවන්න - (දරුවන් බැටකන්නේ කණාමැදිරියන්ගෙන් නොව ගිනිපෙනෙල්ලෙනි)
රටේ බහුතර දරුවන්ගේ ඇත්ත ප්‍රශ්නය තමාට සම්මාන හිමි නොවීම නොවේ. තම දෙමාපියන්ගේ සවි ශක්තියේ ඌනතාය, දුබලතාය. ඒ නිසා තමාට අහිමි වූ අවස්ථාය. ඒ නිසා ඇතිවූ පීඩාවන්ය, විඩාවන්ය. දුගියන් ලෙස අන්‍යන්ගේ අනුකම්පාව මත යැපෙන්නට සිදුවීමය. එවැන්නෙකුට වේදිකාවක කතා කිරීමට දහසකුත් සමාජ අසාධාරණකම් ඇත. හඳගමයන්ගේ විදූ චිත්‍රපටය ඇතුළේ තිබුණේ එවැනි කතාවක් බව මට මතක නම් ඔබටද අමතකව ගොස් නැතිව ඇති .
ඒ වැනි කතා කිසිවෙකු විසින් අවදි කළහොත් මිස කිසිදා අවදි වන්නේද නැත.
ඒ ගම්බද පාසල් කිසිවෙකු දන්නේද නැත. නගරයේ වුව බහුතර දරුවෝ සම්මාන වලට මෙහා සැබෑවටම විඳවන්නේ කලින් හැදූ තරඟයකට අහඹුව වැටීමේ ප්‍රතිඵලය සහ ඒ තරඟය සැපතක් කොට ගන්නට යෑමේ දරුණු ආතතියය. බොහෝ විට නිතර ගිනි පූපුරු නංවන මේ නූතන සමාජය ළඟ ළඟම ඇවිළෙන්නේද වැඩිහිටියන් ද ඒ ආතතියෙන් ම පෙළෙන හෙයිනි. ඇවිලෙන ගිනි වලට පිදුරු දමමින් මහා සමාජය තවදුරටත් අවුලා ගැනීමට නොයා අනුක්‍රමයෙන් සොබාදහමෙන් පවා දැඩිව පහර වැදුනු මිනිසුන් තමා විසින් තමා නිවා ගැනීම දැන් ඇරඹිය යුතුමය. කොතරම් දුෂ්කර වුවත් මහපොළවේ යථාර්තයේ පය ගසා මිස නැවත නැගිටීමක් සුපුරුදු සිල්ලර එකිනෙකා කුළල් කා ගන්නා ඉතිහාස ගත පුරුදු තුළින් ලැබෙන්නේ ම නැත. පාසල් දරුවන් නොව මේ වැඩිහිටියන් ජන්මගත දුෂ්ඨත්වය පසෙකලා දරුමුණුපුරන්ගේ නාමයෙන් හෝ සැබෑ වීරත්වයේ භූමිකාවට පණ පෙවිය යුතු කාලයයි. ආදර්ශයේ යුගය ඇරඹිය යුතු ඔබයි. ඔබ විය යුත්තේ පාලකයෙකු ඉදිරියේ හඬා වැටෙන වහලෙකු නොව පෙර ගමන් කරුවෙකුයි.
නත්තල් තෑග්ග
ඉදිරිපත් වීම හොඳ ගුණයකි. සාධාරණය විමසිය යුතු දෙයකි. නොදන්නා සත්‍ය මත, පූර්ව විනිශ්චයන්/ නිගමනයන් මත, වීරවරයන්/ වීරවරියන් බිහි කිරීම තුළ, ජුදාස්ලා, පිලාත්ලා රටට ලෝකයට බිහි කිරීම නොකළ යුත්තකි!
Tuesday, December 23, 2025
ජෙන් සී ට බියේ/ගෞරවයෙන් හාන් සී වීමද? (වැඩිහිටි පරපුරක් නැත)
පූර්ව වශයෙන් අනතුරු ඇඟවූවේ නැති බවට දොස් කීම් නඩු අවනඩු මේ දිනවල බහුලය. මේ කියන්නට යන්නේ එහෙව් තත්පරෙන් වෙනස් වන කාළගුණය ගැන නොවේ. මේ රටේ නූතන වැඩිහිටියන් ගේ දුර පෙනීමට අදාළවය.
ජෝන් සී නා ගේ පරපුරෙන්.... පණිවුඩයක් (විමසිලිමත් බව සඳහා කහ නිවේදනය)
ජෙන් සී
ඉල්ලලා ගන්න පරපුර ද
ඊළඟට හාන් සී
ගහලා ගන්න පරපුර ද
ප්‍රවේශමෙන්
උඩදාන පරපුර ට
හාන් සී එනකොට
හාන්සිම පරපුර වෙත ට
මහ මිනිසුන් විසින් කළ යුතු කාර්යයන් දරුවන්ට පැවරීම හෝ දරුවන් හරහා එළි දැක්වීම අතිශය භයානකය. මෑත අතීතයේ අපගේ භෞතික මෙන්ම සමාජීය පාරිසරික විනය ඉතා පහත්ය. කලක ළමා සොල්දාදුවන් නිර්මාණය කොට තිබූ රටකි අප. අසාධාරණය සාධාරණය කරන මුවාවෙන් ජාති, ආගම්, පක්ෂ, ගුරු දෙගුරුන් හෝ පාසල් කෙරෙහි වෛරය වැපිරීම හරි පහසුය. තවදුරටත් දේශපාලනය අල්ලා ගිනි මතට පිදුරු හෙළීමත් පහසුය. එබඳු ලොව ගිනි ගන්නා සැටි අපට පෙනේ. ගස් කැපීම පහසු වුව කඳු නාය යන විට අතින් අල්ලා නැවැත්වීමටත් ඒ පහසුවෙන්ම හැකි නම් 'නැව ගිලුනත් බෑන්චූන්' කිසිඳු ගැටළුවක් නැත. ගංඟාවල් පිරුණේම අපි විසින් වර්ණනා කළ පුංචි පුංචි වැහි බිඳු අපට ඇහුම් කන් නොදී ඇළේ දොළේ වැවේ ධාරිතාවය අභිභවා දෙගොඩතලා ගිය බැවින් බව, සති කිහිපයක් තුළ අමතක වී යාමට ඉඩ නොදීම කාට කාටත් මතුවට වැදගත් වනු ඇත.
අනතුරුත්, තනතුරුත්, සම්මානත් එක වැනි බව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන පරිණත වැඩිහිටියෙක් වෙන්න!






