රටේ බහුතර දරුවන්ගේ ඇත්ත ප්‍රශ්නය තමාට සම්මාන හිමි නොවීම නොවේ. තම දෙමාපියන්ගේ සවි ශක්තියේ ඌනතාය, දුබලතාය. ඒ නිසා තමාට අහිමි වූ අවස්ථාය. ඒ නිසා ඇතිවූ පීඩාවන්ය, විඩාවන්ය. දුගියන් ලෙස අන්‍යන්ගේ අනුකම්පාව මත යැපෙන්නට සිදුවීමය. එවැන්නෙකුට වේදිකාවක කතා කිරීමට දහසකුත් සමාජ අසාධාරණකම් ඇත. හඳගමයන්ගේ විදූ චිත්‍රපටය ඇතුළේ තිබුණේ එවැනි කතාවක් බව මට මතක නම් ඔබටද අමතකව ගොස් නැතිව ඇති .
ඒ වැනි කතා කිසිවෙකු විසින් අවදි කළහොත් මිස කිසිදා අවදි වන්නේද නැත.
ඒ ගම්බද පාසල් කිසිවෙකු දන්නේද නැත. නගරයේ වුව බහුතර දරුවෝ සම්මාන වලට මෙහා සැබෑවටම විඳවන්නේ කලින් හැදූ තරඟයකට අහඹුව වැටීමේ ප්‍රතිඵලය සහ ඒ තරඟය සැපතක් කොට ගන්නට යෑමේ දරුණු ආතතියය. බොහෝ විට නිතර ගිනි පූපුරු නංවන මේ නූතන සමාජය ළඟ ළඟම ඇවිළෙන්නේද වැඩිහිටියන් ද ඒ ආතතියෙන් ම පෙළෙන හෙයිනි. ඇවිලෙන ගිනි වලට පිදුරු දමමින් මහා සමාජය තවදුරටත් අවුලා ගැනීමට නොයා අනුක්‍රමයෙන් සොබාදහමෙන් පවා දැඩිව පහර වැදුනු මිනිසුන් තමා විසින් තමා නිවා ගැනීම දැන් ඇරඹිය යුතුමය. කොතරම් දුෂ්කර වුවත් මහපොළවේ යථාර්තයේ පය ගසා මිස නැවත නැගිටීමක් සුපුරුදු සිල්ලර එකිනෙකා කුළල් කා ගන්නා ඉතිහාස ගත පුරුදු තුළින් ලැබෙන්නේ ම නැත. පාසල් දරුවන් නොව මේ වැඩිහිටියන් ජන්මගත දුෂ්ඨත්වය පසෙකලා දරුමුණුපුරන්ගේ නාමයෙන් හෝ සැබෑ වීරත්වයේ භූමිකාවට පණ පෙවිය යුතු කාලයයි. ආදර්ශයේ යුගය ඇරඹිය යුතු ඔබයි. ඔබ විය යුත්තේ පාලකයෙකු ඉදිරියේ හඬා වැටෙන වහලෙකු නොව පෙර ගමන් කරුවෙකුයි.

No comments:
Post a Comment