හොරු නැති රටේ ඇඳි වත ඉනු ජනපතිට
සහායට අගමැති ද මැති ඇමතිද පැමිණ
හැම දෙන හිඳින විට හෙලුවෙන් එක පෙළට
ආඩම්බරයි හොරු නැති රට හොරු හැමට
හොරු නැති රටේ ඇඳි වත ඉනු ජනපතිට
සහායට අගමැති ද මැති ඇමතිද පැමිණ
හැම දෙන හිඳින විට හෙලුවෙන් එක පෙළට
ආඩම්බරයි හොරු නැති රට හොරු හැමට
රට වැසියා වෙනුවෙන් නැති සටන්කාමිත්වයකින් ස්වකීය හාම්පුතුන් වෙනුවෙන් බුරන බල්ලෝ සිටින පාර්ලිමේන්තු සඳහා දරණ වියදම් බලු කපුටු දානයක් ලෙස සළකමු!
ඉහළ පැළැන්තියේ දූෂණයත් දූෂිතයන් රැකීමත් නොනවතින රසාස්වාදයක් වෙමින් පවතින රටක සාමාන්‍ය පැළැන්තියේ යුක්තිගරුක ගුණ ගරුක සැබෑ මහත්වරු සිල් සමාදන් විය යුතුද?
ඒ පාලක මණ්ඩලයත් රටේ පාලක මණ්ඩලයත් අතර ලොකුම වෙනසක් නැත.
ඒ ක්‍රීඩකයින්ගේ අසමත් වීමත් රටේ ජනතාවගේ අසමත් වීමත් අතර ලොකුම වෙනසක් නැත.
පිට්ටනිය සහ පොට්ටනියේ නම් ලොකුම වෙනසක් ඇත.
රට නොහැදුවට භූමි භූමිපුත්‍රයෝ නොහැදුවට ඔවුන් තමන් වෙනුවෙන් ලක්ෂ ගණනින් ඡන්ද දායකයො හැදුවා ~ අදටත් හෙටටත් හදනවා ~ ඒකට කාටත් වැඩ පිළිවෙලක් තියෙනවා, ප්‍රතිපාදන තියෙනවා!
රෝහල් ළඟ මල් ශාලාව තියෙනවා!
බංකොලොත්භාවය ළඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තියෙනවා!
ඊළඟ ජනපතිවරණයට අපේක්ෂකයො ඉන්නවා!
මේ ලෝක කුසලානෙට පස්සේ ඊළඟ ලෝක කුසලානය තියෙනවා!
හැමදාටම හැමදේටම අපි ළඟ ඕන තරම් විචාර විවේචන තියෙනවා!
ආන්දෝලනයක් නම් විධායක ජනාධිපතිගෙ කොමිසන් තියෙනවා!
බොහෝ දේ වලින් පැරදුනත් අපි
පරදවමු ඔවුන් පිට්ටනියෙදි !
ඉතිහාසයේ ජයග්‍රහණ ප්‍රති නිර්මාණය කළ හැකියි ~ ඔබලා දේශපාලකයින් නොවන නිසා ~
පාර්ලිමේන්තුවේ ගලි බවුසරෙන් නාලා
මහජනයාට කඳුළු වතුර බෙදලා
විධායකේ දෙන දංකුඩ කාලා
කොන්දයි හිසයි හදවත දන් දීලා
මජර තක්කඩි ගෑණු මිනිසුන් පොදු වේශයෙන් කරන පුද්ගලික කෝන්තර දේශපාලනය උදෙසා රටේ ~ පාර්ලිමේන්තුවේ සහ ජනමාධ්‍යයේ කාලය වෙන් කිරීම යනු ~ ගලි බවුසර් සේවාවක්මය.
සාර පින් බිම නිස්සාර
කරපු උන් වී සරුසාර
සමය නිමවා පව්කාර
නසා ලමු විෂ විෂඝෝර
අවකෙළි කරන් ගිනිකෙළි
ගුණ දම් මරා ගුටිකෙළි
මජරයින්ගේ සැණකෙළි
කොහෙද රජයේ සැලකිළි
කිරි දරු ගෙන ප්‍රාණ ඇපයට
මව කෙළෙසන්න හැකි උන් හදන තැනකට
තව කල් මරා රට රමණ නැකතට
ඉඩ නොදෙමු සුනඛයින් රට කරන තැනකට
වැළලෙද්දි ජනතාව දකිමින් මගමරු
උන් හැමදා මැති ඇමති ජනාධිපතිවරු
වගකීම විහිළුවක් ජොලියක්ම වූ පසු
ආතල් නොකඩන්න වැළලෙන්න මින් මතු
අන් රටවල ජාතක විශ්ලේෂණය තබා තමන්ගේ ජාතකය සොයා පාදා හදා ගත යුතු රටක ~ යුක්තිගරුක මිනිස්සු
ස්ත්‍රීන්ගේ අමුතු හොඳක් හෝ පුරුෂයින්ගේ අමුතු නරකක් නැත. හොඳ නරක අඩු වැඩි වශයෙන් කොයි මිනිසා තුළත් අද්දැකිය හැක. කොයි නරකය අවසානයේදීත් වැළලෙන්නේ අප (තුළ ශේෂ වුණු පුරුෂාර්ථයන්) පමණි.
සභාව එකඟ ද
හායි
19 ට
හායි
20 ට
හායි
21 ට
හායි
ජනතාවට
හායි
ජනතා අයිතීන්ට
බායි
විධායකයේ පර්යේෂණාගාරය
ව්‍යවස්ථාදායකයේ භොජනාගාරය
අනිත් එකේ බන්ධනාගාරය
ඇහැරුණොත් ආදාහනාගාරය
කෙළ වෙලා
බොහෝම ස්තූතියි
ඔබතුමා ඉඳගන්න
වණ වෙලා
බොහෝම ස්තූතියි
ඔබතුමා ඉඳගන්න
හෙණ ගහලා
බොහෝම ස්තූතියි,
කෙළ වෙලා වණ වෙලා නේ හෙණ ගැහුවේ
ඒක නිසා දැන් වැඩක් නෑ
ඔබතුමා ඉඳගන්න
එකමුතු නොගෙතු මහ විප්ලව ගඟේ ගියා
ගජමුතු නැතත් තනි ගේමක් ගොඩට ගියා
එක එක දනා ඒ ගේමට රටින් ගියා
රට වෙනුවෙන් වූ හීනය හිතින් නොයා
අතේ තිබුණු ජය රැක ගන්නට බැරිව
හිතේ තියෙන ගට දියවෙන්නට හැරිය
කොතන කාට මුත් පැරදුම වන හරිය
ණය ණය නොවෙයි දැය අබිමන ජය කොඩිය
මහවුන් දණ ගැසූ තැන දී රට පාවා
තව මොන කතා විකුණා ගෙන කන ඒවා
උරුමය කරට කරුමෙට උර බල දී ලා
හිඟමන් වින්දනේ නින්දෙන් ඇහැරේ වා!
විදේශ සහනාධාර පලමක් ලෙවකමින් ගැලරියේ හිඳ පාර්ලිමේන්තු ෂෝ එකක් බැලීමෙන් ලැබෙන ආස්වාදය වැන්නක් මෙකල්හි ලාංකේය වැඩිවයස් පුරවැසියෙකුට අන් කිසිඳු ව්‍යායාමයකින් ලද නොහැකිය. පන්දුවෙන් පන්දුව විචාරමින් නරඹන ජාත්‍යන්තර පිති පන්දු ක්‍රීඩා තරඟයකින් වත් එවැනි ආස්වාදයක් ඔහුට ලැබිය හැකි දැයි සැක සහිතය. බටහිර යථාර්තවාදය පරදන ලාංකීය දේශපාලන නළු නිලියන්ගේ අනගි රැඟුම් නැරඹීමෙන් ලැබෙන ආශ්වාදය, අඥාත කතෘවරුන් විසින් ආගාධයකට ඇද දමන ලද රටක තම ජීවන අරගලය මොහොතකට ඔහුට අමතක කරවයි. ජවනිකා තුළ ඇති අන්දා මන්ද රසය, පාර්ලිමේන්තු ක්‍රමය නඩත්තුව උදෙසා වෙන් කෙරෙන අති මහත් මුදල් කන්දරාව පිළිබඳ පුරවැසියාගේ සිත් තුළ ජනනය කරන්නේ කෝපයක් නොවේ. ශෝකයක් හෝ කළකිරීමක් ද නොවේ. තමන් විසින් නඩත්තු කෙරන ක්‍රමය පිළිබඳ අසීමිත භක්තියක් හා හද කුල්මත් කරන ප්‍රීති ප්‍රමෝදයකි. පාර්ලිමේන්තුවේ අනගි දසුන් නරඹන අතර "අනේ අපොයි!" නොකියන්නෙක් ජනතා ගැලරියේ නැත. ඒ ලෙසින් නිරායාසයෙන් කිසිවෙකුට කියවෙන්නේ නිකමට නොවේ. ඒ අතර "අනේ මුන්නැහෙලාව දෙවියෝම බලා ගන්ට ඕනෑ !" තවකෙකුගේ මුවගින් ප්‍රාර්ථනා පිරි වදන් ගුවනට එක් වන්නේ අහේතුවකටද නොවේ. ලාංකේය ගති සිරිතට අනුව හදවතෙහි ජනිත වන්නා වූ ළතෙක් හැඟුමන්ගේ නිර්ව්‍යාජ ප්‍රකාශනයක් වශයෙනි. නොසෑහෙන්ට රට වැසියා සතුටු කරන ප්‍රජාවක් වෙනුවෙන් සිරිලක වැසි අනන්‍යතාවේ හද පතුල අව්‍යාජත්වයෙන් ඇවිලෙන්නේ එලෙසිනි.