අද රටේ පාර්ලිමේන්තුවක් නැත. ඇත්තේ නාඩගම් මඩුවකි. අදත් හෙටත් එහි රටටම නාඩගම් පෙන්වනු ඇති. වගන්ති වලට වහං වී ජනතාවගේ අටු කඩා හපුටු උන් පුටු හදා ගත්තා පමණකි.
උන්ගේ පරපුටු කඩා ජනතාවගේ අටු සකස් කර ගනු විනා දැන් අන් මගක් නැති.
අද රටේ පාර්ලිමේන්තුවක් නැත. ඇත්තේ නාඩගම් මඩුවකි. අදත් හෙටත් එහි රටටම නාඩගම් පෙන්වනු ඇති. වගන්ති වලට වහං වී ජනතාවගේ අටු කඩා හපුටු උන් පුටු හදා ගත්තා පමණකි.
උන්ගේ පරපුටු කඩා ජනතාවගේ අටු සකස් කර ගනු විනා දැන් අන් මගක් නැති.
ධර්මය හා විනය ශාස්තෘන්ගේ ඇවෑමෙන් ගුරු තනතුරට පත්වන්නේ වටින්නේ අනුගාමී හිසක් නොව ප්‍රතිපදාව හෙයිනි.
රටක ට නිවැරදි ඔළුවක් ~ නායකත්වයක් යනු හුදු හිසක් මත නොවෙනස් වන ප්‍රතිපත්ති මාලාවක්, ජාතික ප්‍රතිපත්තියක් !
අපට ඕනෑ යහපත් හෙටක්, යහපත් රටක්, ජරාජීර්ණ කුණු වුණු පිළුණු ක්‍රමවේදයට විකල්පයක් මිස පරණ ඉඳුල් වලට අළුත් පිඟානක් නොවේ !
රට ජාතිය කියා බොරුවට තැටමුවා මිස පාලකයො කිසි දිනක රට සංවර්ධනයට ජනතා දායකත්වය ගත්තේ නෑ. තරුණයන් ව යුද්ධෙට දැක්කුවා මිස තරුණ ජවය රට සංවර්ධනයට දායක කර ගන්න කිසි නායකත්වයක් වැඩ පිළිවෙලක් තිබුණෙ නෑ. අලුතෙන් හිතන්න, රටේ ඉදිරිය ගැන හිතල හදපු කාලරාමුවක් තිබුණේ නෑ. තමන්ට දේසපාලන අනාගතයක් තියෙනවද කියන එක මිසක් රටට අනාගතයක් තියෙනවද කියන එක හිතුවෙ නෑ. ජීවත් වෙන්නෙ මේ පොළොවෙ කියන එක ගැන හැඟීමක් තිබුණේ නෑ. අපිව රස්තියාදු කළා. ගමේ ග්‍රාම නිලධාරිගෙ කාර්යාලයේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම රස්තියාදු කළා විතරයි. කරපු සොච්චම ගැන කෝටියක් කයිවාරු ගැහුවත් නොකෙරුණු කෙළ කෝටියක් කාරණා ගැන කිසිම විචාරයක් තිබුණෙ නෑ. කෙරුණ සාධාරණ සදය විචාරයක් වත් සත පහකට මායිම් කරපු ඉතිහාසයක් අපි දැකල නෑ.
බලය ඉස්සරහ උවමනාවටත් වඩා දෙකට තුනට නැමිල
අතිගරු
ගරු
කියමින් ඇත්තෙන්ම ගරුකටයුතු මිනිස්සුන්ට තිබ්බ වටිනාකමත් නැති කර ගත්ත සමාජයක් අපි. ඒ කාලෙම ආචාර්යවරු පැටව් ගැහුවා. දේශමාන්‍ය කම් වීරයො ජාති හිතෛශීන් හැම තැනම. ඒ හින්දම වෙන්න ඇති අද අපි මෙහෙම තැනක.
සුදුස්සා සුදුසු තැන ගන්න සටන් කරන්න ඕන රටක් හැදුනෙ ඔන්න ඔහොම.
තවදුරටත් අපේ මහ වුන් වැරදුණු තැන්, වරද්දාපු තැන් පිළිගන්න සූදානමක් නෑ. හිස කඳෙන් වෙන් වුණාට පස්සෙත් කෙටි වෙලාවක් පණ ගැහෙන කවන්ධයක් වගේ දැන්. මහසෝනෙක් හදාගන්නෙ නැති වෙන්න නිවැරදි ඔළුවක් ඕන වෙලාවක් දැන්. ආපස්සට ගමනක් නැති ඉදිරියට පමණක් යායුතු වෙලාවක් දැන් !
අපමණ බලපොරොත්තු රාශි ගත කොට අසීමිත බලයක් ජනතාව විසින් පවරා ඇති කලද, කළ යුත්ත පසෙක ලා තම පවුලේ හා පුද්ගලික අභි~මානය තකා සැබෑ මහජන මතය මඟ හරින්නා බිය සුළු නිවටයෙකි.
සැබෑ බහුජන මතය, සැබෑ වියත් මතය විමසන්න ෴
අට වසරකට වැඩි කාලයක් තිස්සේ කිසිඳු පෙළඹවීමකින් තොරව (75000 කට වැඩි වාර ගණනක්) සුළු වශයෙන් හෝ යමක් පවසා, නොපවසා මුත් මෙහි ආ ගිය (සෑම රටකම වෙසෙන සිංහලෙන් කියවන) ඔබ හැමට ස්තූතියි.
💟
අයුබෝවන්!
මීට, හලෝවි රස්ටා/ ශුද්ධ වු රස්තියාදුව
පරාර්ථකාමී, බුද්ධිමත්, යුක්තිගරුක නායකත්වයන් සඳහා ලංකාවේ දේශපාලනයේ ඇබෑර්තු ඇත.
මහ ජනතාව විමසන්න.
පුද්ගලයා සේම රටක්ද "ඡන්දයෙන්" වුව අගතියට යා යුතු නැත.
අපි - ඡන්ද, දෝෂ, භය, මෝහ - සතරෙන්ම අගතියට යමින් හිඳිමුද...
කෝවිඩ් කියා හෝ ඒ බාසාවේ නම් වෙනසක් නැත. මේකට බොහෝ අය කියන්නේ "සිස්ටම් එක" කියාය.
රටේ හැම කොනකම වාචික හෝ ලිඛිත භාෂාව ට එහා බලපවත්වන්නේ සන්නිවේදනයට වචනයක්වත් උවමනා නැති ඒ බාසාවයි. බොහෝවිට දේසේ හැටියට බාසේ යැයි කියා ඇත්තේ මේ බාසාවට මිතුරු අනෙක් බසට විය හැකියි.
ඒ බාසාව මැනවින් උගත්තෝ මෙරට දිනන්නෝය. පාසලේ හෝ මළපොතෙන් අකුරක් ඒ සඳහා ඕනෑ නැත. හතර විලිලජ්ජාවක් නොගෑවුණු කපටිකම මේ සඳහා හොඳටෝම ප්රමාණවත්ය.
රටේ ඉහළම තනතුරට, පදවියට පත් කරන මිනිසා මහජන ඡන්දයෙන් වෙනස් කළ හැකි වුවත් දියුණු ලක්වාසියාට අදටත් රස විඳිනන්ට සිදුව ඇත්තේ ඒ බාසාවමය.
ක්‍රමේ නොහොත් ඒ කරුමය වෙනස් කරගැනීම ලාබෙට කරගත නොහැකිය. රන්ජන් ලාගේ බාසාව උපදින්නේ ඔතැනය. සමහර වචන හැර ඒ බාසාව නැතිව මෙරට ජීවිතය ද විහිළුවක්මය.
තම මානය හා පැවැත්ම රැකගැනීමට කිසිඳු විලිබියකින් තොරව බොරු කීම හා කිරීම මේ රටේ අදටත් නොවෙනස් එකම ජාතික ප්රතිපත්තියයි.