- කුණුහරප වලින් ආවේග වලින් රට ජාතිය ආගම රකින්න පුලුවන්නම් ඉතිං අමුතුවෙන් කරන්න දෙයක් නෑනේ, දැනටමත් රැකිල ඇති.
- හරියට ධර්මයක් රකින මිනිස්සුනම් ජාතියත් රටත් රකින්න අමුතුවෙන් වෙහෙසෙන්න උවමනාවක් වෙන්නෙත් නැහැ.
- අනික අද වෙනකොට රට ජාතිය ආගම ගැන තියන කැක්කුමේ හැටියට හොද යහපත් අරමුණෙන් ගොඩනංවන සද්ධර්ම ප්‍රතිපදා ව්‍යාපාරයකට පුදුම ජනසන්නිපාතයක් ගොනුවේවි. එතකොට ඒ යහපත් ජන බලය සමාජය යහපත් දිශානතියකට නිසැකවම යොමුකරාවි.
- මරාගෙන මැරෙන්න හදන ජාතිආලය දෝරෙගලන මහදැන මුත්තන් මේ ප්‍රතිපදාවට නොබහින එකයි තියන ගැටලුව.
- ඈත්තම අරමුණ රට ජාතිය ආගම නම් පළමුව යහ ප්‍රතිපදාව නොවෙද සමාජගත විය යුත්තේ, අප බොහෝ ඉස්සර ඉදන් දේශපාලනය හා පටලවා ගත් තැනක් නොවෙයිද ඔතැන?
- වාසි ගත්තේ දේශපාලකයා මිසක ධර්මිෂ්ඨ රටක් හැදුනාද? ඉතිං එබදු, දේසපාලන අරමුණු හැංගුණු අරගල තුළින් අවසානයේ සමාජයට දායාද වන්නේ මොනවාද? අනාගත පරපුරට උරුම කරන්නේ මොනවාද? කාළකණ්ණි ඉච්ජා භංගත්වයක් පමණක් නොවේද?