තොග වශයෙන් රංග ගත වන ජාතික නර්තන අංග අතරේ
අදේශපාලනික යුක්තිය උදෙසා නායක සොල්දාදුවන් ගණන මද වේ
හිංසක පීඩක ඝාතක තිරිසන් නාමික මිනිස් කතරේ
සිල්ලරව මියැදෙන මිල නැති අංකිත මිනිසුන් සතුන් අපවේ
තොග වශයෙන් රංග ගත වන ජාතික නර්තන අංග අතරේ
අදේශපාලනික යුක්තිය උදෙසා නායක සොල්දාදුවන් ගණන මද වේ
හිංසක පීඩක ඝාතක තිරිසන් නාමික මිනිස් කතරේ
සිල්ලරව මියැදෙන මිල නැති අංකිත මිනිසුන් සතුන් අපවේ
සොබාදහමට පමණක් නොව කෘතිම නිමැවුමක ක්‍රියාකාරිත්වයට පවා රිද්මයානුකූල චලනයක් අවශ්‍යය. ජීවත්වීම මෙන්ම ආණ්ඩු කෙරුවාව යනුද එක්තරා රිද්මයානුකූල චලනයක් සහිත ක්‍රියාවලියකි. රිද්මය බිඳගත්තෝ මුණින් හතරගාතෙන් ආදී වශයෙන් ඇද වැටී සිය කොඳු බිඳගත්තෝ තරාතිරම රට පක්ෂය හෝ කාලය අදාළම නොවිණි.
රිද්මය යනු එකවර පැමිණෙන්නක් නොවේ. නිසි රිද්මයට පැමිණි පසු ශතකයක් දක්වා වුව ජීවිතය සේම ආණ්ඩුකරණයේ දේශපාලන පිතිකරුවන් පවා ක්‍රීඩා නොකරතැයි පූර්ව නිගමන දීම, වෙනස්වන වේගය වෙනස්වන ලෝකයේ අතීතයේ තරම් පහසු කාර්යයක් නොවේ.
අද ජීවිත වලින් පලායන්නේ බොහෝ විට සුබ සිහින නොදකින්නන් පමණක් ම නොවේ. අසුබයම හීනයෙන් දකින්නන්ය. අධිවේගයෙන් මිදෙන්න. මන්දනයෙන් ද මිදෙන්න. නිදහසේ හුස්ම වැටෙන්නට ඉඩදෙන්න. සුළු උත්තේජයෙන් අමන්දානන්දයට පත් නොවන්න. නිවැරදි රිද්මය සොයා ගන්න.
එවිට තාලයට පැද්දෙමින් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් වැල්පාලමේ පමණක් නොව පාලමේ වැලක අතුරක වුව යා හැකි වනු ඇත.
රටක් වෙනස් කළ හැක්කේ එබඳු වූ රිද්මයානුකූල චලනයක් තුළින්ම පමණි.
හඳුනාගන්න, රටේ රිද්මයට එක්වෙන්න.
ජාතික ගීයට ඔබ්බේ හැමදාම උදේට රටටම එකට නටා ප්‍රබෝධයෙන් රිද්මයට පිවිසිය හැකි ජාතික නැටුමක අවශ්‍යතාව මා පුරවැසියෙකු ලෙස නිරන්තර යෝජනාකරන්නේ ඒ මනෝවිද්‍යාව මෙලෙස අතිශය ගැඹුරින් අවධාරණය කරමිනි. 🧐🙂🤫🤸
ගිය වසරේ වෙසක් සමයේ ඇරඹි මහමග හිංසනය මේ වෙසඟේ නිමා වේවා! තිරිසනුන් වෙත මිනිස්කමෙන් සපිරි මිනිසුන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේවා!
හිංසාව මැඬලීම පිණිස අවිහිංසාව ප්‍රවර්ධනය කරමු!
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
සමාජයම හිංසකයන්ගෙන් පිරී නැතත් හිංසනයන් දෙගොඩතලා ගලා බසින බව පැහැදිලියි.
ඊට හේතුව හිංසනය මගේ නොවීම ද? මට නොවීමද? හිංසනයට ඇති බියද? හිංසකයන්ට ඇති බියද? භක්තියද???
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ඒ කිසිවක් වුව කිසිවකුට හිංසා කිරීමේ ශුද්ධ වූ අයිතියක් කිසිවෙකුට නැත.
විශාදය සාදයක් වී
අසාමාන්‍ය ජනයාටද පාසල් සිසුවාටද පොදුවේ විවෘත වන පරිදි මෙරට සිට පාතාලයට තනා ඇති අධිවේගී ගුවන් පාලම් සේම අභ්‍යන්තර ගුවන් ගමන් ද තහනම් කළ යුතු බව දිනපතා යළි යළිත් අවධාරණය නොවන්නේද?
ඉහළට විසි කොට වෙඩි තැබීම ක්‍රීඩාවක්. කිසිවෙකු ඔබ පමණට වඩා වැඩියෙන් ඉහළට ඔසවනවා නම් ප්‍රවේශම් විය යුත්තේ ඒ නිසා.
ලෝකයා ලෝකය ජය ගන්නට හඳ අල්ලද්දී අපට තිබුණේ ලෝකය ජයගන්න හද අල්ලන්න. නමුත් අපි තාමත් බඩඋලාන!
සියල්ල තම අණසක ලෙසට ඉදිමුණු පසු මානවයාට ඉතිරිව ඇත්තේ පිපිරීයාම පමණි. පුස් වෙඩිල්ලක සිට සියලු සත්වයාට මෙත් වඩන අවුරුදු රතිඤ්ඤාවක් දක්වා ඉඩ කඩක පිපිරී යාමට සුබ පතමි! ඉතිං පිපිරෙන්න....
දෙපයින් හිටගන්නට, පුරවැසි යුතුකම පුරවැසි වගකීමක් ලෙස සළකා ඔබේ ජන්දය මට දෙන්න.
තිරිසන් කමෙන් මිනිසත් කම මතුවූයේ යම් කාලයක දිනෙක තැනක යම් ලෙසකින් ද නැවත කාලයක දිනෙක තැනක යම් ලෙසකින් මිනිසත් කම තිරිසන් කමට බිලි වී වැළලී යනවා ඇත. ඒ ඔබ තුළින් නොවීමට නම් ඔබ ශක්‌තිමත් විය යුතුය. ඒ ශක්තිය අනෙකාට ද ශක්තියක් කළ යුතුය.
හිංසාවේ පීඩාවේ කෙළවර... ජිවත් වීමට ඇති අයිතිය... ආරක්ෂා කිරීමට ජීවිත පරදුවට තබන්නට බිය වෙමුද? සැම විටම අපගේ ජීවිත උදෙසා තම ජීවිත/ජිවිතය පරදුවට තැබූ අයෙක් නැතිද... හිතන්න වේලාවක් වෙන් කර ගන්න..
මැටිවරණ වලින් එහා හිතන්න... අතැඟිල්ල දෙස නොබලා හඳ දෙස බලන්න... හෙට අමාවක විය හැක!
https://youtube.com/shorts/8LORSlwJ0Pk
තවදුටත්...
වාද කරමු
කියවමු ලියමු
සුසුම් හෙළමු
හඬමු වැළපෙමු
කෑ මොර දෙමු
වෙනස් නොකරමු ද?
කාන්තාව + මිතුරු කම =.....................................
කාන්තාව + සාහිත්‍ය =.........................................
කාන්තාව + දේශපාලනය =...............................
ජන කවි හා කොට කවි -
කොට කාලේ කීම් සොඳට
පෙර කාලේ නැත මෙහෙමට
සිත කෝලේ වගෙයි මෙමට
අපි රාළේ කපමු නොසිට
අපි නම් වෙස්වෙයි, රට නොහදා!
අහක යන නයි රෙද්ද අස්සට
ගෙදරට එන නයි අල්ලපු වත්තට
ගල් පාර දෙන්නෙ පාරෙ යන බල්ලන්ට
බලු කපුටු දානෙ නම් පන්සලේ බල්ලන්ට
(නයි ඇල්ලීමට බැරි බොහෝ දෙනා අල්ලා ගත හැකි බල්ලෝ පන්සලට ගෙනැවිත් දැමීමට නිර්දේශ කරති)
ලෝක, ලාංකීය සාහිත කෙත - ළමා, යොවුන් සාහිත්‍ය පෝෂණය කළ සියලු කනෘන්ට උපහාරයක් වේවා! සියලු පාඨක සමූහයාට උපකාරයක් වේවා!
(ලේඛක, ප්‍රකාශක, පාඨක සියලු අයිතීන් ඔවුනොවුන් සතුය.)
අකලට නාකි වූ මුණුබුරාගේ කතාව!
(ඇටය අමතක වූනා, ආයුබෝවන් මතක නැති වුනා)
මනෝ පුබ්බංගමා ධම්මා! සිතන්න පොඩ්ඩක් හිතන්න, දුවන්නෙ ඇයි ඔයා.... පනින්න ඉස්සර බලන්න.....
වැරදි හොය හොයා නොකළොත් හරි තැනට පිළියම් හෝ දඬුවම්
හරි මිනිස්සු හෙටත් හිටගෙන තට්ට තනියෙන් හෝ අවුලෙන්
තනි තනිව තනිවම කැරකෙන දැති රෝද වෙනකම් වෙල්කම්
රට කැරකෙන්නෙ එක තැන එරි එරී මඩ වලම කලතන්
*දඬුවම පිළියමක් ද පිළියම් දඬුවමක් ද විය හැකි බව කරුණාවෙන් සළකන්න.