Saturday, July 16, 2016

හේතු - හේත්තු වී අවසානය (යුගාන්ත බුද්ධි වරුණාව)

නිරුවත් වුනු ලෝකෙක අහුමුලු වල 
අස්සේ ඉතිරි වූ නූල් පටවල
වැටි වැටී රස්තියාදු වල
නැති රෙදිත් උනා හල
මොන මගුලක් කල
ඇත්තේ කවර ඵල
සල්ලි යි කොල
කපයි ඒ වල
මොළ වල
දැන් අල
ඵල ..
හිටපන්
බැන
බැන
කියපන්
බණ
බණ
හේතු
හෝ
ඵල
පතරොම්ද
තුවක්කු හා
ජීවිත
පත්තු වුනත්
මැරුණත්
අදාළ නැත
මන්ද
බුද්ධිය
වැඩී ඇත

No comments: