Tuesday, September 2, 2014

මම නම් ආසයි අහන්න නයනා :)

මම නම් ආසයි 

අහන්න නයනා

මම කීවෙමි

නයනා මා දෙස බැලුවාය

කතා බැහැ 

ඇය කීවාය

හේතුවක් ඇති

මම කීවෙමි

අපි යමු හංසි, ඇය යෙහෙළිය වෙතට හැරුණි

මා කුමක් කරන්නද

නයනා සමග සල්ලාපයට මා රුචිය

නයනා සමග සංවාදයට මා බෙහෙවින් රුචිය

එහෙත් නයනා 

මොහොතක් පමණක් මා වෙත දෙ නයන රදවා

ආපසු හැරිණි

මා කුමක් කරන්නද

ඇයට නොරිසිය

කිසිදු කතාවක් මා සමග

එතැන්හි මම ඇරඹුවෙමි

ආත්ම භාෂණයක්

ප්‍රිය සම්භාෂණයක් 

තනියම 

තට්ට තනියම

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අහන්න නයනා, මම නම් තවමත් ආසයි අහන්න, අහගන්න නම් නොවේ :)