Wednesday, July 30, 2014

ශුද්ධ සිංහ‍ලයෙන් ගැයෙන අපේ උන්ගේ ගුණය නොහොත් කෙළගනිල්ලා

අපේ උන් බර උස්සන්න හරිම දස්සයෝ

හැබැයි පල්ම පල් ගොබ්බයෝ

එක එකා රවට්ටගෙන යන රගේ කෙළවර

දොස්තරලාත් කෙළගන්නවා, වින්නඹුවොත් හෙදියොත් මරා ගන්නවා

පොලීසිය මිදිලා අයිස් වගේ, එතකොට හමුදාවට අපේ උත්තමාචාරය 

ගොටු අැල්ලීමේ වෘත්තීය කාරයෝ  හැමතැනම

වැඩ නොකර පඩි ගන්න මෙහේ ඇවිත් උගනින්න

හොට් නිවුස්, හොටු නිවුල්, උස්සපුවා, ගල්කරපුවා සහ ගොන්පාට් ප්‍රවෘත්ති වල

පින් කරනවා ඡන්දෙට, සේල් දානවා ඡන්දෙට

මුන්ට රට ජාතිය වගේම 

තව බොහොම ටික කාලයකට අම්මා තාත්තා මතක තියේවි...

මගුලකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

ආඩිහතේ කතන්දරෙන් හැමදාම ජයට මගුල්

කෙළගනිල්ලා එක එකා

රවට්ට ගනිල්ලා එක එකා

අනික් උන් දිනන තැන හූල්ලපල්ලා

කරුමයම කියපල්ලා

බණම දෙසපල්ලා

බොරුම කියාපල්ලා 

අවසිහියෙන් ජීවත් වෙයල්ලා

අතීතයත් ජාතකයත් කියවමින් අනාගතයත් අවජාතක කර ගනිල්ලා

උඹලා දන්නේ ත් උඹලාට හැක්කේත් ඔපමණයි

මාලෙ දූපත් වලට  පසු අපි ගිලෙන කාලෙක

ඔක්කොම පනිමු රට 

එතකන් ගමු

පට්ට ආතල්

ඔපරිම ෆන්....

මොනව හරි කර කර කිය කිය 

ඔහේ ඉමු බං

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අම්මා පල්ල බඹරුන් අත වරද නැතී
කැලේ තියෙන පැණිබීලා උන් රැකෙතී
‍වනේ තියෙන කොයි දේටත් හානි නැතී
බඹර කපන අය නරකාදියේ යතී

අර ඇමරිකාවේ එක් සම්මාන උළෙලකදී සම්මාන ලැබූ සිනමාරූපයක් වූ බඹර වළල්ලේ සේ බඹර වළල්ලකට අප සමාජයත් එහි වැසියනුත් අසු නොවේවා...