Friday, December 7, 2012

තෝරන්නට කියන කවි

ඇහැට බොහෝ දේ පෙනෙනා විට, කනට බොහෝ දේ ඇසෙනා විට, හිතට බොහෝ දේ දැනෙනා විට, නොතේරෙන කවි තැනෙනු නොමැතිද? මේ පින්බිමේ ඇති නිදහස ගොන් ‍‍ෆ්‍රී නොවේවා. ‍‍යහපත දිනේවා.


ඇහැට දකිනා ඇත්තා

 කනට ඇසෙනා ඇත්තා

සඟවා බොරුව හැමදා

බොරුවෙන්ම වල පතුලෙ වැටෙනා


ළපටි වස්සෝ උලා කති                       

මහ වස්සෝ වමාරා කතී                       

මී දෙන්නු කුලප්පු වෙතී                      

හාන්නට  නොගනිතී                               

 

උගෙනුමට වලි කතී                            

මරාගෙන මරා ගතී                            

උගෙනුමෙන් පල නැතී                         

අවසානෙ ලත වෙතී                           

 

උයන රකිනා පල්ලා                             

කියනු දෙයියන් පල්ලා                          

උගේ දඩ බල්ලා                                   

ඉන්නෙ හැම තැන ඉවම අල්ලා            


කියනු ග්‍රහ චාරේ                             

එක එක අ වාරේ                            

යන්න ඔහෙ පාරේ                            

නින්දෙ වැදිලා වගෙයි රාළේ             


රටක් ගැන කියවෙතී                        

පුන්නක්කු ගැලපෙතී                         

දුකක් නොව පව් සිතී                    

ජාමේ බේරා මේක තෝරතී              

 

මගේ තේරීම නම්..


ඇහැට සැබෑව දකිනු නොහැකිද

කනට හරිදේ ඇසෙනු නොමැතිද

බොරුව පරදා නැගෙනු නොහැකිද

එනිසාම වල පතුලෙ හිදිමුද


ළපටි නම් පොඩිවුන් වෙතී

මහවුන් නම් වමාරා කතී

දෙන්නුන්ට මෙලෝ සිහි නැතී

දෙපැත්තක යන බැවින්  හාන්නට නොගනිතී

 

පොත්ම පාඩම් ගනී

පාසලට යුධ වදී

පන්දමට තැන ඇතී

මන්තිරිට වැද වැටී

 

ඕන තැන ලොක්කෝ

කියන්නට නැත ලොක්කෝ

උන්ගෙ බොරු සොක්කෝ

ගතුව කේළම පස්සෙ ඇත්තෝ


වෙලාව අවේලාවේ

සෙනසුරු නීචවේ

කිසිවක් ඒ විඩේ

නැත හරිම වේලා  කිසිම වේලේ


රටක් නම් ඉපදුනු එකයි

සැප නම් ගොනුන් හටමයි

එනමුත් උපන්බිම වෙයි

අතැර නොම ගොස් රකින්නට වෙයි

No comments: