Monday, April 28, 2025

වයිස් මෑන් ද නයිස්ද මෑන්ද!!!!!

https://youtu.be/t8UlACYP8p8

මැරෙනකම් ආතල් ගන්නා මිනිස්සු මැද..... වයිස් මිනිසුන් මොකටද?????

අසාමාන්‍යය

අසාමාන්‍ය ජනයාටද පාසල් සිසුවාටද පොදුවේ විවෘත වන පරිදි මෙරට සිට පාතාලයට තනා ඇති අධිවේගී ගුවන් පාලම් සේම අභ්‍යන්තර ගුවන් ගමන් ද තහනම් කළ යුතු බව දිනපතා යළි යළිත් අවධාරණය නොවන්නේද? 

ඉහළට විසි කොට වෙඩි තැබීම ක්‍රීඩාවක්. කිසිවෙකු ඔබ පමණට වඩා වැඩියෙන් ඉහළට ඔසවනවා නම් ප්‍රවේශම් විය යුත්තේ ඒ නිසා.

Sunday, April 20, 2025

පත්තු කරමින්!! සමරන්නට එන්න..

ලෝකයා ලෝකය ජය ගන්නට හඳ අල්ලද්දී අපට තිබුණේ ලෝකය ජයගන්න හද අල්ලන්න. නමුත් අපි තාමත් බඩඋලාන!

Saturday, April 19, 2025

අයාලේ අවුරුදු.... (නැකතේ සිට සංස්කෘතික කැත දක්වා පැමිණි අප)

සියල්ල තම අණසක ලෙසට ඉදිමුණු පසු මානවයාට ඉතිරිව ඇත්තේ පිපිරීයාම පමණි. පුස් වෙඩිල්ලක සිට සියලු සත්වයාට මෙත් වඩන අවුරුදු රතිඤ්ඤාවක් දක්වා ඉඩ කඩක පිපිරී යාමට සුබ පතමි! ඉතිං පිපිරෙන්න....

Thursday, April 17, 2025

කන පැලෙන්නමද ඕනෑ!

https://youtu.be/OxGGismz3wQ

විද්‍යාත්මකයි, සදාචාරාත්මකයි, මානුෂිකයි...සුරක්ෂිතයි මේ ඉල්ලීම, තව....?

Friday, April 11, 2025

යට වෙමුද?

https://youtu.be/-2A8_FC8JY8

යටවිය යුතු සහ යටත් විය යුතු නැති තැන කරට ගත යුතුමයි එකාවන්ව ඒ බර!

Thursday, April 10, 2025

Sunday, April 6, 2025

මේ ජන්දෙට මං එනවා - එකෙන් ම

 https://youtu.be/BjSSxpTwOl8

දෙපයින් හිටගන්නට, පුරවැසි යුතුකම පුරවැසි වගකීමක් ලෙස සළකා ඔබේ ජන්දය මට දෙන්න.

Wednesday, April 2, 2025

ඩිප්‍රෙෂන් - ඇයි!

https://youtu.be/LI0ArDLpdGY

තිරිසන් කමෙන් මිනිසත් කම මතුවූයේ යම් කාලයක දිනෙක තැනක යම් ලෙසකින් ද නැවත කාලයක දිනෙක තැනක යම් ලෙසකින් මිනිසත් කම තිරිසන් කමට බිලි වී වැළලී යනවා ඇත. ඒ ඔබ තුළින් නොවීමට නම් ඔබ ශක්‌තිමත් විය යුතුය. ඒ ශක්තිය අනෙකාට ද ශක්තියක් කළ යුතුය.

Friday, March 28, 2025

ජීවත් වීමේ අයිතිය - එන්න අපි බණ කතා කරමු!

https://youtu.be/VZeWb_hw_ok

හිංසාවේ පීඩාවේ කෙළවර... ජිවත් වීමට ඇති අයිතිය... ආරක්ෂා කිරීමට ජීවිත පරදුවට තබන්නට බිය වෙමුද? සැම විටම අපගේ ජීවිත උදෙසා තම ජීවිත/ජිවිතය පරදුවට තැබූ අයෙක් නැතිද... හිතන්න වේලාවක් වෙන් කර ගන්න..



Saturday, March 22, 2025

මැටිවරණ, හඳ සහ ඇඟිල්ල

https://youtu.be/Hvlb7i7zHYs

මැටිවරණ වලින් එහා හිතන්න... අතැඟිල්ල දෙස නොබලා හඳ දෙස බලන්න... හෙට අමාවක විය හැක!

Wednesday, March 12, 2025

තවදුටත්...

https://youtube.com/shorts/8LORSlwJ0Pk

තවදුටත්...

වාද කරමු
කියවමු ලියමු
සුසුම් හෙළමු
හඬමු වැළපෙමු
කෑ මොර දෙමු
වෙනස් නොකරමු ද?


Saturday, March 8, 2025

අද

කාන්තාව + මිතුරු කම =.....................................

කාන්තාව + සාහිත්‍ය =.........................................

කාන්තාව + දේශපාලනය =............................... 

Sunday, March 2, 2025

කවි කට - රට තොට

ජන කවි හා කොට කවි -

කොට කාලේ කීම් සොඳට

පෙර කාලේ නැත මෙහෙමට

සිත කෝලේ වගෙයි මෙමට

අපි රාළේ කපමු නොසිට


අපි නම් වෙස්වෙයි, රට නොහදා!

අහක යන නයි රෙද්ද අස්සට 

ගෙදරට එන නයි අල්ලපු වත්තට

ගල් පාර දෙන්නෙ පාරෙ යන බල්ලන්ට

බලු කපුටු දානෙ නම් පන්සලේ බල්ලන්ට

(නයි ඇල්ලීමට බැරි බොහෝ දෙනා අල්ලා ගත හැකි බල්ලෝ පන්සලට ගෙනැවිත් දැමීමට නිර්දේශ කරති)

Friday, February 21, 2025

නව යෞවනයට ප්‍රතිවිෂ - අල්ප මාත්‍රාවක්!

https://youtu.be/cLepDk2psvQ

https://youtu.be/p8Qa8a1D4ec

ලෝක, ලාංකීය සාහිත කෙත - ළමා, යොවුන් සාහිත්‍ය පෝෂණය කළ සියලු කනෘන්ට උපහාරයක් වේවා! සියලු පාඨක සමූහයාට උපකාරයක් වේවා!
(ලේඛක, ප්‍රකාශක, පාඨක සියලු අයිතීන් ඔවුනොවුන් සතුය‍.)


Thursday, February 20, 2025

සිරිමත් වගේ නම් - එපා

සිරිමත් වගේ නම් ඔබගේ පිරිමි පුතා

පුන් සඳ වගේ වේවා ඔබෙ ගැහැණු පුතා

හෙට දින අහසෙ තරු පායා තිබෙයි කියා

කොසොල් රජතුමා සිහිනෙන් කියා ගියා


හරි රහයි මිනි මරණ තෙල සජීවී දසුන්

තව නැද්ද කෙළ උණන උණු කොණ්ඩ කැවුම්

තලු මර මරා පාතාලයේ මජර ගැටුම්

ඊළඟ පරපුරට ඕනලු වෙඩි වගේ කෙරුම්


ගේමට ගේම හරි මරු පාතල් ගේම

හදවත නොවේ බ්‍රේකින් ඒ නිව්ස් මිස

ආතල් ගන්න තිරිහන් වෙන සයිස් එක

මිනිහට වඩා මැගසින් එක තමයි හැඩ

Tuesday, February 11, 2025

Vපරිණාම

සළු පිළි සමඟ ගත

අවකෙළි හැම තැනම ඇත

වඳුරට නොවේ ගියෙ රට

අඳුරු වී ඇති ඔබේ හදවත