Thursday, November 21, 2019

Tuesday, November 19, 2019

🔜

මී ළඟ පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති ගරුක නැණැති මිනිසුන්ගෙන් සවිමත් කළ යුතුය

3%

මඟී දනා බසයේ රියදුරු කොන්දොස්තර අගයා ටයර් සමඟ අමනාපයට රථ රෝද වලට ඇණ තැබුවා සේ...

සති සමාධි - පැරද

හූ හඬ සාධුකාරය හා අත්පොළසන් - බොදුනු දේශපාලන සතිය වැඩි ඡන්දයෙන් සම්මා සතිය පරදවයි

Monday, November 18, 2019

සුජාත - .....

ස්වභාව ධර්මයාට ඌ තවත් එක් සතෙක්මය.. මිනිහාට මිනිහෙක් විය හැක්කේ මිනිසුන් අතර පමණය..

(සත්‍යයේ සාක්ෂරතාවය නොසැළකීම) -සත්‍ය මරණයෙන් කෙළවර කළ නොහැකි බව නොවැටහීමේ අවස්ථාවාදය-

මෙරටේ සිංහල තරුණයන් මූලික වී භීෂණයකින් අවසන් වූ අත්දැකීම් වල හරය - මෙරටේ දෙමළ තරුණයන් මූලික වී යුද්ධයකින් අවසන් වූ අත්දැකීම් වල හරය - මේ සියලු කාරණා තුළින් පාලකයන් වටහාගත යුතුවූ හරය - වෙනසකට පෙළගැසුණු තරුණ පරපුර තුළ වූ සැබෑ අපේක්ෂාවේ හරය - ඊයෙ පෙරේදා නිමාවූ ජනපතිවරණයේදී යම් මධ්‍යස්ථ හැසිරීමක් පෙන්වූ ජනමාධ්‍යයක ජනප්‍රිය වැඩ සටහනකදී එළි දුටු රටේ නූතනම තරුණ ප්‍රජා වේ සමස්ථ ප්‍රශ්න කිරීමක සැබෑ හරය - ගර්භිත කොට යටපත් කොට දැමිය නොහැකි රටේ සැබෑ සත්‍යයේ හරය - එය තවදුරටත් මඟහැරීම යනු අප තවදුරටත් මෙලෙසම අවස්ථාවාදී පැවැත්මක් තහවුරු කරන රටක ජනතාවක් වී මිය යෑමේ උරුමය සහතික කරගැනීම පමණය.
දේශපාලන චරිත බැලුම් සේ පුම්බා සියල්ලම අවස්ථාවාදයෙන් වසන්නට උර දෙන තක්කඩියන්ගේ අවස්ථාවාදයට අවස්ථාව ලැබෙනතාක්, මේ උරුමය කරුමයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
මෙයට විසඳුම සාධාරණ යුක්ති සහගත තත්වයට සාකච්ඡාව, සම්මුතිය, නීතිය හා නීති ගරුකත්වය දක්වා රටක මනුෂ්‍යත්වය දියුණු කිරීම බලගැන්වීම පමණය. හැම රට වැසියාටම තමාගේ වගකීමක් ඇත්තේ ඒ තැනය.
මරණය කින් කෙළවර කළ හැක්කේ ශරීරයක පැවැත්ම මිස මතයක අදහසක පැවැත්ම නොවේ.
එබැවින් අප ගමන් කළ යුත්තේ පෙරට නම් පළමුව හිස නැමිය යුත්තේ ගැති නැති, පාට නොකළ, යටපත් කළ නොහැකි සත්‍යට මිස විකෘති කළ අර්ධ සත්‍යට නොවේ.

අහවල් එක සහ අවසන් එක

දකුණ, උතුර, බටහිර නැගෙනහිර, සමව නොසළකා එක රටක් ගැන ජාත්‍යාලය ආලයෙන් අන්ධ වීමක්මය!

ජපති මෙෙත්රීගේ නිදහසින් ඔබ්බට!(නව ජපති නිදහස..)

ගෝඨා ස් වෝ නම්
නෝ මෝ වෝ කීම
වෙනස් වීම සහ 
දකුණ සේ උතුර, බටහිර සේ නැගෙනහිර දිනාගැනීම මෙන්ම කිසිම අනීතික වෑන් හෝ ඩෑම් නැති බව ක්‍රියාවෙන් ඔප්පු කිරීම ඒ තුමාගේ වගකීමය, අපිට කවදත් විචාරයට අවකාශය ඕනෑමය. අපි උපන්දා සිට මේ රටේ පුරවැසියෝ වම්හ. 
තවද තමාගේ විරුද්ධ පිළේ සේම තම පිළේ දූෂකයන්ට නීතිය අකුරට ක්‍රියාත්මක වනු ඇතැයිද වංචාවට තිත තබා සමෘද්ධියට මග කපනු ඇතැයිද උදක්ම බලා සිටින්නේ රට පිළිබඳ සතුටු වනු පිණිසමය.

Sunday, November 17, 2019

අවසන් පැතුම!

අමූලික ශ්‍රද්ධාවට ශ්‍රී ලාංකිකත්වය යටපත් කිරීමට ඉඩ නොලැබේ වා!

Tuesday, November 5, 2019

වැඩවසමට වැඩ... පවුලට ජය...

ගමේ පොලිසියට ඇති පවුල් සබඳතාව, ප්රාදේශීය සභාවට ඇති පවුල් සබඳතාව, ප්රාදේශීය ලේකම් කාර්යාලයට ඇති පවුල් සබඳතාව රටේ ප්රාදේශීය නීතියෙන් රිංගා යාමට ඔබට ඇති සරලම සුදුසුකමයි. එය ගමේ පවුල්වාදයේ බලයයි.
රටේ රාජ්‍ය පාලන හා පරිපාලන ආයතන තුළ පවුල් වලට ඇති එවැනි බලය රටේ පවුල්වාදයට හේතුවේ. 
රටේ මහා නීතියෙන් රිංගාම යාම, ඒක ඒ අයට හරිම සරල සිම්පල් දෙයක්.
ඒ වැනි අනියම් බලවන්තයන්ට වඳින පුදන වැඩවසම් ජනතාව සිටිනතාක් ඔවුන්ට තම අසාධාරණ වැජඹීම යෙහෙන් කරගෙන යාමට හැකිවීම ගැන වීමට නොමැත පුදුමයක්!
අපි නැමෙමු, ජය පතමු.

Friday, November 1, 2019

අතීත මතක මැදින් ඇස්වැද්දෙන හරි සුන්දර ඡන්දය! (බත්කන අපේ හත්වෙනි බබා නොහොත් අපේ ප්‍රාථමිකත්වය)

18 වැඩි ලියාපදිංචි උන්ගේ සුළැඟිල්ලට දම් පැහැ තීන්තෙන් හණ ගසා ජනපතියෙකු පිළිසිඳවීමට කෝටි ගණනක සිරිලක් වැසියෝ 16 දා රති කෙළියට සැරසෙන වගයි! 
ඔසප්චක්රයේ ප්රශ්න මත ඊයේ සිටද ඉදිරියේ තව දින කීපයකදීද තැපෑලෙන් ඔය වැඩය කිරීමට ඇතැමෙක් ට අවසර දී ඇත.
ආසන්න අතීතයේ සිට බලන කල ඔය කෙළිය දැන් හරි මොඩිෆයි වී ඇති සෙයකි.

ගිනි අවි සහ ගිනි කෙළි නැත
අවකෙළි සහ අංකෙළි ඇත
පෙරළි පෙරළි සුරතලි  අර
රති කෙළියට සුළැඟිලි වෙද

බබා වීර පුරන්අප්පු කෙනෙක් වේද? මද්දුම බණ්ඩාර වගේ වේද? කෙසේ වෙතත් දෙමාපියන්ගේ හැටි පාට කෙසේවෙතත් හොඳ පාට පිහිටන බබෙක් පිළිසිඳවීමට හැමට අවශ්‍ය සක්තිය ලැබේවා! සුබාවික උපතක් නොවුනොත් සීසේරියන් සැත්කමකදී පැලෝපීය නාළ ආරක්ෂා කොට දීමට තියටර් එකේ කොමසාරිස්තුමා වගබලාගනිත්වා! 
17 දා බබා බලන්නට රටම එනු ඇත බබාට තෑගි ගෙනෙනු ඇත. බබා අප වෙනුවෙන් සඳුන් ගැටයක් නැතත් දහම් ගැටයක් හෝ අත තබාගෙන එනු ඇත. අප ඒ ගැටය උලා නළලේ ගා වසර හැත්තෑගණනක් තිස්සේ හිසේ හිතේ රටේ ඇති ඇරියස් අමාරුව හිරු දුටු පිණි සේ එකසැණේ හමාර කර ගන්නට පෙරුම් පුරා හිඳිමු.
බබාට නමක් අපි දැන් තියාම හදාගෙන සිටින්නෙමු. ඒ දුවක වුනත් පුතෙකු වුනත් අපි ඒ තුමාට පුදන්නේ හදපත්ලෙන් නැගෙන මුග්ධත්වයේ එකම ආදරයයි. 

Thursday, October 31, 2019

ඡන්දයෙන් ඉක්බිතිව ... (පෙර වදන)

ධර්මය රකින්නා ධර්මය විසින් රැකදෙන බවට සත්‍යාපනය කළ හැක. නීතිය රකින්නා නීතිය විසින් රැකදෙනු ඇතැයි යන්න සත්‍යාපනය කළ නොහැකිය.
මන්ද ධර්මයේ න්‍යාය නීතියේ න්‍යාය මෙන් මිනිසා අත නොවන බැවිනි.
එබැවින් අප නීතියට මුවාවී හෝ නීතිය මුළාකොට අධර්මයෙන් රක්ෂා වී සිටිය හැකි බව සිතීම තරම් මුග්ධත්වයක් මෙලොව තවත් නොමැති බව අවබෝධයට ගැනීම ලක්වාසී ලෝකවාසී අප කොයි කාගේත් හිත සුව පිණිස වනු ඇති!

Thursday, October 10, 2019

වියත් මග, වියත් දෙස, වියත් බස, වියත් රැස...

බුදුන්ගේ ධර්මය අපට ලැබුණේ යුද්ධය අත්හැරි උත්තම මනුෂ්‍යත්වය තුළින් මිස යුද්ධය පොදි බැඳ වීරත්වයක් දුටු මන්ද මනුෂ්‍යත්වයක් තුළින් නොවේ. එබැවින් අපද දැන් හෝ යුද්ධයේ ආදීනව වටහාගත යුතු අතර ඉන් ඛේදයට පත් සියළුම මනුෂ්‍ය වර්ගයා වෙත සුවපත් සිත පැතිරවිය යුතුය. එහි දී දිවි පිදූ සියල්ලන් වෙනුවෙන් එවන් යුද්ධයකට හේතු වූ කරුණු නැවත හට නොගන්නා පරිදි කටයුතු කිරීම ජීවත්වන්නන්ගේ මනුෂ්‍යත්වයේ වගකීම වන්නේය. සද්ධර්මයේ වගකීම් සම්භාරය හිස දරණ අති ගෞරවණීය, පූජනීය මහා සංඝරත්නය එහිදී අපේ පෙරගමන් කරුවන් වනු ඇත්තේමය.

Sunday, October 6, 2019

තුන්කල් දකින්නට, හිතන්නට පුළුවන් පරපුරක් වෙනුවෙන්!

ප්‍රාඥයෝ වැළලිලාය
අපේකම දේශපාලනයක් වෙලාය
පොඩි දරුවෝ පඬි වෙලාය
යුධෙන් උපන් රට වෙලාය

රවටන්නේ වාසියටයි
රැවටෙන්නේ වාසියටයි
උපයන්නේ අමනකමයි
ණයට පොළිය බොහෝ හැදෙයි

අද හෙට මතු අනාගතේ
උපන් රටේ ගෙවන පුතේ
වරද අපේ ඇස් මත්තේ
වැරදි කරන අප්පන්ගේ

කන බොන හා රති රමණය
අලෙවි කරණ ගති පමණය
උගෙන මෙවන් නව පන්නය
හැකිද අපට ජය ගන්නට

හිතට හිසට වද දීපන්
කල්පනාව ඔබ දමපන්
ඩිජිටල් හීනය බිඳපන්
නුඹ තුළ මිනිසා හදපන්

Friday, October 4, 2019

ජහ් මහ්.. යං පුතා..

ගොපලු අවතාරය
කළුවර අඳුන
රන් කෙවිටෙන්
ලැබෙන වරම
-ගාලේ වස්සන්ගේ එකම පැතුම-

Sunday, September 29, 2019

මහා-වීර

යුද්ධයක් එන්න - ආසයි මටත් වීරයෙක් වෙන්න
ඡන්දයක් එන්න - ආසයි මටත් වීරයෙක් වෙන්න
වර්ජනේ එන්න - ආසයි මටත් වීරයෙක් වෙන්න
වීරයෙක් වෙන්න - ආසයි ලංකාවෙ පුරවැසිම වෙන්න

Tuesday, September 24, 2019

Sunday, September 1, 2019

මේ යුගයේ මුත්තෝ නොහොත් ගම රට බයිට් එකට - 1

ගමේ පාරට හරියට තාර ටික දමාගන්නට බැරි, ගමේ වතුර ප්‍රශ්නයට නිසි විසඳුමක් දෙන්නට බැරි, ගමේ සොහොන් පිටිය, පොළ භූමිය, රජයේ ඉඩම්, ගොඩනැගිලි හරියට නඩත්තුවක් කර ගන්නට බැරි, එලෙසින් ගමක් සංවර්ධනයට දැක්මක් උවමනාවක් හෝ වගකීමක් නැති, වගකීමක් ගන්නට බැරි, සැබෑ ප්‍රශ්න හමුවේ කල් මරණ, ගමේ තම ඥාති පරම්පරාව, තමාගේ පාක්ෂිකයා, මගේ ඡන්ද ගොඩ කියා බදාගැනීමකින් තොරව ගම රට ගැන සාමාන්‍ය දැනුමෙන් හිතන්නට, දකින්නට, ක්රියාකරන්නට හැකියාවක්
නැති බාර් කාරයෙක්, හෝටල් කාරයෙක්, මුදලාලියෙක් හෝ එවැන්නන්ගේ සහබන්ධනයෙන් පෝෂණය වන පාරම්පරික දේශපාලන ජාතකයන් හෝ අවජාතකයන් ගාගත් හෝ ගිලගත් අර්ධ මිනිස්සු කතා කරන ජාතික දේශපාලන කුමක්ද?
ඒ දේශපාලනයෙන් අපට රටට ලැබෙන්නේ මොනවාද?
ජාතික තලයේ යැයි මහා කොට දක්වන හොටබරි දේශපාලකයන්ගේ ගම්බැට්ටයන් සියයට අසූවක් පමණ එපරිදිය. ගමේ ප්රශ්න රට හමුවට එන පමණ දුටු විට ඒ බැව් පැහැදිලිය. අනෙක් අතට මෙබඳු ඇම්බැට්ටයන්ගෙන් අනුග්රහය පතන ජාතික නායකයන් යනු මහදැනමුත්තන්ම මිස අනෙකුන් නොවේ.
ඔවුන්ගේ මහා සමුළු අනාගතයේදී අතීත පචමුළු බවට පත්වන්නේ ඒ ඇම්බැට්ට අනුහසින්මය.

Saturday, August 17, 2019

කණාවැකි

නිමාවූ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය සේම එළැඹෙන ජනපතිවරණයේ අවසන් තරඟයත් අපට බොහෝ වික්ෂිප්තයන් ගෙන එනු ඇති..