Sunday, September 1, 2019

මේ යුගයේ මුත්තෝ නොහොත් ගම රට බයිට් එකට - 1

ගමේ පාරට හරියට තාර ටික දමාගන්නට බැරි, ගමේ වතුර ප්‍රශ්නයට නිසි විසඳුමක් දෙන්නට බැරි, ගමේ සොහොන් පිටිය, පොළ භූමිය, රජයේ ඉඩම්, ගොඩනැගිලි හරියට නඩත්තුවක් කර ගන්නට බැරි, එලෙසින් ගමක් සංවර්ධනයට දැක්මක් උවමනාවක් හෝ වගකීමක් නැති, වගකීමක් ගන්නට බැරි, සැබෑ ප්‍රශ්න හමුවේ කල් මරණ, ගමේ තම ඥාති පරම්පරාව, තමාගේ පාක්ෂිකයා, මගේ ඡන්ද ගොඩ කියා බදාගැනීමකින් තොරව ගම රට ගැන සාමාන්‍ය දැනුමෙන් හිතන්නට, දකින්නට, ක්රියාකරන්නට හැකියාවක්
නැති බාර් කාරයෙක්, හෝටල් කාරයෙක්, මුදලාලියෙක් හෝ එවැන්නන්ගේ සහබන්ධනයෙන් පෝෂණය වන පාරම්පරික දේශපාලන ජාතකයන් හෝ අවජාතකයන් ගාගත් හෝ ගිලගත් අර්ධ මිනිස්සු කතා කරන ජාතික දේශපාලන කුමක්ද?
ඒ දේශපාලනයෙන් අපට රටට ලැබෙන්නේ මොනවාද?
ජාතික තලයේ යැයි මහා කොට දක්වන හොටබරි දේශපාලකයන්ගේ ගම්බැට්ටයන් සියයට අසූවක් පමණ එපරිදිය. ගමේ ප්රශ්න රට හමුවට එන පමණ දුටු විට ඒ බැව් පැහැදිලිය. අනෙක් අතට මෙබඳු ඇම්බැට්ටයන්ගෙන් අනුග්රහය පතන ජාතික නායකයන් යනු මහදැනමුත්තන්ම මිස අනෙකුන් නොවේ.
ඔවුන්ගේ මහා සමුළු අනාගතයේදී අතීත පචමුළු බවට පත්වන්නේ ඒ ඇම්බැට්ට අනුහසින්මය.

No comments: