Saturday, October 31, 2015
Wednesday, October 28, 2015
Saturday, October 24, 2015
Monday, October 19, 2015
Friday, October 16, 2015
අවසන් විනිශ්චයට (පාපෝච්චාරණ)
අභිෂේකාට ටෙක්ස්ට් කළෙමි
උදාරාට චැට් කළෙමි
මතකයට අාලය කළෙමි
ළගින් උන්නෝ විශ්වාස කළෙමි
ටිකක් රස්තියාදු වුනෙමි
තව ටිකක් ජාලයේ සැරුවෙමි
ආයාලයට එබී බැලුවෙමි
බොහෝ වැඩියෙන් නිදි මැරුවෙමි
එක එකා නොඇන්දුවෙමි
දන්නා ඇත්තක්ම කීවෙමි
පැවරුණු කාරිය හරියට කළෙමි
නිවැරැදි දේ සොයා ගියෙමි
වැඩියෙන් දුක මත නොගියෙමි
සතුට පසුපසත් නොගියෙමි
පෘතග්ජන බවින් සිතුවෙමි
ස්වාමිනී, මම වැරදිකරුවෙක් නොවෙමි
Tuesday, October 13, 2015
දරුවෙකුගෙන් තෑගි (පුවතක්)
මෙහෙ එන්න
බලු වෑන්
දාගන්න
තාත්තව
කැත කුණූයි
හැමතැනම
ලෙඩ වේවි
බල්ලන්ව
එ් නිසා
ඉක්මණින්
ගෙනියන්න
මා පියා
බල්ලන්ව
රැකගන්න
මා වින්ද
දුක් කන්ද
කූඩුවට
වී හිටිය
ඔය පියා
දන්නවද
ඉල්ලන ගාණක්.... දෙන්නම් - ෂෝ එකකට එනවද ඔබ (සෝ.. සෝ..දුක)
එන නිදහස් දිනය දවසෙ
හවසට අගනුවර පැත්තෙ
අලුත්ම තරු රැසක් එක්ක
ෂෝ එකකට එනවද ඔබ
එනවානම් මට කියන්න
ඉල්ලන ගාණක්.... දෙන්නම්
ඒ ගාණට එන් නැතිනම්
තව වැඩි ගාණක්.... දෙන්නම්
............................................
....................................................
..........................................
.......................................
ස්කූලුත් නෑ එදාට
ප්‍රශ්නයකුත් නෑ ඔයාට
හොද ෆුල් ෆන් එකක් ගන්න
අනිවා අග-නුවර එන්න
ඒ නිදහස් දිනය තමා
අගනුවරේ තැනක තමා
පහුවදාට එළි වෙනකම්
එකම පිස්සුවක්ය බබා
අල්ලට පහ පහ සිගා
වල්කොල බිමදා නටා
කල්ගිය රෙදි වැරළි ඇදන්
ඇල්මෙන් ෆන් ගනු පුතා
Wednesday, October 7, 2015
ඩී.එන්.එ්. එල්ලා මරමු - පව්... මිනිස්සු
වැරදි එකා අල්ල ගන්න කලින්ම ඌ මරා දමමු
රැකෙනු පිණිස පගා දිදී අල්ලස් හොරු උලේ තියමු
ආතල් පිරි ජීවිතයේ රිසි නිදහස භුක්ති විදිමු
මිනිහා හැදී රට හදන්ට බැහැ! ඒ නිසා රට හදා මිනිහාට හැදෙන්න දෙමු!
Saturday, October 3, 2015
නටමු...
වතුර නටන තුරු
වතුරෙ නටමු අපි
වතුර නටන යුරු
බලා නටමු අපි
වතුර උණු උණූ
තව හොට්ව නටමු අපි
කකුළු අඩු තබා
දිය සැලියෙ නටමු අපි
Monday, September 28, 2015
කමු...
පාප වලට
සාප වලට
තියෙන පබ්ලිසිටි
එ්වා හොදට විකිණෙනවා
බයිට් වගේ
රහට කනව
තවත් කනව
හපල කනව
හොදට බිබී බොමින් කනව
බයිට් වගේ
තව ගේන්න
පාප ටිකක්
සාප නැතිද
තවත් ටිකක් කන්න අපට
බයිට් වගේ
Tuesday, September 15, 2015
කෙකෙර ගගා හිටියා ඇති බිත්තරයක් දාපන් රන්!
නිදහසින් පස්සෙ නැගිට්ටද?
සුනාමියෙන් පස්සේ නැගිට්ටද ?
යුද්දෙන් පස්සෙ නැගිට්ටද ?
ජනවාරි අටෙන් පස්සේ ?
දාහත් වෙනිදයින් ?
කවදද නැගිටින්නෙ,,,
දුක වේදනාව විතරක් නොවෙයි. වීර කමත් චණ්ඩිකමත් දවස් දෙකතුනයි.
හැබැයි, ඉතිහාසය දෙදහස් පන්සීයයි.
කතාවට සෙට් වුනහම පට්ට පදිරි දෑ හිතකාමීන්,
පක්සෙ, වාදෙ අල්ලගත්තම මාර පාක්සිකභාව
තමන්ට දිරවන්නැති එකාට ගහන්න ලැබුනම ගහන්නෙ උඩ පැනගෙන
රටේ ඉන්න තිරිසනුන්ගෙ වැඩක් එලියට ආවම ඉන්නෙ මල පැනගෙන
මොනවද උඹ කරපු කැප කිරීම රට වෙනුවෙන්,
මොනවද උඹ කරපු කැප කිරීම සමාජය වෙනුවෙන්,
මොනවද උඹ කරපු කැප කිරීම හරිදේ වෙනුවෙන්,
ඒක අහන්න ඕන උඹ උඹගෙන්ම?
අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න ඕන කාලයක් මේක.
දෙසන්න ඕන එකෙකුට පුළුවන්, නමුත් කරන්න පුළුවන් එයිනුත් ටික දෙනෙකුට.
එතනදිත් හරිදේ හරියටම කරන්න පුළුවන් කී දෙනෙකුටද මේ බිමේ...
කයිවාරු, පණ්ඩිතකම්, රටටත් වැඩී...
සතුන් අතර නැති තිරිසන්කම පමණක් නොව තිරිසනුන් බිහිකරන සියලු සාධකයන්ට එහෙහිව අවංක යුද්ධයක් කරමුද? ලෑස්තිද කරන්න ?
විවෘතව කතා කරමුද?
තිරිසන්නු බිහිවෙන්නෙ අකලටද?
පුංචි කිරිකැටි දරුවෙක් වෙනුවෙන් බිහිවෙන සානුකම්පිත දයාබර මනෝභාවය
විකෘතියකින් තිරිසන් වෙන්නෙ කාගෙ වරදකින්ද? තිරිසන් වරදකරුවාට දඩුවම්
දීමෙන් විතරක් වැඩක් නැහැ,
සමාජයක් තිරිසන් වීම වලක්වන්න නොහිතුවොත්
ඒක ලේසි නෑ
ඒත් මේක මිනිස්සු හිටපු රටක්
දහමක් රැක්ක රටක්
පින් බිමක් වුනු රටක්
නැගිටින්න තවම ප්‍රමාද නෑ
මූණට හිනාවෙල අපි හරිම ජාතියක් කියල අත් බැදන් එලියෙ රැගුවටම වැඩක් නෑ
කොරයිද බලමු වගේ හැමදේ හරහට දැක්කත් ඵලක් නෑ
අදින් පටන් ගන්න ඕන
යහපත වෙනුවෙන් හිතන දේ වෙන්න ඕන
ඒ දේවල් කරන්න ඕන
අඩු තරමින් මට පුළුවන් දේ
මම කරන්න ඕන.
Monday, September 14, 2015
දරුවෝ..දරුවෝ... දරුවෝ
ළදරුවන් නොවන කාටත් එරුවන් රැකගැගීමට කළ හැකි යමක් ඇත. රකිමු ඔවුන්, හැමවිට, සැමතැන...
Tuesday, September 8, 2015
Wednesday, September 2, 2015
Sunday, August 16, 2015
Saturday, August 1, 2015
රවුමට - වට රවුමෙන් එහා ගමනක්!
ඕනෑම ගමනක ඉදිරියට යාමේදී කෙළින් මාර්ගය සේම වමට දකුණට හරවන්නට සිදුවීම ස්වභාවයකි. කෙළින්ම පාරක වුව තැනකදී මේ හැරවීම කරන්නට සිදුවන්නේ අවශ්‍ය ඉලක්කය පදනම් කර ගනිමිනි. රටක දේශපාලනයේ වුව වමට දකුණට හැරෙවෙන්නට උවමනා අවස්ථා නැතිද? එකම පැත්තට පමණක් හරවා යන්නට යන ගමනක් යැවෙන්නේ වමාවර්ථ හෝ දක්ෂිණාවර්ථ රවුමකම පමණකි. කෙසේ වෙතත් දකුණට සිග්නල් දමා වමට හැරවීම කෙසේවෙතත් වමට සිග්නල් දමා දකුණට හැරවීම නම් දේශපාලනයේ අපූරුවට සිද්දවේ. නමුත් සිදුවිය යුත්තේ අවැසි තැන වමටනම් වමට හැරවීමත් දකුණට නම් දකුණට හැරවීමත් අවසන ඉලක්කය වෙත යාමත් නොවෙද? ඉලක්කයකුත් නැතිව පසෙකට සිග්නල් දමමින් තවත් පසෙකට හරවමින් වෙට්ටු දමමින් යන්න හදන ගමනේ අප රට බොහෝ කොට ගියේ වට රවුමකමය. රවුමේ රස්තියාදුවේදී වාහනයේ හිද බෑන් චූන් ගැහීම රටේ ආවේණික ලක්ෂණයක් සේ වැඩුණු බව පෙනේ. බෑන්චූන් එකෙන් ෆෝචූන් එකක් පැතූ බවද පෙනේ. ඉදහිට ගිය කෙළින් ගමන හැර වැඩි වශයෙන් අප ගොස් ඇත්තේ වමට දකුණට හරවන්නට ගොස් ගැසූ රවුම් පමණි. අපේ ප්‍රාර්ථනය නම් නිසි තැන නිසි විට වමට දකුණට හරවා මාර්ගය තෝරා ගනිමින් නියමිත ඉලක්කය සාක්ෂාත් කරගන්නා රටකි. මේ සියල්ලට පළමුව රටකට ඉලක්කයක් තිබිය යුතුය. ජනතාවට ඒ ගැන හැගීමක් තිබිය යුතුය. සියල්ල සරලත්වයත් සංකීර්ණත්වයත් තුළ දෝලනය වන මෙවන් සමයක එවන් හැගීම් වැඩේවා!
Wednesday, July 8, 2015
:) හුණු වටය සහ දේශමාමකත්වය
වැදූ මව අැදගනී දරුවා වැරෙන්
තම හිමිකම් පතා
රිදුමන් කිසිත් නොතකා
දරුවාගේ
හැදූ මව නොඇද දරුවා සැරෙන්
හිමිකම් අතහරී
රිදුමන් ගැන සිත සිතා
දරුවාගේ
ජාතිය ආගම හා කුල සිරිත් ගෙන කරින්
හිමිකම් කිය කියා
රිදුමන් කිසිත් නොතකා
දනන්ගේ
කවුරුද අදින්ගේ රට දෙපසට වැරෙන්
රක්ෂා පිණිස
තම කුණු මඩි
අසඩක් විසදු දෙස බලාවත් - ගනු විනිසුරුගෙ වෙස් බිදක්වත්
අදුනනු පිණිස හැබෑවට - දෑ හිතකාමියෝ කවුරුන් කියා !!! :)
Saturday, July 4, 2015
නිර්භීත කොන්දක් ඇති ලාංකිකයෝ වෙමු, ජැක්කෝ, කුක්කෝ නොවෙමු.
නම්ගම් නිසා කකුල් වෙව්ලන මැර දේශපාලන භීතිකාවලට පයින් ගහමු, වමෙන් දකුණෙන් දෙකෙන්ම -
1අමන තකතීරු අධාර්මික අශිෂ්ට ජඩ පාදඩ නින්දිත විලියක් නැති දේශපාලනය ව්‍යවස්ථාවට නීතියට රීතියට අනුමත දෙයක් වෙන්නැති අපේ රටේ? නැතිනම්
2 මැර තක්කඩි දේශපාලන කුපාඩින්ට අපි බය ඇති අපේ රටේ? නැතිනම්
3 අපිත් එහෙම අය වෙන්නැති අපේ රටේ?
අනිත් හැම වරදක් කරන මිනිස්සුන්ටම කොතැනින් හරි දඩුවමක් තියෙද්දි සියයට සියයක වරප්‍රසාද ලත් මේ නරුම පංති පැළැන්තිය නඩත්තු කරන්නේ අහවල් කරුමයකටද අපේ රටේ?
හොද මිනිහෙකුට කතිරය ගසා ජඩයින්ට පයින් ගසමු කතිර බලෙන් මෙදා සරේ :)
Friday, July 3, 2015
මනඋස් ටික මැති සබයේ ඉන්දන්
රජ හොරු හිරගෙට හිරගෙට දක්කන්
දෙයියන් පුදබිම් වෙත වැඩ වස්සන්
යක්කුන් සොහොනට සොහොනට පන්නන්
මනඋස් ටික මැති සබයේ ඉන්දන්
අපෙ අප්පච්චිලා ලොකුම ලොකු මිනිස්සු නොවුනට හොරා කෑවෙවත් පගා ගැහුවෙවත් අපි වෙනුවෙන් හොර පාරවල් හැදුවේවත් නැත. තවත් බොහෝ හේතූන් සමග ඔවුන් අපට මහ අප්පච්චිලා වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. එහෙව් දහසකුත් අප්පච්චිලාට පිං පිණිස දැන දැනම නොදැනී වැරදි වන දේශපාලකයින් මැති සබයට නොයවමු. එමගින් මහ ජනයාට මෙන්ම ඔවුන්ටද වනු ඇත්තේ යහපතක්මය. නිවැරදි දේ වෙනුවෙන් ජය පතමු.
Subscribe to:
Posts (Atom)