Wednesday, September 26, 2012

1 සම්මාන

මේ සිද්ධිය වුනේ ගිය වසරේ අග බාගෙ.

කවද කොතැන වුනත් අපේ මිනිස්සුන්ගෙ සරල සාමාන්‍ය චින්තනේ තියෙන්නෙ කාණු පල්ලෙද කියල අහන්න හිතෙන එකක්. එහෙම අහන්නෙ තරහකට නොවෙයි. දැන් මිනිස්සුන්ගෙ ආර්ථ්කමය මූඩ් එක බිදිල සාමාන්‍ය මිනිස් මූඩ් එකකට එන්නෙ ඒ වගේ වචනවලට නිසා. හැබැයි තව ටික දවසකින් නම් මොන වචනෙකටවත් මාකටින් මූඩ් එක කඩන්න අමාරු වෙයි මෙහේ සාමාන්‍ය කන බොන මිනිස්සුන් ගේ, නම්.. ඒක රස්ටගේ සිතිවිල්ලක්..

හරි ඒ කතා පැත්තක තිබුනාවේ..

සම්මාන උළෙල තරුණ පරම්පරාව උදෙසා රාජ්‍ය තරුණ ආයතනක මැදිහත්වීමෙන් පළාත් මට්ටමින් පැවති එකක්. ඒ මට්ටමේ තියෙන ප්පරධානම එක කිව්වොත් හරි.

ඔන්න ඉතිං මේක පටන් ගන්න තිබුනෙ හවස් වරුවේ. නමුත් මෙහේ වෙලාවට වැඩ ගොඩක් ඔර්ලෝසු විතරයි. අනෙක් දේවලට වෙලාවක් ඇත්තෙම නෑ‍. ඉතිං රස්ටාත් තමන්ගෙ යාලුවොත් එක්ක මෙතැන රස්තියාදු වුනේ තමන් ඇතුළු පිරිසටත් ආරාධනාවක් තිබූ නිසා.

කොහොම හරි අවේලාවට උළෙල ඇරඹුනා. එක එක අංග විශේෂාංග මැද්දෙ සම්මාන දෙන්නත් පටන් ගත්ත. රස්ටාටත් එකක් නොව සම්මාන කීපයක්ම තිබුන. හැබැයි මීට කලින් එකක් දෙකක් හරි ලැබිල තිබුණු සම්මාන වලට වඩා මේ සම්මාන විශේෂයි. මොකද මේවගේ අපේ විස්තරය සටහන් කරල තිබුනෙ කොල කැබැල්ලකින් සම්මානයට අලවලා.

ජී‍විතේට පළමු වතාවට මෙහෙම ඇගයීමක් ලැබුන නිසා රස්ටා මේ ගැන විපරම් ‍කළේ ඇත්ත දැනගන්නා අටියෙන්.

ඒක ‍ප්පරමාද දෝෂයක්ලු, ඒවා මෙහේ දේශපාලන මට්ටමේ සිට සුපුරුදු උත්තර නිසා ඇවිත් හිටපු පාලිමේන්තු මන්තිරිටත් ඒක ප්පරශ්නයක් නොවේ. හැබැයි රස්ටාට මේක දැනුනෙ නම් සම්මානයකටත් වඩා නිග්ගරහයක් හැටියට.

රස්ටා ලැබුනු සම්මානය අනෙක් පැත්තෙන්ම ආපහු එහෙට බාර දීල ආවෙ ඒ නිසා.

ඒව මාසයක් විතර අදාළ තැනම තිබුනා.

 නමුත් මාපියන් හා තවත් පිරිසක් වෙනුවෙනුත් මෙතනටත් ඔබ්බෙන් ගිය තරගාවලියකුත් නිසා මේ සම්මානනීය නොවූ සම්මාන  ගැන කතාකරන්න රස්ටට සිද්ධ වු‍නා. අවසානෙට සිද්ධ වුනේ  සම්මාන බලෙන් ලබාගන්න සිද්ධ වීමක් ‍වගේ දෙයක්. ඒක හරිම විහිළුවක්, ජුගුප්සාජනකයි.

විශේෂම කණගාටුව මේ සම්මාන උළෙල කලාවට සම්බන්ධ එකක් වීමයි. රාජ්‍ය අනුග්ගරහය තිබුන එකක් වීමයි.

මෙතන තමන්ගෙ රාජකාරිය වගේම ඒ ගැන වගකියන්නෙ නැති ප්පරශ්නයත් තිබෙනවා. සිදුවීම සුළුද නැතිද කියන එක හරි වැරද්ද සම්බන්ධ ප්රශ්නයක් නොවේ. වගකීමක් නැති කම මෙහේ ඉහළ සිට පහළටම දරුණු විදිහට වැළදිලා. බරපතළම දේ ඒ වගකීම් විරහිත භාවය කාටත් නොදැනෙන තරමට ගිහින් තියෙන එක. ලෙඩේ තියෙනවා කියලා රෝගියා දන්නේ නැතිකම.

සම්මාන ගැන කතා කරනවනම් මේ ලගදි චිත්තරපට සංස්ථා භූමියේ පැවති තවත් එකක පසුබිමේ කතාව හරිම ඛේදයක්, නමුත් ඒ දේවල් ගැන කතාකරන්න හෝ ඒ ගැන කතාකිරීම හෝ තවත් ඵලක් නැහැ. එනිසා ඒ ගැන කතා නොකරම ඉන්නම්.

සම්මාන ගැන රස්ටා මේ රස්තියාදු වීම් ඔස්සේ එක් දෙයක් තේරුම් ගත්තා. මගේ ජීවිත‍ රස්තියාදුවේ තව දුරටත් සම්මාන හෝ සම්මාන වෙනුවෙන් තරග හෝ තවදුරටත් වලංගු නැහැ යන්නයි ඒ.

තරුණයන් වෙත අශ්වයා හා කැරට් අල වන මේවායින් වන්නේ පිට කොන්ද කඩා ගැනීම පමණයි. අවසානයේ වයසට ගිය දාට කොන්දක් නැති අඩුපාඩුව දරාගන්න රස්ටාට නම් බැහැ.

ජීවිතේ කියන්නෙ ඕව මේව නෙවෙයි. හොයාගන්න තියෙන දේවල් බොහොමයි. තරුණ කාලෙම ඒ දේවල් තේරුම් ගත්තෙ නැත්නම් දුකම තමයි ඇත්තට. බොරුවට නම් පට්ට සන්තෝස.. ඒවා මොකට මට,

ඒකයි තවම අත නාරින්නෙ රස්තියාදුව, ශුද්ධ සිතින්..

 

 2 සත්‍ය

නිවා‍ඩුවක්

  අද මට නිවාඩු දවසක්.

හිතේ හැටියට රස්තියාදු හිත නිදහස් කරන්න පුළුවන් ශුද්ධ වෙන්නම.

මෙහේ ගොඩක් දෙනාටනම් රජකාරි අතර වුනත් ගොඩක් නි‍වාඩු බව පෙනෙන්නෙ, දකින්නෙ, දැනෙන්නෙ අපිට තැන තැන රස්තියාදු වෙන්න   ඒකත් කදිම හේතුවක් ව ඇති නිසාමයි.

ඒ කොහොමද?    ඒක එක කතාවකින් සරලව කියනවනම් ,

තමන් තමන්ගෙ රාජකාරි හරි හැටි ඉටු නොකරන බොහෝ තැන්වලදි අපිට රස්තියාදුවක් ගහන්න වෙනව කාලෙ කකා. ඉතින් ඒ රස්තියාදුව ශුද්ධ වූවක් කරගන්න බැරි විට අපි හිත නරක් ‍කරගෙන දවසම මූඩ්පේන්තු කර ගන්නව. සමහරවිට දේසේ හැටියට වා‍සේ කියල තියන කියමන මෙහෙට ‍වඩාත් ගැලපෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති රස්ටාට.

කතා කරන්න වටින දේවල් කීපයක්ම තියනව මෙහේ,

රස්ටාට කියන්‍න තියෙන්නෙ මේ දේවල් හිත හොට් කරගන්න දෙන්න නෙවෙයි කාගේවත්.

නිවට නොවෙන්න, නිවට බවත් ඉවසීමත් මෙහේ පැටලිලා.. නැත්නම් පටලලා.. ඒ නිසා තරුණ සමාජෙම නිවට චින්තනයකට තල්ලු කරලා.. නැත්නම් තල්ලු වෙලා මේ ටික කියන්න හිතුනෙ ඒකයි.

මේ කතාවෙදි පෙළ ගැස්මක් ඕන කියල මට දැනෙනවා.

අද නිවාඩු නිසා මට හැමදේම එකින් එක ලියන්න පුළුවන්. කැමති කෙනෙකුට කියවන්නත් පුළුවන් අකමැති නම් ඒත් කියවන්න පුළුවන්..

 

එහෙනම් 1 සම්මාන ගැන කතා කරමු අපි,

Monday, September 24, 2012

ම‍ගේ ආද‍රේ ?

‍‍‍‍මම ඉන්නම්     ඔබ එනකම්

ඔබ එනකම්      මම ඉන්නම්

‍‍මෝල් ග‍හේ      දළු ලන තුරු

කලු කපුටා        සුදු වන තුරු

හරි සතුටින්      මම ඉන්නම්

ඔබ එනකම්      මග බලමින්

ආ‍‍‍‍වෙ නැතිනම්

හරි දුකකින්

ලතැවි‍ලෙන්

පසුතැවිල්‍‍ලෙන්

‍වේදනා‍‍‍වෙන්

‍මොරගාමින්

හිත ඇතු‍ලෙන් ‍‍

පෙම් කරමින්

යළි හඬමින්.. යළි හඬමින්.. යළි හඬමින්..

මම ඉන්නම්...

ටික කාලයකට ඉහතදී ආද‍රේ ගැන ඒ විදි‍හෙ ‍පොඩි ගීතයක් ලී‍වෙ ‍කෙටි නාට්‍ය ‍ජවනිකාවක කියන්නයි.මේක ගැයීමත් කීමත් එකට බැදුනු පද ගැලපුමක් හැටියටයි ලී‍වෙ. ඒ කා‍ලය ගැහැණු ළමයි නිසා කවදාවත් රස්තියාදු ‍‍‍නොවුන රස්ටාට ත් ‍ එපා ‍‍වෙන තරමට තැන තැන රස්තියාදු ‍‍‍වෙලා හිටි‍ය කාලයක්.  ‍

වෙනකක් නිසා ‍‍නො‍වෙයි හදවත කඩා ‍‍‍ගෙන ඇතුළටම බැස්සයි කියල හිතපු එක ආදරයක් නිසා.. ‍

                 දැන් රස්ටා‍‍‍ගේ ජීවි‍තේ ඉදිරියට ගලා ‍‍‍ගෙන ඇවිත් අවුරුදු කීපයකින් ‍‍පෙරට. 

තවමත් මට හි‍‍‍‍‍‍තෙ‍‍න්‍‍‍නෙ අර කව්ද කියල තිබුන ව‍ගේ සැබෑ ආද‍රේ යනු ඇහැට ගියපු ‍කොච්චර ඇඬුවත් එළියට ‍නොඑන ‍‍‍රොඩ්ඩක්ම තමා. ඇහැ ති‍‍යෙනව කියල දැ‍නෙ‍‍න්නෙ ඇහැට ‍රොඩ්ඩක් වැටුනම තමයි. ඒ ව‍‍‍ගේ ‍‍නො‍වෙද ආද‍රේ ජී‍‍වි‍තයට  දනවන්‍‍‍‍නේ...

ගොඩක්ම ගන්ධය ටත් වඩා නහය ති‍‍යෙනවයි කියල දනවන්නෙත් ‍ ‍‍හෙම්බිරිස්සාව තමයි.

ඒ ව‍ගේ,

ආද‍රේ ගැන හිතා ‍ගෙන  ඉස්‍‍‍කෝ‍‍ලෙන් පස්සෙ රස්තියාදු වුනා කාලයක්. හැබැයි ඒක ශුද්ධ ආදර සිතින් කළ රස්තියාදුවක් නිසා ‍කොයි කලකවත් කාටවත් අයහපතක් වු‍නේ  නෑ. වැටහුනා ටික කලකින්ම රස්ටට ආදර ‍‍හෙම්බිරිස්සාව හදවගන්නත් බෑ අ‍පේ උවමනාවටම, ඒක හැ‍‍දෙන්‍‍නෙ ඇත්තටම ආදර වැස්ස වහිනදාට ‍‍‍තෙමී‍මෙන් තමයි කියල. ඒත් ඉතිං ‍‍‍තෙමුණු තරමට‍නෙ ‍හෙම්බිරිස්සාව හැ‍‍දෙන්‍‍‍නෙ.  නිකං ආසවට ‍ ‍වය‍සෙ  වැරැද්දට ‍තෙමුණ කියල ඒ ‍‍‍‍සෙම්ප්පරතිශ්‍යාව හැ‍දෙන්‍‍‍නෙ නෑ. නිකං කිවිසුම් යනව විතරයි. 

රස්ට‍‍ගෙ ඇහැටත් වැටුණු ‍‍‍රොඩ්ඩක් තිබුනා. ‍‍‍‍කොච්චර ඇඬුවත් එළියට ‍නොගිය ඇ‍හෙන්.. 

ඒකයි බලා‍නෙ ඉන්‍‍‍නෙ  තවමත් වහී කියල ආදර වැස්සක්.                        

හ්ම්..පෙ‍නෙන මා‍නෙක නිකං වැහිත් නැති එ‍කේ තවම හිතන්න බෑ...‍

ඒත් ‍ගොරවන්‍‍‍නෙ  නැතිව වහින වැහිත් තියනව‍නේ,                                                  

ඒ   නිසා  ඉන්නෙ ‍‍‍හරි  අවධා‍නෙන්. 

තවදුරටත් ශුද්ධ සිතින් තමන් ‍ගෙ  ආදරයක්  ‍වෙනු‍‍‍වෙන්  රස්තියාදු ‍‍වෙන්න හැකියාවක් තවත් රස්ටාට නැහැ. වෙන ආදරයකට  උදව්වක් ‍දෙන්න මිස රස්ටා ආ‍යෙ  වීදි  බහින්‍‍‍නෙ  නෑ   .............                        

ම‍ගේ ආදරිය ‍‍  ‍‍‍හොයන්නනම්.

එනිසා බකං නිලාන  ඉන්නම්                                                                                  

එන තුරා ආදර මල් වැස්සක ලකුණු                                                                  

පනින්නට පිම්‍‍‍මේ  මිදුලට ‍

ගෙයි එලිපත්තෙන්

එ‍‍‍‍තෙක්,

එ‍හෙනම්,

අපි,

හමු‍‍වෙන තුරු  රස්ති‍යාදු‍වේ ‍‍යළි,                                                                                                                                                                                      

 වේවා ජ‍‍‍‍යෙන් ජය..

Saturday, September 22, 2012

සතුට

මේක සිද්ධවුනේ මාස කීපයකට කලින්.

 මම මගේ යාළුවෙක් සමඟ වාඩිලාගෙන හිටි‍යෙ ගල් පඩියක් මත. අර දාඩියත් නිවාගෙන කලින් ආ ගමනෙ එක්තරා නැවතුමක. හිටයෙ එළිමහන් වේදිකාවක් තියන හරිම නිදහස් පරිසරයක. මෙතන අපි නිතර කතාබහට මුණගැහෙන තැනක්.

එදා උදේ බලපු සිනමාවක වගතුග මං කියමින් හිටියෙ මිත්තරයට.

මෙතනට බොහෝ දෙනා එනවා, යනවා. මෙතනින් අනෙක් පස තියෙන්නෙ පුංචි ගෘහස්ථ ක්කිරීඩාගාරයක් කියමුකෝ. ඒ නිසාම,

                                                             ක්කිරීඩක/ඩිකාවෝ මෙතනට එනවා යනවා.

අනිත් කණ්ඩායම ළා පෙම්වතුන්. ඔවුන්ට ඉතිං එළිමහනේ කියල යන්න වෙන තැන් කොහෙන් හොයන්නද? නිකන් කතාවට මේ විස්තර කිව්වේ පරිසරයෙ ස්වභාවය තේරුම් යන්න.

අර්ධ කවාකාර ආසන බැමි ඉහළට ඉහළට පේළි හත අටක් ඇති. මේ මැද්දෙයි තියෙන්නෙ එළිමහන් වේදිකාව.

 ඔන්න අපේ කතාබහ බරටම ඇදී යද්දී අපිට පරිසරයෙ අලුත් දසුනක් නිර්මාණය වෙනව කියල දැනෙන්න ගත්ත. කෙනෙක් දෙන්නෙක් මෙතනට යනවට එනවට වඩා මේක වෙනස්. ආවෙ වෙඩින් කපල් එකක්. හැබැයි බලපු බැල්මටම අපිට මේකෙ පෙනුන විශේෂත්වයක්. මනමාලයයි. මානමාලියො දෙන්නයි.

දැන් මමයි මිත්තරයයි කතා කරනවා. හැබැයි අපේ හිත අර ඡායාරූප වලට පෙනී ඉන්න ජෝඩුව ගැන.

"මේ පත්තරේකට ගන්න වෙන්න ඇති නේද?"   මිත්තර කට අවදිකලා සිද්ධිය වෙනුවෙන්.

"එක මනමාලියෙක් එක්ක තියලනෙ ගන්නෙ, මට හිතෙන්නෙ වෙන සිද්ධියක්."         මම ආපහු ඒ පැත්තට ඇහැ දැම්මා.

එක මනමාලියක් උඩරට ක්කරමේ, අනෙක් තැනැත්තී බටහිර ක්කරමේ. බටහිර විදිහට ඇන්ද මනමාලයා පොටෝ ගන්නෙ උඩරට කෙනත් එක්ක විතරයි.

මෙතන වටපිටාව ගස්කොලන් ගැවසුන නිසංසල තැනක් නිසා. එක එක කැමරා කෝණ වලින් කැමරාමන් පොටෝ ගහනව.

අපිට මොටද අනුන්ගේ ගැටපොළොස් කියල හිතන්න ගියේ නැත්තෙ රස්ටාගෙ හිත ශුද්ධ නිසා. බැලුවෙ සිද්ධිය තේරුම් ගන්න අදහසින්මයි. මිත්තරයටයි මටයි පොඩි ප්පරශ්නයක්.

"ඇත්ත නේන්නම්, තුන්දෙනාම ආවේ පත්‍තරේක පොටෝ වැඩකට නම් එක්කෙනෙක් විතරක් මගඇරල පොටෝ ගහවියැ?"

මේ උදවිය එක්ක තව ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙකුත් හිටිය. නිකං හරියට යා‍ළුවො වගේ. ඒ මදිවට තව පොඩි ඉස්කෝල දරුවෙකුත් හිටිය. ඉස්කෝලෙ ඇරිල ගෙදර එකකන් යන්න යන ගානේ. මේ උදවිය පොටෝ ගහන අතරෙ අර ළමයා මේ පරිසරයෙ ඒ මේ අත ගැ‍වසෙමින් ‍එයාගෙ විනෝදෙ. මේක පත්තර වැඩක් වෙන්න කොහොමත් බෑ. අර කැමරාමන්ගෙ කෝණ අනුවත් මට නම් දැනුනෙ එහෙමයි.

ඔන්න දැන් අපි දෙන්නගෙ මාතෘකාව කෙළින්ම මේ සිද්ධියට ලඝු වුනා.

"මිත්තර මේක ද්වීභාර්යා විවාහයක්ද දන්නෙ නෑ. අද එහෙම දේවලුත් වෙන්න බැරි නෑ, මට නිකමට වගේ එහෙමත් හිතුන." මං මිත්තරට එහෙම කිව්වෙ කට කොනකට පොඩි හිනාවක් දාගෙන.

"ඔබ හරි. එහෙම වෙන්නත් බැරි කමක් ම නෑ."

ඔන්න මේ අතරෙ අර ජෝඩුව පොටෝ ගහල ඉවරයි වගේ. මනමාලය කෝට් එක ගලවනව. ඒ පාර මොනවද  මේ වෙන්නෙ,

                                        මනමාලය ළඟින් හිටිය යාළුව තම සාක්කුවෙන් ඇදල ගත්තු ටයි එකක් තමන්ගෙ බෙල්ලෙ එල්ල ගන්නව. මෙන්න මනමාලය ගලවපු කෝට් එක යාළුවට අන්දනව.

අපිට සිද්ධිය තේරුම් ගන්න තව ටිකක් වෙලා ගියා. අර බටහිට පන්නෙට ගවුමකින් හිටපු මනමාලි මේ අලුතෙන් දැන් සූදානම් වුන මනමාල‍යගෙ හිමිකාරි නොවැ. දැන් ඒ දෙන්න පොටෝ ගහනව.

මමයි මිත්තරයි ආපහු කතාවට වැටුනා. කොහො‍මත් අපි මේ සිද්දිය රස වින්දේ අපේ කතා‍ව අතරෙම තමයි. මොකද, මොනදේ කරත් විදිහක් තියනවනේ. ඒකයි.

"දැන් ‍එතකොට මෙයාල යාලුවො වෙන්න ඇති. එකම දවසෙ කාසාදෙ. ලොකුවට ගන්නෙ නැතිව යන්තම් සූට් එකෙන් ෂේප් වෙලා ලස්සන පොටෝ ටිකක් අනාගතේට අරන් යන්න එන්න ඇති."

ඔන්න අපි යන්තම් ඒ සිද්ධිය ඒ විදිහට පැහැදිලි කරගත්තා.

"බලන්නකෝ සමාජෙ දකින්න තියන දේවල්."

ලස්සනම දර්ශනේ තිබුනෙ අවසානෙට. ඒ ෂොට් එකනම් රස්ටාගෙ මතකයෙන් ජී‍විතේට අමතක වෙන එකක් නෑ.

මේ මානාල යුවල වල් තමන්ගෙ රාජකාරිය ඉවර කරගෙන ආපහු යන්න සැරසුනා. ඔන්න අපිට පසුපස හරවලා මේ පිරිස පිටත් වුනා. පිරිමි දෙන්නා මනාලයෝ එයාලත් එක්ක හිටිය ‍අනෙක් ගැහැණු ළමයා, ළමයා හා කැමරාමන්, මනාලියෝ..

බටහිර පන්නෙ මනාලිය‍ ආපහු යන්න තමන්ගෙ දිග ගවුම අත්දෙකෙන් අල්ලගෙන ටිකක් ඔසව ගත්තා පයට නොපෑගෙන්න.

එතැනදි මොකක්ද අපි දුටුවෙ,

                                  යටින් පෙනුන ඩෙනිම් කකුල් දෙක

                                                                                        තවත් දේවල් අපිට හිතන්න ඉඩ ඉතුරු කලා.

ඔවුන්ට අයිති විවාහය විතරයි. පොටෝ ටික මතකයට. එපමණයිද?

ලොකුම වෙඩින් ‍එකෙත්, මේ ක්කරමේත් (ටුයින් වන්) සතුට ගැන වෙනසක් නැතිව තේරුම් ගන්න මෙහේ අපිට මෙහෙම දෙයක් ඇත්තටම දකින්න ලැබුනු ‍එක ලොකු දෙයක්, අපේ විවාහෙත් තව ඉස්සරහට තියෙන එකේ.

මිත්තරටත් මටත්  හිතුනා.

මේ අපිට හිතුන දේවල්. හැබැයි නොදන්නා දේවල් තුළ අපි නොහිතනම දේවල් තියෙන්නත් බැරිකමක් නෑ. කොහොම වූ නමුත් මේක නම් පත්තර වැඩක් නොවේවා.. අප හිතුදේ මොන තරම් සුන්දරද, එය හිතලුවක් නොවේවා..

අපේ පරම පැතුම එයයි. එමගට අප විසි වෙත්වා..

එහෙනම් සමුගන්නට අවසරයි,   

මා ඉතිං යන්න යනනම්..

හමුවෙන තුරු  රස්තියාදුවේ යළි,                                                                                                                                                                                       

වේවා ජයෙන් ජය..

Thursday, September 20, 2012

දාඩිය ?

පාර දිගේ ඇවිදන් ඇවිදින්

පදමට ‍තිතට රත්වූ සිරුරින්

කමිසය පිටට ඇලෙමින්

ඇලෙමින්..

යන්නට ආ ගමන එපා වෙන තරමට ගත සේම සිතද රත් වී එන නමුත් දැන් මම කුමක් කරම්ද? කළ හැකි එකම දෙය සිත දැඩි කොට පාර දිගේ ඒම පමණි. ලේන්සුව ඇද මුහුණ පිස දමා ගතිමි. මං ලේසියෙන් පසු බසින්නෙක් නොවන බව සිතීමි. මේ දුර මට යෑමට ඇත්තේ පයින්මය. දැන් ඉතිං වෙන කුමක් සිතන්නද.. නැත ආටෝ සරණක්

කොහොම හරි නොසිතා

යන්තම් එමග පසුකරා

හති වැටුනෙ නැතත්

සෑහෙන දුරක් ගෙවාගෙන ප්පරධානම මහ මගට පිවිසුණා කියමුකෝ..

පවන් වේගෙන් යමින්

එකට පසු එක බැගින් දෙක බැගින්

සාක්කුවේ අත්රුවං මං

අහෝ දැනෙනා සුවක් දැන් නම්..

ඇදෙන වාහන එක පෙළට මේ පාර දිගේ

ගමන් මග මගෙ අ‍නෙක් අතටයි පාර දිගේ

මොටර් වේගෙ දෙන හුලගින් පාර දිගේ

වටපිට බලා යන විට දැන් මොන සැපයක් මේ පාර‍ දිගේ..

වංගුවකින් හැරී ගත් මම දහදියෙන් තෙත්ව තිබූ කමිසය වාහන හුළගින් වේළී ඇති බව දැන සතුටු සිතින් කය කෙළින් කොට ගෙන සැහැල්ලු රිද්මයකට පිවිසියෙමි. හුළං ඒසී විත් මොටෝ යැයි මේ අතර මට නිකමට නොසිතුනාද නොවේ. මගේ ගමනට දැන් සුදුසු පසුබිමක් මට තැනී ඇත. මග හොදට තිබේ නම්, යන්ට දෑසත් පෙනේ නම්,               කිම අන් දෙය..

දාඩිය ?  දැන් රස්ටාට ප්පරශ්නයක් නොවේ.

මේකයි අපේ රට, අපේ විදිහ ඒකයි මේ විදිහ. මං හිතන්නෙ ඒ විදිහ ශුද්ධයි,         දාඩිය ගැන කවි කතා බොහොමයි.

නියං රස්නෙ මේ දිනවල දහදිය බොහොමයි අපෙ පැත්තෙ. කොහොම වුනත් අදටත් හෙටටත් අපි කාටත් වලංගුයි මේ තත්වෙ,

දහඩිය මෙන් රස්තියාදුව ශුද්ධ කොට වාෂ්ප වෙන්නට අවසරයි.

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                        

වේවා ජයෙන් ජය..

Tuesday, September 18, 2012

ඇරඹුම

ඕනම දෙයක් අරඹන්න ඕනම තැනක් තැනක් කරගන්නා රස්තියාදුවාට ඔබ අමතන්නට අවසරයි මෙතැන් සිට.                                                                                    

කාලයක් තිස්සෙ අතන මෙතන රස්තියාදු වෙද්දි නිතරම හිතුන දෙයක් රස්තියාදුව වචන සම්මතයෙන්ම රස්තියාදුවක් නොවේවා කියන එක. හැම තැනකදිම රටේ, කැමැත්තෙන් හරි නැතුව හරි ගහන්න සිද්ධවෙන වෙන රස්තියාදුව කාලයට දේශයට උරුම එකක් කියල දැනුනම ඒකට හැඩගැහෙන්න වෙනව කොහොමින් හරි. ඩාවින්තුමාගෙ න්‍යායට අනුවත් නූචිතයාට අවනතිය හිමිවෙන නිසා මේ රස්තියාදුව අපට උරුම වූ අපේ රටේ කරුමයක් නොවී ඒක ශුද්ධ රස්තියාදුවක් ම වේවා කියල ධනාත්මකව හිතන්න ගත්තම, 

කොයිතරම් නම් අපූරුද? 

කාලයක් තිස්සෙ අතන මෙතන වුනු හැම රස්තියාදුවක්ම ජීවිතයට පාඩම් කියල දෙන පොතක් බවට සිත්වුනේ එහෙමයි.

                   ඒ රස්තියාදුවේ පිටු එක එක පෙරළෙද්දි තාමත් තාරුණ්‍යයේ ජවය නොගිය ගතත් හිතත් කියන්නෙ ඒ රස්තියාදුවෙ සුන්දරකම නිදහස බෙදාගන්න පුලුවන් හැමදෙනා එක්කම බෙදාගන්න කියලයි. නොපිටට එපිට වචන දාගෙන කණවැල අල්ලන් යන ගමනක, අපිටම අපිට දැනෙන නොපිට වුනත් හිතට දෙයක් ගන්‍නයි දෙන්නයි මේ රස්ටා සූදානම්.

ප්රෙවේගකාරී ලොවේ ත්වරණයත් මන්දනයත් රස්ටාට දැනෙනවා. හලෝව් කියාගෙන ගමනක් යන්න හිතුවෙ ගතටත් හිතටත් තියන එකම සැහැල්ලුව ඒක නිසාමයි.

ඇරඹුමට පමණක් මෙතෙකින් තිත තබන්නම්.

හමුවන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                           

වේවා ජයෙන් ජය..