ඩිජිටල් අවිහිංසකකම
චයිනීස් නිවන
ප්‍රිමියම් හෘද සාක්ෂිය
බිට්කොයින් ජීවිතය
Wednesday, December 20, 2017
Thursday, December 7, 2017
පොඩ්ඩක් ඉස්සුනා - හොදටම ගැස්සුනා - ඇතුළත තිරිසනා - නොදැනම හිනැහුණා
එ්වා අපිට නොතේරේ
ඇඩ්රිනලින්ට තේරේ
බසය ස්වභාවේ
මනරංජනය භාවේ
පොල් සහ තල් කිතුල්
කීරි කීරී නැතිය තල තෙල්
ගාගෙන අත ඉදුල්
කෑවේ අපිත් ඔය බත්
බඹර කැරකෙනවා
බබා නළවනවා
බබී නැළවෙනවා
ඔන්න ඔහෙ යන විදිහ යනවා
Tuesday, November 28, 2017
බටහිර අහසේ පීනික්ස්
මුල් නොකැඩුණු සරු ගස් යළි දළු දමයි
මල් නොපිපුණු ගස් වල යළි මල් පිපෙයි
පල්ලම එන්නේ කන්දක් නැගි විටයි
මල්ලව ගති දන්නෝ යළි නැගිට එයි
මල් නොපිපුණු ගස් වල යළි මල් පිපෙයි
පල්ලම එන්නේ කන්දක් නැගි විටයි
මල්ලව ගති දන්නෝ යළි නැගිට එයි
Wednesday, November 8, 2017
මං පරණ සේපියන් මිනිහෙක්
මුල අමතක මිනිසුන්ගෙන් ඵලක් නැත
වාසියට මුල් හොයන මිනිස්සු අගේ නැත
අනුන්ගේ පානෙන් එළිය බලා උඩට ගිය
ඔය බොරුවේ කෙළවර උඹ වැටෙනු ඇත
Saturday, October 14, 2017
Friday, October 13, 2017
Tuesday, October 3, 2017
එක් වෙනු ජාතික දියුණ පතා...
කොළ නම් ගහකොලයි මිහිමව පුබුදන්නේ
නිල නම් ගගනතයි අණසක පතුරන්නේ
රතු නම් හදගැබයි රුධිරය කළතන්නේ
හැත්තෑවත් පෙනෙයි ඇයි තව ළතවෙන්නේ
නිල නම් ගගනතයි අණසක පතුරන්නේ
රතු නම් හදගැබයි රුධිරය කළතන්නේ
හැත්තෑවත් පෙනෙයි ඇයි තව ළතවෙන්නේ
නොදන්න වෙලාවක් - අපේ වෙලාව
ජීවිතය කියන්නෙ ඉපදෙනකොටම වෙලාව තියපු වැලි ඔර්ලෝසුවක්, හැම කෙනාටම තමන්ගෙම වෙලාවක්, අන්තිම වැලි කැටයට පෙර ඒක කළමනාකරණය අමුතු කලාවක්
Thursday, September 28, 2017
මියෙන මග නිවෙන මග නොවේමය
හිරුගෙන් නොව සදුගෙනුත් දැවෙන මිනිස්සු
ගෙල කඩාගත්තද දිය කදක මුහුණ සගවාගත්තද
මරණයත් නොදමන අමර ගින්නේ දැවෙන මිනිස්සු
ගෙල කඩාගත්තද දිය කදක මුහුණ සගවාගත්තද
මරණයත් නොදමන අමර ගින්නේ දැවෙන මිනිස්සු
Sunday, September 24, 2017
සුභාසිත මං
සුභාසිත
නැණති දනන් හට මද ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබද
විමති දනන් හට කළ කිසි ගුණ නොමද
ඒ නැති වේය දිය පිට ඇදි ඉරක් ලෙද
මං
උපයන දෙයය පරිභෝජන වාදයය
වැජඹෙන සිහිය පමණට හරි නාටකය
අමතක කර දමා මුල් හා සිල් පදය
අමුතුම පද ගෙනා මේ සකි කලියුගය
Saturday, September 23, 2017
Friday, September 1, 2017
ස්වර්ණවාදය
ඕනෑම දෙයක තුන් පැත්තක් තිබෙයි, නෝනා හෝ පොල්ල නොවැටී කාසිය හිට්ටවුණු දා මම එය වටහා ගත්තෙමි. කලු හෝ සුදු ලෙසට සියල්ල පෙණුනු කලුසුදු රූපවාහිනියක වැඩිපුර පෙනුණු අලුපාට රූප නැවත එම සත්‍ය මගේ සිහියට ගෙනවුත්දිණි. බුදුන්ගේ මැද මගත්, තිරසර සංවර්ධනය සඳහා මගත් එක සමාන්තරදැයි එවිට මට සිතේ. ඒ පැත්ත මේ පැත්ත රට කෙරූ ආණ්ඩු හා විපක්ෂ අතරමැදත් ආණ්ඩුවක් පවතින්නට හැකිනම්, මගේ සැකය සනාථය. ඕනෑම දෙයකට ප්‍රධානවම පැතිතුනකි. අහස පොළොව අතරමැදි අපේ ලෝකයද එවැන්නකි. අහසෙහි පහළ සීමාවාසිකයා අපය. පොළොවේ ඉහළ සීමාවාසිකයා අපය. එනම් අහස පොළව මැවූ සර්වබලධාරියා ඒ අතරමැද්දේ තබා ගියේ අපවය. අහසෙහි සැරුවාට අහසටත් අයිති නැති, පොළොවේ සැරුවාට පොළොවටත් අයිති නැති ඒ අතරමැදි තෙවන පාර්ශ්වය අපය. එහෙයින්ම ජයත් පරාජයත් ඒ අතරමැදි තරඟයත් කුමක්ද යන්න වටහා ගැනීමට අප උත්සුක විය යුතුය. මිනිහාගේ ඇරඹුමේ හා නැවැතුමේ අතරමැද පැවතීමේ සැබෑ සාධකයන් එතැනය. ඒ සාධකයන් නිවැරදිවම විග්රහ කොටගන්නා, තමා නම් වන මිනිසා පිළිබඳ නිවැරදිම අවබෝධයක් ලබයි. මිනිසා සැබෑ වර්ණයන් දකින්නේ එතැනදීය. බොහෝ මිනිස්සු ස්වකීය වර්ණය හඳුනාගත්තේ වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. බොහෝ රටවල් ස්ව වර්ණය හඳුනාගත්තේද වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. ඔවුන් සිය වර්ණය තම අනන්‍යතාව ලෙස ප්‍රකට කර ඔප් නංවා ලෝකය ඉදිරියේ තැබුවා යැයි මම කියමි. දේශපාලනික කඳවුරු ගැන පැරණි කතා මම නොකියමි. තම ජානගත ශක්තිය දේශයේ වර්ණය හා බද්ධකොට තම රටවල් තමන්ගේම පැහැයකින් ලොවට විවෘත කරගත් ගමනක් ගැන මම කියමි.
කුමක්ද මේ වර්ණය? වර්ණය යනු එකම මානවීය ආලෝකයේ විභේදනය විශේෂ්ණයැයි මම කියමි. අපට අනන්‍යව එය හඳුනා නොගැනීම අපේ අසාර්ථකත්වය යැයි මම කියමි. රටේ අසාර්ථකත්වයද එයමයැයි මම කියමි. දුගීභාවය, විරැකියාව, අධ්‍යාපනයේ අර්බුධය, සමස්ථ සංවර්ධනයේ අර්බුධය එතැන යැයි මම කියමි. කලු සුදු ලෙසින් ප්‍රශ්න වල දෙපැත්තක් පමණක් දකින, ජය පරාජය ලෙස විසඳුම් වල දෙපැත්තක් පමණක් දකින, වර්ණ අන්ධ බහු මතයක් ජනමතයක් බවට නිරතුරු පත්වන, පවතින දේශපාලනයේ වර්ණය රටක වර්ණය වූ බැව් පමණක් කියමි. දේශපාලනයේ වර්ගයේ වර්ණයන්ගෙන් දේශයක් විනිවිදින්නට හදනා ඔවුන්ට දැකිය හැකි විනිවිද බවක් නැතිබව කියමි. තමන්ගේ හැබෑ වර්ණයන් නොදන්නා තරමට ඔවුන් දුර්වර්ණ වී සිටීම ඊට හේතුවයි. විශ්වයේ මහා කළුකුහර සේ සියලු වර්ණයන් ගිලදමන්නන් ඔවුන් වීම තවද ඊට හේතුවෙයි.
කළ යුත්ත කුමක්ද? එහා ඉවුරෙන් මෙහා ඉවුරට මාරුවීම නොව සුදුසු තැන ඉවුරු යා කොට හරස් වේළ්ලක් තැනීම නොවෙද..
එබැවින් පරදන්න ඔවුන්ගේ දීනවාද. ගන්න ඔබේ ස්වාධීන සංවාද.
සොයන්න ඔබගේ ස්ව වර්ණය.. තවත් වර්ගවාදයක්ට නොව, ස්ව රටේ ස්වර්ණවාදයකට..
තමන්ගේ වර්ණයෙන් පිබිද නැගී තම රටේ මදහස වඩන්නට නිසි රිසිම කාලයයි මේ!
Thursday, August 31, 2017
Sunday, August 27, 2017
Saturday, August 26, 2017
Monday, August 21, 2017
ස් වා සි ලන්තයේ සිට..
*ක්‍රිකට් මේ දවස්වල මෙහේ උණුසුම්ම මාතෘකාවක්!!
ඕකට කරන්න ඕන දිවාරාත්‍රී සෙල්ලම් කරන්න පුළුවන් පිට්ටනියක දවසක් එළිවෙනකම් පාලක, ක්‍රීඩක හා ප්‍රේක්ෂක හැම මණඩලයකම කට්ටිය එකට හිටන් තොවිලයක් නැටීම, ලංකාවෙ විදිහට. දහඅට සන්නියම නටන්න පුළුවන්නම් ඔය පොඩි පොඩි මානසික ව්‍යාධි එහෙම්පිටින්ම හේදිලා යාවි. 4/1ලෙස මෙදා ඉතිරිය දිනාවි, අත්දුටුවයි..
*හොරු ඇල්ලීම මේ දවස්වල මෙහේ ජාතික ප්‍රශ්නයක්!!
ඕකට කරන්න තියෙන්නෙ හොරුන්ට බය නැති නිළධාරි බලධාරි ටිකක් අදාළ තැන්වලට පත් කරල දේශපාලකයො පොඩ්ඩක් ඈත්වෙලා බලාන ඉන්න එක, ලංකාවෙ වගේ. රටේ නැති හොරුත් අල්ලාවි, සහසුද්දෙන්..
*නඩු නොවැටීම නඩු කල් යාම වගේ දේවල්!!
අදාළ අයට පැමිණිලි පාර්ශ්වයක් වෙන්න වුණු දවසට නඩු දමාවි, නඩු කල් නොයාවි කියල විතරයි හිතන්න වෙන්නෙ, අපිට හෙම ඔහොම නඩු වැටුනොත් කෙළින්ම ගස් යෑම ෂුවර් නිසා ඔය කතාව දැනට ඇති. අම්මප.. ලංකාවෙ නෙවේනෙ.
*ඩෙංගු ප්‍රශ්න කුණු ප්‍රශ්න අයිටම් ප්‍රශ්න ගැන යමක් කීවොත්!!
ආණ්ඩු පෙරළන්න, ප්‍රයෝජනයට ගත හැකියි .. ලංකාවෙත් එහෙමයි..
ඊට පස්සෙ එන ආණ්ඩුව පෙරළන්නත් ඒ අයිටම්ම යාවත්කාලීන කරල ගන්න පුලුවන්, හැමදාම අරගල කරන්නයි, ආණ්ඩු හදන්නයි එත්කොට පුළුවන්. ජනතා පමාධිපත්‍යත් රැකෙනව ඒකෙන්..
*මහ බැංකු!!!
ඒකත් කලින් ප්‍රශ්න වලටම අදාළ එකක්නේ. මහ බැංකුව වෙනුවට රටට ගැලපෙන අතරමැදි කුඩා බැංකුවක් තිබුණ නම් වැඩේ ඉවරයි. ඕකෙ අධිපතියත් මෙහෙන්ම පත්කරන්න තිබුණ ලංකාවෙ වගේ..
*අනාගතය ගැන දැක්ම..!!
දැක්මක් ඕන නෑ. ජාති ආලයයි ආගමික ප්‍රේමයයි උගස් කරල ඕනම වෙලාවක ඕනම දහංගැටයක් දාන්න පුළුවන්, ලංකාවෙ වගේමයි. අනාගතේටත් ඒකමයි අපේ අනාහැනීම, මොකද රටට වඩා ජනතාවත් ඊට ඉස්සරහින් මාධ්‍ය වළල්ලත් තියෙනවනේ... අම්මා.. මාධ්‍ය තියනව කියන්නෙ තව මොනවද? ප්‍රශ්න උත්තර එච්චරයි. ආපහු ඔයා යමක් ඇහුවොත් මම උත්තර දෙනව.. යමක් වෙන්නම ඕන නෑනේ, අපේ බිස්නස් දුවනවනම්.. තේරුණාද... තේරුණා තේරුනා එච්චරයි.
Sunday, August 20, 2017
Wednesday, August 16, 2017
පැතුම නොනසනු! සබඳ නැගිටිමු! (බිමට නැවෙන වී කරල්, තල්, පොල් සහ ක්‍රිකට් මැද... නැගිටිය යුතුම වේ...)
හිස් බිමට බරවෙන්නේ නිහතමානීකමටමද? තල් පොල් සේ කෙළින්ම ඉන්නේ ඍජු ගතියටමද? අප සමාජයේ මේ දෙකෙන්ම කෙරෙන්නේ බොරුවකි. පරදින්නෙ පාලක මණ්ඩලය හෝ ක්‍රීඩකයෝ දෙකොටසම නොවේ. හොඳ යහපත් අවස්ථාවන්... ඒ ලෙසම බයාදු නිහතමානිත්වයත් උද්දච්ජ ඍජු කමත් බොහෝ කොට තනි පැවැත්ම ආත්මාර්ථය හා අවස්ථාවාදය උදෙසාමයි. එයින් ගිලිහෙන්නෙ රටක යහමගක අවස්ථාවන්. එනිසා පාට ආණ්ඩු වෙනස් කළ පමණින් හෝ තම ජාමය බේරා ගැනීමටම තල් පොල් හෝ ගොයම් සේ සිටීමෙන් ඵලක් වන්නේ අධමයින්ට පමණයි. අපමණට එකම චක්‍රය කැරකෙන්නේ එකම විදිහටමයි. අවංකව කල්පනා කරනා ඒ අනුව ක්‍රියා කරනා බහුතරයක් නොතැනෙන තාක් සමාජයේ රජ වන්නේ රැවටිලිකාර මායාවක් පමණමයි. එක් එක් උතුමාගේ මනදොළ සපිරෙන අවස්ථාවාදය පරාජය කළ හැක්කේ එක අවංක කැපවීමට ගොනුවීමෙන්ම පමණයි. පුහුණු කරුවන්ගෙන් හෝ ක්රීඩයන්ගේ තේරීම් මතම ජය නොලැබෙන අපේ ක්‍රිකට් සේම සමාජයද ජය ගන්නේ අපේ ක්‍රමයක් තුළ උපයන උපායන් ජය ගැන්වීමට එකමුතුව කැපවීමෙන්ම පමණයි, විශ්වාසයකින්ම පමණයි.
සැබෑ ප්රතිපදාවක නොපිහිටා හුදු විවේචනයන්ගෙන් තමන්ම කකුල් පටලවාගෙන ඇද වැටෙන මිනිස්සු නැගිටින්නේ කෙසේද? හේතු සාධක සොයා ගත් කල ඵලය නිර්මාණය කරන ඒ හේතුන් වෙනස් කරන නිර්මාපකයා වන්නට ඔබට මට නොහැකිද? වල්පල් ගල්මුල්, සල්මල් පොල්තෙල් කොටගෙන පන්සල් යා යුතු අවදිය නොවෙද මේ.. හේතූන් වෙනස් කරමු, එක්වෙමු.. රොක්වෙමු.. කාටවත් නොවෙයි, රටට අවස්ථාවක් දෙමු. එය අපේ පරම්පරාවේ අයගේ යුතුකමයි. හැබෑ ශක්තිය නම් එයය යනු මගේ විශ්වාසයයි.
වාද සුංවී පාද නැංවේවා, බේද භංග වී භාග පූර්ණ වේවා... පූර්ණ ලංකාවක් ... පැතුම නොනසන්න! සබඳ නැගිටින්න!
සැබෑ ප්රතිපදාවක නොපිහිටා හුදු විවේචනයන්ගෙන් තමන්ම කකුල් පටලවාගෙන ඇද වැටෙන මිනිස්සු නැගිටින්නේ කෙසේද? හේතු සාධක සොයා ගත් කල ඵලය නිර්මාණය කරන ඒ හේතුන් වෙනස් කරන නිර්මාපකයා වන්නට ඔබට මට නොහැකිද? වල්පල් ගල්මුල්, සල්මල් පොල්තෙල් කොටගෙන පන්සල් යා යුතු අවදිය නොවෙද මේ.. හේතූන් වෙනස් කරමු, එක්වෙමු.. රොක්වෙමු.. කාටවත් නොවෙයි, රටට අවස්ථාවක් දෙමු. එය අපේ පරම්පරාවේ අයගේ යුතුකමයි. හැබෑ ශක්තිය නම් එයය යනු මගේ විශ්වාසයයි.
වාද සුංවී පාද නැංවේවා, බේද භංග වී භාග පූර්ණ වේවා... පූර්ණ ලංකාවක් ... පැතුම නොනසන්න! සබඳ නැගිටින්න!
Subscribe to:
Posts (Atom)