තැන නොතැන ශුද්ධ සිතින්
තොග වශයෙන් රංග ගත වන ජාතික නර්තන අංග අතරේ
අදේශපාලනික යුක්තිය උදෙසා නායක සොල්දාදුවන් ගණන මද වේ
හිංසක පීඩක ඝාතක තිරිසන් නාමික මිනිස් කතරේ
සිල්ලරව මියැදෙන මිල නැති අංකිත මිනිසුන් සතුන් අපවේ
දාගෙන පහක් ලෝලේ
දෙනෝ දාහක් ලෝලේ
අපේ හිත් කෝලේ
අපි වාසගම් නැති ඉස්කෝලේ