Tuesday, December 1, 2020

හැරවුමක් නැති සරල කර-කැවුම


කලෙක දකුණේ තරුණයෝ අරගලයක් කළහ. එය කැරැල්ලක් නම් විය. එවැනිම කලෙක උතුරේ තවත් අරගලයක් විය. එය මහා යුද්ධයක් නම් විය. දෙතැන්හිම මහා විනාශයක් විය. දශක ගණනාවක් විනාශය අත්දුටුවේ උතුරු නැගෙනහිර යුද්ධයෙනි. මේ කිසිඳු තැනක පැතූ දේ අලුතෙන් හැදුනේ නැත. සිදුවූයේ පරණ තැනටම තම තමන්ගේ ඔළුව හදා ගැනීමට ඒ අයට සිදුවීමයි. යම් කලෙක ජන මාධ්‍ය, ඉන් එහා සමාජ මාධ්‍ය මොකද්දෝ අරගලයක් කරන්නට හැදුවේ සිවිල් සමාජයේ බලයක් ලෙසිනි. ඒ සියල්ලන්ටද කෙටි කලකින් පුරුදු තැනටම එන්නට සිදුවිය. ඒ ද විශාල බිඳ වැටීමක්ද සමඟිනි. ඉන් පසු වරද නිවරද කරන්නට කියා තවත් තැනකට පෙළ ගැසුනේත් මේ රටේ ජනතාවමය. දැන් ආපසු අපි අපිටම හිනා වීමට පටන් ගෙන ඇත්තේ බලාපොරොත්තු සුන් වීමෙන් පමණක් නොව කොරෝනා ලෝක උවදුරෙන් ද නැවතත් බැට කමිනි. මෑත දශක කීපය ගෙවුණේ සරලවම ඔය අයුරිනි. ඉතිං අපි මීළඟට කුමක් කරන්ට සිතමුද? තවත් සුදු විප්ලවයකට සැරසෙමුද?

No comments: