Tuesday, June 21, 2016

අන්ධ බිංදුව

නීරස මාර රසයකි
නිරර්ථය මාර අරුතකි
කට්ටයා පට්ට වැඩ්ඩෙකි
"සියවසේ හොරු" සම්මාන උළෙලකි

අත දුන් කෙනා අමතකය
හිත දුන් කෙනා හුරතල්‍ ය
කෙළෙහි ගුණ හොරු ගෙනය
උපන්ගෙයි පොරවල්‍ ය

ඉල්ලීම් අපමණය තව තව
නමුත් සම්පත් සීමිතය
ඩාවින්ගෙ තරගයය
උචිතයාගේ උන්නැතිය හා සන්තැසිය
(එයයි යුගයේ ෆැන්ටසිය)

No comments: