Wednesday, May 4, 2016

අපරාදෙ ජාතික හානීවේ (රට වෙනුවෙන් ඔලුවෙන් හිටු)

දියවන්නාවේ දියවන මැදුර හරිම ජාතික අපරාධයකි. ඉස්සරත් එහෙමය, තවමත් එහෙමය. හැබැයි අප කවුරුත් එයට වගකිවයුතු නැත. අව්කාලා හැදුන අපේ මිනිස්සුනේ. රටේ ඉස්කෝල බොහොමයක මෙන් ඔය රැස්වීමුත් අව් රැල්ලක් බේරෙන ගහක් යට තිබ්බානම් ඉවරයි. හදිසියෙ ගුටි ඇනගත්තත් ජාතික ධනය ඉතිරි වීමක්, දුවල බේරීමත්, කියන ද්විත්ව වාසිය තියනවනේ. අනික අපව නියෝජනය වීම කියන්නේ අපේ මට්ටම තරාතිරමත් එතැන නියෝජනය වෙනවනේ. ඒ නිසා ගහක් යට හොදයි රටේ මහජන නියෝජිතයො රැස්වෙන්න. එතකොට ප්‍රශ්න ගොඩක් අඩුවේවි. තද වැස්සක් ආවොත් වැස්ස පායනකම් නිල රථයෙ ඉන්න බැරියැ.

No comments: