Sunday, September 15, 2013

ඡන්දෙට දුවපල්ලා පස්සෙ අඩපල්ලා බොලව්-අහවල් තැන මීලග මීටින් එකලු

කාලයක් තිස්සෙ ඡන්ද තියෙනවා, මිනිස්සු විවේචනය කොරනවා, එහෙම කොර කොර එකිනෙකාගෙ පස්සෙන් දුවනවා, දන්නවාලු වෙනදේ, වෙන්න යනදේ.. ඒත් මොනව හරි කොරගන්න ඕනෑලු, අම්මපා හෙලුවෙන්ද ඉන්නෙ කියල අහන්න හිතුනත් වැඩක් නෑ.. හෙලුවෙන් නොවැ ඉන්නේ... හෙලුව වනා වනා පස්සෙන් යනවා, ගිහින් තමන්ට නොකරපු තැනයි ආයෙ බනින්නේ කාට කාටත්. ඉතින් බොලව් මේ විදිහට හැමදාම විගඩං කොරන්නේ නැතිව එක ගමනක් වත් බොලාගේ ඡන්දෙ පාවිච්චි කොරපල්ලා හිතට එකගව, මොළේ කල්පනා කරපල්ලා රටට ගමට පොදුවේ සෙතක් කරගන්න විදිහක් ගැන. නැත්නම් හැමදාම බොලාලා රැවටෙනවා..එක එක වාද ගැන, මහ ලොකු දේශපාලන දර්ශන ගැන කයි කතන්දර ඕනෑ නෑ.. තමන්ගේ ආගම දහමට වලංගු වෙන විදිහට ඡන්දය යොදපල්ලා අඩු තරමින්, උඹලාගේ දුවා දරුවන්ට ආදර්ශයක් වෙන්ඩ ඡන්දයක් කියන්නේ මොකද්ද කියලා තේරුම් යන්ඩ දෙයක් ‍කරපල්ලා.. පක්ෂ පාට වාද බේද කුමටද? කෙරෙන්න‍ ඕනෑ බොහොමයක් ම හිගා කාලා වගේ රටට තිබෙන මුදලින් ගමත් රටත් අපත් සංවර්ධනය වෙන්න වැඩක් කොරන්න අවංකව දත කට නියවන උදවියත් ඒ වෙනුවෙන් අපේ යුතුකමත් ඉටු කරන එක.. ඉන් ඔබ්බටයි අනාගතය ආශ්චර්යමත් කරන්න හිතන්න පුළුවන් වෙන්නේ... නැත්නම් ලාබෙටයි, වාසියටයි, බෝතල් කාලටයි, මස් රාත්තලටයි.. පස්සෙන් දුවලා .. සමහර විට ඊට වැඩි දේවල් හිතෙන් අර ඇදලා, පස්සෙ අඩපල්ලා බොලව්, නමුත් ඊට කලින් මතක් කොරලා ‍විටින් විට කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපල්ලා හෙලුව ඔය වහගන්න වහන්තරා වලින් ඇත්තටම වැහෙනවාද කියලා..

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

තවමත් මිනිස්සුන්ව ප්‍රචාරණයට යට කරන්න පුළුවනි. ගරිල්ලා මාකටිං දැන් ගරිල්ලා නොවන විදිහටම මාකට් කරනවා. වැඩියෙන්ම වි‍කිණෙන්නේ ඒ මාකට් එකේ තියෙන ලාබම බඩුයි කියන එක තවමත් මිනිස්සු වැඩි දෙනෙකුට තේරෙන්නෙ නැහැ. වැඩිම මනාප කියන්නේ හොදම දේ නොවෙයි. ලාබෙට වි‍කිණෙන බඩු බොහෝ විට ‍මෙහේ තාමත් ලාබ බඩු එතරම් හොද ඒවා නොවන කියන එක අපි කවුරුත් හොදින්ම දන්නවා, ඒ නිසා ලාබ බඩු වලට සල්ලි වියදම් කරනවට වඩා ගුණාත්මක දේ අමාරුවෙන් හරි ගන්න අපිට වගකීමක් තියෙනවා. නැත්නම් රසට කාලා පස්සෙ බඩ විරේක කර ගන්න වෙන්නෙත් අපටමයි, විරේක කරගන්න බැරි වෙන තැන විදවන්න වෙන්නෙත් අපිටමයි, හොදම බඩු නැතත් තියෙන ඒවායින් හොද දෙයක් අරගන්න උත්සාහ කරන්න ඕන ඒකයි. එතනදි ලාබ බඩු ගැන යන ඇඩ් වලට නොරැවටීම ප්‍රචාරණ ප්‍රවාහයට යට නොවීම අපේ සුරක්ෂිත භාවය උදෙසා අත්‍යවශ්‍යමයි, නේද?