Thursday, May 23, 2019

අපේ රටේ විෂම චක්‍රය

     
                         සමාජ
                         ප්‍රශ්න
                ↗                         ↘

    දේශපාල             වචාලකමෙන්               
    පොරොන්දු           නන්දෙඩවීම
                                               
              ↖                             ↙
                   විසඳුම් නොදී
                     මඟහැරීම
    
                                   
                             

Wednesday, May 22, 2019

සොයමි තව..

රට වෙනුවෙන් මගේ යුතුකම කුමක්ද?

- යක්කයින්ගේ රට මේක -

ඔව් ඒක සහතික ඇත්ත, මේකෙ මිනිස්සුන්ට ඉඩක් නෑ.. යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, කුම්භාණ්ඩයෝ..පිසාචයෝ හැම තැනම

කොහොමද ඒක

දේශපාලන සර්කස් එකේ ලස්සනම අංගය ජාතික ඇඳුම ඇඳගෙන කකුල් දෙකෙන් එල්ලිලා ගහන ගුවන් කරණම්

Tuesday, May 21, 2019

වැරදි ප්‍රශ්න, නිවැරදි උත්තර..පුළුවන්ද?

තරුණ කැරළි භීෂණ, තිස් අවුරුදු යුද්ධ ත්‍රස්තවාද, ලෝක ත්‍රස්තවාද අන්තවාද....නිතරම පිරිහීම, විනාශය.. 
මේක සිංහල බෞද්ධ රටක්!? මේක සිංහල බෞද්ධ රටක් නොවේ!
මේක දේශපාලයන්ගේ සර්කස් කූඩාරමක්.
නිවරැදි කොතැනද? වරද එතැනද?

නින්දයි,ලාම්පුවයි,පොල්ලයි(රට රකිමු)

ධජ පතාක වටිනවා
චක්‍ර සළකුණු රකිනවා
ප්‍රදර්ශනයට වටිනවා
සුදර්ශන අපි රකිනවා

Sunday, May 19, 2019

කප / කැප

පාලකයන්ගේ මුග්ධද්ත්වය නුගුණද්වය බලලෝභය උදෙසා ජීවිතය පූජාවක් කොට අකලට පරවගිය ලක් දෙරණේ මල් කැළට අපගේ වෙසක් පුණ්‍යානුමෝදනාව

19 ... ... බර

පොඩි කාලේ
අපේ බාලේ
මතක සුවඳයි
මලක් වාගේ

පල්ලි පන්සල්
කෝවිල්ද පාසැල්
දැනුනෙ එක වාගේ
එකම මල වාගේ

ඒ කාලෙ සින්දූ
වගෙයි මී බින්දු
වැස්ස හුළඟ ගඟ
ළඟ නැවතුනේ හදවත

පොත් කියෙව්වා
අපි කවිත් කිව්වා
කතා ලිව්වා
තව ගීත කිව්වා

සෙල්ලම්ද කෙරුවා
හිතේ හැටියට
ඇඟේ මැළි බිඳ
අපි හොඳට නැටුවා

විලිබියෙන් හැංගිලා
හිටි තැනදි ඔසවලා
හදවතට දිරිදුන්නු
ගුරුවරුත් හිටියා

දෑතින්ම වඳින්නට
දෝතින්ම පුදන්නට
හිතුනු තව බොහෝ දේ
ඒ කාලෙ තිබුණා

හිතවතුන් හිටියා
පින්වතුන් වැඩියා
කට ඇරන් බලන්නට
කෙළි කෙරුම් තිබුණා

Thursday, May 16, 2019

Wednesday, May 15, 2019

නොකියන් මුසාවාදා (අලුත් කතාව)-3-කොටස

දෙමාපියන් හොඳින් හැදූ දරුවන් නම් බොහෝකොට හොඳ දරුවෝය. සුදු, කලු හෝ වෙෙවර්ණයෙන් සැරසී මුහුණු වසා හෝ නොවසා නිර්ලජ්ජිතව ජඩකම් කරන්නෝ නොවේ. වගකීමෙන් පලා යන්නෝද නොවේ. ඒ එසේ පළායාම නිර්භීත කම නොව නිවට කම බව ඔවුන් දන්නා නිසාය. අනිත් අතට දෙමාපියන්ගේ හොඳ රැකවරණයක් නොලැබුණ හේතුවෙන්ම වගකීම යනු කවරක්දැයි හඳුනා එහි වටිනාකමට අරුතක් දෙන දුක ජයගත් පුරවැසි දරුවෝද වෙති. නමුත් ඒ රටෙන් කොතරම් නම් ප්‍රමාණයක්ද?
සාමාන්‍ය සමාජය පසෙක තිබේවා, ඔවුන්ගේ නියෝජනය පවතින ව්‍යවස්ථාදායක සභාවේ කී දෙනෙක් නම් වගකීම යනු කුමක්දැයි දන්නේද? වගකීම තබා සිහිනුවණින් කතාවක්, අදහස් ප්‍රකාශ කරන්නට සමත් කී දෙනෙකු ඒතැන ඇද්ද? ඒ පමණක් නොවේ ප්‍රාදේශිය, පළාත් පාලන ආයතන වල දේශපාලනය යනු ගමේ පිල් මාරුවකින් එහා දෙයක්ද? නැත. ඉන් එහා ගමේ වැඩ වෙන්නේ ගමෙන් බාගයකටය. සුදුසුකමට වඩා කටින්, බලයෙන් පැවැත්ම රඳවා ගන්නට සමතුන්ට පමණද මෙරටේ දේශපාලනය? අපේ වටපිටාවේ ඉන්නා ශක්තිය බුද්ධිය ඇති මිනිසුන් අපේ නියෝජිතයන් බවට පත් කරගන්නට අපට ඇති බාධා කවරේද?
සිහිබුද්ධිය ඇති නමුත් දේශපාලන දැක්ම අනුව විවිධ මත දරණ මිනිසුන්ගේ මහා භේදය මේ අතරින් ප්‍රධානය. කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් බෙදුන තරමටම ඒ මිනිසුන්ගේ බලයද හීන වී ඇත. එනමුත් පසුගිය කාලයේ මේ පිරිස් තමන්ගේ භේද පසෙකලා පොදු අරමුණු වෙනුවෙන් එක්වී ඇත්තේ වරක් දෙවරක් ද නොවේ. එහිදී ලද ප්‍රතිඵල සහ ඒ අනුව පෙනෙන්නේ අපේ මිනිසුන්ගේ පිරිහීමද, දේශපාලනයේ පිරිහීමද, ඒ දෙකම ඇතුළු සමාජ දේහයේ අධ්‍යාත්මික බිඳ වැටුමද? ගැඹුරින් හිතන්නටත් දෙයක් ඇත. ඒ පිළිතුර සංකීර්ණ විය හැකිය. නමුත් එය මෙසේ සරලව දැක්වීමට ද හැකිය. තරඟකාරී අතිධාවනකාරී ජීවිත සහ කාලාන්තරයක් තිස්සේ මජර ක්‍රමයකින් මුදලට බලයට සියල්ල නතුකළ සමාජයක පතුළේ ඇති සත්‍ය බොහෝ විට මතුපිටට පෙනෙන්නේ නැත. එතරමට මෙහි දිය බොරය. දූෂිතය. කැළතුණු විට සත්‍ය උඩට මතුව ආවත් ඇසිල්ලකින් යළි නොපෙනී යන්නේ එබඳු විටෙක නන්දොඩවන මිනිසුන්ට සත්‍ය හසුකර ගැනීම පිළිබඳ වූ හසරක් නැති කමිනි. එතැනදී කෙනෙක් ඇතැම්විට අන්න අන්න කියා මතුවන සත්‍ය පෙන්නුවද ඇසිල්ලකින් සැඟව ගන්නා සත්‍ය නොදකින පිරිස් ඒ ඇඟිල්ල දෙස බලා ඔහුටද දොස් නගත්.  අද සිදුවන්නේ කුමක්ද? එයමයි. සිහිය පෑදුණු මිනිසුන් සිහිය එළවා ගන්නට හදන විට දිය බොර කරන්නේය. වතුරට ගල් ගසන ඔය මිනිසුන් පිටුපස තිබෙන්නේ සැබෑ ත්‍රස්තවාදී අන්තවාදී විරෝධයක්ද? ජාතික ආලයක්ද? දේශප්‍රේමයක්ද? නැත්නම් ද්වේශ ප්‍රේමයක්ද? හැමදාම හෙළය කෙලෙසුවේ නිර්ලජ්ජිත හෙළුවැලි කෙළතොලු දේශපාලනයයි. එහි අතකොළුයි. ජන මාධ්‍යට මූණ ඔබා මේ මොහොත හෙට තමන්ගේ දේශපාලන මාර්ගය කරගන්නට හදන්නෝ ආලය කරන්නේ රටටද, ජනතාවටද, බලයේ වරප්‍රසාදවලටද, ඒ ආත්මාර්ථකාමීන් සියල්ලෝ පැරදවිය යුත්තේ අප විසිනි. සබ්බ සකල මනාව වෙනස් කරන බවට මුසා දෙසූවන් දෙස බලා අපට උගන්නට ඇති එක් කාරණයක් නම්, පළමුව සිදුකළ යුත්තේ මේ පාදඩ දේශපාලනය ජන බලයෙන් සපුරා වෙනස් කිරීම නොව යම් පමණකට හැරවීම බවයි. වම දකුණ පසෙක තබා සුදුසු ආනතියකින් සුදුසු දිශාවකට හැරවිය යුතු බවයි.
ඒ හැරවීම පිණිස සුදුසු නියෝජිතයන් අපි හදමු. ඒ හැදීම නොවී ඇති නිසා නොවෙද හැමදා අපි එකම තැන. නීතිය, යුක්තිය, සාධාරණය දන්නා, තමා ගැන හොඳ විශ්වාසයක් ඇති, තමන්ටත් සමාජයටත් වගකියනා මිනිසුන් අපි මතුකොට ගනිමු. අවශ්‍යව ඇත්තේ ඒ සමාජ වටිනාකම් රටේ සැබෑ වටිනාකම බවට පත් කිරීමයි. රට හැදෙන්නේ එබඳු සැලසුමකින්, හැරවුමකින් පමණම යි.
-ඉතිරිය පසුවට-

-..ප්‍රවේශමෙන්..-

ද්වේශ ප්‍රේමය යනු දේශප්‍රේමය නොවේ!

ඉත්තෝ?

ගොවියා පුතු කතාවට මිස ක්‍රියාවට සෘජු නැත්තේ ඇයි.. හදවත රැඩිකල් ඔළුව වැඩවසම් තමා කඩවසම් නිසාද?

සාරය

පූජ්‍ය, පූජක, දේශපාලක, නිලධාරීන්, බලධාරීන්ගේ සිට සමස්ථ ලාංකිකයාම වැඩවසම් හාමු චින්තනයෙන් මිදී නොඑනතාක් ලෝකයේ ඉස්තරම්ම නීති මෙහි හැදුණත් ඵලක් නැත. ඉන් අදහස් වන්නේ නූතනයේ ජීවත් වුවත් අප මනසින් වසන්නේ වැඩවසම් යුගයේ නම් අපට අවශ්‍ය තවත් වංගෙඩි වාහේ කෙනෙක් වීම මිස දෙපයින් සිටීමට මිනිසාට ඇති නිදහස් අයිතිය රැකගැනීම නොවන බවයි.

ජයගමු

සත්‍ය ගරුක වී යුක්ති ගරුක වන්නා සැබවින්ම නිර්භීතය, නීතියේ සාධාරණය අපේක්ෂා කරන එබඳු සද් ලාංකිකයන්ට ජය-වේ

Tuesday, May 14, 2019

නී ති ය

නී තිය
නීති ය
නීතිය

නොකියන් මූසාවාදා (අලුත් කතාව)-2-කොටස

මහජන නියෝජිතයාගේ බලය වර ප්‍රසාද සහිතය. ඒවා ජනතා සේවය උදෙසා භාවිත වෙන්නේ අල්පවය. නමුත් තම සුඛ විහරණය, පවුල් පද්ධතිය ශක්තිමත් කිරීම, තම වර්ගයා ලෙසින් තමන්ගේ විවිධ වූ අරමුණු සඳහා උදව් වන පරම ඥාතියාගේ සිට මැරයා දක්වා නෑයෝ නොනෑයෝ වෙත සැලකීම ආදියට නොඅලස්ව ඒ වරප්‍රසාදිත බලය භාවිත වෙයි. රටක් උදෙසා පත්වන ජනපතිවරු බොහෝකොට පළාතක මහ ඇමතිගේ භූමිකාවට යන්නේ ඒ අනුවය. ඒ අනුව වයඹ සංවර්ධන කරගන්නට නම් අප ජනපතිව වයඹින් පත් කර ගත යුතුය. මෙලෙස පවතින යථාර්ථය හමුවේ තම තමන් ගොඩයාම උදෙසා මිනිසුන් තම ඡන්දය නොහොත් පරමාධිපත්‍යය භාවිත කරන විට ඒ නියෝජනය ලබන්නාද අල්ලස් ගන්නෙකු බවට පත්වන්නේ ඡන්දය තමන්ගේ වැඩය කරගැනීමට දෙන පගාවක් බවට පත්වෙමිනි. එවිට පගාව වෙනුවෙන් කටයුතු කිරීම මිස ගම රට හෝ ප්‍රජාවේ  සුභසිද්ධිය නියෝජිතයාට අදාළ වන්නේ නැත. මේ ක්‍රමය අසාධාරණය වැපිරවීමක් වන අතර ගැට පිට ගැට ඇතිවන මගක්වේ. බලය අයුතු ලෙස භාවිත වීම පමණක් නොව ප්‍රචණ්ඩත්වය හිස ඔසවන්නේත් මෙවිටය. පාට පක්ෂ යනු දේශපාලන මති මතාන්තර වෙනස්කමකට වඩා මැර කණ්ඩායම් පාතලයන් දූෂිතයන් අතර ගනුදෙනුවක් ලෙස කරළියට එන්නේ පරමාධිපත්‍යය පගාවක් කොට භාවිතයට ගන්නා ජනතාවගේ පිහිට මතය. එහිදී සාධාරණ යුක්ති ගරුක මිනිහා යම් සටනක් මීට එරෙහිව දියත් නොකරනතාක් විධායක වේවා ව්‍යවස්ථාදායක වේවා ඇති බලතල මත, බලය බෙදී ඇති ප්‍රබලතාව මත අධිකරණය දක්වාද බලය පැතිරවූ අවස්ථා වෙයි. 5/6 කද 2/3කද යන්න පමණක් සළකා බලය දිනා ගැනීමෙන් අනතුරුව මහජනයා නොසළකා හරිත් නම්, සමස්ථය දේශපාලකයන් ලෙස ආණ්ඩුව විපක්ෂය හා අනෙකුත් නියෝජිත පක්ෂ විවිධ ඩීල් තුළ උනුන් මත යැපෙත් නම් පසුගිය ඉතිහාසයේ අප දුටු ලෙස අධිකරණය වෙත දෑස් දල්වා බලා සිටින්නට සිදුවේවි. තත්වය එතැනිනුත් ඔබ්බට ගිය අවස්ථාවලදී වන්නේ මිනිසුන්ගේ ජීවිත අහිමිවීමය. ජනයා බෙදෙන තරමට පාලනය පහසුය. එබැවින් භේදකාරී සාධක සමාජයේ වැඩෙන්නට හැරීම ලොකු ඡන්ද කුට්ටියකි. ඒ මත තමන්ගේ වගකීම් විරහිත දේශපාලනය නඩත්තු කළ හැකිය. දේශපාලනයේ දෑඟිලි බෙහෙවින් දිගුය. සියළු අතුරු සිදුරු අතරින් රිංගා යන තරම අප්රමාණය.
-ඉතිරිය පසුවට-