නීලහරිත ආදරයක්
වැලන්ටයින් කමිටුවක්
මල්සරා අපේ
අනාගතය ඔබේ අතේ
ඒත්
හැබෑ ආදරේ
සිරිලකටමයි මගේ
Wednesday, February 14, 2018
Tuesday, February 13, 2018
බුදුන්ගේ සරණ ද, සොරුන්ගේ සරණද
(නැණස පෑදීම) සත්‍ය වැපිරීම උතුම්ම දානය නම් මිථ්‍යාව වැපිරීම (නැණස වැසීම) තිරශ්චීන ම සොරකමයි.
මිනිසුන්ගේ බුද්ධිය වසා ඒ ගොනුන්ගෙන් තම ගැල් ඇද ගැනීමට කවරෙකු හෝ සිතත්ද නුදුරේ ම ඔවුන්ටද ගොනුන් වී තමන් විසින් නොමඟ යවන්නට යෙදුණු මිනිසුන්ට වන්දි ගෙවන්නට ම සිදුවේවි.
කළ කර්මයේ ප්‍රතික්‍රියා ව ඔබ අප නටවන හැටි ! ක්‍රිකට් වගේමය..
බලන්න අවසන් පන්දුව තෙක්ම, තවම එක් පිළක් තරඟයේ ලකුණු රැස් කළා පමණය..

Monday, February 12, 2018
මඩ සෝදා ගෙන ගොවියා නැවත රජ විය යුතුය
මඩ සෝදා ගැනීම නම් නිවැරදි වීමයි. රජ වීම නම් අපේක්ෂා ඉටුකර ගැනීමයි. සරලවම කියන්නේ නම් තමා සතු බලතල නිවැරදි ලෙසම භාවිතා කොට රටේ අවකෙළි තුරන් කිරීමට සරල ජනපති දැන් සංකීර්ණ විය යුතුය.
මඩ නැහැවෙන්නේ කුඹුරු කරන්නට යෑමෙනි. නමුත් මඩ කළ කුඹුරෙන් ඵලක් නැත. අතහැරියහොත් එහි වැඩෙන්නේ වල් පැළය. වී වපුරා ඉතිරි වතාවත් සියල්ලම අවසන් කොට අස්වැන්න නෙළා ගතහැකි විය යුතුය. අකලට වගා කරන්නට සිදු වුනත් කලට වැසි නොලැබුණත් වල් ගලවා, පොහොර යොදා, පැල් රැක හෝ වල් (ඌරන්,අලියන් වැනි) සතුන්ගෙන් වගාව බේරා ගෙන, අස්වැන්න ලද හැකි උපරිමයෙන් ගත යුතුය. බලතල ඇත්තේ ඒ වෙනුවෙන්ය.
එක් එක් අභියෝග ජයගන්නට යාමේදී ඇතිවන බාධක ස්වභාවිකය, වැරදි විය හැකිය. දීර්ඝ කාලීන ව සම්ප්‍රදායට එක් වූ දෝෂ වහා භංග වී නොයන මුත් ඒ සඳහා සාධාරණ උත්සාහයන් නැවත කළ යුතුය. ඒ සඳහා තිබෙන කාලය උපරිම ලෙස යොදා ගත යුතුය. නොවැටී නොනැගිටිය නොහැක. වැටුනු හැටි අවබෝධ කොට ගතහොත් නැවත නොවැටී සිටිය හැක.
උපුටා ගැනීම, මගේ උපදේශක සභාව පළකල "දේශපාලන ත්‍රිකාස්ථිය නොකඩාගෙන කුඹුරු කරන හැටි" ලිපිය ඇසුරිණි.

Sunday, February 11, 2018
ජයවේවා! (දිනුම හා පැවැත්මේ අත් නොහළ හැකි බැම්ම, ඇම්ම හා ගැම්ම...)
ඒක හරීම ප්‍රණීත අනුරාගයක්, හරිම ජාති එකක්.. බත් පැකට් එකෙයි බෝතලෙයි ලොල් බවෙන් ජාති අනුරාගය උත්කර්ශයට නැංවීමක් ඒක, තව පොඩි ගතමනාවක්. විශ්වාසය එක්ක එන පොරොන්දු...එතනින් ලැබෙනව මරාගෙන මැරෙන්න හයිය, ඒ හයිය නැති ගැහැණු, පිරිමින්ටත් එතනින් ඒ හයිය ගන්න පුළුවන්. එතනින්මයි රට ගොඩනගන හටනේ පාදම හැදෙන්නේ, සටනට අවශ්‍ය වෙෙරය අවුලුවන්නේ.
කිසියම් දේශපාලන පක්ෂයක් තමන් මහජන මුදල් ගසා කන බව පිළිගෙන, මුත් එහි ප්‍රතිශතයක් පාක්ෂිකයන් අතර බෙදා දෙන බව පැවසුවත් ඒ ගනුදෙනුව නොහොත් ඩීල් එකට ජනමතය ක්ලෝස් කළහැකි දේශ්ප්රේමීන් සිටින රටක්, පක්ෂ සමිතියේ බස් එකේ රැළියට යන ගමනේ... එහෙමයි රටවල් දියුණු කළ චින්තන රැළි නැංවුණේ. එහෙම නැත්නම් ඒතැන පැවැත්මක් තිබිය හැකිද මිත්‍රවරුනි,......
හෝව්..හෝව්..පොඩ්ඩක්.ඩ්‍රෝන එක ඔහොමම උස්සන්න... අඩි දාහක්, වනන්න දැන් වනන්න තව හයියෙන්, හරි. දැන් හරි..

අපි ඊළඟ පරපුරට නොදීම රට හදමු.
දේශපාලන රදළයින්ට ජඩයින්ට වන්දනාමාන කරන ගාථාවක්, පිංදෙන ගාථාවක් නිර්මාණය කළ යුතුය.
රාජ්‍ය ආයතන වල උදෑසන වතාවතට එය ශුද්ධ සිංහලෙන් සජ්ජායනාව අනිවාර්ය කළ යුතුය.
මෙතෙක් නීතිගත නොවූ ජඩකම් වහ වහා නීතිගත කළ යුතුය.
නීතිගරුක මිනිසුන් වෙත නීතිය නවා බරපතළ වැරදි, ඩීල් කරුවන්ගේ කුජීත නිදහස් අයිතිය සුරැකිය යුතුය.
ජයලලිතාව ඇදහීමට නූගත් ඉන්දියානුවන්
තව තවත් දිරිමත් කළ යුතු අතර දෙවන ලෝක යුද සමයේ ජපන් බෝම්බ වලින් රට ගලවාගත් වීරයන්ගේ පරම්පරා වලට ගම්වර සහ විශ්‍රාම වැටුප් හිඟ දීමනාද සහිතව දිය යුතුය.
(මේ ප්රමුබතාවයන් කිහිපයක් පමණි.)

දේශපාලන රදළවාදය (තොරණ් බලමු, රබන් ගසමු)
නොදැන හා දැනගෙනම දේශපාලන රදළවාදයට උඩගෙඩි දෙන ප්රජාවකට උරුම ධනය, බලය ඇත්තන්ගේ දෙපා සිඹීම් පමණය. ඒ සිඹීමේ වටිනාකම තම ජීවිතයටත් වඩා වටනේ යැයි සිතන්නෝ ඒ උදෙසා මරාගෙන මැරෙන තාක් වෙෙවර්ණව බබළන්නේ දේශපාලන රදළවාදයේ තොරණයි.
ඉතිං, වෙෙවර්ණව තොරණ් බලන්න, හිතේ හැටියට රබන් ගහන්න... සුබ දවසක් ඒවි ඔබේ තොරණට...
ඉතිං, වෙෙවර්ණව තොරණ් බලන්න, හිතේ හැටියට රබන් ගහන්න... සුබ දවසක් ඒවි ඔබේ තොරණට...
Saturday, February 10, 2018
හිටි අයත් ඉන්න අයත් කව්රුත් මට එකමය (රදළයාත්, ගොවියා පුතුත් මේ සිරිලකට පහළය) 👇
රදළ වාදයට එරෙහිව
කැරැල්ලක් ගසමි තනිවම
දළකාර හෝ චණ්ඩින්ට මැර
බිය නැත ඊයෙත් අදත් හෙට වෙද
කුක්කො වී ලතවෙන
සොක්කො සේ ලෙවකන
ගති පුරුදු නැති අප
පි දිය යුත්තන් හැර පියා නැත
මන්ත්‍රී ඇමති ජනපතී
මට නොවේමය අධිපතී
වේ නම් රටට හිතවතී
කරනු කව්රුත් රටට වැඩ නිසී
කැරැල්ලක් ගසමි තනිවම
දළකාර හෝ චණ්ඩින්ට මැර
බිය නැත ඊයෙත් අදත් හෙට වෙද
කුක්කො වී ලතවෙන
සොක්කො සේ ලෙවකන
ගති පුරුදු නැති අප
පි දිය යුත්තන් හැර පියා නැත
මන්ත්‍රී ඇමති ජනපතී
මට නොවේමය අධිපතී
වේ නම් රටට හිතවතී
කරනු කව්රුත් රටට වැඩ නිසී
Friday, February 9, 2018
රතු වීම 💯
යථාර්තයේදී නිබඳ රතු වෙති මිනිස්සු
උපතේදී රක්තයෙන් නැහැවෙති
විපතේදී එපැහැයෙන් ම තෙත් වෙති
තවද හැබෑවටම වරද නිවැරදිව අවබෝධ කොට ගත් තැන ද විලියෙන් රතු වෙති,
කනටම වැදුණත්, නැතත්
රතු පලස් උඩ
රතු ඇපල් කන
රතු දෙතොල් ද
රතු කමිස ඇඳ
රතු මලක් ගෙන
පෙම් කරත් ද
නැතිද නව රතු අරුත්
"....෴........."
සොයා ඒ අරුත්
රතු වෙන්න ඔබත්...

Thursday, February 8, 2018
ඔබට දිවුරා කියන්නම්.. මටම ජන්දය දීපන්...
ඔව්, අපි තමයි මේක හදන මිනිස්සු.. අපිට, මට ඡන්දෙ දෙන්න. මම යි පොර රට රකින.. මමයි මිනිහා ... අපි කොරා, කව්ද අපිට කොරන්නේ, කොරල බලමු.. මේක අපේ රට..... අපේ ලේ කකියනවා, රෑට නින්ද යන්නෙ නෑ.. කවදද රට ගොඩ නැගෙන්නේ.... මේක හදන්න අපිට ඡන්දෙ දෙන්න.
Monday, February 5, 2018
හිස් තැන් - (👄 දනකවි)
හිස්තැන් මහතැන්ය - මහතුන් දැන් බොස් ය
පොෂ් තැන් උස්තැන් ය - උස් තැන් දැන් පුස් ය
පුස්තැන් අපමණ ය - උස් තැන් දැන් හිස් ය
හුන්තැන් අවතැන් ව - හිත් පිත් එක්තැන් ය
පොෂ් තැන් උස්තැන් ය - උස් තැන් දැන් පුස් ය
පුස්තැන් අපමණ ය - උස් තැන් දැන් හිස් ය
හුන්තැන් අවතැන් ව - හිත් පිත් එක්තැන් ය
Sunday, February 4, 2018
Saturday, February 3, 2018
Friday, February 2, 2018
සාධාරණ මිනිස්සු - රජම නොවෙති!(රජ/මජර/ජාගර-චින්තන පරදවන යුක්තිය සොයමු)
උඩරට ගිවිසුමෙන් පසු ඉංගිරිසිංගෙන් රට මුදාගන්න තිබුණු අවස්ථාවන් ගිලිහෙන්නට හේතුවුණු ප්‍රධාන කරුණක් වූයේ අධිරාජ්‍ය විරෝධි කැරලිවල නායකත්වය ගැනීමට රාජ උරුමය ඇත්තෙක් නොසිටීමයි, අදටත් මිනිස්සු රාජ උරුමය නැතත් රාජ ලීලාව ඇති මිනිස්සුන්ව හොයනවා රට ගොඩ නගන්න.. ඒක හරිම විහිළුවක්. තමන්ගෙ දාස මානසිකත්වයෙන් ගොඩ එන්නට තමන්ටම ඇති නොහැකියාව නිසා රාජ ලීලාවට හේත්තු වෙලා තමන්ගෙ හීන මානය වහගන්න හදනවා. බොරුවෙන් මුළාවෙන් මිදෙනවා වෙනුවට ඒක සාධාරණීකරනය කරගන්ඩ කතාවක් ගොතනවා. රටේම ඉදන් රට කන මදාවි රැළ එලවනව වෙනුවට රාජ ලේ ඇත්තෝ රට රැකගන්නකම් බලාන හිටියොත් වෙන්නෙ වත්ත බදදට දී ඇස්සට දත නියවන්නට පමණයි.
රජ වරුන්ටත් වඩා භයානක රාජ ලීලාවට ඇදගත්ත රාජ රාජ ප්‍රතිරූපධාරීන්. විජ්ජාකරුවන් ඉන්ද්‍රජාලිකයන් වගේ ප්රතිරූපයෙන් රගන ප්‍රතිපත්තියක් නැති ඔය මිනිස්සුගෙ අන්තිම ඉලක්කය තම වාසිය විතරයි. ඇත්ත මේකයි. තම වාසිය පමණක් හිතන, ඒක සාධාරණීකරණය කරගන්න හදන, පොදු යහපත නොතකන, නොහිතන කාටත් දිනකදි විදවන්නට වේවි. ඒක සහතිකයි. යුක්තිය වෙනුවෙන් බොරුව විදවිය යුතුමයි...!

Monday, January 29, 2018
හැටට හැටේ බෑන්ඩ් 🎶 චූන්... (🍭 ලොli ද POප් 🍭)
පෙරාපු රත්තරන්ද ඉස්තරම්
මනුස්සකම් ගිණිගණන්
විනෝදකම් පෝලිමෙ එනවා
ඒවට ගෙවන්න මට ඇති තරම්
හොයාගන්න සල්ලි දැන්
තව තව මං වලි කනවා
රටතොට යන හැටියට යන
ජීවිත අපෙ පොදිබැදගෙන
ජය ටැඹ නගින්න වෙනවා
ඒකට ගැලපෙන්නට මට
සමාජයේ වැජඹෙන්නට
තව අය මඩින්න වෙනවා
උත්ඝෝෂණ වැඩවර්ජන
සම්භාෂණ ඕන දෙයක්
එකටෙක කරන්න වෙනවා
අද රජ වෙන හෙට බලු වෙන
බව දැනුනත් ඕන දෙයක්
ඒක නිසා කරගෙන යනවා
දෙල් උනදා ඔය හැමදේ
පොල් කරන්න ඕන තරම්
බඩු අපි ලගම තියෙනවා
උගත මනා ශිල්ප දමා
මතු රැකෙනා එහෙම තමා
මුළු නිදහස නවා ගන්නවා
ජී විතේ ජීවිතෙ
ජීවක මමයි ජීවිතේ
යනදා එනකම් අපි දෙවන ජීවිතේ
පා ඩුවේ පාලුවේ
ඉන්නට බෑනෙ යාලුවේ
නොදැනම යනකම් අපි ලැබුව ජීවිතේ
මනුස්සකම් ගිණිගණන්
විනෝදකම් පෝලිමෙ එනවා
ඒවට ගෙවන්න මට ඇති තරම්
හොයාගන්න සල්ලි දැන්
තව තව මං වලි කනවා
රටතොට යන හැටියට යන
ජීවිත අපෙ පොදිබැදගෙන
ජය ටැඹ නගින්න වෙනවා
ඒකට ගැලපෙන්නට මට
සමාජයේ වැජඹෙන්නට
තව අය මඩින්න වෙනවා
උත්ඝෝෂණ වැඩවර්ජන
සම්භාෂණ ඕන දෙයක්
එකටෙක කරන්න වෙනවා
අද රජ වෙන හෙට බලු වෙන
බව දැනුනත් ඕන දෙයක්
ඒක නිසා කරගෙන යනවා
දෙල් උනදා ඔය හැමදේ
පොල් කරන්න ඕන තරම්
බඩු අපි ලගම තියෙනවා
උගත මනා ශිල්ප දමා
මතු රැකෙනා එහෙම තමා
මුළු නිදහස නවා ගන්නවා
ජී විතේ ජීවිතෙ
ජීවක මමයි ජීවිතේ
යනදා එනකම් අපි දෙවන ජීවිතේ
පා ඩුවේ පාලුවේ
ඉන්නට බෑනෙ යාලුවේ
නොදැනම යනකම් අපි ලැබුව ජීවිතේ
Friday, January 19, 2018
(අ)සිරිමත් 🇱🇰 ලංකා-thinking center in the country
සිරිමත් ය දිරිමත් ය
ඒ රටේ මිනිසුන්
සවිමත් ය බලවත් ය
ඒ රටේ මිනිසුන්
ඔදවත් තෙදවත් ය
ඒ රටේ මිනිසුන්
අසිරියකි අසමසම
ඒ රටේ මිනිසුන්
කවුරුන්ද වින කළේ
ඒ වගේ මිනිසුන්ට
සෙළවුනේ බිය වුණේ
ඒ රටේ මිනිසුන්ද
එක එකා තරගයෙන්
භින්න වුණෙ මිනිසුන්ද
අසිරියත් මරිසියත්
පටලැවුණෙ එතැනින්ද
සිංහයෝ ගත යුතුය
පිට උඩට මිතුරන්
තරණ කළ යුත්තේය
ගග සිටින කිඹුලන්
එතැනදිත් පිල් බෙදී
නොවීයන් සතුරන්
පැරදවිය යුත්තේම
රටේ පොදු සතුරන්
වංචාව දූෂණය
නියගයද පරදන්
පරිසරය මිනිස්සුද
සිරිමතුන් කරපන්
නිවට ගති සතුරුවන
දියුණුවට නසපන්
අසිරිමත් අසමසම
සිරිලකක් හදපන්
ඒ රටේ මිනිසුන්
සවිමත් ය බලවත් ය
ඒ රටේ මිනිසුන්
ඔදවත් තෙදවත් ය
ඒ රටේ මිනිසුන්
අසිරියකි අසමසම
ඒ රටේ මිනිසුන්
කවුරුන්ද වින කළේ
ඒ වගේ මිනිසුන්ට
සෙළවුනේ බිය වුණේ
ඒ රටේ මිනිසුන්ද
එක එකා තරගයෙන්
භින්න වුණෙ මිනිසුන්ද
අසිරියත් මරිසියත්
පටලැවුණෙ එතැනින්ද
සිංහයෝ ගත යුතුය
පිට උඩට මිතුරන්
තරණ කළ යුත්තේය
ගග සිටින කිඹුලන්
එතැනදිත් පිල් බෙදී
නොවීයන් සතුරන්
පැරදවිය යුත්තේම
රටේ පොදු සතුරන්
වංචාව දූෂණය
නියගයද පරදන්
පරිසරය මිනිස්සුද
සිරිමතුන් කරපන්
නිවට ගති සතුරුවන
දියුණුවට නසපන්
අසිරිමත් අසමසම
සිරිලකක් හදපන්
Thursday, January 18, 2018
මෙතෙක් කතාව-
දෙවියන් කවදත් ආදරේ කළේ අසරණ දුප්පත් මිනිසුන්ට. මේ නිසා අසරණ දුප්පත් මිනිසුන් නිතර දෙවියන්ගෙ මන්දිරය ඉදිරිපිට රැස්වුනා, කන්නලවු කළා, අනේ! අපිට පිහිට වෙන්න. මේ නිවෙස පාරේ හිටි හැමෝම වගේ බොහොම පොහොසත්තු. ඔවුන්ට මේ අසරණ දුප්පතුන් ගේ අදෝනා මහත් හිසරදයක් වුනා. පාරෙ තොටේ නිදහසේ ගමන අපහසු වුනා. ඔවුන් කල්පනා කළා මේ කරදරයෙන් මිදෙන මගක්. ඔවුන් රැස්වුනා මහ හෝටලයක, මධුවිත තොලගාමින් කතා වුනා මේ ගැන.. අවසනදී ඔවුන් තීරණක් අරගත්තා. ඒ දෙවියන්ට හාත්පස විරුධ ගති ඇති දෙවියන්ගේ මලණුවන් මේ කාරණයට අතරමැදි කරගන්න.. දෙවියන්ගේ මල්ලී ගත් තීරණය කුමක්ද? දෙවියන් අහක බලාවිද? දුප්පතුන්ට අත්වන ඉරණම කෙබදුද? අද එතැන් සිට!..
Sunday, January 14, 2018
බොරුවට මැරෙමි, ඇත්ත මරමින්(18/36/72+++කුකවි)
අට පහ නොදනිතත්
සිස්ටම් එක දනිත් මං
දරුව පහ සමත් නම්
ඒකම වේය මගේ නිවනත්
මං ගෲෂා නොවේ
Sms දරුවට ඕනේ
ඒ නිසයි ඇද්දේ
අල්ලන්නට තරු වලිගේ
අපේ ගොනා දීපල්ලා
ලණුව අතේ තබපල්ලා
නාස් ලණුව කපපල්ලා
තරුණ අපිට නවපල්ලා
අප්පොච්චිලා පොට්ටu වෙනකොට
මොට්ටු tv පුප්පවනකොට
පිට්ටු සේරම තට්ටු වෙනකොට
බොරුව වෙනුවෙන් නොමැරි කොහොමද?
සිස්ටම් එක දනිත් මං
දරුව පහ සමත් නම්
ඒකම වේය මගේ නිවනත්
මං ගෲෂා නොවේ
Sms දරුවට ඕනේ
ඒ නිසයි ඇද්දේ
අල්ලන්නට තරු වලිගේ
අපේ ගොනා දීපල්ලා
ලණුව අතේ තබපල්ලා
නාස් ලණුව කපපල්ලා
තරුණ අපිට නවපල්ලා
අප්පොච්චිලා පොට්ටu වෙනකොට
මොට්ටු tv පුප්පවනකොට
පිට්ටු සේරම තට්ටු වෙනකොට
බොරුව වෙනුවෙන් නොමැරි කොහොමද?
Friday, January 12, 2018
හිත්...
රවන්න ගොරවන්න
ඔරවන්න ඕනත් අපි
නීති හදන්න
රකින්න වෙනස් කරන්න ඕනත් අපි
නො දන්නවනම් දැනගන්න
දන්නවනම්
පටන් ගන්න
වෙනස්කරන්න
කලුපාට
ඔරවන්න ඕනත් අපි
නීති හදන්න
රකින්න වෙනස් කරන්න ඕනත් අපි
නො දන්නවනම් දැනගන්න
දන්නවනම්
පටන් ගන්න
වෙනස්කරන්න
කලුපාට
Saturday, January 6, 2018
කාලකණ්නින් භංග වේවා, පළමුව, දෙවනුව, තෙවනුවත්
ජන්ද වෙනුවෙන්
රටම චූන් කරන
කොන්දක්
ප්‍රතිපත්තියක් නැති
නිර්ලජ්ජිත
නිවට සත්තු
තොලොංචි වී යේවා!
රටම චූන් කරන
කොන්දක්
ප්‍රතිපත්තියක් නැති
නිර්ලජ්ජිත
නිවට සත්තු
තොලොංචි වී යේවා!
Subscribe to:
Posts (Atom)