Friday, February 21, 2025

නව යෞවනයට ප්‍රතිවිෂ - අල්ප මාත්‍රාවක්!

https://youtu.be/cLepDk2psvQ

https://youtu.be/p8Qa8a1D4ec

ලෝක, ලාංකීය සාහිත කෙත - ළමා, යොවුන් සාහිත්‍ය පෝෂණය කළ සියලු කනෘන්ට උපහාරයක් වේවා! සියලු පාඨක සමූහයාට උපකාරයක් වේවා!
(ලේඛක, ප්‍රකාශක, පාඨක සියලු අයිතීන් ඔවුනොවුන් සතුය‍.)


Thursday, February 20, 2025

සිරිමත් වගේ නම් - එපා

සිරිමත් වගේ නම් ඔබගේ පිරිමි පුතා

පුන් සඳ වගේ වේවා ඔබෙ ගැහැණු පුතා

හෙට දින අහසෙ තරු පායා තිබෙයි කියා

කොසොල් රජතුමා සිහිනෙන් කියා ගියා


හරි රහයි මිනි මරණ තෙල සජීවී දසුන්

තව නැද්ද කෙළ උණන උණු කොණ්ඩ කැවුම්

තලු මර මරා පාතාලයේ මජර ගැටුම්

ඊළඟ පරපුරට ඕනලු වෙඩි වගේ කෙරුම්


ගේමට ගේම හරි මරු පාතල් ගේම

හදවත නොවේ බ්‍රේකින් ඒ නිව්ස් මිස

ආතල් ගන්න තිරිහන් වෙන සයිස් එක

මිනිහට වඩා මැගසින් එක තමයි හැඩ

Tuesday, February 11, 2025

Vපරිණාම

සළු පිළි සමඟ ගත

අවකෙළි හැම තැනම ඇත

වඳුරට නොවේ ගියෙ රට

අඳුරු වී ඇති ඔබේ හදවත





Saturday, February 8, 2025

වත කැත වූ හැටි

https://youtu.be/kG6L7-ziF50

අකලට නාකි වූ මුණුබුරාගේ කතාව!
(ඇටය අමතක වූනා, ආයුබෝවන් මතක නැති වුනා)

Wednesday, January 29, 2025

ඉඩෝරය කල්පිරි!

අහස කළු කරා
සූළං හැමුවා හිරිගඬු නගා
රීදී ඉරකින් දෙපලු කරන් නුබ ගැබ
මහ හඬින් පුපුරා ගියා අකුණු සැර
හිතුවේ වහී වැස්ස දෙගොඩතලා
මහපොළවේ කුණුකඳු හෝදා 
කරයි ක්ලීන් ශ්‍රී ලංකා
...............!
ඉතිං දැන් හෙණ ඇති 
ආණ්ඩුව වස්සන්න මහ වැසි

Thursday, January 23, 2025

Tuesday, January 21, 2025

යන්නේ කොහෙද ? පොළේ...

https://youtu.be/AsIwTE98n4w

මනෝ පුබ්බංගමා ධම්මා! සිතන්න පොඩ්ඩක් හිතන්න, දුවන්නෙ ඇයි ඔයා.... පනින්න ඉස්සර බලන්න.....

Wednesday, January 1, 2025

ක්ලීන් ශ්‍රී ලංකා Vs නොකවුට් ශ්‍රී ලංකා (cleanout and findout people)

වැරදි හොය හොයා නොකළොත් හරි තැනට පිළියම් හෝ දඬුවම්

හරි මිනිස්සු හෙටත් හිටගෙන තට්ට තනියෙන් හෝ අවුලෙන්

තනි තනිව තනිවම කැරකෙන දැති රෝද වෙනකම් වෙල්කම් 

රට කැරකෙන්නෙ එක තැන එරි එරී  මඩ වලම කලතන්


*දඬුවම පිළියමක් ද පිළියම් දඬුවමක් ද විය හැකි බව කරුණාවෙන් සළකන්න.

Friday, December 20, 2024

සතියට එකක්..step up

https://youtu.be/CmA-FxMXTyw

තූන් ඈවර බැරිනම් එක සතියට ඈවර දෑවර හරි කියන්න.. අත තබන්න.. ඉවරයක් වෙන්න ඕන ප්‍රශ්න කෝටියක් ඇත රටේ !

Friday, December 13, 2024

Sunday, November 24, 2024

අත්පොඩියට👏

 බහුතර ජනතාවක් යහපත් අරමුණු වෙනුවෙන් ආණ්ඩුවක් වෙනස් කිරීමට සමත් නම් ඒ ආණ්ඩුවද යහපත් අරමුණු වෙනුවෙන් බහුතර ජනතාවක් වෙනස් කිරීමට සමත් විය යුතුය!

Friday, November 22, 2024

මළ කඩ කඩ... ශුද්ධ වූ රස්තියාදුව

 https://youtu.be/xgvwDTEDhcY

අප ශ්‍රම දානයට අත ගසා බොහෝ කල්ය. අපට වැදගත් වූයේ පුද්ගලයා නොව නිවැරදි කාරණාය. එනයින් සකස් කෙරෙන මාවත නිවැරදි දිශාවකට නම් ගමනාන්තයේ අරුතක් දැකිය හැකි වනු නොඅනුමානය.

Monday, November 11, 2024

බලු නොවටිනා සමාජයක් ! අපි වැදගත් මිනිස්සු..?

 https://youtu.be/IgJ7nKVkOGY

බල්ලොත් නොයන තැනකට යන මිනිස්සු...! සිදුවීමේ කැත හැර අන්එඩිටඩ් (පොලිසියේ ද සත්ව කරුණාව ඇති මිනිසුන් සිටීම පොලිසියට ගෞරවයකි)

Thursday, October 31, 2024

බල්ලට ගිය සමාජයක් සමඟ...! පුරවැසියා..

 https://youtu.be/HgA9XCnTOoU

හිංසාව පීඩාව බලවත් වූ සමාජයක මනුෂ්‍යත්වය බියෙන් මුළුගැන්වුනහොත් තවදුරටත් එතැන බිහිවන්නේ තිරිසන් සමාජයක්ම පමණි!

Sunday, October 13, 2024

වතුරේ ඇඳෙන විසඳුම්!

https://youtu.be/3iaoMr7ivlM

ඇති පදම් ඇති නිසාම නිසි ඇගැයුමක් ගැළපූමක් විසඳුමක් නැතිව වතුරේ යන අපි සහ පරිසරය?

Monday, October 7, 2024

අමත පදං!

https://youtu.be/ztfSE-I6JsU 

ප්‍රමාදයට කප් ගැසූ අපිට - වෙනස් වීමට තවත් කොපමණ වෙලාවක් ඇත්ද?

Tuesday, September 17, 2024

පාණාතිපාතා -1 / පාණාතිපාතා -2 (අදින්නාදානා) මනුස්සකම හොයා ගමු

https://youtu.be/HT29gMs_9Yw

https://youtu.be/LQYfbNbPO0A

චූන් පාන් මල්ලිගෙත් සත්ව කරුණාව තිබුණා, සමහරු කෑම ටිකක් හරි දැම්මා, ඇස් කන් නැති හදවත් නැති සමහර අය අවම සදාචාරෙත් බිඳලම දැම්මා!

Monday, September 9, 2024

ෂේප්... ෂේප් ! ගෝල් ‌‌ෆේස් ! -කතාව අවසන් වනතුරු ෂේප් නොවන්න-

හේතුවකින් තොර අරගලයක් හෝ අරගලයකින් තොර ජන බලයක් වෙත්ද? සියුම් වේවා, නොසියුම් වේවා ගෙයි එළිපත්තේ සිට වෙනසකින් තොර ඇරඹුමක් තවත් කොහි වෙත්ද?

Sunday, September 8, 2024

ඒ ඔබද ?

රට ජාතිය ආගම රැකගත හැකි එකම තැනැත්තා 

රටේ ජාතික ආරක්ෂාව භාරගත හැකි එකම තැනැත්තා 

රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම තැනැත්තා 

ect.

මේ සියලුම තැනැත්තන් හමුවේ හොඳටම ඇඳගත් එකම තැනැත්තා 

Thursday, August 29, 2024

මගේ ප්රතිපත්ති-ය ප්රාකාශය..!

https://youtu.be/iYPkyquBWkc

රටේ දේශ-පාලනය හා පාලකයන් වරණය උදෙසා පුරවැසියාට ප්රතිපත්තියක් තිබිය යුතුය!

Sunday, August 25, 2024

වෙනසකට සූදානම්! රට...

 https://youtu.be/aEnCzB8L0Ug?si=wK4_WeYbZnhhZ6jG

හදවතින්ම වෙනසකට නම් සටකපට දේශපාලනයේ බොහෝ සීමා බිඳ දැමිය යුතුය. තවත් සීමා බැද දැමිය යුතුය. සැබෑ වෙනසක් සමඟ රටක් යළි පිබිදෙන්නේ එවිටය.

Thursday, August 22, 2024

දොන් ජුවන්ගේ ට්‍රෝජන්-ධර්ම රාජ්‍ය පාලන තියරිය පරදවමු!

ප්‍රතිස්ථාපනය උදෙසා 

ප්‍රතිසංවිධානය කෙරෙන 

ප්‍රතිගාමී දේශපාලනය 

ප්‍රතිව්‍යූහගත කරමින් 

පණ අදින බඩ වඩන 

මජරත්වයට හුස්ම දෙමින්  

අනාගතයට තාල තබා 

අතීතයට පාද සලා 

අවස්ථාවාදීන්ට ලකුණු දමා 

අවස්ථාවාදයට පවන් සලන

Monday, August 19, 2024

ඇයි ? බයද ? 1/ඇයි ? බයද ? 2

 https://youtu.be/jpi7BmBU9hc

අපිට කව්ද බය? අවිහිංසාවාදියෝ බොහෝ කොට බියෙන් අගතියට නොයති!

https://youtu.be/x05wbFpADt8

අපි කාටද බය? අවිහිංසාවාදියෝ බොහෝ කොට බියෙන් අගතියට නොයති!



Thursday, August 15, 2024

පායා එන සඳවත මනරම්! (එක පුන් සඳින් දුරුකළ හැක ඝණ අඳුර , වළා ඇවිත් නොම වහපන් හඳ සෙලුව...)

 https://youtu.be/5RhMym6V1xE




නිධාන ගොඩගන්නවනම්! හා..!

https://youtu.be/yPuPrmWv3vs 

මේක මඟුල් සක්වළක් ! ? යැ *මෙහි සඳහන් "වර්ග හැටපන්දහස් ගණනක" යනු වර්ගප්රමාණය කිලෝමීටර වලින් බවත් ඇප මුදල් තැන්පත් කළ හතළිහ අතුරෙන් අවසන් වශයෙන් නාමයෝජනා ලබා දී ඇත්තේ තිස් නවදෙනෙකු පමණක් බවත් කරුණාවෙන් සළකන්න - ස්තූතියි.

එක් අපේක්ෂකයෙකු 23/08/2024 දින වන විට අභාවප්‍රාප්ත වී ඇත.

Wednesday, July 31, 2024

Tuesday, July 30, 2024

මේක නම් පිස්සුවක්!

https://youtu.be/B_fH4FuxyEc

අපේක්ෂකයා නොව පොදු විය යුතු - අරමුණයි. අපේක්ෂකයා නොව සැබෑ ලෙස ස්වාධීන විය යුතු - රාජ්‍යයයි.

Friday, July 12, 2024

ෆේල් පීපල්!(එතුමා වැරදි නැත)

තාලයකට අත් පොඩියක් ගහන්ඩ බැරි මිනිහෙක්ට කාලයකට රටක් හදන්ඩ බාර වෙනවා කියන්නේ ඇත්තටම ඒ රටේ මිනිස්සුන්ට බෑ! 

Tuesday, July 2, 2024

ෂෝ ටයිම්! - විහිළුවක් වූ ජනතාවක්?

වටේ හුණු කටේ

හප හපා හැමදා එකම විටේ

ගෲෂා යවමින් වැල් පාලම දිගේ

නටාලියා උඹයි එල්ලෙන කලිසම ඉණේ


පෙනුමයි හැඩය ඔබ රෝයල් නටාලියා

ගන්නට ‌එපා විහිළුවකට අපව සදා

බලය නොවෙයි බඩ ගින්නට කන්නෙ හිඟා

ඔබවන් අයට ඒ දුක දැක යයිද හිනා


බලවත් මිනිසුන්ය වැළඳුවෙ රට රෑට

බලයට සැවොම පොරකා ගැසුවෙම ගේම

රට ගැන හැඟුම මරු ජෝකරයක් වීම

දිනකදි වේය පෝරකයක මියැදීම

ඔබේ නම!

 https://youtu.be/uaLw8vPMz6Q



Thursday, June 13, 2024

බෑ ... බෑ ‍‍‍... උම් බෑ! (ආපහු හැරෙන්න බෑ - නායකතුමා අනුව යමු)

මමත් දුවනව හිතින් හරි
උඹත් දුවපන් පයින් හරි
නවතින්න බෑ කන්නෙ පොරි
ඔහොම දුවපන් කොහොම හරි
    පණ කඩාගෙන හති හලාගෙන
    හිත හදාගෙන කට වසාගෙන
    බැහැයි නොකියා එහෙයි කියලා
    පිම්මෙ දුවපන් නගුට වනලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප ලුහුබඳිනවා
දිනන්නට බෑ හැරෙන්නට බෑ කෝටු පාරක් වදිනවා
නාස් ලණුවද වියගහද වැඩි පූරුවේ පව ගෙවනවා
කියන වේගෙට දුවගෙනම යමු අනේ වෙන මක් කොරනවා

Saturday, June 1, 2024

රටට ගැලපෙන ක්‍රමයක් ද ක්‍රමයකට ගලපන රටක් ද (කන් කන් බූරු - සිංගප්පූරු)

ඇමරිකානු රසයට ඉන්දියානු අච්චාරු සමඟ ලෝක පාලක දෙවියන්ගේ සහනාධාර සහලින් පිසූ කිරිබත් ද රන්වන් පැහැ වනතුරු ඉන්දියානු ගැඹුරු තෙලේ බදින ලද ලංකා හැඩ කොකිස් ද සිංගප්පූරු ගෑරුප්පුවක් භාවිතයෙන් නැකතට අනුභව කොට යා දෙක නොරත රත යා කොට හදන්නට යන මිත්‍රත්ව පාලමේ සිට බල්ටියක් ගසා ඉන්දියානු සාගරයට පැන රැළ්ළේ ගිලී හොඳින් නා පිරිසිදු වී 2048 අලුත් රටක් හදනු පිණිස එළඹෙන ජනපති වරණයේදී සුදුසු ඇඟිල්ලක කලින් ඉන්දියාවෙන් ගෙන්වූ තීන්ත ගා කතිරය බූරුවා ගසා අපේ නොවන අපේම රටේ අතපය බැද වැඩ ඇල්ලීමට හැකි නම්... සාතිශයින්ම මැනවී!

Monday, May 20, 2024

ඕනෑ නෑ අපිට පාරක්...(රටේ නායකත්වයට ටයරයක් ඕනෑ කර තිබේ)

ස්පෙයා වීලයෙන් යන ඕෆ්රෝඩ් ගමනක් 

නොහොත් කැමැත්තෙන් හොල්ල හොල්ලා ආතල් ගන්නා වැල් පාලමේ ඇඩ්වෙන්චරයක් 


ටයර් සමඟ බැඳුනු ඉතිහාසයක් 

ටයර් සමඟ බැඳෙන වර්තමානයක්

ටයර් සමඟ  පෑහෙන අනාගතයක් 


ඔබේ තේරීමට


අමතර ටයරයක් (ස්පෙයා වීල්)

නැවත පිරවූ ටයරයක් 

අලුත් ටයරයක් ?


පදින්න

බැරි නම් 

පළදින්න


මිත්‍රවරුනි, මේක ටයර් ආකරයක් 

නීරස දේශපාලන සාගරයක් 

Friday, May 10, 2024

හෙන පතිත නොවීමේ විද්‍යාත්මක හේතු! (රටට හෙන)

හැම ජඩ මජර දේශපාලනයක අඛණ්ඩ පැවැත්ම පිටුපස ප්‍රබල අකුණු සන්නායක ස්ථාපිත කොට තිබේ. ඒ අකුණු සන්නායක වල අඛණ්ඩ පැවැත්ම පිටුපස අනුග්‍රාහකත්ව පෝලිමක් ස්ථාපිත වී තිබේ. අකුණු සන්නායක සඳහා වන පිරිවැය මහ ජනතාවගෙන් ඍජුව හා වක්‍රව අයකර ගනු ලැබේ.

Thursday, April 25, 2024

මගේ අමු පරමාධිපත්‍ය (අලාබෙට නැත)

ඕනම සිංදුවක් අහගෙන ඉන්නවා(දකුණට වමට ස්වයිප් ඕ අංකෙට එස්එම්එස් කරනවා)

ලක්ෂ පහක්වත් ගන්නවා 

ඕනම කෙනෙකුට ඡන්දය දෙනවා(වමට දකුණට උතුරට නැගෙනහිරට ඕ හැරෙන අතට වෝට් කරනවා)

කෝටි එකහමාරක්වත් ගන්නවා

පිටකවරයට කලින් පොතම ස්ටඩි කරනවා(පපුව ඇතුලෙ චේ ගුවේරා ඕසෝ දළෙයි ලාමා සහ කීප දෙනෙක් ඉන්නවා)

ඔළුව ඇතුළ මාර්කටින් මැනේජර් 24*7 වැඩ කරනවා

Wednesday, April 24, 2024

💀

 ලංකාවෙ ඇත්තටම මහ ‌මොළකරුවො නෑ, හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ@ සාමදානයේ සැතපෙන කුඩා මොළ!

Friday, March 29, 2024

මේ දවස්වල... (හෙට වෙනුවෙන් අද)

හැම කෙනෙක්ම වගේ මිනී පෙට්ටි සාප්පුවක් අරිනවා. එකක අයිතිකරුවෙක් වෙන්ත තරමට සුදුසුකම් හදාගන්න පන්ති ඔන්ලයිනුත් තියෙනවා. තරඟය හරි ඉහළයි. විනාශයට යන හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ප්‍රතිව්‍යූහගත කෙරෙනවා. එක්සිට් එක මෝචරියට තියෙනවා. විවෘතයට කැත නැති නැකතක් තියෙනවා. කතා වලට ණයට ගන්න වචන අඩු නැතිව රටේ ලෝකෙ තියෙනවා. අපි බය නෑ, රටේ නෂ්ටාවශේෂ භෂ්මාවශේෂ වෙනකම් අපට කෙළ(ව)ගන්න තවත් වෙලාව තියෙනවා!

Saturday, March 16, 2024

ලංකාව! (...)

චරිත සහතික 

සහතික චරිත මැද

අහේතුවට හේතුවක් ය

පොත නොකියවූ කවරයේ කථාව

Saturday, February 3, 2024

ඒක වුනේ මෙහෙමයි (ප්‍රබන්ධයකි)

විසිදෙවන ශතවර්ෂය පේන මානයේ අපි ඉන්නෙ. ලංකාව කියන්නෙ අපි උපන් රට. හැබැයි මම ඉපදුනේ ලංකාවෙ නෙවෙයි. කාලෙකදි අපි එහෙන් වෙනත් රටකට එනව. දැන් පදිංචිය මෙහේ වුනත් ආපහු ලංකාවට යන්න හිතන් ඉන්නෙ. හැබැයි දැන් තියෙන්නෙ අපි එනකොට තිබුණු ලංකාව නෙවෙයි වෙනම එකක්‍, එහෙමයි දැන් අපේ වැඩිහිටි අය කතා වෙන්නේ. අපි අපි කීවට මේ අපි පරම්පරා කීපයකට අයිති අය. මට හමුවුණා වසර දෙදාහේ ඉපදුණු කෙනෙක්. එයාගෙන් මිස මං මේ කතා කළ දේවල් වෙන කෙනෙකුගෙන් දැන ගන්න එක ලේසි වෙන්නෙ නෑ. කෝකටත් ලංකාවට ආපහු යන්න කලින් අන්තර්ජාලයෙන්, සමාජ මාධ්‍යයෙන් හොයා ගත්ත තොරතුරු වලට එහා එහේ ජීවත් වුණු කෙනෙකුගෙන් විශේෂයෙන්ම එයාගෙ කටින්ම සජීවීම මේ දේවල් දැන ගන්නවා කියන්නෙම මගේ වයසෙ කෙනෙකුට සුවිශේෂී වරප්‍රසාදයක්. අපි උණුසුම් දවසක එළිමහනේ වාඩිවෙලා මේ කතාව පටන් ගත්තා.

ඒක වුනේ මෙහෙමයි.
‍ලංකාව වෙනස් වෙන්න ගත්තෙ දෙදාස් තිහෙන් තිස්පහෙන් පස්සෙ. ඒ වෙනස් වීම සිද්ධ වෙන්න තවත් අවුරුදු දහයක් විතර ගතවුණා.
අරගලවලින් දේශපාලන උපක්‍රම වලින් සාර්ථකත්වයක් නොලැබුණු තැන මිනිස්සු වෙනස් වෙන්න, වෙනස්ම විදිහට හිතන්න පටන් ගත්තා.
මං හිතන්නෙ මිනිස්සුන්ට අලුතෙන්ම හිතන්න සිද්ධ වුණා.
ඒ වෙනකොට උගත් පරපුර වැඩියි. නමුත් ඒ දැනුම භාවිතයේ ලොකු රික්තකයක් තිබුණා. වැඩිහිටි මිනිස්සුන්ට සිද්ධ වුණා තම තමන්ගෙ උගත්කම් දැනුම අනුව හිතන්න. විශේෂයෙන්ම තමන්ගෙ දරු පරපුර වෙනුවෙන්.
ඒ වෙනකොට දේශපාලකයොත් දන්නා ශිල්ප ඔක්කොම දක්වල අසාර්ථක වෙලයි හිටියෙ. නිකං බොරුවට හදපු චින්තනයන්, ඒ කීවෙ දේශපාලන වැඩපිළිවෙලවල් සඳහා හදපු ජාතික ප්‍රතිපත්ති පුස්සක් වෙලා තිබුණෙ.
තමන් උගත් දැනුමට විද්‍යාවට තව දුරටත් මේ වැඩසටහන් වල කිසිම සම්බන්ධයක් නැති බව ඇස් පනාපිට ඔප්පු වෙලා තිබුණෙ.
ලංකාවෙ මිනිස්සුන්ට තිබුණෙ පැහැදිලි විකල්ප දෙකයි, ඒ කියන්නෙ පැවතුන අයහපත් තත්වයට විරුද්ධව. විද්‍යාවද? මිත්‍යාවද? තෝරා ගැනීමක් කරන්න.
විද්‍යාත්මක ක්‍රමයකට යනවද, මිත්‍යාවක් පස්සෙ යනවද?
පැවතුන දේශපාලන අසාර්ථකත්වයට, ආර්ථීක බිඳවැටීමට විසඳුම් හොයාගන්න වෙනව. ඒකට පාවිච්චි කරන්න වෙන්නෙ විද්‍යාව, මිත්‍යාවෙන් ඒක කරන්න පුළුවන්ද?
දේශපාලනේ පැත්තකට දාල විද්‍යාව මොකද්ද? මිත්‍යාව මොකද්ද, කියන කතාව සමාජයේ තදින්ම ඇහෙන්න ගත්තෙ මේ කාලෙ.
සමහරු තර්ක කළා විද්‍යාව කියන්නෙ බටහිර විද්‍යාව අනිත් සියල්ල ආගම්, ඇදහිලි මිත්‍යාව කියල.
නමුත් ඒ වෙනකොට අපිට බටහිර විද්‍යාවෙන් අත්පත් කරගත හැකිව තිබුණෙ දැනුම විතරයි. ස්වභාවික සම්පත් තිබුණත් ප්‍රාග්ධනයෙ ව්‍යවසායකත්වයේ ප්‍රශ්න තිබුණා. විද්‍යාව මිත්‍යාව අතර සංවාදය සමාජයේ කෙටි කාලයක් ඇතුළෙ වේගයෙන් පැතිරෙද්දි විශේෂයෙන් දහමක් ඔස්සේ සමාජගත වෙලා තිබුණ හේතු ඵල දහම වගේ කාරණා ප්‍රායෝගිකව මේ සමාජයේ කාරණා තේරුම් බේරුම් කරගන්න ලොකු උදව්වක් වුණා.
 
එයා කියා ගෙන යනවා. වයස්ගත බවක වෙහෙසකින් තොරව කියා ගෙන යන කතාවෙ අවශ්‍යම තැනකදි හැර අහගෙන ඉන්න විතරයි මට තියෙන්නෙ. ඔන්න මට ප්‍රශ්නයක් ආපු තැන.
මොකද්ද දහමකින් ආව හේතු ඵල දහම?
 
ඒක ආවෙ බුද්ධ ධර්මයෙන්. බුද්ධ ධර්මයේ ඉගැන්වීම් බොහොමයක් සාමාන්‍යයෙන් වෙනත් ආගම් ඇදහීම් වලට එහා සීමාවකට හිතන්න පුරුදු පුහුණු කරන හා තර්ක කරන, ගවේෂණය කරන අයට ඉඩක් තියෙන එව බලව, ඇවිත් බලන්න කියන ධර්මයක්. හේතු ඵල දහම කියන්නේ ඒ්ක ඇතුළෙ තිබුණු අපේ විදිහට කියනවනම් විද්‍යාත්මක විග්‍රහයක්.
 
බුද්ධ ධර්මය නම් අහල කියවල තියනවා පමණකට, උදාහරණයක් කියන්න පුළුවන්ද?
 
පුං ජන්මාණුවක් ඡායා ජන්මාණුවක් එක් වීමෙන් යුක්තාණුවක් ඇතිවේ.‍ යුක්තාණුව ඵලය නම් පුං සහ ඡායා ජන්මාණු එක්වීමයි හේතුව. අනික් අතට පුං ඡායා ජන්මාණු එක් වීමක් නොමැති විට යුක්තාණුවකට ඉඩක් නැත.
 
සරලයිනේ.
 
සරලයි වගේම ගැඹුරුයි. මෙන්න මේ වගේ තවත් බොහොමයක් දේවල් මේ කාලයෙදි නැවත එලියට ආව.
 
නැවත කියන එකෙන් අදහස් කළේ.
 
මේ කලාන්තරයක් තිස්සෙ විවිධ විදිහට සමාජ ගත වුනු දැනුම. සමාජ පද්ධතිය කැළඹෙන කොට පතුලට ගිය ගොඩක් දේවල් ආපහු එළියට මතුවුණා. විශේෂයෙන් ආගම් වල කියල තියෙන නිර්මාණ වාද, කර්ම වාද ගැන තර්ක මතුවෙද්දි මනුස්සකම රැකගන්න කියන පොදු කාරණය ආගම් වලින් ගත හැකි පොදු සාධකයක් හැටියට ඉස්මතු වුණා. ඒකට හේතුවකුත් තිබුණ.
 
ඒ මොකද්ද?
 
ඒ කාලෙ තිබුණ කෝවිඩ් කියන දරුණු ලෝක ව්‍යාප්ත වසංගතයෙන් පස්සෙ දරුණු විදිහට කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය, සමාජ පරිසරය මිනිස්සුන්ගෙ කලාන්තර සංස්කෘතික පෝෂණය තුළ තිබුණු වටිනා ගුණාංග දැවැන්ත විදිහට වෙනස් කළා. මං උදාහරණයකින්ම කියන්නම්, ආහාර අර්බුධය එහෙම එකක්. ගුණාත්මක ආහාර ලබාගන්න බැරිවීම, ඒවායේ මිල ගණන්, ඒ නිසා විශේෂයෙන් කුඩා දරුවන් සහ දුප්පත් මිනිස්සුන්ට නිසි පෝෂණය නොලැබීම විතරක් නෙවෙයි, ආගන්තුක සත්කාරයට ලැදි ජනතාවක් වුණු ලාංකික මිනිස්සුන්ට ආගන්තුකයෙකුට සත්කාර කරන සාමාන්‍ය විදිහ වෙනස් කරගන්න සිද්ද වුණා. හොරකම වැඩිවුණා.
මේ දේවල් වඩාත් බලපෑවේ හැදෙන පරපුරට. එයාලගෙ අධ්‍යාපනය අඩාල වුණා. අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය කියන්නේ ලංකාවේ ආණ්ඩු නඩත්තු කරපු දීර්ඝ කාලීන සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති, නමුත් ආර්ථිකයෙන් බංකොලොත් වුණු රටක ඒ දේවල් අහිමි වීම මිනිස්සුන්ගෙ ජීවිත වලට අසීමාන්තිකව බලපෑම් කරා.
 
ලංකාවෙ ආර්ථිකය බිඳ වැටුණෙ හොරකම වංචාව නිසයි කියල කියන එක ඒ දවස් වලට කලින්ම තිබුණු සටන් පාඨයක් නේද? මං ඒක ගොඩක් තැන්වල කියවල දැකල තියෙනව.
 
විශේෂයෙන් දේශපාලකයො මහජනයට ඉහළින්ම දුන්න පොරොන්දුවක් තමා ධර්මිෂ්ඨ සමාජයක්, යහ පාලනයක්, සෞභාග්‍යමත් දේශයක්. මේ හැම එකකම තිබුණෙ හොරකම, වංචාවනැති කරල සමාජය, රට යහපත් කරනවා කියන එක. නමුත් නොකෙරුණේම ඒ කාරණය.
දැන් අර විද්‍යාව මිත්‍යාව අතර සංවාදය නිසා සිද්ධ වුණු වැදගත්ම කාරණේ ඔය දේශපාලනයත් එක්ක තිබුණු ජාති ආගම් පන්ති භේදයට පහර වැදුණු එක. ඒ භේද වලින් තොරව හිතීමෙන් තර්ක කිරීමෙන් තොරව තමන්ට තමන් ජීවත් වෙන රට සමාජය හදාගන්න බෑ කියන එක මිනිස්සුන්ට ප්‍රායෝගිකවම අත්දකින්න හැකිවුණ එක.
එහෙම වුණේ තවත් වෙන්න දෙයක් නැති තරමට රට විනාශයට ඇද වැටුණු නිසා. කොහොම වුණත් මේ සංවාද සිද්ධ වුණේ හරිම කෙටි කාලයක් තුළ ඉතාම වේගයෙන් එහෙම වුණේ ඒ වෙනකොට ලංකාවෙ සමාජය අත්දැකීමෙන් ගොඩක් පරිණතියකට පත්වෙලා හිටපු නිසා. තීරණාත්මක තැනක කවුරුත් හිටියෙ.
 
ඔය කාලෙට කලින් ඇති හැකි උගත් උදවිය උත්සාහ කරාලු නේද වෙනත් රට වලට සංක්‍රමණය වෙන්න. ඒත් එක්කම දැවැන්ත විදිහට බුද්ධි ගලනයත් සිදුවුණා කියල මං අහල තියෙනව.
 
ඒක ඇත්ත. ඒ ආසන්න කාල සීමාවෙ එහෙම තත්වයක් තිබුණත් ගම් දනම් වල වගේම නගර වලත් ලොකු උගත් ප්‍රජාවක් හිටිය රට අතෑරල යෑම කියන දේත් එක්ක ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුන. ඒ නිසා ඒ රැල්ල සුනාමියක් වුණේ නෑ.
සමාජ මාධ්‍ය, ජන මාධ්‍ය විතරක් නෙවෙයි, හන්දි කඩපිල් ගානෙ කොටින්ම මිනිස්සු රැස්‌ වෙන්නෙ කොතනද එතන මේ කතා බහ ඇතිවුණා. හැම දෙනාම එකමුතු වීම විතරක් නෙවෙයි රටට පැහැදිලි ක්‍රමයක් ඒ කියන්නෙ හිතන විදිහ, හැසිරෙන විදිහ, වැරදුණු තැන් හොයාගෙන නිවැරදි වීම මේ ආදී දේවල් පිළිබඳ හිතාගන්න බැරි විදිහේ අවශ්‍යතාවකින් මිනිස්සු පෙළෙන්න ගත්ත.
වෙනද පාරතොටේ හෝන් ගහගෙන රණ්ඩු කරගෙන ප්‍රශ්න විසඳගන්න හිතපු මිනිස්සු දැන් අනිත් මිනිහට ඇහුම්කන් දීල තමන්ගෙ පැත්තෙන් වැරැද්ද දකින්න අරගෙන.
 
හිතාගන්න අමාරුයි. මං අහල තියෙන විදිහට ලංකාවෙ මිනිස්සු වෙනස් කරන්න හරි අමාරුයි කියනව ලෝකෙ අනිත් ර‌ට වලට සාපේක්ෂව.
 
ඒක ඇත්ත. අසියාවෙ සංස්කෘතික ජීවිත වල කොයි බුද්ධි මට්ටමේ මිනිස්සුන්ගෙත් ඔය තත්වය තියෙනව. නමුත් ආසියාවෙ විතරක් නෙවෙයි ඔය තත්වය තියෙන්නෙ. අනිත් පැත්තෙන් ඒක පුද්ගල බද්ධ තත්වයක්. කොහොම නමුත් තමන්ම හිතල තේරුම් අරන් වෙනස් වෙන්න ගත්තම ලෝකෙ මොන ජාතියෙ මිනිස්සුන්ටත් වැඩිය වේගෙන් වෙනස් වෙන්න ඒක රැල්ලක් කරගන්න ලංකාවෙ මිනිස්සුන්ට පුළුවන්. ඒක සබුද්ධිකව කරන්න පුළුවන් වීම තුළිනුයි දිගින් දිගටම අසාර්ථක වුණු රටට සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් වුණේ.
අහල තියෙනවද දෙදාස් විසි ගණන්වල ලංකාවෙ එක්තරා අරගලයක් සිද්ධවුණා කියන එක. ඒකෙදිත් වුණේ ඔය වගේ දෙයක්. හැබැයි ඊට අවුරුදු දහයකට විතර පස්සේ ඒ සමයෙ හිටි තරුණයින් වැඩිහිටියන් හැටියටත් ළමයින් තරුණයන් හැටියටත් සහ වැඩිහිටි මැදි වියේ හිටි කවුරුත් හොඳ පරිණතියකට ඇවිත් හිටියෙ.
 
ඔය පරිණතිය කියන්නෙ දැනුමෙන්ද? නැත්නම් අත්දැකීමෙන්ද?
 
දෙකෙන්ම, මේ වෙනකොට සමාජයේ සීයට අනූවක්ම සාමාන්‍යයෙන් උගත් සාක්ෂරතාවයෙන් යුතු අය.
 
තාක්ෂණය ගත්තම ලංකාව පසුපසින් නේද හිටියෙ.
 
නමුත් නවීන තාක්ෂණ භාවිතයන් හරි ඉක්මණින්ම ග්‍රහණය කර ගන්න සමත් පරපුරක් එක්ක ඒ සම්බන්ධ ප්‍රාග්ධන සම්පත් වල අඩුව ජංගම දුරකථනයෙන් වහගන්න උත්සාහ කරන තරමේ උත්ප්‍රේරණයක් ඒ වෙනකොට සමාජයට ඒන්නත් වෙලා තිබුණෙ අවශ්‍යතාවයක් හැටියට.  
මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. ලෝකෙ මිනිස්වර්ගයාගේ ජාන රටාව මූලිකව එකක් වුණාට ඒ තුළ තියෙන සුවිශේෂී අනන්‍ය ලක්ෂණ ජාතීන් රටවල් ඇතුළෙ කවදත් තියෙනවා. ඒක ඒ රටවල ජනතාවගෙ ආවෙිණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරනව. නිලීනව තියෙන මේ ලක්ෂණ ප්‍රබල මානසික තත්වයන් තුළ හොඳ ලෙස සක්‍රීය වුණොත් ඒක සුවිශේෂී තත්වයක්.
 
ලංකාවෙ වුණේ මෙහෙම දෙයක්ද?
 
මෙතෙක් වෙලා එක හුස්මට ඇදුණු සංවාද සංග්‍රහය තේ කෝපි සංග්‍රහයක් වෙනුවෙන් මිනිත්තු කීපයකට නතර වුණේ මේ දැන්. ඔන්න මිනිත්තු කීපයක නිහැඬියාවකින් පස්සේ තේ කෝපි තොලගාමින් ආපහු කතාව ඇරඹුනා.
 
ශරීරය වර්ධනය විකසනය පෙන්නුම් කරනව වගේ චින්තනයත් බුද්ධියත් සමඟ මානසිකව සිදුවන වර්ධනය විකසනය පරිණතිය කියන්නෙ අපි තවදුරටත් පරීක්නයට ලක්කළ යුතු දෙයක්.
මේක ශරීරයේ ඇඩ්රිනලින් වලදි වගේ ක්‍රියාකාරිත්වයකින් යුතු සාමූහික පිරිසකගෙන් එහාට යනව.
ලැව් ගින්නක් වගේ සමාජය දවන මොබ් එකකුත් නොවෙයි.
නිකං පහනින් පහනක් දැල්වීමක් වගේ දෙයක්. ශරීරය කලබල වීමක් නෑ, මනස සන්සුන් ආකාරයෙන් පවතිනව, බුද්ධිය හොඳින් ක්‍රියාත්මක වෙනව එනිසා හැඟීම් පාලනයකින් යුක්තයි. ඒ නිසා නිවැරදි තීරණ හා නිවැරදි ක්‍රියාකාරිත්වයක් නිවැරදි පෙළඹවීම් පෙන්වනව. එහෙම සමාජ කොට්ඨාශයකිනුයි මේ වෙනස ඇරඹුණේ. ඒක රැල්ලක් වුණා. අසනීපයක් වගේ බෝ වුණා. සමාජය සුවපත් වුණා.
ඒක පටන් ගත්තෙ මිනිස්සු විද්‍යාත්මකව හිතන්න පටන් ගැනීමෙන්. හැබැයි ඒ හුදු භෞතිකවාදී අන්තවාදී එකක් වුණේ නෑ.
මිනිස්සු වෙනස් වුණා විද්‍යාත්මක විදිහකට. අලුතින් හිතන්න ගත්තා. ඒ්කට මුල් වුණේ උගත් වගේම බුද්ධිමත් ශක්තිමත් මිනිස්සු. තමන්ගේ වැරදි තේරුම් ගත්ත වගේම හේතු ඵල දහම ඔස්සේ ඒ වැරදි ප්‍රතිඵල ගෙනාපු හේතු වෙනස් කරගන්න කැපවුනා. කරුමය හැටියට බාර ගත්ත දේවල් හේතු වෙනස් කර ගැනීම නිසා වාසනාවක් කරගන්න තරමට මිනිස්සු දියුණු වුණා. අන්න අර නිලීනව තිබුණු සමහර ජාන ශක්තීන් පිබිදුණා යහපත් විදිහට. ඒක වැඩකළා. සාර්ථක වුණා. රටම වෙනස් වුණා. දශකයකින්, ඊළඟ දශකයේ ප්‍රතිඵල ලැබෙන්න ගත්ත. දැන් දශක කීපයක් ගතවෙලා. අද ලෝකයේ සාර්ථකත්වයක් උසුලන කෙටි කාලයකින් දියුණු වුන රටක් වෙලා.
 
පොඩ්ඩක් හෝව් දැන් මෙහෙම කතාවක් අහද්දි මට හිතෙන්නෙ මේක පරමාදර්ශී තැනකට යන්න හදන විඥානවාදී කතාවක් වගේ.
 
කැමති කෙනෙකුට කැමති විදිහකට විස්තර කරන්න පුළුවන් වුණත් මේක තමයි ලංකාවට වුණේ. හැම රටකම ගොඩනැඟීමේ කතා සමාන නෑ. බොහෝ කතා දේශපාලනිකයි, පහුගිය යුගයේ. නමුත් විසිඑක් වන ශතවර්ෂයේ මැද භාගයේ දේශපාලනික කතා වල වලංගුතාවය පරීක්ෂාවට ලක් වුණේ විද්‍යාවෙන්. ඒ නිසා ලංකාවේ නව යුගයක ආරම්භය එන්නේ ලෝකයේ නව යුගයත් එක්ක. සමහර විට මේක අලුත් යුගයේ හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නෙ විසිදෙවන ශත වර්ෂයට දශක කීපයක් මෙහා. ඔයාගෙ මැදි වයසෙ ඔයාට බලන්න අත් දකින්න පුළුවන් වෙයි අලුත්ම තත්වය.  
 
දැන් ලංකාවට යන්න ආසයි.
 
ඒක හොඳ දෙයක්.
 
තව දෙයක් අර දේශපාලකයින්ට මොකද වුණේ.
 
හොඳම දේ ඒක තමයි. රට වෙනස් වෙන්න ගන්න කොටම ඒ පැරණි අය බොහෝ දෙනෙක් මේ දේවල් වලින් ඉවත් වෙලා හිටියෙ වයස නිසාම. ඉතිරි අයට සිද්ධ වුණා රටේ මිනිස්සු හදා ගත්ත විද්‍යාත්මක ක්‍රමයට අනුව පුනරුත්ථාපනය වෙන්න. කෙටියෙන් කීවොත් බුද්ධිය පාවිච්චි කරල හදාගත්ත හොර බොරු නැති ක්‍රමයට අනුගත වෙන්න ඒ අයට සිද්ධ වුණා.
 
ඔයත් එනවද අපිත් එක්ක ලංකාවට යන්න
 
මම කොහොමත් ජීවිතේ ඉතිරි ටික ගෙවා දාන්නෙ එහේ තමයි. ඒ කාලෙ හිටන් මිනිස්සුන්ගෙ හීනයක් තිබුණ ලොකේ ශක්තිමත් තැනක ලංකාව තියනව දකින්න. නමුත් හීනෙන් පවා ඒක හීනයක් හැටියට දැකපු යුගයක් පහු කරල මෙහෙම ඒ හීනෙ ජීවමානව දැකපු එකත් එසේ මෙසේ දෙයක් නෙවෙයි. දැන් විද්‍යාව කියන්නෙ ඒ දවස් වල අපි දැකපු විද්‍යාව නෙවෙයි. ඒක දැක ගන්න ඔයත් ලංකාවට යන්න ගත්ත තීරණේ හරි නිවැරදියි. විද්‍යාවෙ පෙරදිග බටහිර කියන බෙදුම් රේඛාව නැතිවුණේ ලංකාවෙ නැගිටීමත් එක්ක, එහෙට ගියාම ඔයාට හරියටම තේරෙයි ඒ කොහොමද කියල.
ඒක වුනේ එහෙම තමයි.
එහෙම කියපු ඒ පුද්ගලය මගේ අතේ අපූරු මෙවලමක් තැබුව.
 
මොකද්ද? මේ
 
ලංකාව වෙනස් කරන්න හේතු වුණු කාරණයක්.
 
මේක ඔර්ලෝසුවක්ද?
 
ඔව්. හැබැයි මේකෙ වෙලාව යන්නෙ ආපස්සට.
 
ආපස්සට, ඒ කිව්වෙ. කව්ද මේක හැදුවෙ.
 
දැන් වෙලාව කීයද කියන එක නෙවෙයි ඔතන පෙන්නන්නේ. ඔයාට අද දවසෙ කොච්චරක් වෙලාව ඉතිරීද කියන එක.
 
මේක හැදුවෙ ඔයා. ඵලය වෙනස් කරගන්න හේතු වෙනස් කරන කතාවක් ඔයා කීවා. පෙරදිග අපරදිග විද්‍යාව කියන බෙදුම් රේඛාවක් ගැන ඔයා කීවා.  ඔයා කියන්නෙ මේක සමස්ථ ලෝකයටම ගෙනියන්න පුළුවන් කියලද?
 
ලංකාවට ගිහින් උත්සාහ කරන්න. දැන් එහේ පටන් ගෙන තියෙන්නේ.
 
මට තේරුණා. එතකොට ඒ්ක වුනේ මෙහෙමයි.
හරියට පොතක පාඩමක් ඉවර වුණා වගේ මට දැනුණා. ඇත්තටම දෙයක් ඉතිරිවුණා හිතන්න.
 
x

Thursday, February 1, 2024

ඔබ මේ මොහොතේ හෝ ඔවුන්ගෙන් සමාව ගන්නවාද ? (VlA ~ ඉතා වැදගත් සත්තු)

ළමයින් හෝ පරපුරක් තබා රටේ ජඩ සමාජ ක්‍රමයක් නිර්මාණයට දිගින් දිගටම දායක වූ කිසිවෙක් ඒ ජඩ ක්‍රමය නිසා පීඩාවන්ට විනාශයන්ට ගොදුරු වූ කිසිවෙකුගෙන් අදටත් සමාව ඉල්ලූයේ නැත. අඩු තරමේ තමන්ගේ වගකීමක වගකීමක් ගත්තේ නැත. ඔවුන්ට තිබුනේ ගැලවීමට හේතු පමණය. වචනයකටත් වටිනා කමක් ඇති සමාජ සංස්කෘතියක් අපට තිබුණා නම් අප අද ජීවත් වන්නේ කිසිදා බංකොලොත්භාවයක් සිහිනයකින් හෝ නොදකින තැනකය (ඊයේ පෙරේදා පදවිය හැර ගිය ජනපතිකෙනෙක් යන්නට ආසන්න කාලක සමාව ඉල්ලුවා මතකය). වැඩිදෙනෙක් යළි යළි පෙරළා පෙරළා ඉල්ලූ යේ ඡන්දයයි. රට බංකොලොත් වුවද ඔවුන් යළි යළි ඉල්ලන්නේ ඡන්දයයි. භෞතිකවද චින්තනමය වශයෙන්ද අසරණ කරනු ලබන මිනිසුන්ගෙන් හා බත්බැල කොටසකින් ලබාගන්නා ඡන්දය ගැන පාරම් බාන්නට තරම් ඔවුන්ගේ ලජ්ජාවද විලි වැසීමකට වැඩියෙන් නැත.

අලුත් රටක් හදමු කියා නිවැරදි හා සත්‍යවාදී දැක්මකින් කිසිදා අලුත් නොවන ඒ කිසිවෙක් උදෙසා, යුක්ති සහගත රාජකාරියක් රටේ ක්‍රියාත්මක වනු කිසිදා අපට දකින්නට තිබුනේ නැත, ලැබුනේ නැත. බලයේ මානය පෙන්නුවා පමණ ය.

හැම විට සොක්කන් තලා පෙළා කොක්සන් ලා ලොක්කන්ට නළා පිඹිමින් පෙරහර පැවැත්වීම ලොකුකමක් හා බලවත් කමක් වී ඇත. එකල අධිරාජ්‍යවාදීන් තමන්ට ගැති කම් කරන වුන්ට පඬුරු පාක්කුඩම් ලබාදී සමාජයේ වැජඹෙන්නට අවස්ථා ලබා දුන් ස්වරූපයේ අද වෙනස අධිරාජ්‍යයෙන් ගලවා දැමූ රාජ්‍යක් වී තිබීම පමණය. තමන්ගේ රටේ මහජනයාට දබරඟිලි දිගු කරන විධායකයන් මිස පාලක පැළැන්තිය තුළ හිඳිනා මජර ජඩයින් වෙත ඒ ඇඟිලි දිගු කරන පණැති අය අප දැක නැත. ඔවුන් වෙන රැකවරණයේ දෑත් දිගවනු අප දැක ඇත.  බෙල්ලෙන් අල්ලා හෝ අවම බලයක් යොදා හෝ පාලක පක්ෂයක ජඩ දේශපාලකයෙකු පොලිස් රියක ඔබාගෙන යනු අප දැක නැත. අප දැක ඇත්තේම වෙනත් මිනිසුන් එසේ ඔබාගෙන යන වීර පොලිස් නිළදරුවන් ය. උස් තැන් දක හැකිලෙන මිටි තැන් වෙත පූප්පන මහජන සේවකයින්ය. තමන්ගේ ගජ මිතුරන් විසින් කොල්ලකා හිස් කළ භාණ්ඩාගාර පිරවීමට ජනතාවගේ බොටුව මිරිකා හූරාකන ෂෙරීෆ්ලා ව දකින මුත් ජනතාවගේ පැත්තේ හිට ගත් පාලක පක්ෂයක රොබින් හුඩ්ලා අප දැක නැත. රට සංවර්ධනය කරන සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එහෙම ෂෙරීෆ්ලාය. සුරංගනා කතා තුළ වත් කූට ජඩ පාලකයන්ට පැවැත්මක් නැත. එහෙත් සැබෑ ලෝකයේ ජඩ පාලකයන් ප්‍රශ්නයක් වන්නේම සාමාන්‍ය ජනයාට සුරලෝ කතා නිර්මාණය කරන්නේ ඔවුන්ම වීම නිසාය. සුරඟන කතා වල සතුන්ට පමණක් නොව පිනෝකියෝලාට පවා නිවැරදි වීමට හැකියාවක් ඇත. නමුත් රටේ ලෝකයේ මිනිස්සු සමාව ගත්තත් සත්තු සමාව ගන්නේ නැති බව මෙහි අප තේරුම් ගත යුතුය. එවන් සතුන් කීප දෙනෙකුට සමාජයක් ගොදුරු වීමේ ඛේදවාචකයට හොඳම උදාහරණයද අපම මිස කවුරුන් ද!

ඇලඩින්ගේ බාප්පා Vs පුදුම පහන (බලයේ උවමනාව ද උවමනාවේ බලය ද)

බංකොලොත් භාවයක් හමුවේ වුව බහුතර මහජනයා පිළිකෙව් කළා වුව තම පැවැත්ම උදෙසා දූෂිතයින් හා දූෂිත ක්‍රමයක් රකින ~ එසේ රැකීමට සමත්කම් පාන දේශපාලක පැළැන්තියක් රටට ජාතියට පිළිලයකි, පිළිිකාවකි. ඒ පිළිකාව පතුරුවන මූලයන් උදුරා ඉවත් කරන තුරු රටට හෝ ජනතාවට සුවපත් බවක් නොවනු ඇති. 

ඒ අනුව දූෂිකයින් බලය තම අවශ්‍යතාව කර ගන්නට එක පිලකට එක් වන විට ජනතාව තම උවමනාවන් බලයක් කර ගන්නට පිල් නොබෙදී එකට එක් විය යුතුමය.