Showing posts with label යහපත් රටක් හදා ගනිමු. Show all posts
Showing posts with label යහපත් රටක් හදා ගනිමු. Show all posts

Thursday, February 23, 2023

හැක හැක බක බක උමතු විකෘතිය ~ !


ප්‍රකෘතිය ඉක්මවන අසමාන්‍ය විකෘති සිනහවකින් යුතු මිනිසෙක් කිසියම් ම ක්‍රමයකින් කිසියම් (විශේෂයෙන් බංකොලොත්) රටක විධායක බලතල සහිත ජනපතිධුරයකට පත් වීමට එරට ජනතාව කිසි ලෙසකින් ඉඩ නොදිය යුතුය. එය ජනතාව සියතින් ගෙල සිඳ ගැනීමක් වන අතර බරපතළම කරුණ ඔබට මිය යාමට සිදුවන්නේ බරපතළ උන්මත්තක භාවයකින් සිහි විකල් තත්වයකට පත් වීමෙන් වීමයි. 
යම් අතපසු වීමකින් හෝ එබන්ඳෙක් යම් රටක එවැනි තනතරකට පත් වුවහොත් රටේ බහුතරය ඒ උන්මත්තක තත්වයට ගොදුරු වීමෙන් වළක්වා ගැනීමට නම් එරට සුබුද්ධික ජනතාව එකාවන්ව ශක්තිමත්ව ඒ උන්මත්තක ස්වභාවය අභිබවන මානසික ශක්තියකින් නොසැලී ක්‍රියා කළ යුතු වෙයි.

මළ පෙරහැර යන්නා ! සේ ...

රාජ්‍ය ලකුණ ඇතා උඩ

අයි එම් එෆ් හි දෙපා මුළ

කපටි හිත බලයට යට

රජගහේ තාම නාඩගම

Sunday, February 19, 2023

බිල රනිල්ට + හිතවතුන්ට (ඒ පව් කළ උන් ඔක්කොම යාළුවෝ මල්ලී)

මජර දේශපාලනේ නඩත්තු කරපු

හොරා කාපු 

දූෂිතයින්ට ගොටු අල්ලපු

එවැනිවුන්ගේ පව් 

කිසිවිට නොගෙවමි

Saturday, February 18, 2023

අපට හෙටට රටක් නැතත් ලංකාවට නම් රනිල් තමයි (ෆස්ට් ප්‍රයෝරිටි)

එක්ස්පයර්ඩ් ජෙනරේෂන් එක

රෝන්ග් ජෙනරේෂන් එකට හිනා වෙනවා දැකලා

හැරමිටිය තම රැකියාවෙන් ඉල්ලා අස් වුණා

අනේ පව්,  උන්ට වගකීමක් නැතත් මට යුතුකමක් තියනවා කියලා

Tuesday, February 14, 2023

දොන් ජුවන් වන් එකෙක් ඇත ~ දෙකෝටියකට (රාජකාරිය + පිම්පි කාරිය)

දේශපාලන වද්ධයින්ගේ තිරිහන් වන බලකාමය උදෙසා පිම්පි කාරිය කරන ඉහළ රාජ්‍ය නිළධාරීන් සිටින රටවල පැවැත්ම සදා සොත්ති ම වන නිසා එබඳු රටක සංවර්ධනය පතන්නෝ පළමුව මේ දෙකොට්ඨාශය කෙබඳු ක්‍රමයකින් හෝ රටින් පිටුවහල් කළ යුතුය.

ඒ වෙනුවට එවැන්නෙක් නොවන ඔබ මව් රටින් පිටුවහල් වීම ද කළ යුත්ත?

Saturday, October 8, 2022

~ආපහු වටෙන් එන කුප්‍රකට මජර තක්කඩි පිසාචයන් එලවන එකම මන්තරේ~

පළමුවත්

දෙවනුවත්

තෙවනුවත්

මේ දේශපාලනය රටට පිළිලයක්.


අද රටේ පවතින දේශපාලනය ම බොරුවක්. අවස්ථාවාදයක්. කාලය කා දැමීමක්. මුදල් කා දැමීමක්. බංකොලොත් රට සුන්නද්ධූලි කොට දැමීමක්.

මේ වගේ කාලයකත් සභාවේ සිනා සඳහා දවසට ලස්ස අනූවක් ! දේශපාලන පළිගැනීමට දවස් අනූවක් ! ආණ්ඩු විරෝධයට ගුටි බැට පූජාවක් ! උමතු තක්කඩි සිනහවක් !

දැන් ආපහු තක්කඩි කමෙන් අනූන මජරයින් හැරෙන්නේ දුර්වලයන්ගේ කර පිටින් ඊළඟ වටයට එසවෙන්නටයි.

මේ දේශපාලනයෙන් රට ගොඩනැඟීම යනු සියවසේ කැත ම නින්දිත විහිළුවක්.

ඒ දේශපාලනයෙන් බැහැර ව මහජනයා තම රාජ්‍ය ගොඩ නඟා ගැනීම ගැන නොසිතනතාක්, ඒකරාශි නොවනතාක් අප සියල්ලෝ එකම සමාජීය පිළිකාවකට පැරදුණු රෝගීන් පිරිසක්. නිල බල අධිකාරී පිළල නිසා කුහක වුණු කේඩෑරී වුණු ජනතාවක්.

පොදු අවශ්‍යතාව වෙනුවෙන් තමන්ට රුචි පාට පක්ෂ කල්ලි වාද පසෙකට කිරීමේ හැකියාව නොමැතිකම විනාශකාරීත්වයකට මං පාදන්නක්, දුර්වලකමක්. ගැඹුරින්ම ගත් විට කුහක කමක් .

ඒ දුර්වල මෝඩ කුහකකම් පරදා එක රටක පොදු ජනතාවක් ලෙස මේ පවතින දේශපාලන බොරුව විනාශ කර දමන්නට දායක වන දිනක, එවන් එකමුතුවක, වැඩ බිමක, ඔබට ලැබේවි නිරාමිස සතුටක්. ගොඩනඟා ගත හැකි වේවි ඒ සතුට භුක්ති විදිය හැකි රාජ්‍යයක්.

බොරු දේශපාලන කතා වලින් බැහැර හෙටක්, අපි වෙනුවෙන් අපේ රටක්, අපේ දැක්මක්, අපේ ක්‍රමයක්, හදා ගන්නට ගත වේවි කාලයක්. දෙමු ඊට තම තම හැකියාවෙන් ශ්‍රමයක්, ශක්තියක්. 

කවදත් ඇත්ත වෙනුවෙන් මුලටම ඉන්නෙ පුංචි පිරිසක්. නමුත් කිසිවෙකුටත් ඇත්තේ නැහැ බොරුවෙන් සැබෑ ජයග්‍රහණය වෙත යා හැකි මාවතක්.

රටවල්, ඉතිහාස, පූර්වාදර්ශ මතම  (කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ලැබෙන තුරු) නොඉඳ තනි තනි විශ්වාසයෙන් ගොඩනඟමු සාමුහික අපේ විශ්වාසයක්, අපේ රට වෙනුවෙන් ඔබේ මගේ සබුද්ධික විශ්වාසයක් ! එතැන ගොඩනැගේවි සැබෑ ජනතා අරගලයක්, දේශපාලන බල අරගල වලට යට නොවන නියම අවිහිංසාවාදී ජනතා බලයක් ! මේ යහපත් හෙටක් සොයන රටට ආදරේ ඕනෑම ලාංකිකයෙකුගේ අද දවසේ ශුද්ධ වූ ප්‍රාර්ථනයක් !

Monday, October 3, 2022

ටීම් ගේම් විතවුට් ටීම් ~ එසැණ ජොලිය

තිස් වසරක ත්‍රස්තවාදය රට සලිත කරන්නට සමත් විය.

දස වසරක අවස්ථාවාදය රට බංකොලොත් කරන්නට සමත් විය.

දශක තුනක ත්‍රස්තවාදයකට පසු දශකයකට සැනසුමක් උපයා ගැනීමට අසමත් ජනතාවක් ,

දශකයක අවස්ථාවාදයකට පසු පස් වසරකට ක්‍රමයක් නිර්මාණයට අසමත් ජනතාවක් ,

ඉතිරි වී ඇත.

මීළඟට !!?

Sunday, October 2, 2022

සින්ඳ යුතු කරුමය ~

 චින්තනයක් නැති කළ රටක ජාතියක පරපුරක උරුමය ~


පළමුවත් ..

දෙවනුවත් ...

තෙවනුවත් ....

සිඟමන !?

Sunday, September 25, 2022

අසාධාරණ පිළිතුරු මතින් ...

 මිනිස් ශ්‍රමය ශක්තිය රාජ්‍ය ලේබලය යටතේ රස්තියාදු කෙරෙයි. රස්තියාදුව නීති විරෝධයක් ලෙස අර්ථ දක්වා මිනිසුන් සිරගත කෙරෙයි. අතකොලු රාජකාරී මුහුණෙන් අනාථව රහසේ සුසුම් හෙලති. දෛවය නොව ඒ ක්‍රමයේ සරදමකි. ඒ ක්‍රමයේ පිළිතුරු සියයට වැඩි ප්‍රතිශතයකින් සාධාරණ විය හැකි නොවේ. එය රටේ බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ අද්දැකීමකි.


ඒ බඳු අසාධාරණ පිළිතුරු හැදූ චින්තනයන් නිසාම විනාශයේ මගට ඇද දමාගත් රටක ඒ මාන්නක්කාර උද්දච්ඡ පැළැන්තිය උනුන් අතරේ සූදුවකට තවමත් රට ඔට්ටු තබති. එය ඉවසිය යුතු කවර නම් පිරිසක් ද? නොඑසේ නම් එවැනි දෑ තවදුරටත් ඉවසන්නේ රටේ කවර නම් පිරිසක් ද? ඊට සාධාරණ පිළිතුරු මොනවාද?


තනි මහලේ ගෙයට දැමූ අත්තිවාරමක් මත දෙමහල් තෙමහල් බරටත් එහා ගිය සිවු මහල් ගොඩනැගිලි තනන්නට ගොස් තිබු තනි මහලේ නිවෙස පමණක් නොව අත්තිවාරමත් අහිමි කරගත් රාජ්‍යය යක් දැන් අත්තිවාරම් නැතිවම ගෙවල් හදන්නට යන්නේ හිතේ තිබෙන පරණ අත්තිවාරම මතකයට අරගෙන ය. 

ප්‍රශ්නය මුලටම විග්‍රහ නොකර අපි අපවම නොහොත් රාජ්‍ය රාජ්‍ය රවටා ගැනීමෙන් වන්නේ ඉතා නුදුරු දිනක විනාශ වූ අත්තිවාරම පිහිටි මහපොළවත් අපට අහිමි වී යාම පමණකි. 

මේ රටේ සාමාන්‍ය මිනිසෙක් හැටියට කල්පනා නොකොට  යාන්ත්‍රික ලෙස දත්ත විශ්ලේෂණයකින් පමණක් මහජනතාවකගේ හෝ රටක හද ගැස්ම විශ්ලේෂණය කර ගැනීම අපහසුය. මහජනතාවගේ සද්භාවික සහාය දිනා ගැනීමකින් තොරව රටක් රාජ්‍යයක් කෙසේ නම් ස්ථාවර වේවි ද?

ස්වභාවික සම්පතින් අනූන රටක වුව එක් පිරිසිදු දිය බිඳක වටිනාකම රාජ්‍ය‍යක් ලෙස අපි තවමත් නොතකන්නෙමු. මිනිසුන් හැර වනාන්තර සතා සීපාවා ගැන අපි කතා නොකර ඉමු. මන්ද ජලය පිළිබඳ ආකල්පය රාජ්‍යයේ දැක්ම තේරුම් ගැනීමට හොඳටම ප්‍රමාණවත් වන හෙයින්ය.


යුක්තිය, ඉදිරිය උදෙසා අන් කවරදාටත් වඩා සාධාරණය, සාමුහිකත්වය අවැසි අද වන් අවදියක පුද්ගල පාපෝච්ඡාරණ තරමටත් අවංක නැති ඉහළ සංගීත පුටු තරඟ බඳු හුදු ආත්ම භාෂණ පොලිටිකල් ~ නොඑසේ නම් මෙලෝ රහක් නැති කලටිපොල් වලින් තවදුරටත් රටට කවර නම් ඵලක් වේද?

Monday, September 12, 2022

එක්ව කැපවිය යුත්තේ ගඟට ඉනි කැපීමකට නොවේ (පොත්ම කියවූ වෙට්ට පිත්තල මොළයක කඩතොළු)

හරි කණ්ඩායම් නොසැලී තරඟ කරන තැන රට දිනනවා, ලාංකිකයන්ගෙ ධී ශක්තිය ඉහළයි, අපි දකිනවා..

රාජ්‍ය රකින්නම උපන් බව කියන දියසෙන්ල වැජඹෙද්දී, රට පරදින්නෙ, බංකොලොත් වෙන්නෙ කොහොමද? 

වංචනික කණ්ඩායමක් නිසා. නොසැලී ම කෙසේ වෙතත් චීත්ත ගති ලක්ෂණ වලින් යුතුව කටයුතු කරන නිසා. කොල්ල කා ගත් පරමාධිපත්‍යයේ ශක්තිය වෙන තැනක තිබෙන නිසා රටක පරාජය අපි අත්දකිනවා..


ඇත්තටම අපේ රටේ සාමාන්‍ය මිනිස්සු අතරේ වහලුන් හැදුනෙ පහසු පැවැත්ම ස්ථිරසාර කරගන්නද? නූගත් කමට වඩා අපේ දිළිඳුකම ජඩ පැළැන්තියකට ආයුධයක් වුණා. ජාතිය ආගම ඒ පැළැන්තියේ ගිනිගල ~ ඒකෙන් අර ආයුධය හොඳට මුවහත් කළා. ආණ්ඩු අච්චු ගහල හරි මිනිස්සුන්ට සල්ලි බෙදුවෙ රටේ ජනතාවට ඇති ආදරයකට නොවෙයි, වහල් ඡන්ද පදනම රැක ගන්න.


අද මොකද්ද වෙන්නෙ.. වහල් රාජ්‍ය රැකීම උදෙසා කටවල් වසා දැමීම ක්‍රියාත්මකයි.

ඇයි බැරි සංවාදයෙන්, වැරදි පිළිගැනීම තුළ නිවැරදි තැනට හැමෝටම එන්න. 

රටේ දියුණුව එතැන තිබුණාට පැළැන්තියක පැවැත්ම එතැන නෑ.

රටට වඩා රට කරවන පැළැන්තිය ආරක්ෂා කිරීමයි අද ප්‍රායෝගිකව රාජ්‍ය ආරක්ෂා කරනවා කියන්නේ.


රටේ මහජනතාවත් ලෝකයාත් ඉදිරියේ රාජ්‍ය ආරක්ෂකයන්ට මේ රඟපෑම තව කොපමණ කාලයක් කළ හැකිද?

අඩුම තරමින් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයෝ කියා දුන් පාඩමවත් පාලක චීත්තධාරීන් උගත යුතුයි.

සමස්ථ මහජනයාගේ ප්‍රබුද්ධත්වය සෙවීමට පළමුව තමන්ගේ සාමාන්‍ය බුද්ධිය අවදිකර ගැනීම හැමගේ අනාගතයට සුබදායී වනු ඇති.

Saturday, September 10, 2022

චී

චීත්තාරක්ෂකයෝ ~ රට ජාතිය/පොදු මහජනතාව වෙනුවට රකිනු චීත්ත, කම්බා හොරු, ඇඳපු චීත්ත !

Friday, September 9, 2022

චීත්ත ~ ගැහැණුත් පරදන කලාවකි!

චීත්තයක් විධායක පුටවක වැනීමත් තවත් මල් චීත්ත ව්‍යවස්ථාදායක පුටු මත එලීමත් කැබිනෙට්ටුවේ චීත්ත ගොඩ ගැහීමත් ඒ රට චීත්ත වලට ඇති ආදරය පෙන්වයි.

Thursday, September 1, 2022

✍️

විකෘති රාජ්‍ය ප්‍රකෘතිමත් වන තුරු නැවත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි.(අතිශයින් පාඩු පිට තවදුරටත් මෙරට අදහස් උදහස් වෙනුවෙන් බදු ගෙවීමේ අර්ථයක් නැත)


මහජන සේවා භූමි ~ තවදුරටත් නාකි සිනහවෙන් හා තරුණ අඳෝනාවෙන් යුතු කෝලම් මඬු බවට පත් කිරීමේ අර්ථයක් ඇත්ද.!


සියළු පළාත් පාලන ආයතන වලට හා පාර්ලිමේන්තුවට පත්වන සියළු මහජන නියෝජිතයින්ගෙන් තමන්ගේ මන්ත්‍රී දිවුරුමට අදාළව එනම් තම තනතුරේ වගකීම තවදුරටත් රාජ්‍යයේ බංකොලොත් භාවයට හේතු නොවන පරිදි මූල්‍යමය වශයෙන් බන්ධනයකට ලක් කෙරෙන ~ රාජ්‍ය පක්‍ෂපාතිත්වය හා මහජන සේවය වෙනුවෙන් භූක්ති විඳින වරප්‍රසාද වලට යටත් නොවන පරිදි ~ ගවන්මන්ට් ලෝයලිටි / රාජ්‍ය ලැදියා බද්දක් අය කළ යුතුය.

මහජන සේවය හා රාජ්‍ය වෙනුවෙන් සේවය ගෞරවාන්විත වගකීමක් ඇති එකක් වීමට නම් මජරයින් බඩ පිනුම් ගහන රටක ඒ වෙනුවෙන් කැපවීමට කැමති රට වැසියෝ ගෙවා සේවය කළ යුතුය. අනික් අතට රාජ්‍ය පාක්ෂිකත්වය වෙනුවෙන් දිවිදෙන්නට උපන් අය ගෙවා සේවය කරන විට හොරා කන්නට තවත් නම් කිසිවෙකුට හැකි ද? 

එබඳු ඇරඹුම් වලින් තොරව අවංක නීති ගරුක සාධාරණ මිනිසුන්ට මෙබඳු රටක සාමාන්‍ය ක්‍රමවේදයක් තුළ නම් කිසිදාක යුක්තියක් ඉටු වන්නේ නැත. ඒ බවට තවත් තර්ක නම් කුමකටද .

Sunday, August 28, 2022

🐾

 අක ලංකා


වීරයෝ හිත් වල

මජරයෝ රජ පුටු වල

කවි කතා පොත් වල

බලි කුරුටු ඇයි ද හිස් පිටුවල


හෝඩියේ අම්මා

රටට බැන්දේ පෙම් මා

සිරි ලකම සින්ඳා

රුපියලත් රහසේම ඉකි බින්ඳා


කර පටි නිසා සුදු

කපුටොත් විඳිති ගරු සරු

අයුක්තිය විසකුරු

සිපිරිගෙය රුකකි විටෙක රස ඵල දැරූ


Saturday, August 27, 2022

 මා හැර අනෙකෙකු බිලි ගන්න ~ පෝලිමේ හැකිතාක් පස්සට... 


අවුරුදු හතළිස් පහක් සපුරා ගත නොහැකි වූ සිහිනයක් අවස්ථාවාදයකින් සපුරා ගැනීම උදෙසා සිහි මූර්ජාවෙන් මිදෙන දේහයක් නැවත බලයෙන් සිහි විසංඥ කොට ඊට අනුබල දෙන සමූහයක් සමඟින් එක්ව දුෂණය ~ නිහඬව බලා සිටිමින් ඊට දෙන අනුබලය ~ ඊළඟට ?


Monday, August 22, 2022

🇱🇰

 අපේ සිරිලංකාවද ? රාජපක්ෂලාගේ රට ද ! වික්‍රමසිංහගේ රට  ද !

෴ පිස්සෝ හා වස්සෝ බලය හොබවන රටක සෙස්සෝ කුමක් කළ යුතුද?


තරුණයින්ගේ සාධාරණ ආණ්ඩු විරෝධය ~ රාජ්‍ය බලය අවභාවිත කරමින් රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදයක් බවට හිතා මතා ම අර්ථ දක්වා ගැනීමට වලිකන අපරිණත උමතු පාලකයින් හා ගත් කළ තරුණයෝ සැබවින්ම රට පිළිබඳ හැඟීමෙන් ඉතා පරිණත ය. අප තවමත් කරන වරද නම් අදටත් රට කරන එබඳු අමනයින්ගෙන් දිව්‍යමය ආශ්චර්ය පැතීමය. සාපය බිම නොදමා කරේ හිඳුවා වඩම්මාගෙන යාමය. ඕකට සරලව කියන්නේ නිවට නියාලු ~~~ ජාතියක ගතිය කියාය. කළ යුතු දේ තනි තනිව ඒ රෝගයට බෙහෙත් ගැනීම යි. නැතිනම් මරණයෙන් මතු තබා මරණය තෙක් වත් ඔබට මේ රටේ සැබෑ සැනසීමක් නම් නොලැබෙනු ඇති.


⚖️

 අටවන අජාසත් වත!(තිරය පිටුපස අට මහා නිරය)


රට කන එකට විරුද්ධ වීම ත්‍රස්ත්‍ර වැඩක් නොවේ. ඒ අත එසවීම නිර්භීත කමක්. 

රට කන පිරිස් සමඟ ඩීල් දැමීමත් ඒ හොරු ආරක්ෂා කිරීමට බිලි පුදදීමත් ත්‍රස්ත වැඩක්. ඒ සඳහා රාජ්‍ය බලය උපයෝගී කර ගැනීම බියගුළු නිවට නින්දිත දුෂ්ඨ කමක්.