Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

Monday, January 16, 2017

ඉනික්බිති

පැරදුණු ඇස් වල කදුළු හංගගෙන
හිත හිරි වට්ටා නික්මී යමි මම
ආදර උරුමය නොලැබෙන භවයක
සසර සරා යමි නිදහස පෙම් බැද

කල්පිතයන් කළ සිහින මරා ගෙන
යළි උපදින්නෙමි දෙනෙත පුරෝගෙන
සිනහ මල් පොකුරු තුටින් නෙළාගෙන
විදිමි හුදෙකලා මිටින් මුදාහළ

වෙන්වෙන එක්වන බැමි දිවි අරණේ
මින්දද නංවන හී සර වරණේ
පෙමමද ගෙල වට මාලා තැනුවේ
මෙසසර යමි එඩියෙන් ගිරි තරණේ

Friday, January 13, 2017

විදුහල සන්තානා (ඒ පුරුදුම මතක‍යෙන් ඇබින්දක්...)

- පාසල කියන්නෙ හරි පුදුමාකාර තැනක්. අපි නොදන්න නොතේරෙන තැනකින් පටන්ගෙන හොදටම පුරුදු වුනාට පස්සෙ දාල යන තැනක්. දාල යන්න වෙන තැනක්. විශේෂයෙන්ම ජීවිතයම එකම පාසලක නම් ඒ බැදීම සුවිශේෂීයි. අපේ පාසල් කාලයට වඩා අපේ පාසල දැන් ගොඩක් වෙනස්. නමුත් මගෙ මනාපය අදටත් පරණ පාසලටයි. අවුරුදු එකසිය පනහකට වැඩි අපේ පාසල, අවදි කීපයකදි විවිධ විදිහට තියෙන්න ඇති. අපේ යුගයෙ වැඩිමහල් හා බාල සොයුරන්ට මතක නම් ඉස්කෝල පාර ප්‍රාථමික අංශයට පිවිසෙන තැන දකුණු පැත්තෙ තිබුණු කැප්තොප්පියක් පැළදි බාළදක්ෂ පිළිරුව, වම් පසින් තිබුණු චෙරි ගහ, එතනම තිබුණු ප්‍රාථමික අංශයේ ඔෆීසිය. යකඩ වැටකින් වෙන්නොවූ ප්‍රාථමිකය මැද ක්‍රීඩා පිටිය. කුඩා කාලෙ මහ දක්ෂයෙක් නොවුනත් ඒ අතීත රූප රාමු නම් බොහොම දක්ෂයෙක් ඇන්ද සිතුවම් ගාණට හරි අපූරුවට මතකයේ තියනව. එතැනින් ඇරඹුණු පාසැල් කාලයේ අදියරෙන් අදියර මතක බොහොමයි. පළමු පන්‍තියේ හිටි බොහෝ දෙනා මතක් කරනකොට අපිට උඩ වසර කිහිපයක වැඩිමහලු සොයුරන්ගෙ බාල අයගෙ මුහුණු මතක් වෙන්නෙ දැක හුරුවටමයි. එකම වර්ගයා නිසා අද මූණ වෙනස් වුනත් ඒ හැඩය පුරුදුයි. පාසල කෙළවරේම තිබුණු පිට්ටනිය උඩ මාරගස් දෙක රැස්වීම් කීයක කතා අහන්න ඇතිද? ඒ දවස් වල රැස්වීම් වල ජයසිංහ සර්ගෙ කතා මට හොදට මතකයි. ජාතික ඇදුම ඇදන් හිටි ප්‍රතාපවත් පුරුෂයා. අනිත් කරුණ පිහිටුමේ පරිසරයේ සිට අපේ පාසලේ තිබුණු අමුතුම වෙනස, ඒක හරි අපූරු එකක්. පාසල් දෙක්කට දෙපසින් මැදිවෙලා, හරි සුරක්ෂිත බවක් තිබුණු තැනක්. හැම දෙනාටම තමන්ගෙ පාසැල සුවිශේෂයි. ඒ මතකයන් ජීවිතයටම එක් වරයි. කොතරම් සිත් රිදුම් තිබුනත් නැතත් ආපහු හැරෙනකොට, ඒ අපේ ආදණීය රැකවරණයයි, සෙනෙහස බැදි තැනයි, අවධියක්ම, ඒ නිසා ඒ මතකයට හදවතේ නියමිත ඉඩක් හිමියි.

Thursday, January 12, 2017

පින්බර පොහෝ දිනක..

කුලය, බලය, ධනය, උගත්කම, රැකියාව හෝ මෝඩ කම නිසා හටගන්නා සියළු මාන්නයන් දුරුවී සැබෑ නුවණැස පෑදේවා!

Tuesday, January 10, 2017

වැරදි වෙලාවට (අපේ වෙලාව)

භාව සුනාමියකට අසුවුණු මිනිස්සුන්ට
දැන් ඕනෑ භාව විමෝචනයක්
හරි වැරදි මොනව වුනත්
අතීතය කොහොම වුනත්
මහ මිනිස්සුන්ටත් වෙලාවකට ඕනෑ
පොඩි දරුවො වගේ අඩන්න විතරයි
ඇගිල්ලෙන් හරි ඇනගෙන ඇහැට
අඩන්නම ඕනෑ එතකොට

Saturday, December 31, 2016

ඕටූ..

හුස්මටත් ණය මිනිස්සුන්ගේ හිත්වල ඇති හුඹස් වල වට රූපාන්තරණයෙන් හල පිරුවට මොනවට දුටු වසරක් නිමාවෙමින් යත්...
ඉගැන්වූ පාඩම්වලට බොහෝමත් ස්තුතියි මිනිස්සුනේ...
ඒ අතර තවමත් අවදියෙන් ඉන්නා මිනිසත්වගට පින්, ඔවුන්ගේ හඩ, නිහඩ මෙහෙවරින් ලොවට තවමත් දයාවේ මුදු වැසි වැටේ..
තුති වේවා සොබාවට නිරතුරු අපේ නිවහන වූ...
ඕටූ ..
තවමත් ළබැදි නිසා ජීවත්වෙමි මමත්, තවමත්..
ස්තුතියි ඔබටත්, සිහිපත් කරමි ඔබ මිතුරු එච් ටූ වත්, සුබපතමි ඔබේ දරුවාටත්, හැමදා අපට සරණ වූ...
සදා ජීවනයේ සරණ වන ඔබ හැම අමතක කොට කෙසේ යන්නද නව වසරට...
හැමගේ පිහිටෙන් සහයෝගයෙන් හෙට සිට අලුත් වටයක් අරඹමු යළිත්.

ඔබ හැමට ජය!

Friday, December 30, 2016

√ අවිහිංසක පැතුමක්!(2017 උ.පෙ.ළ දරුවෙකුගෙන් ඉල්ලා ගතිමි)

√ දේශපාලන මුග්ධභාවය, වාදභේදය, කල්ලිවාදය, ඔළමොළ ස්වභාවය ඔස්සේ රටම ගිනි තියනා ගතිය පාරම්පරිකව හරි අපූරුවට ජාන ගතවූ වන්ට, මහ බඹු - දෙවියනේ, පිහිට ඔබ පමණයි! ඔවුන්ගේ ආවේණිය තුළ පිහිටි දේශපාලනික උන්මාදභාවය මහා සුනාමියකින්වත් සේදී නොයයි, මහා යුධ ගින්නකින්වත් පිළිස්සී නොයයි, මහා භීෂණ අන්ධකාරකින්වත් අතුරුදහන්ව නොයයි. ඒ ඒ තන්හිදී සේදී දැවී අතුරුදහන්වී ගියේ අදාළ විෂයට අදාළ වූවන්ම නොවේ. බොහෝකොට අනදාළ වූවන්. එහෙයින් නව වසරේ සිටවත් සුදුස්සන්ට සුදු කොඩිත් අන්‍යන්ට සුදුසු කොඩිත් ඔසවත්වා, සියලු ගිනි මැද අහිංසක, සාමකාමී නිසි මගට වෙර වඩන යහ දන මන මුළා මගින් උන්මාද නොකරත්වා, ඔවුන්ට හරි දේ තෝරාගන්නටත් වැරදි මගින් ඉවත්වන්නටත් බාලයන් සේ අන්‍යන්ට ගරහමින් විහිලු සපයන්නන් නොවීමටත් බුද්ධිය පාදාදෙනු ලබත්වා!

√ මහ බඹු දෙවියනේ මාගෙන් වුනු සුළු සුළු ව්‍යාකරණ දෝෂ කමාකොට මාගේ නිර්මල වූ ප්‍රාර්ථනයට ඔබතුමාගේ අනවරථ වූ අවදාණය දෙවා වදාරණ සේක්වා!

Monday, December 26, 2016

වේදනාවේ චිතකයෙන් නැගිටින්න..2017

ස්වාමි පුරුෂයාගේ චිතකයට ස්ත්‍රිය බිල්ලක් නොවිය යුත්තේ යම් සේද අනේක වේදනාවන්ගෙන් අසීමිත චිතක දැල්වුනු අතීතයක් හිමි රටක අනාගතයේ තවත් එවැනි චිතක දැල්වීම හෝ කිසිවකු ඒවාට බිලිවීම හෝ විය යුතු නොවේ.

වර්ග කිලෝමීටර හැටපන්දාස් ගණන තවත් සොහොන්බිමක් කිරීමට අවැසි එක න්‍යෂ්ටික බෝම්බ රොඩ්ඩක් පමණක් විය හැකියි. ඒ හැටපන්දාස් ගණනම රම්‍ය දිවයිනක් කිරීමට නම් මේ ලක හැමදෙන 'මව් රට' නැමති න්‍යෂ්ටිය වටා ගොනු විය යුතු වනවා නොවේද?

එක එකා මත්තෙහි බල සරණ, බඩ සරණ නොපතා තමන්ගේ දුර්ගුණ නසා එක්වී සවියෙන් රට නගා හිනැහෙව්, පිනැති පණැති මිනිසුනේ... සියවසකට කිරි ඉතිරේවි රටට
2017 යහ චින්තනයකට වසරක් වේවා...

Sunday, December 25, 2016

ලොකුම පින්කම

උසම ගහ
ලොකුම තොරණ
පසෙක තබා
දරුවන්ට හොදම
රටක් හදාපල්ලා
මිනිසුනේ

Friday, December 23, 2016

සැබෑ නත්තලක්!

හිරු බටහිර සැගවෙන්නේ සදුට අහස පවරන්නයි
වළාරෑන හැඩවෙන්නේ මිහිකත ගිම් නිවන්නටයි
අමා අදුර දා එන්නේ අදුරේ පෙම් වඩන්නටයි
උදුවප් සීතල මැද්දෙන් අරුතක සිරි නගන්නටයි

Sunday, December 18, 2016

බොරු කකුල් කාරයෙක් යනවා අන්න අර පුතේ!(ගෙජ්ජි හඩවමින් කෙළි කරන බොරුකකුල් වෘතිකයන් වෙත මෙයින් අහිතක් නොවේවා!:)

ඉහළ නැගීමේ නොනිත් ආශාවෙනුත් මුදලට ඇති දැඩි කෑදරකමෙනුත් හීනමානය වසා ගැනීම උදෙසා මවාගත් අහංකාරපරශව හැගීමෙනුත් තමන්ගේ හැබෑ මුහුණ විරූපි කරගත් සමහරුන්ට කලකදි තමන්ට අතහිත දුන් අය පවා පෙනෙන්නේ බොහෝකොට පහතින්‍ ය.
ඒ කෙසේද යත්, බොරුකකුල්කරුට තම පය පැළදි බොරුකකුලේ උස වැඩිවන පමණට අන්‍යන්ගේ හැබෑ උස වුව අඩුව, මිටිව, පහතින් පෙනෙන්නාක් මෙනි.

කොතරම් ඉහළින් ගියත් අවට පරිසරයේ සරණ එවැන්න්න්ගේ දෙපා නගන ඩොග් ඩොග් ඩොග්.. හඩ සදා බොල්ම වනු ඇත.

Thursday, December 15, 2016